31 December 2011

රාජාවලිය - ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය හා රාජාවලිය

ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය හා රාජාවලිය

(1)
බුදුසමබ ලක්දිව පැතිරි ගිය අවධියේ පටන් ම ඓතිහාසික වාර්තා සම්පාදනය කිරිමේ සිරිතක් පැවති බව පෙනේ. මහා සම්මත රජු පටන් හෝ ඔක්කාක රජු පටන් හෝ රාජනාමාවලිය ද, බුදුසමයට සම්බන්ධ වු සිද්ධින් ද අමතක නොවන පරිද්දෙන් ආරක්ෂා කිරිමට භාරතිය බෞද්ධ වු සිද්ධින් ද අමතක නොවන පරිද්දේන් ආරක්ෂා කිරිමට භාරතිය බෞද්ධ භික්ෂුහු පුරුදු වී සිටියහ.1 දෙවනපෑතිසි රජු දවස බුදුසමය මෙහි මුල් බැසගන්නා විට තෘතිය ධර්ම‍සංගායනාව දක්වා බුද්ධ ශාසනයේ ඉතිහාස කථාව හැඩ ගැසි තිබෙන්නට ඇත. බෞද්ධ භික්ෂුන්වහන්සේ භාරතයේ දි ම ලැබගත් එ පුරුද්ද නිසා අඛණ්ඩ ඓතිහාසික ව‍ාර්තා සම්ප්රනදායක් අපට ලැබි ඇත. මෙරට ඉතිහාසයේ මුල් අවධියේ දි සෑම ධර්මශාස්ත්රි්ය ව්යාරපාරයක දි ම මූලික වී ක්රිවයා කළාහු භික්ෂුන්වහනසේ වුහ. උන්වහන්සේ විසින් බුදුසසුන හා සම්බන්ධ ඉතිහාසය පමණක් නොව ස්වකිය ආයතනයට අනුග්ර්හ දැක්වු ලක්දිව රජපරපුර පිළිබඳ වාර්තා ද ආරක්ෂා කරන ලදි. මහාවිහාරයේ ඉතිහාස වාර්තාව මෙසේ සකස් විය. වළගම්බා රජු දවස මහාවිහාරයෙන් ඉතාහස වාර්තාව මෙසේ සකස් විය. වළගම්බා රජු දවස මහාවිහාරයේන වෙන් වු අභායගිරි පාර්හ්වයේ ද වෙන ම ඉතිහාස වාර්තාවක් සම්පාදනය විය (විස්තර පසු ව දැක්වේ). එක් එක් භික්ෂුපරම්පරා මගින් ස්වකිය ආයතන පිළිබඳ ඉතිහාස කථා සම්පාදනය වු අතර ඒ ඒ විහාරය හා සම්බන්ධ වු මහාබෝධිය, මහාථුපය, දළදාව, කේශධාතුව ආදිය පිළිබඳ ඉතිහාසය ද වෙන් වෙන් වශයෙන් ගොඩනැඟි ගියේය. රජුන් හා වෙනත් සැලකිය යුතු පුද්ගලයන් විසින් ද ස්වකිය ජිවිත කාලය තුළ සිදු වු වැදගත් යයි සලකනු ලැබු ඇතැම් සිදිධින් සටහන් කොට තැබිමේ සිරිතක් පැවති බව දුටුගැමුණු රජුගේ පුඤ්ඤපොත්තකය පිළිබඳ සිද්ධියෙන් පෙනේ.2 දීපවංස, මහාවංස යන වංසකථාවන්හි මෙන් ම පූජාවලිය, රාජරත්නාකාරය, රාජාවිලය ආදි සිංහල පොත්වල ද එසේ ආරක්ෂා වි යයි සිතිය හැකි කොටස් විද්ය,මාන වේ. උදාහරණ. “තව ද ඒ රජ සූවිස් වා‍රයෙක බුදුන් උදෙසා ම වෙසක් පූජා සූවිස්සක් කෙළේය. මේ ශ්රින ලංකාවිපයෙහි හැම භික්ෂුන් නොවරදවා තුන්වාරයෙක් අටපිරිකර දී පූජා කෙළේය. සත් සත් දවස බැගින් ශ්රිය ලංකාවිපය පස්වාරයෙක බුදුන්ට පූජා කෙළේය. දවස් පතා හෙළගිතෙල් පහන් 1. The Jataka, ed, V. Fausboll, PTS, 1963, Vol. II. P. 310; Vol. III. P. 454; Cullvagga etc. 2. Mv, xxxii – 25

ලක්දිව ඓතිහාසික ලේඛනා සම්පාදනය 27
‍ෙ‍දාළොස් දහසක් බැගින් පූජා කෙළේය. දවස් පතා ගිලන්පස අටලෝසක් තබා දින. අටළොස් ස්ථානයෙක බෙහෙත් බඩු තබා දින.3 පළමු වැනි විජයබාහු රජු පිළිබඳ චූලවංස වාර්තාව පරික්ෂා කිරිමේ දි ද ස්වකිය රාජ්යව කාලයේ ඉතිහාස වාර්තාව වර්ෂයක් පාසා ලියා තැ‍බිමේ පිරිතක් එදා පැවැති බව පැහැදිලි වන්නේය. “ යුවරාජපදං යෙ සිතො සන්තො ලිඛාපයි සො සත්තරසවස්සානි සපඤ්ඤො නරසත්තෙමො සො අට්ඨාරසමං වස්සං ලිඛාපයි සුසංඨිතො.” විජයබාහු රජු ස්වකිය අටළොස් වන වර්ෂය තෙක් ඉතිහාසය ලියා තැබු බව මේ ගාථා පැහැදිලි ව ම සඳහන් කරයි.4 අනෙක් රජුන් ද මෙවැනි වාර්තා තැබු බව අනුමාන කළ හැකිය. කල් යත් යත් මේ වාර්තා ලක්දිව ඉතිහාස කථාවක් හෙවත් “දිපවංසයක්” බවට පෙරළිම ස්වභාවයකි. ධාතුසේන රජු විසින් ලද බව චුළවංසය සඳහන් කරන දිපවංසය කියවිමේ උත්සවයේදි කියවන ලද්දේ මෙවැනි ඉතිහාසයක් වාර්තාවක් විය හැකිය.5 රජුන් විසින් ඉදි කරුන ලැබු විහාර වැව් ආදියේ නාමාවලි ද පිළියෙල කර තිබිණ. පාලි හා සිංහල ලේඛනවල එක් බඳු නාමාවලි විද්යේමාන විමෙන් පෙනෙන්නේ කවුරුනු විසිනුදු පිළිගනු ලැබු ඒ ඉතිහාස වාර්තා පෙර පටන් සකස් වි තුබු බවය. අපට ඉතිරි වි ඇති ඉපැරණි ඓතිහාසික ලේඛන වන දිපවංසය, මහාවංසය, සමන්තපාසාදිකාව, වංසත්ථප්පකාසිනිය යන කෘති සම්පාදනය කර තිබෙන්නේ වඩාත් පැරණි ඓතිහාසික වාර්තා සමූහය ආශ්රාය කොට ගනිමිනි. එහෙයින් යථොක්ත කෘති පරික්ෂා කිරිමෙන් අ‍පේ පැරණි ඓතිහාසික වාර්තාවන්ගේ තතවය අවබෝධ කර ගත හැකි වන්නේය. මෙම කෘති හා එම මුලාශ්රනයයන් පිළබඳ ප්ර ශ්න දිගුකලක් තිස්සේ ඔල්ඩන්බර්ග්6 ගෛගර්7, මලලසේකර8 ආදි පණ්ඩිතයන්ගේ පර්යේෂණයන්ට භාජන කරන ලදු ව වටිනා අදහස් රාශියක් ඉදිරිපත් වි ඇති හෙයින් පූර්වොක්ත කාරණය පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් කිරිම අනවශ්යපය. එහෙයින් අප අදහස් කරන්නේ ලක්දිව ඓතිහාසික ලේඛනයන්හි සම්පාදනය හා ඒ එක් එක් ලේඛකයාගේ පරමාර්ථයන් ගැන සංක්ෂේප වාර්තාවක් කිරිමයට. දීපවංසයෙහි මුල් ගාථා පස පරික්ෂා කිර‍ිමෙන් එහි ස්වරූපය පිළිබඳ යම් අදහසක් ඇති කර ගත හැකිය. 3. පූජාසු.88 පි. 4. Cv.,Iix – 7;9 5. Cv., xxxviii – 59 and Cr.Tr.p.35.fn.2 6. Dispacamsa, ed, by H. Oldenverg, 1879 (Dip) 7. The Dipacamsa and Mahscamsa, their historical development in Ceylon, W. Geiger, Tr.by E.M. Coornaraswmy, 1908 (Dip. &Mv’) 8. Vamsatthappakasins, ed, by G.P. Malalasekara, Vols.1 & 11, 1935, (Vsp).
28 රාජාවලිය අනෙකාකාරසම්පන්නං (2 ගාථාව) වංසං.....පරම්පරාගතං ථුතිප්පසත්ථං බහුනාපිවන්නිතං ......නානාකුසුමංව ගණ්ඨිතං (4 ගාථාව) අනූපමං වංසවරග්ගවාසිනං අපුබ්බං අඤ්ඤං තත්ථ සුප්පකාසිතං අරියාගතං උත්තමසබ්භිවණ්ණිතං.......දීපවත්ථුති සාධුසක්කතං (5 ගාථාව) අනෙකාකාර වූ ද, මනා සේ ප්ර.කාශ කරන ලද්දා වු ද, පරම්පරාගත ව පැවත එන්නා වු ද වංසකථාව පුෂ්ප සමූහයක් එකට ගැට ගසන්නාක් මෙන් ස්මපාදනය කරන ලද බව මෙයින් කියැවේ. අනෙක් අතින් මෙයින් පැවසෙනුයේ දිපවංසයෙහි මූලාශ්ර ය පිළිබඳ විස්තරයක් බවත් සිතිය හැකියත ඇතැම් විට එක ම සිද්ධිය පිළිබඳ වාර්තා දෙකක් දක්වා තිබිමෙන් පෙනෙන්නේ දිපවංසයට මුල් වු ආචාය්ය්ළිබපරමපරා කිහිපය් තුබු බවය.9 වංසත්තප්පකාසිනියේ දෙපලක10 ම සඳහන් වන දීපවංසට්ඨකථා නම් කෘතිය දීපවංසයේ මුලාශ්ර ය ග්රාන්ථයක් ද, නැතහෝත් ගෛගර් අනුමාන කරන පරිදි දිපවංසයට පසු කලෙක ලියන ලද ‍අටුවා කථාවක් දැයි පැහැදිලි නැත. ක්රිංස්තු වර්ෂයෙන් පස වන ශතවර්ෂයේ දි සම්පාදනය කරන ලද මාහවංසය වු කලි මහාවිහාර පරම්පරාවේ ඉතිහාස වාර්තාව බව පැහැදිලි ව ම සඳහන් වෙයි “ එවං මහාවංසං ති ලද්ධනාමං මහාවිහාරවාසිනං වාවනමග්ගං පොරාණට්ඨකථං, එත්ථ සිහලහාසං හිත්වා මාගධික හාසාය කථෙස්සාමි” යන පාඨය” මෙහි ලා සැලකිය යුතු වෙයි. වංසත්ථප්පකාසිනියේ කිහිප තැනෙක දඅක්වෙන සීහලඅට්ඨකථාමහාවංස12 සීහලට්ඨකථා13, පොරාණට්ඨකථා14 අට්ඨකථා15 යන නම්වලින් කියැවෙනුයේ ද මහාවංසයට මූලාශ්ර1ය වු සිංහලභාෂාමය කෘති බව පැහැදිලිය. තව ද “සිහලහාසානමස්කාරවණ්ණනා” නම් කෘතියක් ගැන වංසත්ථප්පකාසිනියේ දෙතැනක16 ම සඳහන් වේ. මේ අනු ව මහාමංසයට වඩා පැරණි වු සිංහල භාෂාමය ඉතිහාස වාර්තා කිහිපයක් පැවති බව නිගමනය කළ යුතු වෙයි. මහාවිහාර පාර්ශ්වය විසින් මහාවංසය සම්පාදනය කරනු ලැබු පරිද්දෙන් ම උත්තරවිහාරය විසින් ද විශේෂ ඉතිහාස කථාවක් සමපාදනය කරනු ලැබු බවට සාධක ඇත්තේ ය. වංසත්ථප්පකාසිනියේ “උත්තරවිහාරවාසිනං අට්ඨකථා”17 “උත්තරවිහාරවාසිනං මහාවංසං”18 යනුවෙන් සඳහන් 9. මේ පිළිබද විස්තර ගෛගර්ගේ “The Dipscamsa and Mahacamsa” යන පොතේ 5-14 පිටුවල දැක්වේ. 10. Vsp.pp.411.683 11. Vsp.pp.36 12. Vsp.pp. 41,42,46,47. 13. Vsp.p.126, 193,305 etc. 14. Vsp.p.36. 15. Vsp.p.47. 16. Vsp.pp 23, 30. 17. Vsp.p.125 18. Vsp.p.134 ලක්දිව ඓතිහාසික ලේඛන සම්පදානය 29
වීමෙන් පෙනෙනුයේ එම කෘති යටත් පිරිසෙයින් වංසත්ථප්පතාසිනිය ලියු කාලය දක්වා නොනැසි පැවැති බවය. මෙම ඉතිහාසකථාවල හාම විහාරයට ම, සම්ප්රහදායට ම ‍පොදු ඉතිහාස ප්ර වෘත්ති මෙන් ම ස්වකිය ආයතනයට විශේෂ වු වැදගත් කරුණු ද තිබෙන්නය ඇත. කිසි යම් ආයතනයක් මුල් කරගෙන ලියන ලද ඉතිහාස කථාවක් වුවත් අනුරාධපුර රාජපරම්පරාව පිළිබඳ ප්රකමාණවත් විස්තර ද ඇතුළත් වු බව කිවමනාය. අනුරාධපුරය තරම ම පැරන ඉතිහාසයක් ඇති රුහුණු මාගම් පෙදෙස හෝ කැලණිය හෝ පිළිබඳ ව ඉතිහාස කථාවන් පැවැති බව ස්ථිර වශයෙන් දැක්විමට සාධක නොමැත. මහාවංසයෙහි රුහුණු ඉතිහාස ප්‍රවෘත්ති දැක්වෙන කිහිප තැනෙක ම ඒ කථා ඉදිරිපත් කර තිබෙන්නේ ප්රයධාන කථාවට අමතර වශයෙනි; අනෙක් කථාවක් කියන ස්වරූපයෙනි. මහාවංස කර්තෘවරයා රෝහණවංසකථා ඉදිරිපත් කරන තැන්වල දී ඒ බව විශේෂයෙන් සඳහන් කිර‍ිමය අමතක නොකළේය. එක් උදාහරණයක් මෙසේය. “ඉ‍තො පට්ඨාය වක්කාම තස්ස වංසං අනාකුලං වුච්චමානම්හි එත්ථෙව තස්මිං හොත් අසංකරො.”19 රොහණ ප්රමවෘත්ති දැක්විමේ දි වංසකථාකර්තෲන්ට මූලාශ්රයය වූ “රෝහණවංසයක්” පැවැති බව ගෛගර් මහතා ද කල්පනා කරයි.20 එමෙන් ම පාලි සහස්සවත්ථුප්පකරණ, සීහලවත් ථුපකරණය යන පොත් ද, රසවාහිනි හා එහි සිංහල අනුවාද ස්වරූපය ගන්නා සද්ධර්මාලංකාරය ද විභාග කරන විට මේ පොත්ල රුහුණු ජනපදය හා සම්බාන්ධ බොහෝ කරුණු දැක්වෙන හෙයින්, ඒවාට මූලාශ්ර ය වූ “රොහණවංසයක්” පැවති බව අනුමාන කිරිමට කරුණු තිබේ. පුරාතන විසු රහතුන් විසින් තනිහි තන්හි වූ ප්රකවෘත්ති සිංහල භාෂාවෙන් සංග්රමහ කොට තබා ගන්නා ලද බවත් මහාවිහාරික ගුත්තවංක පිරිවෙන් වැසි රටඨපාල නම් තෙරුන් ඒවා පාලියට නැගු බවත් රසවාහිනි ප්රාගරම්භක ගාථා ප්රිකාශ කරයි.රට්ඨපාල ස්ථවිරයන්ගේ පාලි ග්ර්න්ථය සහස්සවත්ථුප්පකරණය විය යුතුය. සහස්සවත්ථුප්පකරණයට ද මූලාශ්රරය වූ සිංහලභාෂාමය කෘතිය වූ කලි වංසත්ථප්පකාසිනිය සඳහන් කරන සහස්සවත්ථුඅට්ඨකථාව21 විය හැකිය. ලළාට ධාතුවංසයට මූලාශ්රහය වූ කෘති අතර “රොහණවංසයක්” ගැන ද සඳහන් වේ.22 මුල් අවධියේ දි මෙම පාරම්පරික ඉතිහාස වාර්තා ග්ර න්ථාරූඪ ව නොව මුඛපර්පරාවෙන් පැවති හැඩ ගැසුණු බව සිතිය හැකිය. පූර්වයෙහි පටන් කටින් කට පැවත ආ පෙළ හා අටුවා කථා වළගම්බා රජු දවස පොත්වල ලියා තුබු බව සඳහන් විම යට කි කරුණ සනාථ කරන්නකි. 19. Cv. X1v – 37. 20. Cv. Tr. part i p. 92 fn. 3; p. 103 fn. 2; p. 192 fn.3. 21. Vsp.pp. 451, 452, 607. 22. C.E. Godakumbure, Sinhalese Litretature, (GSL), p. 117; G.P. Malalasekera, ThePali Literature of Ceylon, 1958, (MPLC), p. 255 30 රාජාවලිය ආරම්භයේ දි සිංහලෙන් පැවති මෙම ඉතිහාස වාර්තා කල් යත් යත් පාලි භාෂාවට පෙරළිම සම්ප්රංදායයක් වූ සේ පෙනේ. එදා පස වන ශතකයෙහි දී පාලි මහාවංසය සම්පාදනය කිරිමට හේතු වශයෙන් එම ග්රපන්ථාරම්භයේ දක්වා ඇති කරුණු අපගේ සැලකිලිලට භාජන කරනු වටි. “‍පොර‍ාණෙහි කතොපෙසෝ අතිවිත්ථාරතො ක්වචි අතීව ක්වචී සංඛිත්තො අනෙක පුනරුත්තකො වජ්ජිතං තෙහි දෙසෙහි සුඛග්ගහණධාරණං පසාදසංවෙගකරං සුත්තොව උපාගත’23 පුරාණ සිංහල ඓතිහාසික වාර්තාවලල විද්යා3මාන වු අඩුවැඩිකම් පිළිබඳ අවබොධයක් යථොක්ත පාඨයෙන් ලබාගත හැකිය. පුරාණයෙහි සිට පැවත එන සිංහලභාෂාමය වාර්තා අතිවිස්තාර දෝෂයෙන් හා අතිසංස්ෂේප දෝෂයෙන් යුක්ත බව පිළිගැනිමට එකල පාව ඇතැම් උගත්තු සූදානම් නුවුහ. වංසත්ථපිපකාසිනියෙහි සඳහන් වන පාසාණාදිපවාසි උපතිස්ස තෙරණුවෝ24 එවැන්නෙක් වූහ. වංසත්ථප්පකාසිනි කතුවරයා පවසන හැටියට අතිවිස්කෘත බව හා අතිසංක්ෂිප්ත බව දෝෂ නොවේ. එහෙත් සිංහලට්ඨකඨාවන්හි යථොක්ත ලක්ෂණ නිසා ඒවා අර්ථාවබෝධය හා සුඛධාරණය අතින් දුෂ්කර විය.25 ව්යාවහාර භාෂාවක් වු සිංහලය ඒ අවධියේ වෙනස් වෙමින් පැවති හෙයින් ඉතිහාස කථාව මැනවින් ආරක්ෂා වීම සඳහා පාලිය වැනි ස්ථිර භාෂාවකට පෙරළිම සුදුසු යයි එදා උගතුන් පිළිගන්නට ඇත. ඒ ඉතිහාස කථා ආරක්ෂා කිරිමේ කාර්යභාරය බොහෝ දුරට භික්ෂුන්වහන්සේට පැවැරුණු හෙයින් නිතැතින් ම පාලි භාෂාවට උන්වහන්සේ වැඩි සැලකිල්ලක් දැක්වුවාට සැක නැත. දීපවංසය හා මහාවංසය හැරුණ විට බුද්ධඝොෂ ස්ථවිරයන්ගේ පාලි සමන්තජාසාදි‍කාවේ නිදාන කථාව ඓඑතිහාසික ලේඛනයක් වශයෙන් වැදගත්ය. මේ ග්රාන්ථය සඳහා මහා අට්ඨකථා, මහපච්චරි අට්ඨකථා. කුරුන්ද අට්ඨකථා ආදි කෘති මූලාශ්රරය වූ බව කියාවේ. මහාවිහාරිකයන් විසින් සිංහලයෙන් පවත්වා ගෙන එනු ලැබූ මෙම ලේඛනය පාලියට පෙරළන ලද්දේ විදේශින්ගේ ප්රවයෝජනය සලකා බව සමන්තපාසාදිකා නිදාන කථාවේ සඳහන් කර ඇත.26 පද්යමපදෙරුවංසවණ්ණනා හෙවත් වංසත්ථප්පකාසිනිය වූ කලි මහා වංසයට ලියන ලද ටීකාවකි. මෙහි මාහවංසය හඳුන්වා ඇත්තේ පද්යවපදොරුවංස යන නමිනි.27 මහාවංසයෙහි මූලාශ්රවයයන්ගේ නම් පමණක් නොව එහි ස්වරූපය හා සංගෘහිත විෂය ආදි තොරතුරු රාශියන් දැන ගන්නට ලැබිම මෙම ග්රාන්ථයෙහි ඇති විශේෂ ප්ර යෝජනයයි. වංසත්ථප්පකාසිනි කර්තෘ එදා 23. Mv. i, 2-3 24. Vsp.p.57 25. Vsp.p.48. 26. Samantapasadika,P.T.S. (smp.) 1924,p. 2, vs, 7-10 27. Vsp.p. 687

ලක්දිව ‍ෙඑතිහාසික ලේඛන සම්පාදනය 31
පැවති පරම්පරික ඓතිහාසික වාර්තා හැමෙකක් ම ප‍ාහේ ආශ්රේය කළ බව එහි නම් සඳහන් කරන කෘති සමූහයෙන් වටහාගත හැකිය. මහාවිහාර අභයගිරි ආදි පරම්පරා මගින් මෙරට ඉතිහාස කථාව ආරක්ෂිත වූවාක් මෙන් ම ඒ ඒ ආයතන හා සම්බන්ධ වු පූජ්යම වස්තු කිහිපයක් පිළිබඳ ඉතිහාස කථා ද ඒ ඒ ආයතන මඟින් ආරක්ෂා කරන ලදි. මහාබොධිය, මහාථුපය, දළදාව, ලළාටධාතුව එසේ ඉතිහාස කථා ‍ෙගාඩනැඟුණු ප්රිධාන වස්තු වේ. කුරුණැගල සතර වන පරාක්රථමබාහු නරපතින් දස සම්පාදිත සිංහල බොධිවංසයට මුලු වුයේ උපතිස්ස තෙරුන්ගේ පාලි මහාබොධිවංසයයි.එයට ද මූලාශ්රටය වුයේ සිංහල භාෂායය කෘතියක් බව ග්රුන්ථාරම්භයෙහි දක්වා ඇත: “දස්සයිස්සං මහාබෝධිවංසං භාසාය සත්ථුනො පුබබෙ සීහලභාසාය ඨිතං වුද්ධජනානු‍ොග - තං පන ජිනසාසනාභරණ භූතෙහි පුබ්බාවරිය කෙසරිහි ලංකාවාසානං අත්ථාය සීහලභාසාය ඨපිතං මහාබොධිවංසං අහං ඉදන් අවසෙසදෙසවාසිනං 28 වංසත්ථප්පකාසිනියේහ මහාබෝධිවංසට්ඨකථා29 යනුවෙන් සඳහන් වන්නේ ද පැරණි සංහල කෘතාය විය හැක. මෙය පාලියට නගන ලද්දේ කතුවරයා සඳහන් කරන පරිදි “අවශෙෂදෙශවාසින්ගේ” ප්රලයෝජනය සඳහාය ලංකාවාසින්ගේ ප්ර යෝජනය සඳහනා නන් සිංහල කෘතිය ප්ර මාණවත් ලෙස ‍එම කර්තෲන්වහන්සේ සැලකු බව පෙනේ. මහාවංසයේ තත්වය මෙයට වෙනස් විය. සිංහල ස්තූපවංශය පොළොන්නරු අවධියට අයත් පාලි මහාථුපවංසය ආශ්රවයයෙන් රචිත බවත් එම පාලි පොතට එයට ද වඩා පැරණි වු පාලියෙන් හා සිංහලයෙන් ලියන ලද කෘති දෙකක් මුල් වු බවත් කියවේ.30 වංසවත්ථපිප කාසිනියෙහි සඳහන් මහාවෙතියවංසට්ඨකථාව31 යට කී සිංහල කෘතිය විය හැකිය. දළදාව පිළිබඳ ඉතිහාස වාර්තාව ද මෙයට ම සාමන වේ. කිත්සිර්මෙවන් රජු දවස සම්පාදිත සිංහල දළදා ඉතිහාස කථාවක් පැවති බ පෙනේ.32 පාලි දාඨාවංසයට මුල් වුයේ ද සිංහල දළදා ඉතිහාසයක් බව සඳහන් වේ. දාඨාවංස කතුවරයා පැරණි සිංහල කෘතියෙහි දෙසක් නොදකියි. පාලි භාෂාවෙන් දළදා ප්රුවෘත්තියක් සම්පාදනය කරන ලද්දේ ද විධේශින්ගේ (දීපාන්තර වාසිනං) ප්රපයේජනය සඳහාය. පාලි පොත් ලියනු ලැබිමේන පසු ව එයට

28. Mahagadicamsa, P.T.S, (Mhv) 1891, p.1. 29. Vsp.p.387. 30.Mahathupacamsa, P.T.S., (Mtv.) p.1,vs.2,3 31. Vsp.p.509. 32. Cv.xxxvii – 93
32 රාජාවලිය
මුල් වු සිංහල කෘති ක්රජමයෙන් අභාවයට යාම සිරිත වුවත් සිංහල දළදා කථාව නම් ඉක්මනින් විනාශ වු බවත් නොපෙනේ. දන්තධාතුව සම්බන්ධයෙන් ලියැවි ඇති අනෙක් සිංහල කෘතිය නම් දළදා පූජාවලියයි. පාලියෙන් හා සිංහලයෙන් ලියැවුණු ලළාටඨාතුවංස පෝත් ද අපගේ සැලකිල්ලට භාජන කරනු වටි. කාවන්තිස්ස රජු තෙක් ඉතිහාස කථාව දක්වන මේ පොත රචිත කාලය පැහැදිලි නැත. මේ පොතට මුල් වු රෝහණ වංසයක් හැ ලළාටඨාතුවංසවණ්ණනා නම් අටුවාවක් ගැන යට සදහන් කරන ලදි.33 ඓතිහාසික ලේඛන සම්පාදනය පිළිබඳ පිරික්ෂාණයක දි අප සැලකිල්ලට භාජන විය යුතු තවත් වැදගත් කෘති දෙකක් ඇත. එකක් පාලි හත්ථවනගල්ල විහාරවංසයයි. අනෙක ගම්පොල පස් වන භුවනෙකබාහු රජු දවස ජයබාහු දෙවරක්ෂිත ධර්මකිර්ති ස්ථවිරයන් විසින් රචිත නිකායසංග්රුහය හෙවත් ශාසනාවතාරයයි. හත්ථවනගල්ලා වහාරවංසයෙහි සිරිසඟබෝ රජු ‍පිළිබඳ දිර්ඝ විස්තර ද අත්තනගල්ලෙහි ‍කරන ලද විහාර ආදිය ගැන තොරතුරු ද දැක්වෙයි. මෙම කෘතිය අවසන් කර ඇත්තේ අත්තනගලු ඉතිහාස කථාව තවදුරටත් නොනවත්වා ලියැවෙනු ඇතැයි යන ප්රානර්ථනයකින් වුවත් එම ඉල්ලිමට කිසිවකු කන් දුන් බවක් ‍නම් නොපෙනේ. පාලි ග්රාන්ථය ඇසුරෙන් එළුඅත්තනගලුවංස දෙකක් ම ලියා තිබේ. මේ සිංහල පොත් “ඉතිහාස කථාව හා පූර්වලිඛ්තය ද ආශ්රිය කොට” කරන ලද බව ඒ ඒ ග්රංන්ථයන්ගේ ආරම්භයෙහි දැක්වේ.34 නිකායසංග්ර හයෙහි පරමාර්ථය වි ‍තිබෙන්නේ මහාවිහාර භික්ෂුන් අනෙක් මත දරුවන් අභභවා ජයගත් අයුරු විස්තර කිරිමය. එහෙයින් මහාවිහාරිකයන් පිළිබඳ පමණක් නොව අනෙක් භික්ෂුන් ආයතන හා ඒවාට අනුග්රයහ දැක්වු රජුන් ගැන ද ඇතැම විස්තර මෙහි අතුළත් වෙයි. ලක්දිව රාජපරම්පරා වාර්තා වරින් වර පාලි භාෂාවට පෙරළනු ලැබිමේන පසු වත් සිංහලයෙන් ද ඒවා අඛණ්ඩ ව ආරක්ෂා කරන ලද බවට ඇති පැරණි ම සාධකය නම් පූජාවලියයි.35 දඹදෙණි රාජ්ය ය කළ ද්විතිය පරාක්රරමබාහු නරපතින් දවස සම්පාදිත පූජාවලි ධර්මව්යා.ඛ්යා න ග්රතන්ථයෙහි අවසාන පර්ච්ඡේද දෙක්හි ඇතුළත් වන්නේ ඒ වාර්තාවයි. තිසිතුන් වන පරිච්ඡේදය “මිහිදු මාහිමියන් වහන්සේ මේ ලක්දිවට වැඩ බුදුසසුන් පිහිටුවා කළ සම්යනක් ප්රදතිපත්ති පූජා කථා” විස්තර කිරිම සඳහා ද 36 සුතිස් වන පරිච්ඡේදය “අප බුදුන් ශ්රි් ලංකාද්විපයෙහි හැම රජුන්ගෙන් ලද උද්දේසික පූජාකථා” දැක්විම සඳහා ද37 පුජාවලියට ඇතුළත් කරන ලදි.
33. Dathacamsa. De Seelalankara Thero, 1914, Verse 10. 34.මුනිදාස කුමාරතුංග සංස්කරණය. 1932 1 පි.; පලන්නොරුවේ විමලධම්ම සංස්කරණය 1953 4 පි. 35. පූජාවලිය යන්නෙන් මෙහි අදහස් කරනුයේ එම කෘතියෙහි ලක්දිව ඉතිහාස කථා විස්තර වන තිස්තුන් වන හා තිස්හතර වන පරිච්ඡේද බව සැලකිය යුතුය. (පූජාසු.) 36. පූජාසු - 50 පි. 37. පූපාසු - 82 පි. ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 33
පූජාවලියේ සූතිස් වන පරිච්ඡෙදය වශයෙන් දක්වන ලක්දිව රාජපරම්පරා කථාව “විජයරාජාවලිය” නමින් වෙන ම පුස්කොළ පොත්වල ලියා ඇත.38 ඉතිහාස ප්රදවෘත්තිය දක්වන මේ කොටසෙහි හා පූජාවලියේ අනේක පරිච්ඡේදයෙහි ද භාෂාව අතින් වෙනස් ලක්ෂණ තිබේ. මේ කරුණුවලින් පෙනෙන්නේ ලංකාරාජාවලි පුවත පූජාවලි අවධිය වන තෙක් වෙන ම සිංහල ලේඛනයක් වශයෙන් පැවැති බවය. දඹදෙණි අවධිය තෙක් සකස් වි තුබු මේ පරම්පරාගත ඓතිහාසකි වාර්තාව පූජාවලි කර්තෲන්වහන්සේ විසන් ස්වකිය ග්රපන්ථයෙහි අවසාන භාගය සමපාදනය කිරිමේ දි ආශ්රෲය කරනු ලැබු බව සිතිය හැකිය මහාවංසය සඳහා දීපවංසය කෙළින් ම මුලාශ්රතය නුවුයේ ‍යම් සේ ද. පූජාවිලය සඳහා මහාවංසය මුළුමනින් මුලාශ්රමය නුවුයේ ද එසේ මය. සන්දේශ කාව්ය හා ප්ර.ශස්ති කාව්යා යන නම් වලින් හැඳින්වෙනන සිංහල පද්යේ ග්රදන්ථ සමුහයෙන් ද ලංකා ඉතිහාසය හා සම්බන්ධ ඇතැම් කරුණු අනාවරණය වන්නේය. ප්රනශස්ති කාව්යසයක් වන පැරකුම්බා සිරිත මේ පොත් අතර විශේෂ තැනක් ගනියි. ජයවර්ධන පුරයෙහි රාජ්යිය කළ සවැනි පරාක්රුමබාහු රජුගේ ගුණගායනා වශයෙන් ඒ රජුට පූර්වයෙහි ලක්දිව රාජ්යයය කළ ඇතැම් නරපතියන් පිළිබඳ ව එම කෘතිය කරුණු දක්වයි. අපේ පාරම්පරික ‍ඓතිහාසික වාර්තා මෙසේ අඛණ්ඩ ව පව්ත්වා ගෙන එනු ලැබු අතර දඹදෙණි යුගයේ අවසාන භාගයේ පමණ අමුතු ස්වරුපයක් ‍ඇති ලේඛන සමුහයක ආරම්භය සිද්ධ වි ඇත. කඩඉම්, විත්ති, විස්තර, උපත් යනාදි නම් දරන මෙම ලේඛන පූජාවලිය. සඞර්මරත්නාවලි ආදි පොත් ලියු වියතුන් විසින් නොව සාමාන්යන උගතුන් අතින් ලියැවුණු ග්රොන්ථ සමුහයක් බව පෙනේ. සාංගෘහිතත විෂය ගැන සගකන කල කුවේණි අස්න, සිහබා අස්න ආදි අස්න පොත් ද මෙම ගණයට ම අයත් සේ සැලකිය හැකි වේ. මෙම කෘති සඳහා යට කී පාරම්පරික ඓතිහාසික් වාර්තා මෙන් ම ඒ උගතුන් විසින් ප්රයති‍ෙක්ෂපප කරන ලද්දා වු ජනාප්රරවාදයේ පැවැති අනෙක් පුරාවෘත්ත ද ඇතුළත් වි තිබෙව හෙයින් ඇතැම් ප්ර්වෘත්ති දැන ගැනිම සඳහා අනෙක් කෘතිවල නොමැති අගයක් ඒවායේ ඇත්තේය. කඩඉම් විත්ති, විස්තර ආදි නම් දරන මේ ලේඛනයන් අතුරෙන් මුද්රඒණයෙන් පළ වි ඇත්තේ කිහිපයක් වුවත් ලක්දිව පොත්ගුල්වල හා වෙනත් පුද්ගලයන් සතු ව ද, විදෙශිය පුස්තකාලයන්හි ද මේ ‍පොත් විශාල සංඛ්යාදවක පුස්කොළ අත්පිටපත් ආරක්ෂා වි ඇත්තේය. සංගෘහිත විෂය හා භාෂා ලක්ෂණ ආදිය ගැන සලකා මේ කෘති තෙලෙස් වන හා තුදුස් වන සියවස්වල ද ඉන් මෑත භාගයේ ද සම්පාදිත යයි නිගමනය කළ හැකි වුවත්39 ඇතැම් ‍ලේඛනවල ක්රිමස්තුවර්ෂයෙන් 1815 පමණ දක්වා ප්ර9වෘත්ති ද ඇතුළත් බව පෙන්වා දිය යුතු වෙයි.
38. කොළඹ කටුගෙයි අංක 7, H – 1 (2031)] x – 4 (2032). 39. J.R.A.S (C.B.) New Series, Vol. VII. Part 2 (1961) p. 195.
34 රාජාවලිය යට දක්වන ලද්දා වු විත්ති. කඩඉම්, විස්තර යනාදි කොටස්වලට අයත් පොත්වල එක් ඒක ‍කොටසින් විශේෂ විශයෙන් සංග්ර හ වන කරුණු ‍ඇත්තේය. කඩඉම් පොත්වල හා විත්ති පෝතවල ලක්දිව වැව් අමුණු ඉඩකඩම් ගම් නියම්ගම් රාජධාන් පිළිබඳ ඓතිහාසික් වු ද භෞගෝලික වු ද විස්තර ප්ර්ධාන වශයෙන් දැක්වෙයි. රාජමාහමාත්යාසදින් ‍හා වෙනත් ප්ර්භුන් පිළිබඳ වැදගත් සිද්ධින් ද ඒ පොත්වල දක්වා ඇත. 40 කුරුණෑගල විස්තරය යාපහුනුවර විස්තරය ආදි විස්තර පොත්වල ඒ ඒ නගර පිළිබඳ ඓතිහාසික හා භෞගෝලික තොරතුරු දැක්වේ. ලංකා විස්තරය,41 දඹදිව විස්තරය42 යන පොත්වල ජම්බුද්වි‍පයේ ප්රසදේශ විස්තර, බොධිමණ්ඪලයට ඇතුළත් ප්ර්දේශ හා ඒ ඒ ස්ථාන අතර දිග පළල ආදි තොරතුරු දැක්වේ. බඹ උත්පත්ති43 යන කෘතිය සක්වළ විවරණ, ලෝකෝත්පත්ති කථා ආදිය දක්වයි. මහාසම්මත රාජාවලිය44, රාජඋත්පත්තිය45, දඹදිවරාජපරම්පරාකථා46 යන පොත්වල විශේෂයෙන් දැක්වෙන්නේ මහාසම්මත රාජපරම්පරා පිළිබඳ විස්තර වේ. මෙසේ කඩඉම්, විත්ති, විස්තර යනාදි නම් දරන යට කී ග්රින්ථයන්හි වෙන්වෙන් ව සංහ්රැහ කරන ලද විෂය රාජාවලියෙහි ද ඇතුළත් වන්නේ ය. භාෂාලක්ෂ4ණ අතින් සලකන කල ද ර‍ාජාවපිය වඩා ළං වන්නේ පූජාවලිය, සද්ධර්මාලංකාරය වැනි පොත්වලට නොව යට කී ග්රජන්ථ සමුහයටය. පුස්කොළ පොත් පරික්ෂා කිරිමේ දි, යට දැක්වු කඩඉම්, විත්ති, විස්තර උපත් යන නම් දරන එක් කෘතියක් හෝ කෘති දෙකතුනක් හෝ රාජාවලි පිටපත සමග එක පොතට ම ඇතුළත් වන සේ ලියා තුබු අවස්ථා කිහිපයක් අපට දක්නට ලැබිණ. මේ අනු ව සිතිය හැක්කේ රාජාවලිය ද යට කි ‍පොත සමූහයට ම නෑකම් කියන බවකි. රාජාවලිය වනාහි දඹදෙණි යුගයේ පටන් සම්පාදිත වු කඩඉම්, විත්ති, විස්තර ආදි ලේඛන සමුහය පසුබිම් කර ගෙන, එම ග්ර න්ථ සමුහයෙන් ම ආභාසය ලබමින් සම්පාදිත ඉතිහාස වාර්තාවක් බව සිතිය හැකිය. එසේ ද වුවත් මෙම ග්ර න්ථ සමූහය රාජාවලියට මුලාශ්රාය නුවු බව මෙහි ලා සඳහන් කළ යුතු වේ. ලංකාද්විපය පිළිබඳ අඛණාඩ ඉතිහාස වාර්තාවක් සමපාදනය කිරිමට ඉදිරිපත් වු රාජාවලි කර්තෘ, ජනප්ර වාදයේ පැවත ආ පුරාවෘත්තයන්ගෙන් බැහැර වීමට කල්පනා නොකළ අතර ම වෙනත් ඉතිහාස වාර්තා දෙකක් ආශ්රවය ග්ර න්ථ වශයෙන් තෝරා ගත්තේය. රාජාවලියේ මුලාශ්රතයයන් පරික්ෂා කිරිමේ දි මෙකරුණ වැඩිදුර පැහැදිලි වන්නේය. 40. ත්රි‍සිංහලේ කඩඉම් සහ විත්ති; ජේ. ඒඩබ්ලිව්. මාරඹේ. 1926ත සිරිලක් කඩයිම් පොතත චාල්සි ද සිල්වා, 1961. 41. කොළඹ කටුගෙයි අංක - Z 8 42. එම අංක - 22 – H 7 43.D.M.de Z; Wickramasinghe. Catalogue of the Sinhalese Manuscripts in the British Museum 1900, (Wick.Cat.) No.72. 44. Hugh Nevill, Catalogue of Ola- leaf Manuscripts, (Nevill Cat.), No. Or. 6606 (106). 45. කොළඹ කටුගෙයි අංක A.R.10 46.එම අංක 7 F.2 ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 35 (II) විවිධ රාජාවලී රාජාවලි සංස්කරණ කාර්යයෙහි දි පාඨ සංසන්දනය සඳහා ගනු ලැබු පුස්කොළ පිටපත් හා මුද්ර ත සංස්කරණ පිළබඳ විස්තර දැක්විම වශයෙන් ඒ එක් ඒක කෘතිය පෙළ විසින් කොතෙක් වෙනස්කම දැරුවේ ද යන වග අන් තැනෙක පෙන්වා දෙන ලදි. මේ පොත් හැරුණු විට රාජාවලි නමින් හෝ ව‍ිශේෂණ පදයක් සහිත ව හෝ ඒ නම යෙදෙන තවත් පොත් රාශියක් ඇත්තේය. ඒ පිළිබඳ විස්තර මතු දැක්වේ. 1. බ්රි්තාන්යඇ කෞතුකාගාරයේ අංක ඕ.ආර්. 4971 (73) දරන පුස්කොළ පොත රාජාවලිය යි නම් කොට ඇත. මේ වූ කලි අලකේශ්වර යුඬය නමින් ව්යේවහාර වන පොතයි. පෙළ විසින් මෙම පොතට සමාන පොත් දෙකක් කොළඹ කටුගෙයි ඇත. එනම්; ඒ.පීග4 (1809), ඒ.ඇප්. 15 (1810) යන පොත් වේ. එම පොත් හැඳින්වෙන්නේ අලකේශ්වර යුඞය නමිනි. ඥනාදර්ශය නම සඟරාවේ වරින්වර පළ වු එම කෘතිය හැඳින් වෙන්නේ ද අලකේශ්වර යුධය කියාය.1 2. කොළඹ කටුගෙයි ඒ.පි.7 අංකිත පුස්කොළ පොත රාජාවලිය නමින් හඳුන්වනු ලබයි.2 වගු රජුගේ පුවතින් ආරම්භ වි මහනුවර තුන් වන වික්රවමබාහු රජු දක්වා ඉතිහාස කථාව දක්වන මේ කෘතිය අපේ රාජාවලි සංස්කරණයට වෙනස්ය. 3. වන්නිරාජාවලිය3: මෙය රාජාවලියට බෙහෙවින් සමාන වුවත් එහි නොමැති අමතර විස්තර ද ඇතුළත් වේ.වන්නි තොරතුරු සිරිසඟ‍බෝ කථාව ආදිය සවිස්තර ව දැක්වේ. කිණිහිරිදළ පටන් වසභ තෙක් රජුගේ නම් රාජාවලි පොත්වල නැතත් මෙහි ඇතුළත් වේ. 4. කොළඹ කටුගෙයි වී. 3 දරන පොත අග”රාජාවල්ලිය” යන නම් දැක්වේ. මෙය යට කී වන්නිරාජාවලිය සමානකම් දක්වයි. වන්නි රාජාවලි පොත් රාජාවිල නමින් ද හැඳින් වු බව මෙයින් පැහැදිලි වේ. 5. විජිතවැල්ලේ රාජාවලිය4: බ්රිපතාන්යල යුගයේ ආරම්භය දක්වා කරුණු මෙහි ඇතුළත්ය. ලන්දේසින් විසින් කතෝලිකයනට විරුද්ධ වකරන ලද ඇතැම් ක්රිතයා පිළිබඳ විස්තර ද මෙහි දැක්වේ.5 6. විජියරාජාවලිය6: මේ ‍නමින් දැක්වෙන්නේ පුජාවලියේ සුතිස් වන පරිච්ඡේදයෙහි ඇතුළත් ලංකා ඉතිහාස වාර්තාවයි.
1. ඥානාදර්ශය: 10 කාණ්ඩය - 1909 සිට 1911 වර්ෂය. 2. W.A.de Silva, Catalogue of palm – leaf Manucripts in the Library of the Colombo Museum, 1938, (Silva Cat.), No.A.P.7 3. කොළඹ කටුගෙයි අංක A.R. 18 (2028) 4. Nevill Cat. No. O.L. 6606 (73). 5. J.R.A.S (C.B.), Vol. XXX, No. 96 part 4, p. 7. 6. කොළඹ කටුගෙයි අංක 7 H.I (2031) හා X 4 (2033).
36 රාජාවලිය
7. සඞ්ර්මාලංකාරයෙහි එන ධර්මසොණ්ඩක වස්තුව පටන් බොධිරාප වස්තුව තෙක් කොටස ලියා ඇති රාජාවලි නම් ගන්නා පුස්කොළ පොත් තුනක් කොළඹ කටුගෙයි ඇත.7 8. රාවනා රාජාවලිය,8 රාවණා රජු ගැන ද කරුණු සඳහන් කරන මේ කෘතාය ලංකා කඩඉම් ‍පොතකි. 9. බුඩරාජවල්ලිය9 බොධි ප්ර තිෂ්ඨාපනය හා දුටුගැමුණු රජු පිළිබඳ ප්රoවෘත්ති ද මලල ජනයා පිළිබඳ දිර්ඝ විස්තර ද මෙහි ඇතුළත් වේ. 10.එච්.සී.පී. බෙල් මහතාගේ මෙහෙයිමෙන් පිටපත් කරන ලඳැයි සඳහන් වන අංක 24 පි 32. 24 පි 33, 24 පී 34 දරන කඩදාසි පොත් තුනක් ‍කොළඹ කටුගෙයි ඇත. ඒ පොත් තුන ම රාජාවලි නමින් හැඳින්වේ. මේ පොත් තුනේ ඒ.බී,සී, ඩී, ඊ, ඇfප්, ජි, එච්, අයි, ජේ, කේ, ඇල් යන ඉංගිරිසි අකුරින් දක්වා ඇති පෝත දොළසක් එකට ලියා ඇත. මේ අතර අයි අංකිත පොත පද්ය3යෙන් කරන ලද්දකි. මේ පොත් යට සඳහන් කරන ලද අනෙක් රාජාවලි පොත් තරම් පැරණි නුවුවත් ඇතැම් පොත්වල අද පිළිගැනෙන ඉතිහාස කථාවට වඩා වෙනස් කරුණු අඩංගු‍ වෙයි. හැමිල්ටන් ගෝර්ඩන් ලංකාණ්ඩුකාරයාගේ කාලය දක්වා ලංකාකථාව මේ පොත් දක්වයි. මේ කරුණුවලින් පැහැදිල් වන්නේ රාජාවලිය යන්නෙන් පූජාවලිය හෝ නිකායසංග්රිහය හෝ රාජරත්නාකරය හෝ වැනි කිසියම් එක් කෘත්යක් නොකියැවෙන බවයි. එහෙයින් අනෙක් රාජාවලියක් ගැන සඳහන් කරන විට එම කෘතිය අයත් පරම්පරාවෙන් හෝ නැතහොත් විජයරාජාවලිය, වන්නිරාජාවිලය යනාදි වශයෙන් වෙනත් විශේෂ නාමයකින් හෝ එය හැඳින්විය යුතු බව පෙනේ. (III) ග්රනන්ථනාමය අප විසින් සංස්කරණය කරනු ලබන ප්රඑධාන රාජාවලිය එක් එක් පිටපත් වල එක් එක් අයුරුන් හඳුන්වනු ලබයි. ඒ ඒ පිටපත් මෙම කෘතිය හඳුන්වන සැටි මතු දැක්වේ: 1. මහාරාජාවලිය : බ පුස්කොළ පොත. 2. මහාරාජාවලිය : කොළඹ කටුගෙයි ඒ.ඒ.2 (1906); 69.එම්.5 (2397) යන පුස්කොළ පොත්. 3. රාජාවල්ලිය : ධ, ප, ල, ස, ගු (272): ගු (276) යනපුස්කොළ පොත්. 4. රාජාවලිය : බ්රිධ, ම, පුස්කොළ පොත්; ගු (173); ගු (186) බ්රි.තාන්ය කුගෙයි 69 සහ 70 යන පුස්කොළ පොත්. 10

7. අංක A.O. 17 (1954); J.7. (1956); G.4 (1957). 8. ‍කොළඹ කටුගෙය අංක 7.H.1 දරන පොතේ කොටසකි. 9. එම, අංක - 7‍ F.3 10. Wick. Cat.
ලක්දිව ඓතිහාසික ලේඛන සම්පාදනය 37
5. රාජවල්ලි පොත : ගු (199) පුස්කොළ පොත. 6. රාජවන්ලි ‍පොත : අ පුස්කොළ පොත. 7. රාජවලියෙ පොත : ය පුස්කොළ පොත. 8. රාජවල්ලියේ පොත : හ පුස්කොළ පොත. මෙම නම් අතුරෙන් කවරක් වුව ද අපේ සංස්කරණයට යෙදිම යොග්ය9 වුවත්, මෙම පොත මෙතෙක් කල් හඳුන්වනු ලැබුවේ “රාජාවලිය” යන නමින්. එහෙයින් අපට පෙර මෙම ග්රකන්ථය සංස්කරණය කළ භවතුන් අනුගමනය කරමින් එයට රාජාවලිය යන නාමය ම ව්යනවවහාර කරමු. (IV) රාජාවලී කර්තෘ රාජාවලියේ සම්පාදනය හා කර්තෘත්වය පිළිබඳ ව මෙතෙක් ඉදිරිපත් වි ඇත් අදහස් මුත දැක්වෙන පරිදි සම්පීණ්ඩනය කළ හැකිය: 1. අප්හැම්:11 කර්තෲන් සතර දෙනෙකු විසන් අවස්ථා සතරක දි සම්පුර්ණ කරන ලදි. 2. ටර්නර්:12 කර්තෲන් කිහිප දෙනෙකු විසින් වරින්වර සම්පාදනය කරන ලදි. 3. වික්ර්මසිංහ13 කර්තෲන් දෙදෙනෙකුට වඩා වැඩි විය නොහැකිය: එක ම කතුවරයාගේ විය හැකිය. රාජාවලියේ මුල් කොටස පූජාවලිය, රාජරත්නාකරය යන පොත් දෙක හෝ එකක් ආශ්රලයෙන් සම්පාදිත හෙයින් මුල් කොටසේ භාෂාව දෙවන භාගයේ භාෂාවට වඩා වෙනස් වේ. 4. ගුණසේකර:14 කර්තෲන් දෙදෙනෙකු විය යුතුය. මෙහි තැනෙක්හි “අප බුදුනු” යනාදි වශයෙන් බුද්ධබක්තිකයෙකු සේ ද, අන් සමහර තැනෙක්හි “අ‍පගේ ස්වාමි වු යේසුස් ක්රිධස්තුස්” යනාදි වශයෙන් ක්රිිස්තුභක්තිකයෙකු සේ ද ලියා තිබෙන හෙයින් හා වාග්රිත්යේ වෙනසක් තිබෙන හෙයින් මෙහි කර්තෘ එක්කෙනෙකු නොව යටත් පිරිසෙයන් දෙදෙනෙකු විය යුතු බව අනුමාන කරයි. 5. ගෛගර් ;15 එක් කතුවරයෙකුගේ යයි අනුමාන කරයි. භාෂාවේ විවිධත්වය සිදු වි තිබෙන්ුනේ අනෙක් කෘති ආශ්රවය කිරිම නිසාය.

11. Upham, Edward, The Sacred and Historical Books of Ceylon: The Mahacamsa, The Raja – Ratnacari and The Rajacali” (1833), Intro. P. xii. 12. G. Turnour, Epitome of the History of Ceylon. 1836’ Intro.p.iv’ 13. Wick. Cat. P. 76. 14. ග. විඥප්ති. iii පි. 15. Dip.and Mv. p. 94
38 රාජාවලිය
රාජාවලිය කෙසේ සම්පාදනය කරන ලද කෘතියක් ද කරුණ ගැන නොසිතා රාජාවලියේ කර්තෘ ගැන කිසිවක් පැවසිය නොහැකිය. ලක්දිව ඉතිහාස වාර්තා සම්පාදනයේ විශේෂ ලක්ෂණය වූයේ කලින් කල පුරුකෙන් පුරුකට එකට යා විමෙන් එය සම්පුර්ණ විමය. සුනාථ සබ්බේ පනිධාය මානසං වංසං පවක්ඛාමි පරමපරාගතං ථුතිප්පස්ථං බහුනාභිවණ්ණිතං එතම්හි නානා කුසුමංව ගණ්ඨිතං (xx : 4) යන දීපවංස ගාථාව සඳහන් කරන්නේ එම කෘතිය එක් එක් පුෂ්පය ගැට ගැසිමේන සම්පාදනය කරන ලද බවය. මෙසේ එක එක පුරුක ඈඳා ඉතිහාසකථා සම්පාදනය දීපවංසයෙන් අවසන් නොවි රාජාවලිය සම්පාදිත අවධිය දක්වා ද පැවැත්තේය. රාජාවලිය සම්පාදනයේ දි සිද්ධ වි තිබෙන්නේ ද දිපවංස කතුවරයාගේ උත්සාහයට සමාන එකකි. රාජාවලිය සම්පාදනයේ එක් අවස්ථාවක දි ද්විතිය විමලධර්මසූය්ය්බෙන රජුගේ රාජ්යලපදප්රාඑප්තිය දක්වා ඉතිහාස කථාව කියැවෙයි. ඉන් පසු ව ද ඇතැම් ලේඛකයන් විසින් තමතම්න්ට අභිමත පරිදි කරුණු එකතු කරමින් තම තමන්ගේ කාලය දක්වා ඉතිහාස වාර්තාව පවත්වා ගෙන ගිය සැටි යට දක්වන ලදි. අප පරික්ෂණයට භාජන වන ද්විතිය විමලධර්මසූය්ය් ගි රජුගෙන් අවසන් වන රාජාවලිය පොත එම රජු විසූ කාලයේ පමණ සම්පාදනය වන්නට ඇත. රාජාවලි කතුවරයාගේ ව්ය්යාමය වූයේ එතෙක් සමිපාදනය වි. පැවැති පූජාවලිය. අලකේශ්වර යුඞය වැනි සිංහල භාෂාමය වාර්තා කිහිපයක් ප්රනයෝජනයට ගනිමින්, එදා ජනශ්රැුතිමාර්ගයෙන් පැවත ආ වැදගත් ප්ර වෘත්තින් ද ඇතුළු කරමින්, හැකි තාක් සම්පුර්ණ ඉතිහාස කථාවක් සමිපාදනය කිරිමය. ග්රපන්ථ සම්පාදිත ක්රනමය අතින් රාජාවලිය දීපවංසය, මහාවංසය, පූජාවලිය. රාජරත්නාකරය ආදි ග්ර න්ථයන්ට වඩා වෙනස් වෙයි. එම ලේඛකයන් විසින් කරන ලද්දේ කරුණු සඳහා අනෙක් මූලාශ්රතයයන් වෙත යමින් නවනිර්මාණයන් වශයෙන් ස්වකිය ග්රෙන්ථ සම්පාදනය කිරිමය. රාජාවලි කතුවරයා තම පොතට මුල් වු කෘති කෙරෙහි එයට වඩා ණය ගැති වුයේය. ඔහු බොහෝ විට එම කෘති පදනේ පදය ම පිටපත් කර ගත් අතර, තමාට හුරු පුරුදු අයුරින් බස හා වියරණ වෙනස් කළේය.16 පොතපතින් වාර්තා පිටපත් කර ගත නොහැකි වු අවස්ථාවන්හි දි තමාගේ භාෂාවෙන් ම එම වාර්තා සම්පාදනය කරන්නට ඇත. රාජාවලියෙහි එක් එක් කොටස්වල භාෂාව ඒක සමාන නොවන්නේ කාලපර්ච්ඡේද කිහිපයකට අයත් වු කෘති එයට මුල් වු නිසාය. භාෂාව අතින් දඹදෙණි යුගයේ සම්පාදිත පූජාවලිය හා
1. රාජාවලි භාෂාව නැවත වරක් වර්තාමන සංස්කාරකයන් විසින් ඔවුනට අභිමත පිරිදි වෙනස් කරන ලද බව පෙනේ. ලක්දිව ඓතිහාසකි ලේඛන සම්පාදනය 39
සීතාවක සමයට අයත් යයි සිතිය හැකි අලකේශ්වර යුඞය නම් කෘතිය අතර පවතින වෙනස රාජාවලියේ මුල් කොටස හා දෙවන භාගය අතර ද එසේ ම විද්යාඅමාන‍ වේ මැයි. වර්ෂ දැක්විමේ දි බුද්ධ පරිනිර්වාණයේ පටන් වර්ෂප්ර මාණ දැක්විම ‍හෝ ඇතැම් තැන ශකවර්ෂ යෙදිම හෝ සිරිතක් වුවත් “අපගේ ස්වාමි වු යේසුසු ක්රියස්තු වර්ෂථයෙන්” යි එක් තැනෙක යෙදෙනු‍යේ රාජාවලියේ ද්විතිය භායග ලියු තැනැත්තා ක්රිකස්තුභක්තකයෙකු වු නිසා නොව එසේ වර්ෂ දැක්විම එකල සිරිතක් වු හෙයින්. ඉංගිරිසිය වහරනු ලබන ක්රිෙස්තුබක්තික වුව ද නොවු ද හැම දෙන විසින් ම “ අ‍පගේ ස්වාමින්ගේ වර්ෂ්යෙන්” යන අරුත් දෙන ඒ.ඪි. යන අකුරු දෙක‍ යෙදිමේ වර්තමාන ව්යිවහාරයට සමාන සිරිතක් ‍රාජාවලි කර්තෘගේ කාලයේ පවා පැවතුණු සේය. මේ කරුණු අනු ව රාජාවලිය වනාහි එක ම කර්තෘවරයෙකු විසින් සංග්රයහ කරන ලද කෘතියක්ය යන ගෛගර් මතයට අපි එකඟ වෙමු.

උපුටගැනිම : විකිපිඩියා

රාජාවලිය - පිටපත් පිළිබඳ විස්තර

මෙම සංස්කරණය සම්පාදනය කරන ලද්දේ රාජාවලී පුස්කොළ පිටපත් තෙළෙසක් හා මුද්රියත සංස්කරණ දෙකක් ද ආශ්ර යයෙනි. ඒ පොත් පිළිබඳ විස්තර මතු දැක්වේ.

1. ක අක්ෂරයෙන් හඳුන්වනු ලබන පිටපත
කොළඹ කටුගෙට අයත් අංක ඒ.කේ. 5 දරන මෙම පුස්කොළ පිටපතෙහි පත්ඉරු 69කි. කොළයක ප්රශමාණය අඟල් 15x2.2 කි. අ.ආ යනුවෙන් ඩා දක්වා පිටු නම් කොට තිබේ. පිටුවක පේළි 8කි. අකුරු සිහින්ය; වටකුරුය. පොත ආරම්භ වන්නේ “නමස්ත ස්මෛහගතෙර්හතෙ සම්ය8ක් සඹුද්ධාය” යන පාථයෙනි අවසන් වන්නේ “ මේ පොත විජේසූර්ය ආරච්චිගේ දොන් ඩාවින් අපුපුහාමිගේ - 15” යන වාක්යියකිනි. මෙම පිටපතෙහි විශේෂප්රනයොග වශයෙන් මතු දැක්වෙන තොරතුරු පෙන්විය හැකි වේ; දිර්ඝ ‘ඉ’ කාරය කිහිප පළක ලියා ඇත්තේ ඉ කාරය හල් කිරිමෙනි. එහි ක්රුම තුනක් ඇත; ඊ කාරය ද එක් තැනෙක ලියා ඇත. ව්යනඤ්ජනයක් හා යෙදෙන එ කාර, ඔ කාර දෙක වරෙක දීර්ඝ ව ද, වරෙක භ්ර.ස්ව ව ද ලියා ඇ. උදාහරණ; කෙලෙය, කෙලේය, ඒපාය, විජෙභාහු, විජේබාහු කලොය. කලෝය, එකදොලිය, එකදෝලිය, මූර්ධන්ය දිර්ඝ ළු කාරයේ රූප දෙකකි; ළූ. ඒ, ඍද්ධි යන්න ඉර්ධි. රිඬි, රිද්දි යනුවෙන් ලියා ඇත. වෘක්ෂ වෙනුවට ව්රළක්ෂර; තෘතිය වෙනුවට ත්රිිතීය. ඖ කාරය කිහිප අයුරෙකින් ලියා ඇත; ඖරුද්ධක්, ඔරුද්දක්, අවුරුද්දක්, ඞ්, ඤ, ණ, ම යන වර්ගාන්තාක්ෂධරයන් අනේක ව්යකඤ්ජනයක් හා බැඳෙන තැන අර්ධානුනාසසිකය දැක්වේ. ගඟා, පඞාල, දඬ, තඹපන්නි. වංශ යන්න වෙනුවට ද අර්ධනාසිකය යෙදී ඇත. න, ණ, ල, ළ යෙදිම පිළිබඳ කිසියම් නිතියක් අනුගමනය කර ඇති බවකි නොපේනේ. අනවශ්ය තැන මූර්ධන්යන ණ කාර යෙදිම ද, මූර්ධන්යන ළ කාරය කොතැනකවත ව්ය වහාර නොවිම දමෙහි විශේෂ ලක්ෂණ සේ පෙනේ. එහෙත් මූර්ධන්යර ළු යෙදි ඇත. උදා: නැගෙණහිර, බස්ණාහිර, බමුනා, කල්යා්න, පලමු, පහලවු, කෙලෙය, කෙලගනන්. ස කාර යෙදිම ද ඇතැම තැන ‍සදොස්ය. උදා: අවුසධ, බුද්ධසෑසනය, සැක්ක්රයදෙවෙන්ද්රනයා, ධර්මමසොඛ, ශත්යාෙවක්, ශඩිදෙමළු, මහාවන්ෂ, සංඝයවහන්ෂේ, හල් න කාර, හල් ඬ කාර දෙක හා බින්දුව විශෙෂයක් නැතිව යොදා ඇත. උදා: ලන්කාව, ලංකාව, ගන්, ඇවිදිම, සන්ඝයා. තවත් විශෙෂ යෙදුම් කහිපයක් මෙසේය; පූෂියා, ප්රොලහිත,

2 රාජාවලිය

සර්ධාව, ස්වමීපය, මන්යා යෝ, බ්යොයෝ, ප්රා‍ක්ක්ර මබාහු, නෛ (=නාග), රාස්ත්රිසයේ. මුර්ඨවගපාන්. තව ද බහු වචන රූප පෙස සැලකෙන ගියාහ, සිටියාහ, යොදුන්හ ආදි පද යෙදි ඇත්තේ ගියාහා, සිටියාහා, යොදුන්හා යනාදි වශයෙනි. වර්තමාන ව්යගවහාරය අනු සලකන කල විශේෂප්රපයෝග ලෙස ගැනෙන මේ යෙදුම්වලින් වැඩි කොටසක් හැම රාජාවලි පිටපතක ම දක්නා ලැබේ. එහෙයින් අනෙක් පිටපත්වල විශේෂප්ර යෝග වශයෙන් දක්වනු ලබන්නේ මෙම ලක්ෂණයන්ගෙන් වෙනස් වන තැන් පමණක් බව සැලකුව මනාය.

2. බ පිටපත
මෙය බලපිටියේ සුභද්රාපරාම පුරාණ විහාරයට අයත් පුස්කොළ පිටපතකි. ප්ර මාණය කොළ 68යි.(ක-ඩු) කොළයක දිග අඟල් 12.7යි;පළල් අඟල් 2.2යි.පිටුවක පේළි 8 යි. අඟලකට අකුරු 6ක් පමණ ලියා ඇත. අකුරු ක පිටපතට සමානයි. දකුණු පස කෙළවර 1,2 යනාදි අංකවලින් ද වම්පස ක, කා යනාදි අකුරුවලින් ද පුටු හඳුන්වා තිබේ. ලේඛකයා ඉලක්කම් ලිවිමට හුරු බවක් ‍නොදක්වයි. ඊ කාරය බහුල ව යෙදෙයි. ඉ යෙදි ඇත්තේ එක් පළක පමණය. ඍද්ධි වෙනුවට එර්ඛ, ඉද්ධි යන රූප දෙක යෙදෙයි. ම්, න් වෙනුවට මෙහි බෙබහෙවින් යෙදෙන්නේ නිග්ගශිතයයි. උදා: උතුං, තුං, රජුං, අතුරෙං, රත්රං , රයිගං, ක පොතේ නැති විශේෂප්රයයෝග කිහිපයක් මතු දැක්වේ. වර්ග්ගප්රුන්ප්රාවවෙහි; ග්රනන්ධ සන්ඛ්යාරවක්, එද්දහසක් ක පොතට වඩා මෙහි මූර්ධන්යි ණ කාරය සදොස් ව යෙදේ. උදා: තම්මැණ්ණවණය, කුමණ, කාරනාවක්, උදැසණ, උයණ, රජ්ජුරුවණ්ණෙ, අක්කාවණ, බැඳි අකුරු ලිවිම පදයක මැදට පමණකි සිමා නොවේ. උදා: යකුන්වනසා, උපන්ද , රජුගෙන්දවන්වලඳන, වෙවුළුවාමෙන්දිුය ජලින්වෙලා, රජ්ජුරුවඳැක්කාහ. පුද්ගලනාම හා ස්ථානනාම ලිවිමේ දි මෙහි ක පිටපතේ තරම් වත් එක් ‍සමාන බවක් නොපෙනේ. උදා: වලකම්බා, වලකඹා, ප්ර ක්කන්බාහු, ප්රාක්කම් බාහු, ප්රතක්කංබාහු, පරක්කංබාහු, ප්රාඳක්කන්බාහු; බුවනෙකබාහු, බුවනේකබාහු, ප්රාක්කංබාහු, පරක්කංබාහු, ප්රා,ක්කන්බාහු; බුවනෙකබාහු, බ‍ුවනේකබාහු, භුවනෙකාබහු; රයිගන්, රයිගම්, රයිගං, රෛගම්, රෛගං, දිඝජන්තු වෙනුවට එක් තැනෙක පිගුතතරදීඝරජ්තු කියා ද වෙනත් තැනෙක පිංගුතර කියා ද යෙදේ. පොත අග “දේමුන් මාගනිස් ද සෝයා විසින” යන පාථයක් වෙයි. මේ පාඨය පොත පිටපත් කළ තැනැත්තාගේ අකුරු නොවන බව පෙනේ. මෙහි කියවෙන්නේ පොත ලියවු තානැත්තා ‍ගැන විය හැකිය.ත

3. අ පිටපත
අටබාගේ කන්දේ විහාරයට අයත් මෙම පුස්කොළ පොතෙහි පත්ඉරු 66කි. ප්රාමාණය අඟල් 89x1.7; අකුරු වටකුරුය. මුල් පත්ඉරුවල අකුරු ‍සිහින් ය; කොළයක පේළි 8කි.‍අඟලකට අකුරු 7ක් පමණ ලියා ඇත. පොත මැද දී අකුරු ප්රාමාණයෙන් ලොකු වෙයි. ලොකු අකුරු පත් ඉරුවක පොත මාද දි අකුරු ප්රාමාණයෙන් ලොකු වෙයි. ලොකු අකුරු පත්ඉරුවක පේළි 6කි. අඟලකට අකුරු 6ක් පමණ ලියා ඇත, මේ පිටපත් කළ

පිටපත් පිළබඳ විස්තර 3

තැනැත්තා දක්ෂ ලියන්නෙක් නොවේ. පළමු පත්ඉරුවේ වෙනත් අයෙකු විසින් කුරුටුගාන ලද නොපැහැදිලි පේළි තුනක් පෙනෙ. ඒ මෙසේය: “මෙම රාජවන් ලි පොත වෙසිගේපමරුනිගි බේවල මුදියංසේ ලෙදරවු මුනුමනිසවෙං වරානී”
දෙවන පත්ඉරුව මැද මේ පාඨය ලියා ඇත:
“කා මෙ ය‍ාගෙන මම ජිත්තේ පාමා දෙවතාමයාගතං අඩෙඪශෛ ඩෙඨකථා මෙවපත් ගුරියාපත් බුඬම්ගතම් - මෙ ගත පවු කැපෙන කතුරකැයි වාදල ‍ සේක - “
රාජාවලි පෙළ ආරම්භ වන්නේ තුන්. වෙනි කොළයෙනි. මෙම පිටපත “.... යොධයා ගෙන්නවා ගෙන ගජබාහු රජ සිටියාහ” (මෙම සංස්කරණය: 187 පිටුව 20 පෙළ) යන තැනින් අවසන් වෙයි. මෙම පිටපතේ විශේෂයෙන් කිව යුතු එක් අක්ෂර රූපයක් ගැන ‍පමණය. එනම්, ද කාරය දිරිඝ කිරිම සඳහා යොදා ඇත්තේ ඇද ඉරක් පමණක් බවය.

4 උ පිටපත
පේරාදෙණියේ ලංකා විශ්වවිද්යාාලයීය පුස්තකාලයට අයත් අංක 1.5 119/41 දරන මේ පුස්කොළ පිටපත අසම්පූර්ණ එකකි. පත්ඉරු ක සිට ඛෛ දක්වා නම් කොට ඇත. පත්ඉරුවත දිය අඟල් 13කි. පළල අඟල් 2කි. පිටුවක පේලි 8කි. අකුරු ලොකුය; හතරැස් හැඩය ගනියි. අඟලකට අකුරු 5ක් පමණ ලියා ඇත. කඣඟල, ඇෂලමෂ, ඉස්ථාණ, භෂ්ථිපුර, ඕකාකවංශ යනාදි විශේෂප්‍් යොග කිහිපයක් වෙයිත.

5. ප පිටපත
පේරාදෙණියේ ලංකා විහිවවිද්යා ලයීය පුස්තකාලයට අයත් අංක 2.4 243 දරන පුස්කොළ පිටපත. පත්ඉරු 52යි. (ක - සි) පිටු වම් පස ක, කා යනුවෙන් ද දකුණු පස ඉලක්කම්වලින් ද අංකිතයි. ඉලක්කම් අදට වඩා වෙනසි. පත් ඉරුවක ප්ර මාණය අඟල් 19x2.5 යි. කොලකට පේළි 8කි. අකුරු වටකුරුය. ඊ කාර දෙවර්ගය ම ඇත . හල් කළ ඉ කාරයේ රූප තුනකි. මූර්ධන්යක ණ කාරයට කැමැත්තක් දක්වා ඇත. උදා: ශාසණය. ණෙළුන්, ණුවර, සෙණඟ, එහෙත් මේ පද දන්ත්යක න කාරයෙන් ද ලියා ඇත. වෙනත් විශේෂප්ර යේග: භ්රඟඟයෙක්, චක්රයව්රකත්ථි, චක්රවවුත්ති, පුෂියෙක්. ශත්යාු, ප්රෝයහිත, ධනංජය. ත්රිධතිය, ඉර්ෂිවරු, වඩාල. රාත්රි , රාස්ත්රිහ යන ‍පද දෙක ම යෙදේ. ඕ,ඒ යන රූප දීර්ඝ ව ම ලියා ඇත.

4 රාජාවලිය


‍පොත අවසන් වන්නේ “ මේ ‍පොත ලියා නිම කලේ 1754 “ යන පදවලිනි, මෙ 1454 ද, 1754 ද, එසේත නැතහොත් 1757 දැ යි පැහැදිලි නැත. ඒ ශකවර්ෂ 1754 සේ අනුමාන කළ හැකි හෙයින් එසේ වුවහෝත පොත අවුරුදු ‍130කට වඩා පැරණි වෙයි. එම පිටුවේ ම අන් අයෙකු විසන් කටු අකුරින් ලියූ වාක්යේයක් පෙනේ. “පිටිදුව්වෝ ලියන බඩල්ගේ ගුනේහාමිගෙ පොතයි.” මේ වූ කලි පසු කලෙක පොත අයිතිකරුවා කළ සටහනක් විය හැකිය. අනෙක් පිටුවේ ඊට ද වඩා ලොකු අකුරින් තීන්තෙන් ලියූ වාක්යහයක් ඇත. එනම්: මේ පොත අයිතිකාරයා ගල්ලෙගේ ආභ්රෙහම් පීර්ස්” යනුයි.

6. ම පිටපත

ඔස්ට්රිකයා ජාතික කෞකුකාලාරයේ ඇති පු‍ස්කොළ පොතකින් ලංකා රාජ්යරලේඛනාගාරය විසින් ලබා ගන්නා ලද ඡායාරූප පිටපත (අංක 5/63/80—78/60). මෙහි පත්ඉරු 73යි. ප්රනමාණය දිග අඟල් 16යි පළල අඟල් 7ක් පමණ ඇත. දීර්ඝ ඉ කාරය වෙනුවට ඊ සහ හල් ඉ කාර යන රූප දෙක යෙදේ. වාක්ය වසානයේ යෙදෙන හ කාරය සැම විට ම දීර්ඝ ව සිටී. උදා: තිබුනාහා, යොදුන්හා, අනවශ්යශ තනිහි මූර්ධන්යැ ණ කාරය නිතර යෙදේ උදා: රුණජණපදය, සතුරණ්මරා, ණුවර, මහාප්රාූණ ථ කාර එ කාර යෙදිමට වැඩි කැමැත්තක් දක්වා ඇත. උදා: යාඵාටුන, ඵඵාය, ඉථා, කර යන පූර්වක්රිකයා පදය වෙනුවට සැම තන්හි ම ලියා ඇත්තේ “කොර” කියාය.

7. ධ පිටපත

බෙල්ලන ශ්රිි ධර්මපාල පිරිවෙණාස්ථ පුස්තකාලයට අයත් මේ පුස්කොළ පිටපතෙහි පත්ඉරු 40කි. ප්රයමාණය අඟල් 18.5x2යි. කොළයක පේළි 8ටත් 10ටත් අතර ගණනකි වෙයි. පිටු ක, කා යනුවෙන් ගෲ තෙක් අංකිතයි. ඉර්ධි, ඖරුද්දක්, මෞබිසෝ, වංශ, පුරෂයකු, ශගවී, බලඬ යනාදි යෙදුම් මෙහි ද පෙනේ. මහාසම්මැත, ඖල්කලාහ. ඉස්ණානය, මෛහන්ගන, රල්ලියක්ෂේ (රන්ලියක්සේ) යනාදාය මෙහි විශේෂප්රඖයෝගයි. මුල්ලීන වෙනුවට මුල්ඊන, මුලිකඉන යන රූප දෙකක් යෙදෙයි. හල් න කාරය වෙනුවට හලි ම කාරය බෙහෙවින් යෙදේ. උදා:- පටම, ගනම, රුවම්. සිරිතක් වශයෙන් ම මහාප්රා,ණ වරදවා යොදා ඇත, උදා; ධකුනු අකුදාතුව: බම දිය. බෙරිනාධයෙං, ශක්ක්රරධෙවෙන්ද්රදයා, මූර්ධන්ය; ණ කාරය යෙදිම මෙහි විරලය. එහෙත් ඇතැම් විට අනව්යා ණ කාර යොදා ඇත. උදා; බරණැස් ණුවර, භුවණෛකබාහු රජ්ජුරුවන්, රාජ්ජය යන පද නොයෙක් ලෙසින් ලියා තාබේ. උදා: රාජ්ජෘවං, රාජෘවෝ. රාජෲවන්, රජ්ජෘවන්, රජ්ජුරුවන්, රාජ්ජය. රාජ්ය. කිත්සිරිමේ යන්න කිත්ශ්රි මේ. ක්තිශ්‍ිවන්මේ, ක්රිනත්ශ්රිරමේ යන ත්රිරවිධාකාරයට ල‍ියා ඇත. ගොසින් යන පදය ගුසින් යන රූප ගිනියි.

පිටපත් පිළිබඳ විස්තර 5

8. හ පිටපත
පන්නාල ඇස්. ජි. ඩිංගිරි ඈපා මහතාට අයත්, දැනට හඟුරන් කෙත පොත්ගුල් විහාරයේ ඇති පුස්කොළ පොතයි. මෙහි පතිඉරු 73යි. ප්රටමාණය අඟල් 16.7x2යි. කොළයක පේළි 6 සිට 8 අතර ගණනකි. අත්අකුරු පැහැදිලිය, සිහින්ය, වටකුරුය, දීර්ඝ ඊ වෙනුවට ඊ සහ ඉ කාර හල් කිරිම යන රූප දෙක ම යෙදේ. ව්යංිජන ආරූඪ වූ ඍ කාරය ලියා ඇත්තේ ව්ර ක්ෂ, ත්රි තීය යනුවෙනි. යෝ, ගෝ, බෝ වෝ මෙන් ම මො, බො, වො යන රූප ද වෙයි. එක් තැනෙක ‘නොබෝ’ යන රූපයක් ද ඇත. කෙවල දිර්ඝ ඔ කාරය ඕලන්දේසි, ‍ෙඔල්දේසි යන දෙවිධ‍ියෙන් ම ලියා ඇත. අනවශ්යි මහාප්රා ණ යොදා ඇත. උදා: ධා‍ගොබ, මහධැලියා, ධොනියං, ධෑසමන්. පොතේ අග භාගයෝ දී මූර්ධන්ය, ණ කාරය බහුල වශයෙනි යෙදි ඇත. උදා: ණූවර, ණගර, පරසතුරණ්, රාණිති. ණෙපෙනි, නුවරිණ්, ණික්ම, මූර්ධන්යණ ළ කාරය යෙදි නැත. පොළොන්නරු වෙනුවට හැමතැන ම ලියා ඇත්තේ සොලොන්නරු කියාය. කිතිසිරිමෙවන් වෙනුවට ලියා ඇතතේ ක්රිොස්රිාය දෙවෙන්ද යනුය.

9. ර පිටපත
‍මොහොට්ටිමුල්ලේ ශ්රි වර්ධනාරාම පුස්තසකාලයට අයත් මෙම පුස්කොළ පොතෙහි පතිඉරු 49කි. පත්ඉරුවක දිග අඟලි 16.1 සිට 16.4 දක්වාය පළල් අඟල් 2යි. පළමු පිටු සතර ස්ව, ස්ති, සි , ධම් යනුවෙන් ද එතැන් සිට ක, කා යනුවෙන් ගො තෙක් ද පිටු නම් කොට ඇත. මුල් පත්ඉරු 9යේ අකුරු සිහින්ය. ඉන් පසු ක්ර මයෙන් අකුරු ලොකු වි යයි. මුල් පිටු 9යේ පේළි 9 බැගිනි. ලොකු අකුරු පිටුවක පේළි 6ක් හෝ 7ක් ‍ඇත. ඇතැම් පත්ඉරුවල එක් පැත්තක ඉතා සිහින් අකුරු ද අනෙක් පැත්තේ ලොකු අකුරු ද වෙයි. ලොකු අකුරු ලිවිමේ ද මූර්ධන්යා ණ කාරය සදොස් ව මෙන් ම නිදාස ව ද ලියා ඇත. සිහින් අකුරු කොළවල ණ කාරය නොයෙදෙයි. මේ පොත දෙදෙනෙකු‍න් විසින් පිටපත් කරල ලද්දක් සේ පෙනේ.

ඊ කාරය ඇතැම් තැන ඊ ලෙසින් ද අනෙක් තැනක භ්රදස්ව ඉ කාරය ලෙසිනි ද යොදා ඇත. ඉ කාරය යෙදු තැන හල් කිරිමක් නැත. උදා: ඉට, ඉගසක්, ඉයන්. ඇතැම් අක්ෂර රූප වර්තමාන අක්ෂරවලට වඩා වෙනස්ය; උ කාරය ප්රාමාණයෙන් සිහින්ය.
අ කාරය ද කාරයට සමානය. එ කාර හෝ ඒ කාර වෙනුවට ඓ ලියා ඇත. ඓ රජ, ඓමෙන්. දාන්ත්යෝ ලු කාරය ලියා ඇත්තේ සම්පූර්ණ ල කාරය පාපිල්ලක් යෙදිමෙනි.
මායාදුන්නේගේ පුත් ටිකිරි කුමාරයාට රා‍ජසිංහ යි නම් තැමිමේ ප්රේවෘත්තියන් සමග මෙම රාජවලි පිලිපත අවසන් විමත් පොතේ පැරණ බව තහවුරු කරයි. අනෙක් පිටපත් වැඩි ගණනක රාස්ත්රිනයේ යි ලියැවි ඇතත් මෙහි ඇත්තේ රාත්රිසයේ කියයා. මූර්ධන්යැ ළ කාරය ලියැවි නැ. එ හා ළූ ඇතැම් තැන ලියැවි ඇත. ව්යලඤ්ජන සහිත ඉ කාර, උ කාර යෙදෙන තැන්වල ව්යවඤ්ජනය අතහැර ලිවිමට වැඩි රුචියක් දක්වා ඇති බව පෙනේ; දිවඉන්,

6 රාජාවලිය

කුමාරඉං, මෂ්ටකඉන්ඩ, දුඋරු, කුමාරඋරු, අඋරුද්දක්. වෙනත් විශේෂ ප්රඉයෝග කිහිපයක්, කොට්ට (කොට්ට) යෝධනා (යෝජනා) වෙවෛයි (වේවයි) වැග්ග්ර්ඉන්නෙ (ව්යැඝ්ර,යින්නේ) කන්නැ (කන්යාෙ). මේ ආදි කරුණු සලකා මෙම පිටපත අනෙක් පිටපත්වලට වඩා පැරණ යයි සිතිය හැකිය.

10. ස පිටපත
කටුගස්තොට හල්ඔලුවේ සෙල්ලාවල රජමහා විහාරයට අයත් පුස්කොළ පොතය. මෙහි පත්ඉරු 50යි (ක-ඝා). ප්රනමාණය අඟල් 17x2.2යි. පිටුවක පේළි 8කි. අකුරු කුඩාය; පැහැදිලිය; වටකුරුය. පොත අග “ මේ පොත් පත්ඉරු 50යි රාජාවලියයි” යන වාක්යයය එයි. අන්තිම පිටු පහේ දැක්වෙනුයේ “ සුමන සුත්ත” නම් වෙනත් ‍කොටසකි. මේ පටපත අනු ව නම් සුමනසූත්රතය ද රාජාවලියේ ම කොටසක් වෙයි. විශේෂතා වශයෙන් ඊ කාරයේ රූප දෙක ම යෙදි ඇත. කොනප්පුබණ්ඩාර යන පදය මෙහි කෝනප්පු බඩාර, කොනොප්පු බඩාර,කෝනොප්පුබඬාර යන තුන් විධියෙන් ම ලියා ඇත. වෙනත් විශේෂප්රඩයෝග; සත්ත්යා්, ශැත්ත්යා , ව්රුක්ෂ, සර්ධා, රත්ත්රං්

11. ල පිටපත
මොල්ලිගොඩ ප්ර වචනොදය පිරිවෙනට අයත් මේ පුස්කොළ පොතෙහි පත්ඉරු 82කි. කොළයක ප්රෙමාණය අඟල් 18x2.4 යි. පිටුවකට පේළි 8කි. අඟලකට අකුරු 5 සිට 7 දක්වාය. අකුරු වටකුරුය; ලොකුය ඊ කාර දෙක ම යෙදේ. මූර්ධන්යව ළ කාරය යෙදි නැත. ළු කාරය යෙදේ. මූර්ධන්ය; ණ කාරය මුළු පොතට ම ලියා ඇත්තේ දෙපලක පමණය. “මායාදුන්නේ” වෙනුවට මෙහි සැම තැනක ම යොදා ඇත්තේ “ මායාරට රජ” කියාය. “මුනුබුරො” වෙනුවට “පුනුබුරො” කියා යෙදෙයි. “වහන්සේ” යනු සැම තැම ම “විහන්ෂේ” යි ලියැවිණ, පොත කෙළවර වන්නේ “වරුෂ 1869 ක් වු ඔක්තොඹු මස 24 වෙනි සඳුදා මේ රාජාවල්ලියේ නොහෝත මහාවන්ෂෙ පොත්වහන්ෂේ ලියා තින්දු කලේ නාරංද‍ඬෙදීය” යන පාඨයෙනි.

12. ය පිටපත
සඳලංකාවේ යෝගියාලෙණ පන්සලට අයත් පුස්කොළ පිටපතක්. පත්ඉරු 106යි. කොළයක ප්රසමාණය අඟල් 13.8x2; පිටුවකට පේළි 7යි. මධ්ය“ම ප්ර්මාණයේ වටකුරු අකුරින් ලියා තිබේ. මෙම රාජාවලි පොත කොටස් දෙකකින් යුක්ත සේ පෙනේ. සීතාවක රාජසිංහයන් “ රාජසිංහ රජ” යන විරුදාවලි ලැබ පිය මහරජාණන් බැහැදැකිමේ පුවතින් මුල් කොටස අවසන් වෙයි. ඒ ප්‍රථම භාගය අවසන්වන්නේ “ මෙහි මහාසම්මත පටන් රාජසිංහ රජුන් දක්වා මෙදෑතුරෙහි පැවතු රාජනිති ධර්මනීති බලා දැනගත යුතුයි. සිද්ධිරස්තු - සුභමස්තු - ආරොග්යවමස්තු - කල්යාිනමස්තු - සුභසිද්ධිරස්තු - මෙමාතුකදෙන් දෙව් මහත් වූ - ඵලිවිල සොහිත ස්වාමිනවහංසෙගෙ ‍ගොලයා වන සත්කොරලෙ හිරාතලංපත්තුව බද ඌරාපොත්තෙ පදිංචි ‍අප්පු ලිවු රාජවලියේ පොතයි” යන පාඨයකිනි.

පිටපත් පිළිබඳ විස්තර 7

“සගල දඹදිව ජඹුදිපෙ ප්රලතිකාමි දෙසෙන් නැවක් පිටත්ව” යනාදි වශයේ පෘතිගිසින්ගේ පැමිණිමේ පටන් ලංකා ඉතිහාස කථාව දෙවන භාගයෙන් දැක්වේ. මේ කොටස ‍අනෙක් ඇතැම් පිටපත් මෙන් ම ලන්දේසින්ට පහතරට යටත්විමෙන් අවසන් වෙයි. රාජාවලි ග්ර්න්ථය සමාපත වූ බවක් මෙතැන නම සඳහන් කර නැත. යථෝක ත රාජාවලී ප්රිථම භාගයෙහි මැඳට පිටු 21 ½ ක් පමණ වන සිරිලක් කඩයුරු නම් වු කඉඉම් පොතක් ද ඇතුළු වී තිබේ.1

13. බ්රිව පිටපත
මෙය බ්රි.තාන්යට කෞතුකාගාරයේ අංක ඔ. ආර්, 22012 – 189/61-62 දන පුස්කොළ පාටපතින් ලංකා විශ්වවිද්යාකලයේ පුස්තකාලය විසින් ලබාගන්නා ලද මයික්රෙ පිල්ම් පිටපතකි. රාජාවලායට මුලින් “බඹඋප්පත්ති” යන පොතක් ද ඇත. තව ද අප විසින් ඇසුරු කරනු ලැබු මුද්රි ත රාජාවලි සංස්කරණ 2කි. එනම්

14. ග සංස්කරණය
බී. ගුණසේකර රජවාසල මුදලිමන්ත්රිාන් විසින් සංස්කරණය කරන ලද පොත (1899). අර්ථාවබොධයත්, වියරණය රැකිමත් යන කරුණු සඳහා මුල් පිටපත්වල ඇති පෙළ බොහෝ සෙයින් වෙනස් කරන ලද බව පෙනේ.

15. ව සංස්කරණය
වතුවත්තේ පේමානන්ද ස්ථවිරයන්ගේ සංස්කරණය (1923). ග සංස්කරණය බොහෝ සෙයින් අනුගමනය කර ඇතත් වංශකථවට ගැළපෙන පරිදි ඉතිහාස ප්රවවෘත්ති බොහෝ තැන්වල වෙනස් කර තිබේ. පූර්වොක්ත පුස්කොළ පොත් දහතුනෙහි සහ මුද්රිවත සංස්කරණ දෙකෙහි පාඨසංසන්දනයෙන් රාජාවලි පෙළ ශුද්ධ කිරිමෙන් පසු තවත් වටින් රාජාවලි පුස්කොළ පොත් සමූහයක් පරික්ෂා කිරිම සඳහා පහසුකම් අපට ලැබිණ. එනම් ඇන්. බී. පී. ගුණතිලක දොස්තර මහතා විසන් ආරක්ෂා කරන ලදු ව පේරාදෙණියේ ලංකා විශ්වවිද්යා්ලයිය පුස්තකාලය විසින් අයත් කර ගන්නා ලද පුස්කොළ පොත් සමූහයයි. ඒ පොත් අතුරෙන් ගු - 42, ගු - 173. ගු - 185, ගු - 199, ගු - 204. ගු - 272, ගු - 276, ගු - 289 යන අංක දරන පුස්කොළ පොත් 8 අප විසින් සාමාන්ය වශයෙන් පිරික්ෂා කරන ලද නමුත් කල්නි සකස් කරන ලද රාජාවලි පෙළෙහි සැලකිය යුතු වෙනසක් කිරිට තරම් අමුතු තොරතුරක් එම පොත්වලින් නොලැබිණ.

1. සිරිලක් කඩයිම් ‍පොත නමින් ශ්රි චාලිස් සිල්වා විසන් ප්රපසිද්ධ කර ඇත්තේ මෙයට සමාන පොතකි (ගුණසේන), 1961.

8 රාජාවලිය
පිටපත් සංසන්දනය

පුර්වොක්ත පුස්කොළ පිටපත් තෙළෙස හා මුද්ර9ත සංස්කරණ දෙක ද පරික්ෂා කිරිමේ දී එක් එක් ග්රපන්ථය අයත් පරම්පරා පිළිබඳ ව යම් යම් නිගමනයන්ට බැසගත හැකි වන්නේය.
මෙම සංස්කරණයෙහි 211-219 යන පිටු අතර කොටස ධ. ම. ර. ස. හ. යන පුස්කොළ පිටපත්වල එක සමාන ලෙස පාඨ කිහිපයක් කඩින්කඩ මාරු වී ලියැවි ඇත. මේ පොත් පහේ පෙළ මාරු වි‍ යෙදි ඇති සැටි මෙසේය:
211 පිටුවේ 14 පෙළේ “ - අඹුළුගල රජ කොට්ටේ නුවරට” යන වචනවලට පසු ව 213 පිටුවේ 11 පෙළේ “හක්පලිසත් තමා කර බැඳි දෙරසනයති” යන වචනවලින් පටන් ගෙන 215 පිටුවේ 7 පෙළේ “ මවුබිසෝ අදහසන් උකුත් වූවාහ. මාතාපිතා “ යන වචන තෙක් පාඨය යෙදෙයි. “මාතාපිතා” යන පදයට පසු 211 පිටුවේ 15 පෙළේ “වදින කල පණ්ඩිත පරාක්රේමබාහු රජ” යන වචනවලින් පටන් ගෙන 213 පිටුවේ 11 පෙළේ “මුතුකුඩයත්” යන පදය තෙක් කොටස යෙදෙයි. “මුතුකුඩත්” යන වචනයෙන් පසු ව 216 පිටුවේ 11 පෙළේ “- මායාදුන්නේ රජ” යන වචන තෙක් කොටස යෙදෙයි. මෙතැනට “ සරමසක් රාජ්ජය කෙළේය” යන ‍අමතර පද තුනක් එකතු වි ඇත. ඉන්පසු 203 පිටුවේ 19 පෙළේ “ලංකා වාසීන්ගේ කිසියම්” යන වචනවලින් පටන් ගෙන 205 පිටුවේ 3 පෙළේ “ - දළදා සාමිත් සඟවා” යන වචන තෙක් කොටස යෙදෙයි. ඉන්පසු 217 පිටුවේ 11 පෙළේ “රජ ආය්ය්ිත් නම් මන්ත්රිම” යන තැන සිට 219 පිටුවේ 4 පෙළේ “ කෝට්ටයට ගෙන්නවා බුවනෙකබාහු” යන්න තෙක් පාඨය යෙදෙයි.‍ මෙතැනට 215 පිටුවේ 7 පෙළේ “දෙදෙන උකුත් වඋවායින් පසු” යන තැන සිට 216 පිටුවේ 18 පෙළේ “රජ්ජුරුවන්ඩ කියන්නේ” යන වචන තෙක් පාඨය යෙදෙයි. 219 පිටුවේ 5 පෙළේ “රජු‍ගේ දුවණියෝ” යන තැන සිට අනෙක් පොත් හා සමව වෙයි.
මෙසේ ධ. ම. ර.ස. හ. න පිටපත් පහක එක් සමාන ලෙස පෙළ මාරුවි තිබිමෙන් පෙනෙන්නේ එ හැම පොතක් ම කිසියම් වෙනත් පොතකින් පිටපත් කරන ලද බව හෝ නැතහොත් මේ අතුරෙන් එක් පොතක් අනෙක් ‍පොත්වලට මුල් වු බවය. මෙම ප‍ිටපත්වලට මුල් වූ ඒ අප නො‍දන්නා පුස්කොළ පොතෙහි පත්ඉරු මාරු වි තිබිම නිසා පසු ව එය පිටපත් කළ ලියන්නන් අන්ති යට කී වරද සිදු වි අති බව සිතිය හැකිය.
යථෙක්ත දිර්ඝ කොටස හැරුණ විට ධ. ම. ර. ස. හ. යන පොත් අනෙක් පොත්වලින් වෙනස් වන තැන් රාශියක් දැක්විය හැක. ඉන් කිහිපයක් මතු දැක්වේ.

පිටපත් පිළබඳ විස්තර 9

(1) 207 පිට; විජයබාහු රජුන් අල්ලා ගෙන ගිය චීණ රජු‍ෙ‍ග් නම මේ හැම පිටපතක ම “දොලෙස් රජ” යි දැක්වන අතර අනෙක් පොත් ඔවුන් හඳුන්වන්නේ “දොස් රජ” යනුවෙන්. (2) 213 පිට; පෘතුගිසින්ගේ පැමිණිම විස්තර කෙරෙන තැන, ඔවුන් පැමිණි වර්ෂය “එක්දහස් පන්සිය විසිදෙකක් වු” යන පද නොදක්වයි.අනෙක් පොත්වල දැක්වේ. (3) 217 පිටුව: “භුවනෙකබාහු රජ්ජුරුවන්ඩ උඩරට ගම්පලචරිගෙන් බිසෝ කෙනෙකුන් දෝලියට ගෙනැවිත්” යන පාඨයෙනහි “ ගම්පල වරිගෙන්” යන පද ධ. ම. ර. ස. හ. යන පොත්වල ඇත්තේ “ගම්පල නුවරන්” කියාය. (4) 80 පිටුව: “මායාදුන්නේ රජ්ජුරුවොත් වඩක්කරුත් ගිරාඉඹුලට ඉදිරියෙන් ඇවිත් ගුරුබැවිල්කඩ දි යුඬපූණ්ඩුකර” යන වැකියේ “ඉරිදියෙන් ඇවිත්” යන පද ධ. ම. එ ස. හ. යන පොත් වල නොයෙදෙයි.
කෙසේ වෙතත් ග්රලන්ථයෙහි අවසානය අතින් නම් මෙම පිටපත් පස එක් සමාන නැත. ම. පොතේ මල්වතු විහාර පරම්පරාව පිළිබඳ දීර්ඝ වාර්තාවක් ද, හ. පොතේ 1815 තෙක් ඉතිහාසය සංක්ෂේපයෙන් ද දක්වා ඇත. පසු කාලයේ දී රාජාවලි පොත කලින් කල එක් එක් පිටපත් අයිතිකරුවා විසින් ලියා සම්පූර්ණ කිරිමේ සිරිතක් පැවති බව සිටිතය හැකි හෙයින් මුල් කෘතියේ පිටපත් පරම්පරා තීරණය කිරිමේ දී මෙකරුණ ගැටලුවක් විය යුතු නැත. ධ.ම.ර.ස.හ. යන පිටපත්වල සමානකම හා අනෙක් පිටපත්වලින් වෙනස්විම විශේෂයෙන් දක්නා ලැබෙන්නේ විජයබාහු රජු චීනයට අල්ලා ගෙන යෑමේ සිද්ධියේ පටන් කොළඹ කොටුව ලන්දේසින් විසින් අල්ලා ගනු ලැබූ සිද්ධිය තෙක් වු ඉතිහාස වාර්තාව පිළිබඳ ව වේ.
ය. පිටපත පැහැදිලි ලෙස ම රාජාවලිය කොටස් දෙකකට බෙදා සැලකු හැටි යට පෙන්වා දෙන ලදි. මෙය වෙනත් අමුතු ම පරම්පරාවකටට අයත් පොතකි.
දැන් ල. ප. යන පොත් පරික්ෂා කරමු. මේ පොත් දෙකේ එකිනෙකට සමාන වන, එහෙත් අනෙක් පිටපත් හා නොසැස‍ඳෙන පාඨ රාශියක් ‍ඇත්තේය. ඉන් කිහිපයක් මෙසේය:
(1) අනෙක් පිටපත් අනු ව මෙම සංස්කරණය: “අඹුළුගල උන් කුඩා කුමාරයින් ඇති කොට මහරජකම් කරන සඳ ලංකාවෙහි දෙවන කෙනෙක් රජසිරි විදිම සුදුසු නොවෙයි සිතා සේනානායක සපුමල් කුමාරයිනඩ මහාසේනාව භාර කර දී ඇරිය තැන යාපාපටුනට අඩුත්තු ගම් කීපයක් කොටා හිර අල්ලා ගෙන කෝට්ටේ නුවරට ගෙන පරාක්රපමබාහු මහරජහට පාවා දි සිටි සඳ...”

10 රාජාවලිය

ල. ප. පිටපත් වල: “ එ කුමාරයිං ඇති කර මහරජකං කරන්නාහ. ලක්දිව දෙවිකෙනෙක් නැති නිසා නොයෙක් වර දෙමල සෙනඟ එන්නාහ. දෙළුවෙ දෙමල රජ මහා සෙනග පිරිවරා නැවු නැගි යාපාපටුනට ගොඩ බැස කදයුතු බැඳ ඉන්නාහ. ශ්රිල පරාක්රමමබාහු රජ අසා සපුමල් කුමාරයන්ට මහාසෙනග ‍භාර කොට සෙනෙවිරත් තනතුරු දී ඇරියාහ. එ කුමාරයෝ මහසෙනග පිරිවරා ගොස් යාපාපටුනට අඩුත්තු රට කීපයකුත් කොටා දෙමළ ‍සෙනග මරා ළුහු බැඳ අල්ලාවා දෙමල රජු මරා බොහො ‍සෙනග අල්ලා ගෙන මරා දමා සිර අල්ලාගෙන කොට්ටේ නුවරට ගොස් පරාක්රලම මහරජහට පාවා දුම්හ” (2) මෙම සංස්කරණයෙහි 210 පිටුවේ 1 පෙළේ සිට 218 පිටුවේ 25 පෙළ තෙක් වූ දීර්ඝ කොටස වෙනුවට ල. ප. පොත්වල දැක්වෙනුයේ මතු පෙනෙන පාඨයයි: “ එ ශ්රි0 පරාක්රවමබාහු මහරඑ බොහෝ සන්තොස ව සපුමල් කුමාරයිඬ යාපාපට්ටලමට යඬ අවසර දී අඹුලුගල සිටි කුඩා කුමාරයින් ගෙන්නවාගෙන උඩරට රජ කරන මහරජ්ජුරුවො අවුරුදු පතා එවන පඬුරුත් නේවා වැඩට එන මිනිස්සුත් නේවා පරමාද කර අඟං පොර අන්නවා ඉන්නාහ. ශ්රි පරාක්රුමබාහු රජ ඔටුනු පැලද පනස් දෙකක් අවුරුදු මහාරජකාං කලාහ. එ පරාක්රරමබාහු රජ්ජුරු‍වො සිංහල බලපිරිස් ගෙන්නවා අඹුළුගල වැඩ උන් කුඩාකුමාරයිනට සෙනග බාර කර දී උඩරට කොටා ජයගඩ යඬ අවසර දුන්හ. එරට උඩරට ගොස් යොපානා රඩුගෙ රට කොටා ජයගෙන් එ රජහුගෙ වරිගෙන් කීපදෙනෙකුත් අල්ලාගෙන අවුත් කෝට්ටේ නුවරට වන්නාහ. ශ්රිහ පරාක්රෙමබාහු රජ්ජුරු‍වො ගම්පල නුවරට වැඩ සිටි රිවිකුල වංශයෙහි මහරජ්ජුරුවන්ට අය ගෙන ඉට උඩරට භාරකර දි ඉන්ඩ ඇරියාහ. අඹුළුගල රජහට බොහො තාණාන්ත්ර දී අඹුළුගලට ම ඇරියාහ. ශ්රිා පරාක්රඹමබාහු රජ පනස්දෙකක් අවුරුදු ‍රාජ්ජය කර එ රජ්ජුරුවන්ගේ දුවකුගේ කුමාර කෙනෙක් ගෙන්වා එකුමාරයාට වීරපරාක්ර මබාහු තුමාරයේ යයි නං තබා රාජ්ජය දී එ මහරජ දෙවුලොව ගියහ. එ වීරපරාක්ර මබාහු මහරජ රාජ්ජය ගෙන රජ කරණ සමයෙහි යාපාපටුනෙහි සිටි සපුමල් කුමාරයිඬ කොට්ටේ සිටි රජ්රුරුවන්ගේ කුමාරයන් රාජ්ජය ගෙන රජ කරණ වග අසා යාපාපට්ටලමෙ සිටින ප්ර ධාණිවරුන් හා සේනාව ගෙන්වා නෙ කථාකොට පිටත්ව කෝට්ටේ නුවරට වැද වීරපරාක්රරමබාහු ර‍ජ මරා ශ්රිණභුවනෙකබාහු මහරජහු යයි මේ නමින් රාජ්ජයට පැමිණ රජ කරණ කල්හි පස්තුං කෝර‍ලේ කැකුලංදොල ශ්රින වර්ධන පතිරාජයාට කළුගඟින් එපිට සිටි අය දක්නා තුරු කථා කරගෙන කරගඟ ඉමියාවන්ඩ මේ සිටි සෙනග එකට ‍ෙපරලි කලාහ. ශ්රිනභුවනෙකබාහු රජ්ජුරුවන්නෙ රටවල් අවුල් කලාහ. භුවනෙකබාහු රජ සවිලන්ඩ උපායක් නැතිව සකල ජඹුවීපයෙහි ප්රරතිකාල් රජ්ජුරුවන් බො‍හෝ සේ පඬුරු දී තමා ඇති කල කුමාරයා හැටියට රන් රුවකුත් කරවා දි එරන් කුමාරයා ප්රසතිකාල් රජ්ජුරුවන්ඩ භාර කර දුන් ශටියට තමා නම්න් පඬුරුත් දි වාසල නෑර සිටි තමා ඇති කර ගත් සල්ලප්පු ආරච්චිල ප්රයතිකාළුංගෙ රටට ඇරයාහ. එ ගිය ආරච්චිල නැවු

පිටපත් පිළිබඳ විස්තර 11

නැගි ගොස් ප්ර තිකාල් නුවරට ‍‍ගොඩබැස ප්ර තිකාල් රජ දැන් ගෙන් ගිය පඬුරුත් රන්රුත් දී රජු හා කථාකර ගිවිස්වාගේන බොහො උදව් ගෙන්නා ගත්තාහ. ධර්මපරාක්රපම රජ විසිඅවුරුද්දක් රාජ්ජය කරන කල්හි ප්රනතිකානො කොලොන්තොට වෙලදම් කර උන්නාහ. භුවනෙකබාහු රජ ප්රලතිකාල් සේනාව ගෙන මායාරට සෙනාවත් ‍ෙ‍ගන ජයවර්ධන කෝට්ටයෙන් පිටත්ව සීතාවකට යන මග මහගතු කෝට්ටවළුත් අරවා ගෙන මායාදුන්නේ රජ මාලිගාව සරසා වියං බඳවාගෙන සිටියාහ. භුවනෙකබාහු රජ සීතාවකට වැද මාලිගාව සරහා වියං බඳවාගෙන සිටියාහ. භුවනෙකබාහු රජ සීතාවකට වැද මාලිගාව සරහා තිබුවා දැක කීප ‍දවසක් සීතාවකට වැඩ ඉඳ ආපසු කෝට්ටයට ම වැඩිසේක. මායාදුන්නේ රජ්ජුරුවො බටුගෙදර වැඩ හිඳ මෙසේ තුංඅවුරුද්දක් නවතා රයිගංබන්ඩාරට එන්ඩ කියා සීතාවකට යන මහ මහා කොට්ට බන්දවා දි යුද්ධයට එන්ඩ පුඬු කරවා කොට්ටයට අයිති රටවලට අවුල් කලාහ. නැවත පෙර පරිද්දෙන් භුවනෙකබාහු රජ යුද්ධයට ප්රවතිකාල් සෙනග ගෙන සීතාවකට යන විට මායාදුන්නේ රජ්ජුරුවොත් රයිගන් ණුවරට ගොස් වඩක්කරුන් හා ගිරාඉඹුටු ගුරුබැවිල්කඩ දී යුද්ධයට ප්රවතිකානුන් එක්ක වඩක්කරුන්ට යුද්ධ කරන්ට බැරිව මායාදුන්නේ රජ පරාජය වී සිතාවක නොයිද දරනියගලට ගියාහ. භුවනෙකබාහු රජ සීතාවකට වැඩ නුවර ගිනාලවා කෝට්ටේ නුවරට වැඩිසේ..” (3) මෙම සංස්කරණයෙහි: “ භුවනෙකබාහු රජ්ජුරුවන්ගේ දුවණියන් මාදම්පේ වැඩ උන්සේක. තනියවල්ල රජ්ජුරුවන්නේ දෝණියෝ සමුද්රවදේවි සොළි රජකුහට ජාතක කර වැදු කුමාරයින්ණ විදියේ අදහසින් තම්මිට අදහසින් යන දෙදෙනාගෙන් වැඩිමහලු විදියේ අදහසින්ඩ භුවනෙකබාහු රජ දුවණියන් දිලා මාදම්පෙන් කෝට්ටයට ගෙන්නවා භුවනෙකබාහුගේ දුවණියෝ යක්ෂ අවගත්යකින් උකුත් වූවාහ. නැවත සන්තානයට මායාදුන්නේ රජ්ජුරුවන්නේ කුඩාටිකිරි අදහසින් විදියේ රජ්ජුරුවන්ඩ දෝලියට ගෙනත් සන්තාන විය.”

ල. ප. පිටපත්වල

“මායාදුන්නේ විජයබාහු රජ ප්රවතිකාළුන් හතරපස් දෙනෙකු ගෙන ගොස් භුවනේකබාහු රජ්ජුරුවන්ට දැක්කෙවුවාහ. භුවනේකබාහු රජ්ජුරුවො බොහෝ තෑගි දී යන්ට අවසර දි යන්ඩ කියා ගියාහ. භුවනේකබාහු රජ්ජුරුවනෙන් කුමාරිකාව මාදම්පෙ වැඩ උන් තනිවැල්ිලේ කුමාරයින්ඩ දුම්හ. තනිවැල්ල රාජ කුමාරයින්ගෙ ණගනියෝ සමුද්රනදේවි සෝලි රජ රජ්ජුරු කෙනෙකුංට ජාතකව වැද කුමාරිකාවි විදියේ අදහසින්ගේ වැඩුමහළු කුමාරිකාවත් මෙ දෙන්න භුවනේකබාහු රජ්ජුරුවන්ඩ දුහ. විජෙබාහු රජ්ජුරුවන්ඩ කිරවැල්ලෙන් කුමාරයකුං ගෙන්නවා ඇති කලාහ. ව‍ිජෙබාහු රජ රජ කරන අවදියෙහි ප්රිතාකාල් දේසෙන් ගොඩබැස කොලොම්පුරයට ආවාහ. ප්රරතාකාල් දෙමලහ ගෙනා තුවක්කුවෙන් වෙඩි තැබුහ. අත්තක වැදි බිඳි ගියා දැක සංහල හමුදාව බිඳි පැනගෙන ජයවර්ධන කෝට්ටයට ඇවිත් විජයබාහු රජ හටත් භුවනේකබාහු රජහටත් ශලකලාහ. නැවත ප්ර්තිකාල්

12 රාජාවලිය

රජ්ජුරුවන්ඩ එන්ඩ පනිවිඩ ඇර ගෙන්නවා බොහො තෑගි සම්පත් දි යන්ඩ ඇරියාහ. කීරවැල්ලෙං ගෙනත් ඇතිකරපු කුමාරයාට රජකම දෙන්ඩ හිතා මායාදුන්නේ රජ්ජුරුවන්ඩත් එ රජුගෙ බිසව වැදු කුරමාරයේ දෙන්නාට ජාතක නිසා එන්නට නොදි ඇති කරපු දෙවරාජ කුමාරයාට දෙංඩ හොර රහසෙ මාකඳුරෙ බඬාරත් එකනායක මුදලිත් මේ දෙන්න ගිවිසවාගෙන පලමු රාජකුරමාරයා දෙන්නාට පදි කරංඩ මෙ දෙන්නාට බස් දි ඉන්න කොට මේ බව ඒ රජකුමාරු‍ෙවා දෙන්නාට දැනි ගියහ. භුවනේකබාහුය රයිගම් බඬාරය මායාදුන්නේ කුමාරයයා මේ තුං දෙන්න භයගෙන උසාවි කරවා ගන පන්තියට වදැ ශඟවී ඉඳ රාත්රියයෙ පිටතට ‍බොරලැස්සට ගොස් මිගොමුවට ගොසින් යාපාපටුනට ගොස් කරුණාධිපතීන්ට භාරදි බාලරජකුමාරයින් කන්දඋඩට ගෙන ගොස් කීරවැල්ලෙ රාලහාමින්ඩ ගෙනා බි‍සෝ අදහසින් වැදු දරුවො සත්දෙනාගෙන් බාල කුමාරිකාවි උඩුගන්පල ඉන්නා අවදියේ උඩරටට දුන්නු නිසා උදව් ගෙන සටනට ශෙන්ගඩගලට ගියාහ. එගොසින් විජයබාහු රජ්ජුරුවන් දැක්කාහ. එරජ්ජුරුවන්ඩ තමාගෙ පිය රජ්ජුරුවො කල කාරය සියල්ලම කියා උඩරටින් බොහෝ සේනාව ගෙන කන්දෙන් පහළ බැස ඇවිත් කැලනියෙ වාඩිලා උන්හ. යාපාපට්පලම ශඟවී සිටි කුමාරයො දෙන්නාත් පෙන්වා ගෙන විජෙබාහු රජුහට යුද්ධයට එන්ඩ පත් ඇරියාහ. විජෙබාහුරජ කෝට්ටේ සේනාවට යුද්ධයට එන්ට පත්ලියා ඇරියවිට ඒ සේනාව කියන්නේ රජකුමරුවන් එක්ක අපට යුද්ධයට බැරිය කියා සිටි විට ව‍ිජෙබාහු රජ සන්තානයට පනිවිඩ එවුවාහ. එ පනිවිඩකාරයෝ මෙපවත් කිවිට අපට මෙතෙක් ආන්ත්රා කෙලේ මහකඳුරෙ උන්දෑත් එකනායක මුදලියත් අප සමිපයට එවු විට හන්තාන වෙනනවාය කියා රජ තුංකට්ටුව ගිවිස්වා ඇරියාහ. විජයබාහු රජ එ දෙදෙනා කැලණියට එවා මහකඳුරෙ බඬාර තලා දැමුවාහ. එකනායක මුදලි උපායෙං ගැලවි පන්තියට වැද උන්නාහ. රජතුංකට්ටුවම ශරහී කෝට්ටෙ නුවරට ගියාහ. වජෙබාහු රජ මා සිතු දේ සිඬ නොවෙයි කියා සටං නොකර සමදාව කුඩාවත්තේ සිටුවා මාලිගාවට වැදී දොර අගුල්ලාගෙන උන්නාහ. විජයබාහු රජ ඇති කල රාජකුමාරයින් අතින් මායාදුන්නේ රජ කිමෙක්ද මේ නුවර කියන කාරනා ඇසු විට දේවරාජ කුමා‍රයො මා නිසා පියරජ කරන කාරනා වේද මා සත් ඇවිදිරි වයස නිසා මෙ කුමාරයෝ මායාදුන්නෙ රජ්ජුරුවන් නැවත සන්තානව මායාදුන්නේ රජ්ජුරුවන්නෙ කුඩා කුමාරිකාව ගෙනත් දෝලියට දි සන්තාන වූහ.” ල. ප. පොත්වල මෙවැනි සමාන තැන් බො‍ හෝ වෙතත් ඒ පොත් වෙනස් වන තැන් ද එමට ඇත. ප. පොත අනෙක් රාජාවලි හැ සමනා ව “ අනන්තාපරිමාණ සක්වළ” යනාදි පාඨයෙන් ආරම්භ වෙතත, ල. පොතේ මුලට හිමාලය විස්තර හා ජම්බුද්විප විස්තර දැක්වෙන දීර්ඝ කොට සක් එය. අවසානයේ ද ශ්රිල වික්ර මරාජසි‍ංහ රජු තෙක් ලංකා ඉතිහාස කථව දැක්වේ. එමෙන් ම දුටුගැමුණු රජුගේ දසමා යෝධයන්ගේ කථා ද විස්තර වශයෙන් ල. පොතට ඇතුළත්ය. මේ කරුණු අනු ව තිරණය කළ හැක්කේ

පිටපත් පිළිබඳ විස්තර 13

ල. ප. යන පොත්, එයට වඩා පැරණි අනෙක් පොතක පිටපත් දෙකක් නොවන බවත්, ල. ප. පොත් සම්බන්ධකම් ‍ඇති පරම්පරා දෙකකට අයත් බවත් වේ. ක. පිටපත මුද්රශත ග. සංස්කරණයට බෙහෙවින් සමානය. වියරණය හා වියත් බව රැකිම සඳහා කළ අත්තනොමතික වෙනස්කම් රාශියක් ග. සංස්කරණයෙහි වෙයි. එසේ වෙනස් නොකරන ලද සේ සිතිය හැකි තැන් ගැන සැලකිමේ දි ඒ පොත් දෙකේ වෙනස පැහැදිලි වෙයි. නිදසුන්: ග. සංස්කරණය: “ එකලට ජම්බුද්වීපයෙහි වූ ප්රදතිකාල් දෙශයෙන නැවක් පිටත්ව අපගේ ස්විමා වූ යේසුස් කිස්ත වෂියෙන් එක්දහස් පන් සියවිසිදෙවැන්නෙහි දෙවානුභාවයෙන් අන්තරාසමුද්රනයෙහි කිසින උපද්රෙවයක් නැතුව කොළොන්තොටට ‍ගොඩබාස ඉදිනාකල තොට සිටිය අය ඇවිත් පරාක්ර්මබාහු රජහට මෙසේ සැළකළාහ. ඒ කෙසේ සැළකළෝ ද යත් ‘අපගේ කොළොන්තොටට ඉතා සුදුපැහැය ඇති ජාති‍යක් බොහෝ රූපශ්රි යෙන් යුක්තව යකඩ හැට්ට ඇඟලා යකඩ තොප්පි ඉසලාගෙන විගසක් එකතැනෙක නොසිට සක්මන්කරන්නාහ. ‘කියාත් ‘පාන් මුද්දිරප්පලම් අරක්කු කනු බොනු දැක, කුඩුගල් සපාකමින් ලේ බොන්නාහ. එක මස්ටකයාට එක දෙහිගෙඩියට රන්රිදි දෙක තුන දෙති, උන්ගේ කාලතුවක්කුවලින් තිබන වෙඩිලි ශබ්ද යුගන්ධර පර්වතයේ සෙනහඬටත් දැඩිය, කාලතුවක්කු උණ්ඩය ගවු ගණනක් ‍ගොස් කළුගල් කෝට්ටවල් පොඩිවෙලා යෙති’ කියාත් මෙකි වග පමණක් නැතිව විස්තර වශයෙන් සැළකළාහ.” ක. පිටපත්හි එම කොටස ඇත්තේ: “සකල දඹදිව ජඹුද්විපයේ ප්ර තිකාල් දෙශයෙන් නැවක් පිටපත්ව අපගේ ස්විමා වූ යේසුස්ක්රියස්තුවෂියෙන් එක්වා දහස් පන්සිය විසි දෙකක වූ දෙවනුබගවයෙන් අන්ත්රලසමද්රකයේහි කිසි උපද්රාවයක් නැතුව කොලොන්තොටට ගොඩබැස ඉදින කල තොටට සිටිනා අය ඇවිත් ප්රායක්ක්රින්බාහු රජහට මෙසේ ශලකලොය. ඒ කෙසේ ශලකලොද යත් අපගේ කොලෙන්තොටට ඉතා සුදු පෑය ඇති ජාතියක් ඉතා රූපශ්රියයෙන් යුක්තව යකඩ ශට්ට ඇඟ ලාගෙන යකඩ තොප්පි ලාගෙන විගශක් එක තැන ‍‍ නොසිට සක්මන් කරණවාය. කීපයක් පාන් මුරුධන පාන් අරක්කු බොනු දැක කුඩුගල් සපා කමන් ලේ බොන්නන්න කිත් එක මාළුකුරියාට එක දෙසි ගෙඩියට රිදි රන් දෙකතුන දෙන්නන්න කියත්. උන්ගේ කාලතුවක්කුව කියන වෙඩිල්ල සඬ යුගන්ධර පර්වත සෙනෙහඬට වැඩිය කියත්. කාලතුවක්කු වුඬය ගෞ ගණනක් ‍ෙ‍ගාසින් වන් කල ගල් කෝට්ට යකඩ කොට්ටවල් පොඩි වෙයි කියත් පමණක් නැති විස්ත්රග වාසයෙන් ශලකයෝය. “


14 රාජාවලිය

ක. පිටපත ග. සංස්කරණය ට මුල් වූවා නම් අනෙක් තැන් කෙසේ වෙතත් “මාළුකූරියාට” යන පුස්කොළ පාඨය “මස්ටකයාට” යි ග. සංස්කරකයන් විසින් ශුදධ කරනු ලැබේයයි සිතිය නොහැකිය. රාජාවලි අවසාන ඡේදය පරික්ෂා කිරිමෙන් ද ග. සංස්කරණයට ක. පිටපත මුල් නුවු බව පෙනේ. ක. පිටපත “ කොළඹ කොටුව ඕලන්දෙසින්ඩ භාර කර දි ප්රිතිකානො ‍කොළඹින් ගෝවේට ගියහ” වැකියෙන් අවසන් වන අතර ග. සංස්කරණයේ එයට අමතර තවත් වාක්යෝ දෙකක් පෙනේ.
ව. සංස්කරණය ආරම්භයෙහි සක්වළ විස්තර දැක්වෙන මුද්රදත පිටු සතරහමාරක පමණ කොටසක් වෙයි. මෙය අප පරික්ෂා කළ ල. පිටපතේ සක්වළ විස්තරය සමාන නැත. ඉතිරි කොටස ග. සංස්කරණයට සමානය; වෙනසකට ඇත්තේ වංසකථාවය සැස‍ඳෙන පරිදි ඇතැම් තැන් වෙනස් කිරිම පමණය.
අ. උ. පොත් අසම්පූර්ණ හෙයින් ඒ පිළිබඳ දිර්ඝ සාකච්ඡාවක යෙදිම අනවශ්යාය. පෙළ විසින් මේ දෙක ක. පිටපතට සමානකම් දක්වයි.
බ. පිටපත ක. පරම්පරාවට බෙහෙවින් සමානකම් දක්වතත එයන් වෙනස් වන තැන් විද්ය මාන වේ. මෙම සංස්කරණයේ:
“ එකා එක්ක කොටන්ඩ කැමති කෙනෙක් ඇත්නම් ‍මිස බැරිය, නැතක් පිදල්ගුවන් හා කප්පිත්තාවරුන් හා කොටාලා බැරිය” යන පාඨය වෙනුවට බ. පොතේ දිර්ඝ ජේදයක් මෙසේ දැක්වෙයි:
“ එකා එක්ක කොටන්ඩත් බැරි තේක් තේක් බොරළු‍ගොඩ වාඩි ළූවාහා. බොරළුඉත්තෙ අලප්පුපල්ලිය තිබෙන්නේය. බොරළු‍ගොඩ පහල සන්තුන්පිටිය තිබෙන්නෙය දැනගත යුතුයි. රජසින්හ රජ දෙමටගොඩවත්තේ වාඩිලා‍ගන අඩස්සි කරගණ කන්ද‍උඩ නෙලම්මා උමං ගන්නාවිට එබව ප්රතතිකානෝ දැකලා වෙඩිබේත් උමගෙ දමා ගිනි ඇන්නාහා. නැතැක් ගිනක් කන්දඋඩයො මලාහා දැනගත යුතුයි. මෙ ශටියෙ අඩිස්සි කරගන ඉන්න වේලාවට වික්රගමසිංහ මුදලියා ගෙවා යන කල් සෙනෙරත්ත මුදලින්ගේ හේවායකුත් උනුන් කාගෙන සෙනෙරත්න මුදලියාගේ හේවායා සටන් ගසාපිය. සෙනෙරත්ත මුදලින්ඩ එක ශලව වික්ර මසින්හ මුදලින්ගේ හේවායාට සෙනේරත්න මුදලිං ගෙන්නාලා ඇන්නාහ. ඔහු ගුට‍ි කාගෙන උගේ වරද වික්රාමසින්හ මුදලින්ගෙ ලඟ ඇඬිය. සෙනේරත්න මුදලිඬ විරසුන්දර බන්ඩාර උපකාර ගෙන්වා විරුඬ උනු බව දන්නාහා. මේ රජසින්හ රජ කුමාර අවදියෙහිදි හිට කපා කොටා ඇඬ විරසින්හ මුදලියාය. එමාන්නයටත් හේවායටත් ඇන්නාටත් වික්රාමසින්හ මුදලි ක්රොුධව ධර්මපාල රජ්ජුරුවන්ඩ රහසින් පත් ලියා ඇරිය කෙනෙක් අත්නම් මිස බැරිය තැක් විදාන හා කප්පිත්තන් හා කොටා බැරිය.”

පිටපත් පිළිබඳ විස්තර 15

ක. බ. යන පොත් දෙ‍කේ වෙනස්කම් ගැන සගකන විට බ්රිස. පොත බ. පොතට නෑකම් කියන බව පෙනෙයි. බ. බ්රි.. යන පිටපත දෙකේ ග්ර්නථාවසාන ඡේදය ද එක් සමන වේ. බ. පොත අවසන මහාරාජාවලියයි. යන්ින යෙදි ඇතත් බ්රින. පොත අවසන ග්ර න්ථනාමය නොදැක්වෙයි. බ්රිා. පොත ආරම්භ වන්නේ “ රාජවලිය - නමඃශ්රිනඝණාය” යන පද වලිනි. මෙම සංස්කරණය දැනට මුද්රණණය වි ඇති රාජාවලි සංස්කරණ1 ගැන සලකන කල, ඒ සංස්කාරකයන් විසින් වර්තමාන සම්මත ව්යතකරණ රිතිවලට ගැළපෙන පරිද්දෙන් රාජාවලි භාෂාව බෙහෙවින් ම ශුඬ කරන ලද බව පෙනි යයි. ඒ සංස්කාරකයෝ ම එසේ ඇතැම් තැන වෙනස් කරන ලද බව පිළිගනිති. “ග්රාඒම්යමර්ථ වාචක ශබ්ද තුබූ තන්හි අර්ථයට හානියක් නොකර වෙනස් කරන්නට පුළුවන් විට එය හැර දමා මෙකල්හි ව්යිවහාරයට යොග්ය ශබ්ද යෙදු බව ද සැලකිය යුතුයි2. “ මෙහි සඳහන් දෙෂ ගහණ වු බොහෝ පාඨයේ රාජාවලි නිකායසංග්රුහ, මහාවංශාදි ඉතිහාස ග්ර.න්ථවලට සසඳා බලා ශුඬ කළ බවත්”3 යනුවෙන් ඒ ඒ ග්රලන්ථාරම්භයෙහි ප්රකකාශ කොට ඇත. භාෂාව අතින් හෝ කරුණු අතින් හෝ මෙවැන් කිසිදු “ශුඩියක්” කිරිමට අපි නොසිතුවෙමු. අප පරමාර්ථය වූයේ රාජාවලි මුල් පොතට හැකි තාක් සමාන වන පෙසට මෙම සංස්කරණය පිළියෙල කිරිමය. එහෙත් පුස්කොළ පිටපත් පරික්ෂා කිරිමෙන් මුල් රාජාවලියෙහි න, ණ. ල, ළ, ශ, ෂ, ස යන අක්ෂර භාවිත වු ආකාරය ගැන කිසිදු තොරතුරක් සොයා ගත හැකි ‍නොවන්නේය. එයට හේතුව පුස්කොළ පිටපත් කරන්නවුන්ගේ අභ්යාහසය පරිදි ඒ අක්ෂර අවිශේෂයෙන් ව්යෂවහාර කිරිම සිරිතක් විමය. එහෙයින් අප සංස්කරණයෙහි දී න, ණ, ල, ළ, ශ, ෂ, ස යන අක්ෂර වර්තමාන ව්ය වහාරයට අනුව යොදන ලදි. තව ද සංයෝගාක්ෂශර ආදිය සංයෝග රූපයෙන් ලිවිම රාජාවලි භාෂාවේ ලක්ෂ්ණයක් වුව මුද්රාණශිල්පිය දුෂ්කරතා නිසා මෙම කෘතියෙහි ඒ තනිහි හල් අකුරු භාවිත කරන්නට සිදු වු බව සඳහන් කළ මනාය.
රාජාවලියේ ඌනතා මාහවංසාදි වෙනත් ඓතිහාසික ලේඛන දක්වන කරුණු අනු ව සලකන කල ඇතැමි රජවරුන්ගේ නම රාජාවලියට ඇතුළත් වි නැති බව පෙනේ. මේ පිළිබඳ සම්පූර්ණ විස්තර මෙම සංඥපනයට ඇතුළත් “ රාජනාමාවිල සංසන්දනය” නම් පරිච්ඡේදයෙහි දැක්වේ. රාජාවලියෙන් අත හැරි ගිය
1. බී, ගුණසේකර රජවාසල මුදලිමන්ත්රි න්ගේ සංස්කරණය, 1899; වතුවත්තේ පේමානනද ස්ථවිරයන්ගේ සංස්කරණය, 1923. 2. සංඥපනය - v පිටුව 3. සංඥපනය - 1 පිටුව.

16 රාජාවලිය

විශේෂ කොටස් දෙකක් ගැන පමණක් මෙහි දී සඳහන් කළ යුතු වෙයි. එනම්: 1. අඹගැමුණු රජුගෙන් පසු ව රජ පැමිණි කිණිහිරිදළ, කුඩාඅබා, සිංහවල්ලි, එළුන්නා, සඳමුහුණු, යසසිළු, සුභ, වහප් යන රජුන් හා රාජිණිය පිළිබඳ කිසිවක් රාජාවලිය සඳහන් නොකරයි. 2. අඹදෙණි නුවර රාජ්යඳය කළ ද්විතිය පරාක්ර,මබාහු රජුගේ පුත්රම විජයබාහු රජු චීනයට අල්ලා ගෙන යනු ලැබූ බවත්, ඉන් පසු අලකේශ්වර ම්න්ත්රිු මෙරට පාලනය කළ බව හා ඉන් පසු විජයබාහුගේ පුත් සවැනි පරාක්රේමබාහු කෝට්ටේ නුවර සිංහාසන ප්රාිපත් වූ බවත් රාජාවලිය වාර්තා කරයි. දඹදෙණි රාජධානිය පිරිහි ගිය තැන පටන් කෝට්ටේ රජ පැමිණි සවැනි පරාක්ර මබාහු දක්වා දීර්ඝ කාලපරිච්ඡේදයක ඉතිහාස වර්තාව රාජාවලියට ඇතුළත් වි නැත. (මේ පිළිබඳ කරුණු “ මුලාශ්රඡයයන් හා අන්තර්ගත කරුණු “ යන පරිච්ඡේදයෙහි සවිස්තර ව දැක්වේ.) විශේෂ ශුද්ධි 1. 146 පිටේ 9 පෙළේ සිට: “මහමෙර සතරපැත්තට ....දහ අටක් යොදුන්හ. එහි පරිවර...එහි දසදහසක් යොදුන්හ. පන්සියයක් පිරිවර....සත්දහසක් යොදුන්හ. පන්සියයක්.....අටදහසක් යොදුන්හ. උතුරුකුරු..” මෙම ජේදයේ එන” යොදුන්හ” යන වචනය වෙනුවට පුස්කොළ පොත්වල යෙදි ඇතතේ “යොදුන්”, “යෙදුන්හා” යන පද දෙකින් එකකි. ඒ පද දෙකින් එකක් හෝ ශුඬ පාඨය ලෙස ගත් විට එම පාඨය අර්ථවත් නොවන්නේය. මෙය “යොදුන් හා” යි පද දෙකක් සේ සැලකු විට ද පහැදිලි අර්ථයක් නොලැබේ. අප පරික්ෂා කළ හැම රාජාවලි පුස්කොළ පිටපතක ම වාක්යා වසානයේ යෙදෙන හ කාරය දීර්ඝ ව ලිවිම සිරිතක් වු සේ පෙනේ (නිදසුන්: තිබුනාහි, සිටියාහා, ගියාහා). මෙ අනු ව සලකන විට යට කී “ ‍යොදුන්හා” යන්න ද වාක්යාහවසානයෙහි යෙදෙන “යොදුන්හ” යන පදය වෙනුවට ලියන ලද්දක් බව පැහැදිලි වේ. රාජාවලි භාෂාව ගැන සලකන කල “එහි දසදහසක් යොදුන්හ” යනු සම්පූර්ණ වාක්යජයක් කොට සැලකිය හැකිය. 2. 147 පිටේ 15 පෙළ : “මහාමුනියන්ගේ හිසින් සොළි කරේ මැදින් ගංගා වැටුණාහ” යන වාක්යයයෙහි “හිසින්” යන පදය වෙනුවට අප පරික්ෂා කළ සෑම පුස්කොළ පොතක ම යෙදී තිබුණේ “විසින්” කියාය. මේ පදය යෙදු කල වාක්යකය අර්ථවත් නොවන්නේය. මුද්රිත පොත් දෙකේ ඒ වෙනුවට “හිසින්” යන පදය යොදා ඇත. එසේ ගත් කල තරමක් හෝ පැහැදිලි අරුතක් ලැබෙන හෙයින් “හිසින්” යන්න ම ශුඬ පාඨය ලෙස අපි සැලකිමු. 3. 166 පිටුව 1 ඡේදය: එක ම ඡේදයේ දෙවරක් යෙදෙන “මලරජුකිත්සිරු සඳලිඳු යන තුන් දෙන” යන මේ කොටස රාජාවලි පුස්කොළ පොත්වල

පිටපත් පිළිබඳ විස්තර 17

දක්වා ඇති සැටි අතිශයන් ව්යාතකලය. පුස්කොළ පොත්වල ඒ නම් පළමු වරට යෙදෙනුයේ “ මලරජුගේ මල් කිත්සිරි සදලිඳු තුන්දෙන” යනුවෙන් හෝ එයට සමාන ලෙසකිනි. දෙවන වර “මලරජ හා කිත්සිරු සඳලිඳු යන තුන්දෙන “ කියා හෝ එයට සමාන පාඨයක් යෙදෙයි. මුද්රිරත සංස්කරණයන්හි ද “මලරජුගෙ මල් කිත්සිරු, සඳසිරු, මලසිරු තුන්දෙන” යනු පෙනේ. මෙම ග්රජනථයේ “ රාජාවලියේ මූලාශ්ර යයන් හා අන්තර්ගත කරුණු” යන පරිච්ඡේදයේ “ පඬුවස්දෙව් රජුට වැදුණ දිවිදොස්” නම් කොටසෙහි දක්වා ඇති කරුණු අනු ව යට දැක් වු හැම පාඨයක් ම ‍දෝෂ සහිත බව පෙනි යයි. එහි විස්තර කරන ලද කරුණු අනුව රාජාවලියෙහි නම් සඳහන් කෙරෙනුයේ “මලරජු කිත්සිරු සඳලිඳු” යි හෝ එයට සමාන නම් ඇති ‍සොහොයුරන් තිදෙනෙකුන් හෝ ගැන බව පැහිදිලි ය. ඉහත දැක් වු පාඨය රාජාවලි පුස්කොළ පිටපත්වල යෙදි ඇති සැටි සලකා බැලිමෙන් ද කුවෙණි අස්න, සිහබා අස්න, මලරාජ ඌරු දානය, මලරද උපත ආදි කෘතිවලින් ඉදිරිපත් කරන කරුණු පරික්ෂා කිරිමෙන් ද අප විසින් සකස් කරන ලද්දකි. 4. 180 පිටුව 6 පෙළ: “ එවිට ගැමුණු රජ කියනසේක” - යන වැකියෙහි අරුත් පැහැදිලි නැත. හැම රාජාවලි පුස්කොළ පොතක ම එසේ යෙදි ඇති හෙයින් එය වෙනස් නොකෙළෙමු. යට දඅක් වු වාක්යකයට පසු ව එන විස්තරයෙන් අනෙක් යෝධයන් යුද්ධ කළ බව කියැවෙන හෙයින් ඒ වාක්ය යෙහි අරුත් පැහැදිලි නැති “ කියනසේක” යන්නෙන් “විධාන කළසේක” යන අර්ථ ගත හැකිය. 5. 146 පිටුව 7 පෙළ: “ සේන නම් යෝධයා” - මහාවංස, ථුපවංසාදා පොත්වල මේ යෝධයා හැඳින්වෙන්නේ “මාහාසේණ” කියාය. අප පරික්ෂා කළ එක් පුස්කොළ ‍ෙපාතක හැර(=සොමන) අනෙක් හැම පොතක ම “සේන” යි යෙදි ඇති හෙයින් ඒ නම වෙනස් නොකරන ලදි. 6. 184 පිටුව 20 පෙළ: “අදිකාරන් හන ගැසූ ගොනා” - මෙහි පාඨාන්තර මතු දැක්වේ: අදිකාරන් ගැසු ‍ගොනා: අධිකාරන් ගැසු ගොනා: අදිකාරන් ගසාපු ගොනා: අදිකරං ගන ගසාපු ගොනා, මො පාඨයේ අර්ථ වටහා ගැනිමට නොහැකි වු පූර්ව සංස්කාරකයෝ ඒ වචන “ අධිකාරම්ගේ සාපු ගොනා” යි වෙනස් කළහ4. මෙවැනි පාඨයක් අපට න් එක ද පුස්කොළ පොතකින් ‍හෝ නොලැබිණ. එක් පුස්කොළ පොකත පමණක් යෙදා ඇතත් “ අදිකාරන් හන ගැසූ ගොනා” යන පාඨය යොගශ සේ පෙනේ. ගවයන් හන ලකුණු තැබිම එදා මෙන් ම අදත්”හන ගැසිම” යනුවෙන් හැඳින්වේ. රජ හන, අධිකාරම් හන යානදි වශයෙන් ‍රජුන්ට, අදිකාරම්වරුන්ට හා වෙනත් පුද්ගයනට වෙන් වෙන් වශයෙන් හන ලකුණු තිබෙන්නට ඇත. “අදිකාරන් හන ගැසූ ගොනා” යන්නෙන් අදහස් වන්නේ අදිකාරමට අයත් ගොනා යන්න වේ. රාජාවලිය කියන පරිදි මෙහි දී නිදොස් තැනැත්තා විසින් සොරකම් කරන ලද බව පැවසෙන්නේ
_____________________________________________________________ 4. ගං 32 පි; ව. 47 පි. 18 රාජාවලිය

අදිකාරම් තැනට අයත් ‍‍ගොනෙකි. ඒ සොරකම වු කලා රජුට අභිමත පරිදි එම පුද්ගලයාට දඬුවම් දිමය තරම් ප්රනමාණවත වරදකි.5 7. ‍186 පිට 1 පෙළ: “ සෑගිරියේ ඇඹුළු දෙගොබ” - මෙහි “ඇඹුළු” යන පදයේ පාඨාන්තර මෙසේය. ඇඹුළු, අබුළු, අඹුළුවට, අබළු, අම්බුව. මේ පද අතුරින් පුස්කොළ පොත් පහක හා මුද්ර ත සංස්කරණ දෙකේ ද “ අම්බුළු” යන පදය යෙදි ඇතත්, පුස්කොළ පෙත් දෙකක පමණක් යෙදෙන “ඇඹුළු” යන පදය ශුද්ධපාඨය පෙස සලකන ලද්දේ “ඇම්බුලු දාගැම්හි” යන පදය දස වන සියවසට අයත් මිහින්තලා සෙල්ලිපියේ ද යෙදි ඇති හෙයිනි. 6 8. 195 පිටුව 20 පෙළ: “නටබුන් වෙහෙර හැම කරවා” - යන පාඨය වෙනුවට හැම රාජාවලි පුස්කොළ පොතක ම ඇත්තේ “බුදුන් වෙහෙර අමා කරවා” කියාය. මේ කොටසින් පැහදිලි අරුතක් නොලැබේ. මෙතන්හි පූජාවලියෙහි යෙදෙන පාඨය නම් “නටබුන් වෙහෙර හැම කරවා” යනුයි. 7 එය ම ශුදධ පාඨය ලෙස යොදන ලද 9. 194 පිට 20 පෙළ: “ බුඬ්ඝොෂ නම් අටුවා කර්තෲන්වහන්සේ” යන පද රාජාවලි පුස්කොළ පොත්වල අතිශයින් ව්යාපකුල ලෙස ලියැවි ඇත. රාජාවලි පුස්කොළ පොත්වල යෙදෙන වචනවලින් පමණක් ‍එම පාඨය තත් වු පරිද්දෙන් ශුද්ධ කළ නොහැක් හෙයින් මෙහි දි පුජාවලි පාඨය8 යෙදිමට සිදු විය. 10. 195 පිට 2 ඡේදය: මෙම ඡේදයේ “ ශ්රි කසුබු” යන පදය දෙවරක් ද, “ශ්රි.යාගල” යන්න වරක් ද “ශ්රාේයාරජුට” යි වරක් ද යෙදේ. “ශ්රිුකසුබු” යන නම වෙනුවට පූජාවලියෙහි යෙදෙන පදය නම් “සීගිරිකසුබු” යන්නය. එහෙත් මෙවැනි නමක් ‍රාජාවලි එක ද පුස්කොළ ‍පොතක හෝ යෙදි නැති බැවින් ඒ වචනයෙන් රාජාවලි පෙළ ශුද්ධ කිරිමට ‍අදහස් නොකෙළෙමු. සිගිරි කසුබු රජුගේ නම රාජාවලි කර්තෲන් විසින් ව්යකවහාර කරන ලද්දේ “ශ්රි.කසුබු” කියා බව පෙනේ. එමෙන් ම “ශ්රිවයාගල” යන්න “සීගිරිගල” වෙනුවට ද, “ශ්රි.යාරජුට” යන්න “සිගිරි රජුට” යන අරුත් බලා ගෙන ද යොදන ලද්දේය 11. 198 පිටුව 5 පෙළ: “ ලැමිණි දළපතිස්ස රජ පෙර තිබූ වෙහෙර කරවා” යන පාඨයේ “පෙර තිබූ වෙහෙර” යන පද අතිශයන් දූෂිත ව පැවැත්තේය. මුද්රිහත ග. සංස්කරණයෙහි “ ප්රහපිනිම් වෙහෙර” යි යොදා ඇත්තේ ඒ පාඨය
_________________________________________________________________ 5. කල්යා_ණවති බිසවගේ රාජ්ය_කාලයට අයත් බතලගොඩවැව පුවරු ලිපියේ යෙදෙන “අධිකර යොරොව” යන පද අප සිහියට නැගේ.එම පාඨයෙන කියැවෙන්නේ වඩාමණි නමැති අධිකාරියෙකු විසින් කරවන ලද ‍සොරොවුවක් ගැන ය. Epigrapha Zeylanica (E.Z) Vol’ IV, p.78. 6. E.Z. Vol.I, p. 90, 1.50. 7. පූජාවලිය: 33, 34 පරිච්ඡේද, ඒ. වී. සුරවිර සංස්, 1965, (පූජාසු.) 97 පි. 8. පූජායු. 98 පි.

පිටපත් පිළිබඳ විස්තර 19

නිරාකරණය කිරිම දුෂ්කර වු හෙයින්. මෙතන්හි පූජාවලි පාඨය වු “කපාරා පිරිවෙන” යන පද හා වන්නිරාජවලි පාඨය වන”කපාරා පිරි පිරිවෙන” යනපද නිවැරදිය යි සිතිය හැක්කේ දොඨොපතිස්ස රජු කප්පුර නම් පිරිවෙන කරව වු බව චූළවංසය ද සඳහන් කරන හෙයිනි.9 එහෙත් ඒ නම්වලට ස්වල්ප වශයෙන් හෝ ළං වන පදයක් එක ද රාජාවලි පුස්කොළ පොතක හෝ නොපෙනේ.පුස්කොළ පොත්වල යෙදෙන “පෙරපිනින්” “පෙරපින්”, “පෙරාතු”, “පෙරතිබු”, යන පදවලින් කවරක් ශුද්ධපාඨය ලෙස තෝරා ගත යුතු දැයි විමිසිමේ දි, එක් පුස්කොළ පොතක පමණක් සටහන් වි ඇතත් “පෙර තිබු” යන පද යත් කලිහි එම වාක්යළය අර්ථවත් වන බව පෙනෙන හෙයින් එය ශුද්ධපාඨය ලෙස සැලකිමු. 12. 198 පිටුව 9 පෙළ: හුන්නන්තරු රියන්දළ රජු‍ෙග් නම මෙහි දෙවරකි යෙදේ. පළමු වර “හුන්නන්තරු රියන්දළ” යි යෙදෙන අතර දෙවන වර ඒ නම හැම පුස්කොළ පොතක ම සටහන් වි ඇත්තේ “ හුන්නන්තරු දළරියන්” කියාය. මේ “දළරියන්” යන පදය පළමු යෙදුමට අනුරුප වන පරිද්දෙන් “රියන්දළ” යි අප විසින් වෙනස් කරන ලදි. තව ද “හුන්නන් තරු” යන පදය පූජාවලිය. රාජරත්නාකරය ආදි පොත්වල “හුනන්රු” යි පෙනෙතත් එවැනි පාඨයක් එක ද රාජවලි පුස්කොළ පොතක හෝ නො වු හෙයින් වෙනස් නොකරන ලදි. 13. 199 පිටුව 14 පෙළ: “ ඔහු දවස අනුරාධපුරය පැහැර බෙරමිණිපාය ගෙන ගියාහ” යන වාක්යවය හැම රාජාවලි පුස්කොළ පොතක ම පෙනෙන්නේ “ ඔහු අනුරාධපුරය හැර බෙරමිණිපාය ගෙන ගියහ” කියා ‍හෝ එයට ආසන්න ලෙසකිනි. රාජාවලියට මූලාශ්රරය වු පුජාවලි පාඨය හා සැසඳිමේ දි මෙම වැකිය ස‍ඳොස් බව පෙනි යයි. රාජාවලි පිටපත්වල යෙදෙන කොටසට “දවස” යන වචනයඑකතු කොට “හැර” යන්න “පැහැර” කිය වෙනස් කරන ලදදේ පූජාවලිය බලා ගෙනය. යථොක්ත වාක්යලය ශුද්ධ වු කල්හි ද රාජාවලි වාර්තාව සම්පුර්ණ වන බවක් නොපෙනේ, අක්බෝ, සේන යන රපුන් පිළිබඳ ව කියැවෙන වාක්ය රාජාවලියෙන් අත හැරි යාම නිසා රාජාවලි වාර්තාව සදොස් වි තිබේ. පූජාවලි පාඨය මෙසේය. “ ඔහු මල් දාපුලු මහරජ මහ බෝගෙය කරවා රන් බුදුනු කරවා මහත් වු පූජා කොට සොළොස් අවුරුද්ද්ක් ‍රාජ්යදය කෙළේය. ඔහු දරු අක්බෝ මහරජ තුන් අවුරුද්දක් රාජ්ය“ය කෙළේය. ඔහු මල් සෙන් මහරජ ගිරිගල මිණිමෙවුල පානක් කරවා දෙනාවෙහෙර මණිපා පිරිවෙන කරවා සඟරම් අරම් කරවා පඟයෙන් පිරිවෙන කරවා මහත් වු පූජා කොට විසි අවුරුද්දක් ‍රාජ්යමය කෙළේය.මොවුන් දවස ද අනුරාධපුර නුවර පැහැර ජයබෙර මිණියා ගෙන හියහ.10 අනුරාධපුරය පැහැර බෙරමිණිපාය ගෙන යන ලද්දේ රාජාවලිය කියන පරිදි දාපුලු රජු දවස නො ව සෙන් නම් රජුන් කාලයෝ බව පූජාවලිය අනු ව පෙනේ. ______________________________________________________________ 9. Culavamsa, ed. By.W.Geiger, 1953 (Cv’) xlv – 29 10. පුජායු. 103. පි.

20 රාජාවලිය

14. 201 පිටුව 1 පෙළ: මෙම‍ පේළිය ආරම්භ වන “ඔහු ඉක්බිති” යන වචනවලට ඉදිරියෙන් සෑම පුස්කොළ පොතක ම “පසු ව වික්රාමපඬිත රජ තුන් අවුරුද්දක් රාජ්ජය කෙළේය” යන වාක්ය“යක් යෙදි ඇත. මෙම පිටුවේ තුන් වන පෙළේ ද තවත වරක් ඒ වාක්යා යෙදෙනු පෙනේ. පූජාවලිය හා සසඳන කල තුන් වන පෙළට ඒ වාක්යර ගැපෙන බව පෙනෙන හෙයින්. මෙ‍ ජේදය මුලට ද ඒ යෙදි ඇත්තේ පුස්කොළ පිටපත් කරන්නන්ගේ ප්රහමදයකින් නිසා බව පැහැදිලි වේ. පළමු යෙදුණ එකි වාක්යිය අප විසින් අත් හරින ලදි. 15. 202 පිටුව 2 ජේදය: “ ඔහුගේ බෑන විජයබාහු රජ හවුරුද්දක් රාජ්ජය කෙළේය. කිලිකෙස්බා එ‍ඬෙරදුව නිසා ඔහු මරා තෙමේ පස් දවසක් රාජ්ජය කෙළේය. - රාජාවලි පුස්කොල පොත්වල යට කී පාඨයේ පළමු වාක්යායේ “හවුරුද්දක් රාජ්ජය කෙළේය” යන වචන යෙදි නැත. දෙවන ‍වාක්ය යේ “තෙමේ” වෙනුවට සෑම පුස්කොළ පොතක ම ඇත්තේ “තොමෝ” කියය. “කිලිකෙස්බා” යන පදයේ ද පාඨාන්තර රාශියක් වුවත් එයින් අර්ථාවබොධයට බාධාවක් නොවේ. රාජාවලි පුස්කොළ පොත්වල යට කී වාක්යවය ඇත්තේ “ඔහු‍ගේ බෑන විජයබාහු රජ කිලිකෙස්බා එ‍ඬෙරදුව නිසා ඔහු මරා තොමෝ පස් දවසක් රාජ්ජය කෙළේය” කියාය. රාජාවලියට මූලාශ්රොය වූ පූජාවලියෙහි එම වාක්යපය මෙසේ වෙයි; “පසුව ඔහු බෑන පණ්ඩිත විජයබාහු රජ හවුරුද්දක් රාජ්යලය කෙළේය. කෙස්දාකිලිං මිහිඳු ද දීපනා නම් එ‍ඬේර දුව නිසා ඔහු මරා තෙමේ පස් දවසක් රාජ්ය.ය කෙළේය.” මෙකියන විජයබාහු රජ එක් අවුරුද්දක් රාජ්යුය කළෙ පසු දීපන් නම් ‍ එඩේරදුවක හා සම්බන්ධ වු කලිඟු කුලයට අයත් මහින්ද නමැත්තෙකු පස් දවසක් රාජ්යදය කළ බව චුළවංසය සඳහන කරයි.12 චූලවංස, පූජාවලි යන වාර්තා සලකා බලා යටකි රාජවලි වාක්යලය අර්ථවත් කිරිම සඳහා “හවුරුද්දක් රාජ්ජය කෙළේය” යන වචන අමුතුවෙන් එකතු කිරිම හා “‍තොමෝ” යන්න “තෙමේ” යි වෙනස් කිරිම ද අප විසින් කරන ලදි රාජාවලි වාක්ය යෙහි යෙදි ඇති “කිලිකෙස්බා” යන්න පුජාවලිය, නිකාය සංග්රවහය, රාජරත්නාකරය ආදි පොත්වල මිහිඳු රජු‍ගේ නාමයට විශේෂණ වශයෙන් යෙදෙන “කිලිංකෙස්දා” ‍හෝ “කෙස්දාකිලිං” යන පදය වෙනුවට යොදන ලද්දකි. යථොක්ත රාජාවලි වාක්යදයෙහි අර්ථ ගත යුත්තේ කිලිකෙස්බා (හෙවත් මිහිඳු) නමැත්තේ එ‍ඬේර දුව නිසා ඔහු (විජයබාහු රජු) මරා පස් දවසක් රාජ්යවය කළ සැටියටය. 16. 207 පිටුව 16 පෙළ. “ ඒ ඒ තැන බදුවලට සිටියවුන් එලවා දැමුවාහ” - මෙහි “එලවා” යන වචනය වෙනුවට රාජාවලි පුස්කොළ පොත් වැඩි ගණකන ද, වන්නිරාජාවලි පුස්කොළ පොතේ ද ග. මුද්රිෙත රාජා විලයේ ද යෙදි ඇත්තේ “එල්ලා” කියාය. බ. පොතේ “අල්ලා” කියා ද ______________________________________________________________ 11. පූජාසු. 107පි. 12. Cv. Lxxx, 14-17

පිටපත් පිළිබඳ විස්තර 21

ප. පොතේ “අල්වා එල්ලා” යි ද පෙනේ. රාජාවලියේ මෙම කොටස සඳහා මූලාශ්රාය වූ අලකේශ්වර යුදධය නම් පොතේ එම වචනය ඇත්තේ “එලවුහ” කියාය. මෙම ප්රඅවෘත්තිය හා ආශ්රි ත ඉතිහාස සිද්ධින් පරික්ෂා කිරිමේ දී “ එල්ලා දැමවාහ” යන පද වැරදි බවත් “එලවුහ” යන්න පිළිගත හැකි බවත් පරණවිතාන මහතා හේතු සාධක සහිත ව පෙන්වා දී ඇත.13 “එලවා” යන පදය පුස්කොළ පොත් ලිවිමේ දි “එල්වා” යි සිට “එල්ලා” යි පෙරළිම පහසුවෙන් සිදුවිය හැක්කක් හෙයින් මුල් රාජාවලි පාඨය “එලවා” යනු අපේ ද පිළිගැනිමයි. 17. 213. පිටුව 16 පෙළ: “ සකල ජම්බුවීපයෙහි ප්ර“තිකාල් දෙශයෙන් නැවක් පිටත්ව අප‍ගේ ස්වාමි වූ යේසුස්ක්රියස්තුවෂියෙන් එක්වාදහස් පන්සිය විසි දෙකක් වු දෙවානුභාවෙයෙන්” යන පාඨය රාජාවලි පුස්කොළ පොත්වල යෙදෙන හැටියට අතිශයින් ව්යා්කූලය. “ජම්බුවීපයෙහි” යන වචනයට හැම පිටපතක ම ඇත්තේ “දඹදිව ජම්බුවිපයෙහි” හෝ එයට ආසන්න රූපයකි. මෙහි “දඹදිව” යන පදය අනවශ්යද හෙයින් ද රාජාවලියට මුලාශ්රයය වු අලකේශ්වර යුදධය නම් කෘතියෙහි යෙදි ‍නැති හෙයින් ද අත්හරින ලදි. 18. 214 පිටුව 19 පෙළ: “දත් ඇති ඇතුන් දසදෙනෙකු පිටදෙශවාසින්ඩ දී” - මෙහි “පිටදෙශවාසින්ඩ” යන පදයේ අනෙක් පාඨාන්තර මෙසේය. දෙශවාසින්ඩ , පිටට දෙශවාසනිඩ, පිනය දෙශවාසින්ඩ, මේ පාඨය රාජාවලි සංස්කාරකයන් විසින් “පිනට ඇර දෙශවාසින්ට” යනුවෙන් ශුද්ධ කර ඇතත් අර්ථ පැහැදිලි නැත. මේ පිළිබඳ රාජාවලි විස්තරය හා එකල ඓතිහාසික් සිද්ධින් ගැන සලකන කල පෙනෙන්නේ ධර්මපරාක්ර මබාහු රජු පෘතුගිසිනට නෙයෙක් පඬුරු යවා ඔවුන් හා මිත්ර වි කල් ගෙවා බවය. යට දැක් වු පාඨාන්තර ගැන සලකා “පාටදෙශවාසින්ඩ” යන්න ශුද්ධ පාඨය පෙස ගෙන එයන් පෘතුගිසින් යයි අර්ථ ගත් විට එම වාක්ය“යෙහි අර්ථ මොනොවට පැහැදිලි වෙයි. එයින් කියැවෙන්නේ ධර්මපරාක්රයමබාහු රාජු දළ සහිත ඇතුන් දසදෙනෙක පෘතුගිසින්ට දි (ඔවුන් හා මිත්රර වි) සිටි බවය. 19. 220 පිටුව 3 පෙළ: “ දොන් ජාවත් පෙරියපන්දා ර කියන නමින් කුලවද්දාගෙන” – “දොන් ජිවන්” යන පද දෙක බොහෝ පුස්කොළ පොත්වල එලෙසට යෙදි ඇත. “පෙරියපන්දානර” යන නම යෙදෙන අයුරු මුත දැක්්වේ: ප්රේටරාපන්දාර, ප්රෙදරා, ප්රොඅරපන්දා‍ර, ප්රේ‍රාපන්දැ ර, ප්රෝයර පන්ධාර, ප්රේ,රාබඬාර, පොර පන්දටර වනිනිරාජවලි පාඨය නම් “පො‍ර පන්දානරා” යනුයි. ධර්මපාල රජු කිතුසමය වැලඳ ගැනිමේ දි යොදා ගත් ආරූඪනාමය ලෙස රාජාවලි කර්තෘ දක්වා ඇත්තේ යට කි නම් අතුරෙන් කුමක් දැයි තිරණය කළ යුතු වෙයි. ග. සංස්කරණයේදි “ප්රොතපනදර” යන්න ශුද්ධ පාඨය ලෙස‍ යෙදේ. එයින් “ප්රො‍පෝනන්ට්” යන ඉංග්රිැස් වචනයේ අරුත් ලැබෙන බව ගුණසේකර මුදලි රාජාවලි පරිවර්තනයේ
13. Journal of the Royal Asiatic Society (Ceylon Branch), (J.R.A.S.[C.B.]) Vol. VII, part 2 (New Series), p. 214
22 රාජාවලිය

කියා ඇත14 එහෙත් “ප්රො1පෝනන්ට” යන වචනය යෙදෙන්නේ ඕලන්ද රෙපරමාදු පූජක ආධුනිකයන් සඳහා හෙයින් ඒ පදය නොගැළපෙන බවට ඩොනර්ඩ් පර්ගියුසන් මහතා ඉඟියක් කර ඇත.15 පෘතුගීසි ඉතිහාසකරුවන් දෙදෙනෙකු වන කූතෝ හා ක්වේරොස් ධර්මපාල රජුගේ නම ඔවුන්ගේ ඉතිහාස පොත්වල නිතර සඳහන් කරති. ඒ හැම තැනක වගේ ධර්මපාල රජු හඳුන්වන්නේ “දොන් ජුවං පෙරිය පන්දාර්” “පෙරිය පන්දාර” යනාදි නමකිනි.16 ක්වේරොස් විසින් ධර්මපාල රජ “පෙරේරා පන්දාර්” කියා ද හඳුන්වා ඇතත් එසේ කෙරෙනුයේ කලාතුරකිනි.17 යථොක්ත පාඨයෙහි රාජාවලි කර්තෘ විසින් යොදන ලද වචනය අනෙකක් නොව “පෙරිය පන්දාහර” යනු බව අප අදහසයි. “දොන් ජිවන්” යන වචන දෙක බොහෝ පුස්කොල පොත්වල යෙදි ඇති හෙයින් ‍ඒ ශුද්දපාඨය විය යුතුය. මේ කරුණු අනු ව “දොන් ජිවන් පෙරියපන්දාහර” යන්න රාජාවලියේ ශුද්ධ පාඨය ලෙස අප විසින් සලකන ලදි. 20. 220 පිටුව 5 පෙළ: “ ප්රෙතිකාල් විසුරේ හා කෝට්ටේ න‍ුවර සේනාව” යන පාඨයේ “විසුරේ හා” යන පද වෙනුවට රාජාවලි පුස්කොළ පොත්වල ඇත්තේ “පෙරහු”, “ප්රේ රහු”, “පොරහු”, “ප්රොුරහුං”, “ප්රෙයහු” යන රූපයන්ගෙන් එකකි. වන්නිරාජාවලියෙහි ඒ තැන “බොහෝ සේ” යන පද යෙදෙයි. මේ එක යෙදුමකින් හෝ පැහැදිලි අර්ථයක් නොලැබේ. මුද්රිාත සංස්කරණයන්හි මෙතැන “විදුරේ හා” යන වචන යොදා ඇත්තේයත යට කී වාක්ය යෙන් පසු ව රාජාවලියෙහි ඇති අනෙක් වාක්යො කිහිපයක ම “ප්ර්තාකාල් විසුරේ”, “කෝට්ටේ සේනාව” යන වචන යෙදි ඇති හෙයින් පළමු වාක්යිය ද “ප්රපතිකාල් විසුරේ හා කෝට්ටේ නුවර සේනාව” යනුවෙන් ශුද්ධ කරගක් කල්හි එයින් පැහැදිලි අරුතක් ලැබෙයි. මෙතන්හි අනෙක් සංස්කාරකයන්ගේ මතයට එගඟ වෙමින් අපිදු “විසුරේ හා” යන පද යෙදුවෙමු. 21. 223 පිටුව 4 පෙළ: “ආරිය මන්ත්රිදයා රජ දෙකට්ටුව වැඳ” - මෙහි “මන්ත්රිරයා” යන පදය රාජාවලි පුස්කොළ පිටපත් වල හෝ මුද්රිළත සංස්කරණයන්හි හෝ නොපෙනේ. “රජදෙකට්ටුව” යන්නෙන් මෙහි කියැවෙනුයේ 222 පිටුවේ විස්තර වන පරිදි ටිකිරි රජ්ජුරුවන්, තිඹිරිපල අදහසින් යන මායාදුන්නේ රජු‍ෙග් පුතුන් දෙදෙනා ගැනය. ආය්ය්ට්ට නමැත්තා මායාදුන්නේගේ ප්රනධාන මන්ත්රිපවරයෙකි. මෙහි සිදු වි තිබෙන්නේ එම ආරිය මන්ත්රියයා යට කී
14. The Rajavaliya, edited and translated by B.Gunasekara, 1954 (Raj.Tr.) p.ix 15. The Hsitory of Ceylon from earliest times to 1600 A.D. as related by joan de Barros and Doigo do Cuto Tr. By D. Ferguson, J.R.A.S (C.B.) Vol. XX, No.60, 1908 (Cuto) 16. Cuto, p.215; the temporal and Spiritual Conquest of Ceylon, Fr. Fernao de Queyroz. Tr. By Fr.S.G.Perera, 1930 (Queyroz) pp.26.478.502.1008, 1093 etc’ 17. Queyroz, pp. 1053, 1056

පිටපත් පිළිබඳ විස්තර 23

රජදරුවන්ට නමස්කාර කිරිමකි. රාජාවලි පිටපත්වල යෙදෙන සැටියට “ආරිය රජ දෙකට්ටුව වැඳ” යන පාඨයෙන් ඒ අර්ථය නොලැ‍බේ. එය අර්ථවත් කිරිම සඳහා “මන්ත්රිඳයා” යන පදය පාඨාන්තරවලට ද ළංවන සේ අමුතුවෙන් කිරිම එකතු කරන ලදි. 22. 228 පිටුව 23 පෙළ: “ එරජුගේ කුමාරයාත් බෑනාත් දෝනි කුමාරිකාවිත් තමාගේ බිසෝ අදහසිනුත් තමාගේ පිරවරත්” - මෙහි “දෝනිකුමාරිකිවිත්” යන වචනය බ. පුස්කොළ පොතේ පමණක්” දෝතියෝ කුමාරිකාවිත්” යි යෙදෙන අතර බොහෝ පුස්කොළ පොත්වන ඇත්තේ “දෝලිකුමාරිකාවිත්” කියාය. මුද්රඅත සංස්කරණයන්හි ඇත්තේ ද “දෝළිකුමාරිකාවත්” කියාය. රජ බිසවුන්ට “රන්දෝලි” , “යකඩදෝලි” ආදි වචන යෙදෙතත් මේ වාක්ය.යේ “කුමැරයාත් බෑනාත්” යන ‍වචන මුලට ද, “බිසෝ අදහසින්” යන්න අගට ද යෙදෙන අතර ඒ මැදට “දෝලිකුමාරිකාවත්” යි යෙදිම සදොස් සේ පෙනේ. මෙම වාක්යසයේ සැටියට “බිසෝ අහසින්” යන පදයෙන් “අගබිසව” යන අරුත් ගැනෙන හෙයින් අනෙක් දෙවන බිසවක (දෝලාකුමාරිකාවක ) ද රජු සමග ගිය බව පැවිසිමට අවශ්ය නම් “දෝලි කුමාරිකාවි” යන්න යෙදිය යුතු ව තිබුණේ “බිසෝ අදහසන්” යන වචනයට පසුවය. රාජාවලි කර්තෲන් විසින් මෙතැන්හි යොදන ලද පදය “ දෝලි කුමාරිකාවිත්” යන්න නෙව “දෝණි කුමාරිකාවිත්” යන්න බව ‍අ‍ෙප් “ල” කාරය වෙනුවට “න” හෝ “ණ” කාරය යෙදිම පුස්කොළ පොත් පිටපත් කරන්නන් අතින් සිදු වු වරදක් සේ පෙනේ. අප අදහස ස්ථිර වන්නේ එක් රාජවලි පුසකොළ පිටපතක “දෝතියෝ කුමාරිකාවිත්” යි යෙදි ඇති හෙයිනි. එහි. “දෝතියෝ” යි ලියැවි ඇත්තේ “‍දෝනියො” යන පදය වෙනුවට විය යුතුය. 23. 233 පිටුව 23 පෙළ. “ජිදසිල්වා කියන යොන් මුදලියා” - අලුතිකුරු‍වේ ඔරුතොට දි මනම්පෙරුම මොහොට්ටාල සමග යුදුධ කළ යොන් මුදලියාගේ නම සිංහල ලේඛනයෙන්හි පැහැදිලි ලෙස දකවා නැත. ඒ යොන් මුදලි තැන දිඹගො ද සිලුඅ බවක් ක්වේරොස් වාර්තා කර ඇත.18 දිඹගො ද සිල්වා යන නම කූතෝ වාර්තාවේ ද සඳහන් වෙතත් ඔහු යොන් ජාතිකයෙකු බව නම් එහි සඳහන් නැත.19 ඒ නම දක්වා ඇති රාජාවලි පාඨාන්තර අතර දියොගු දා සිල්වා යන නමට කිට්ටු ම පාඨය “ජිදසිල්වා” යන්න වේ. ඒ වචනය තවත් ශුද්ධ කිරිමට අදහස් නොකෙළෙමු. 24. 236 පිටුව 4 පෙළ: “ ඒ බිසව කාන්යාමව ඒ රජ අගමෙහෙසුන් කොට උනානාහ” – “ බිසව කන්යාලවි” යන පද රාජාවලි පුස්කොළ පොත්වල යෙදෙන සැටි මතු දැක්වේ; බිසව කන්යා්ව; බිසව කන්නවි; බිසව කනවිය; බිසවගේ ඇස කනවිය. දෝන කතරිනා නමින් පෘතුගිසින් විසින් හඳුන්වනු ලැබුවා වු20 ද, විමලධර්ම සූය්ය්රි රජු අගමෙහෙසුන් කර ගත්තා වු ද කුමරියගේ ඇස කණ වි තුබු 18. Queyroz.p.471 19. Cuto.p. 276. 20. Queyroz.p.489 etc

24 රාජාවලිය

බවක් අනෙක් කිසිදු වාර්තාවක සඳහන් නැත. එහෙයන් ධ, ල, ස, ප, හ, ම යන පුස්කකොළ පොත්වල යෙදෙන “බසිව කනවිය. බිස‍වගේ ඇස කන විය” යන පාඨ පිළිබඳ සැක පහළ වේ. අවිවාහක ව සිටි ඒ කුමරිය “බිසව කන්යාේව” හෝ “බිසව කන්යාඳවි” යි හෝ ‘කියා හැඳින්විම නිවැරදිය, අප අදහස නම් මුල් රාජාවලි පාඨයේ ‍එසේ වු බවයි. “කන්යා වි” යන පදය පුස්කොළ පිටපත් කරන්නන් අතින් “කන්නවි” යි ලියැවි, දෙවන වර “කනවිය” යි ලියැවුණු සැටිත් ඊළග අවස්ථාවේ දි “බිසව කනවිය” යන ප‍ාඨය සම්පුර්ණ කිරිම පිණිස “ඇස” යන වචනය ද එකතු කරන ලද සැටිත් සිතා ගැනිම අපහසු නොවේ.21 25. කප්පිතිතා මෝරු: රාජාවලියේ අග භාගයෝ “කප්පිත්තා” “කප්පිත්තන්”, “කප්පිත්තාවරු” යනාදි පද කීප තැනෙක යෙදෙන අතර 227 පි. 22 පෙළ, 231 පි. 1 පෙළ, 235 පි.15 පෙළ, සහ 24 පෙළ, 239 පි. 9 පෙළ, 239 පි. 9 පෙළ, සහ 18 පෙළ යන තනිහි පමණක් ‍යනාදි පිටපත් කීපයක “කප්පිත්තා මෝරු” “කප්පිත්තාවොරු” යන පාඨාන්තර දක්නට ලැබිණ. මෙයට විශේෂ හේතු‍වක් ඇද්දැයි පරික්ෂා කරන විට කුස්තන්තිනු හටනේ “පිලිප්පු දොළුවෙර කියන කප්පිත්තා මෝරුන්” යන ‍කව්පදය (154) කෙරෙහි අපේ අවධානය යොමු විය. 22 “කප්පිත්තා මෝරු” යන්න ඉංග්රිවසි Captain Major යන අරුත් ඇති පෘතිගිසි Capitao Mor (කපිතං මොර්) යන්න සිංහල කර ගත්තක් බව පෙනේ. “ධර්මපාල රජ ප්රලතිකාල් කප්පිත්තා මොරු හා ගෝවේට ලියා ඇර.......” “.....ධර්මපාල රජ්ජුරුවොත් ප්රපතිකාල් කප්පිත්තාමෝරු හා නඩු බලා ඒ වරදට කොණප්පුබණ්ඩර ‍ගෝවේට ඇරියාහ” යන යෙදුම් ගැන සගකන විට “කප්පිත්තාවරු” යන්නට වඩා අණදෙන ප්රකධාන නිලධාරියා යන අරුත් දෙන “කප්පිත්තා මෝරු” යන පාඨය වඩාත් උචිත බව පෙනේ. මුල් පිටපත්හි තුබු “කප්පිත්තා මෝරු” යන පාඨයේ අරුත් නොසැලකූ පුස්කොළ පිටපත් කරන්නක් අතින් එය කල්යාවේ දී “කප්පිත්තාවොරු”, “කප්පිත්තාවරු” යනාදි වශයෙන් ලියැවුණු සැටි සිතා ගත හැකිය. රාජාවලි මුද්රි ත පොත් සංස්කරකයන් අතින් ද මේ වරද ම සිදු ව ඇති බව සැලකූ අපි “කප්පිත්තාමොරු” යනු එහි ශුද්ධ පාඨය ලෙස සැගකිම. 21. පුන්විබණ්ඩාර සන්නස්ගල මහතා එක් රාජාවලි පුස්කොළ පොතක් පමණක් බලා එම බිසව ඇසක් කණ ව තැනැත්තියක බව සදොස් ලෙස නිගමනය කරයි: සිංහල සාහිත්ය වංශය (1961), 582පි. 22. අලකේශ්වර යුඬය, ඒ. වී. සුරවිර සංස්කරණය, 1965 (අලයු) 37 පිටුවේ ද මේ පදය යෙදේ.

පිටපත් පිළිබඳ විස්තර 25

යථොක්ත විශේෂ ශුද්ධි හැරුණ විට, වර්තමාන පණ්ඩිත ව්යිවහාරයට නොගැළපෙන, එහෙත් රාජාවලි භාෂාව හා හැම අතින් ම සැස‍ඳෙන වචන රාශියක් මෙම සංස්කරණයෙහිදි ආරක්ෂා කරන ලදි, උදාහරණ වශයෙන් මතු දැක්වෙන වචන උපුටා දක්වමු: මොටාතිස්ස, දොවෙනිපඋත්ස්ස, සැදැහැතිස්ස, නෙර්මලයා, ගොඩිම්බර, ශ්රිතසඟබෝ, ශ්රි,කසුබු, මලකන්තිස්ස, පූර්වවිදෙස්ස, හිමාලපර්වතය, මාවෙලිගඟ, ශ්රිතයාගල, මෂ්ටකයෝ, අග්ර,ප්රොතහිත, තානාන්තර, සර්ධා, පුෂියා, බැවහාර, රාජ්ජය, ස්ත්රිසමායන්, ශ්රිකලක, මද්දුම අයියා, දැගොප්, ශාඛා අත්තන, නිත්තනිරන්තරයෙන්, අස්වරි දෙදෙනෙක්, පෙර නෙත්තිය, සැමනී,

උපුටාගැනිම : විකිපිඩියා

රාජාවලිය - පෙරවදන - ප්‍රස්තාවනාව

පෙරවදන

ශ්රිද ලංකා ඉතිහාසය පිළිබඳවත්, විශේෂයෙන් ම පෘතුගිසි යුගය පිළිබඳවත් පර්යෙශණ පවත්වන උගතුන් රාජාවලිය වැනි අනර්ඝ මූලාශ්ර්ය ග්ර්න්ථවලට වඩා යුරොපිය ඉතිහාසකාරයන්ගේ පොත්පත් තෙරෙහි සැලකිලි දැක්විම පුදුමයට කරුණකි. එහෙයින් රාජවලිය ආදි ග්රෙන්ථයන් විචාරාත්මක සංස්කරණය කරමින් එම කෘතින්හි අගය ඉස්මතු කොට ඒ උගතුන් හමුවේ තැබිම අත්යකවශ්යරය. මේ සංස්කරණය කොටස් දෙකකක්න් යුක්තය. පළමු වන කොටස පරිච්ඡේද සයක් ඇතුළත් සංඥාපනයයි. දෙ වන කොටස නම් රාජාවලි පෙළය. පළමු වන කොටසෙහි රාජාවලි පුස්කොළ පටපත් පිළිබඳව විස්තර, විශේෂ ශුද්ධි ආදි කරුණු ද, රාජාවලියෙහි මූලාශ්ර්යයන් පිළිබඳ තොරතුරු ද, ඓතිහාසික කරුණු පිළිබඳ දිර්ෂ විමර්ශනයක් ද ඇතුළත් වන්නේය. රාජාවලියේ ඇතුළත් ඓතිහාසික තොරතුරු අනෙක් ඓතිහාසික වාර්තාවල දක්නට ලැබෙන කරුණු සමග හැකිතාක් දුර සංසන්දනය කිරිමට විශේෂ උත්සාහයක් දරන ලදි. මෑත භාගයේ ලංකා ඉතිහාසය විදේශිය ලේඛන ආශ්රැයෙන් පමණක් සම්පාදනය කළ නොහැකි බව මේ සංඥපනයෙන් පැහැදිලි වනු ඇත. රාජාවලියෙහි භාෂාව පිළිබඳ කරුණු ස වන පරිච්ඡේදයේ විස්තර කරන ලදි, එහි ඇත්තේ විශේෂ වශයෙන් සඳහන් කළ හැකි ලක්ෂණ ස්වල්පයක් පමණකි. මෙම විෂය වනාහි දිර්ඝ කාලයක් ප‍ෙය්ය් ි ෂණ පවත්වා සුවිශාල ග්රකන්ථයක් සම්පාදනය කිරිමට තරම් ප්රයමාණවත් එකක් බව අප අදහසයි. මේ ග්රවන්ථයෙහි දෙ වන කොටස නම් රාජාවලි සංස්කරණයයි. මෙහි ලා අපේ කාලයෙන් වැඩි කොටසක් ගත වූයේ පිටපත් සංසන්දනයට සහ පාඨ ශුද්ඨියටය. සම්මත ග්රකන්ථ සංස්කරණ ක්රදම අනුව පුස්මකොළ පිටපත් ආශ්රශයෙන් ම පෙළ සකස් කිරිමටත්, විවිධ පාථාන්තර ඇති කල්හි අධොලිපි මාර්ගයෙන් දැක්විමටත් විශේෂ පරිශ්ර මයක් දරන ලදි. මුල් රාජාවලිය ද්විතිය විමලධර්මසූය්ය්රිශ රජුගේ රාජ්ය්පදප්රා පියෙන් අවසන් වෙයි. එහෙත් එතැන් සිට ඉතිහාස කථාව වෙනත් ලේඛකයන් විසින් කලින් කල එකතු කරනු ලැබිම නිසා ඇතැම් රාජාවලි පිටපත් වල උඩරට රාජධානියෝ අවසානය තෙක් ද කරුණු දක්නා ලැබේ. මෙසේ පුස්කොට පිටපත්වල ඇතුළත් වන අමතර කොටස් උපග්රබන්ථ වශයෙන් දක්වා ඇත. ඒ වාර්තා පරික්ෂා කිරිමෙන් ද වැදගත් ඓතිහාසික කරුණු අනාවරණය කර ගත හැකි වන්නේ වන්නේය.
vi
        මෙම ග්රවන්ථය සම්පාදන කාර්යයෙහි ලා අපට සහාය වු භවත්හු බොහෝ දෙනෙක් වෙති. මුලින් ම ඓතිහාසික් ලේඛන කෙරෙහි අප සිත් මෙහෙයවුයේ පේරාදෙණියේ ශ්රි  ලංකා විශ්වවිද්යාිලයේ සිංහලාංශයෙහි මහාචාර්ය ඩී. ඊ. හෙට්ටිආරච්චි මහතා ය. එතුමාණන්ගේන් නිතර නිතර ලැබුණු ගුරුපදෙශ භක්තිපුර්වක ව ස්මරණය කරමි. මෙම කාර්යයෙහි දි ගරුපදෙශකයන් වශයෙන් ක්රිියා කළ අභාවප්රා්ප්ත මහාචාර්ය සෙනරත් පරණවිතාන මහතා සහ මහාචාර්ය පී. ඊ. ඊ. ප්රහනාන්දු මහතා ග්රතන්ථයේ පිටක් පාසා කියවා බලා නොයෙක් අඩුලුහුඞුකම් පෙන්වා දුන්හ. මේ විචාරාත්මක ග්රනන්ථය සම්පාදන කිරිමට මා සමත් වූයේ ඒ මහතුන් විසින් දෙන ලද මාහැඟි උපදෙස් නිසා ම බව සඳහන් කරනු කැමැත්තෙමි. මහාචාර්ය පරණවිතාන මහතාණන් වැනි පඬිවරයකු යටතේ මෙවැනි පර්යෙෂණයක් පවත්වන්නට ලැබිම බොහෝ දෙනෙකුට නොලැබෙන පරම භාග්යෂයක් ‍කොට සලකමි. ඒ ආචාර්යවරයන් දෙදෙනාගේ නම් මෙහි දි සිහිපත් කරන්නේ මහත් භක්ත්යාෙදරයකිනි. රාජකාරි කටයුතු මධයයේ වුව, අපට නොයෙක් විට උපදෙස් දුන් හිටපු පුරාවිදු අධිකාරි ආචාර්ය සී. ඊ. ගොඩකුඹු‍රේ මහතාට ද ස්තුති කරමි.
ලක්දිව නොයෙක් පළාත්වන ද බ්රිගතාන්යු කෞතුකාගාරයේ ද පුස්තකාලයන්හි තුබු අවශය පුස්කොළ පොත් සොයා දෙමින් අපට සහා වු මහාචාර්ය විමල් ජි. බගල්ලේ මහත්මාට අපේ විශේෂ ස්තුතිය හිමි වේ. අපට පුස්තකාලය පහසුකම් සලසා දිම සම්බන්ධයෙන් පේරාදෙණියේ ශ්රිි ලංකා විශ්වවිද්යාලලය පුස්තකාලාධිපතිව සිටි කේ. ඩී. සෝමදාස මහතා ඇතුළු කාර්යමණ්ඩලයට ද ලංකා විද්යෝපදය විශ්වවිද්යාශල පුස්තකාලය. කොළඹ කටුගෙයි පුස්තකාලය, රජයේ ලේඛනාගාරයේ හා රාජකිය ආසායාතික සංගමයේ ලංකා ශාඛාවේ පුස්තකාලය යන පුස්තකාලවන කාය්ය්ාත මණ්ඩලයන්ට ද ස්තුති කරමි. තව ද නොයෙක් අයුරින් උපකාර කළ අප හිතමිත්රස ආචාර්ය සිරිපාල ලීලාරත්න මහතාට හා මෙම කෘතිය මැනවින් ටයිප් කර දුන් ඊ. එම. ආරියසේන මහතාටත් මගේ විශේෂ ස්තුතිය හිමි වන්නේය. එසේ ම මෙම කෘතිය පළ කිරිම සඳහා මුදලින් ආධාර කළ සංස්කෘතික කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුවටත්. ප්රුකිශන කටයුතු බාරගත් සිමාසහිත ලේක් හවුස් ඉන්වෙස්ටිමන්ට්සි සමාගමටත්, එහි කළමනාකාර එච්, අමරසිංහ මහතාට සහ මුද්රටණය සඳහා පිටපත සකස් කළ චන්ද්රාශ්රි රණසිංහ මහතා ඇතුළු කාර්යමණ්ඩලයටත් ම‍ගේ ස්තුතිය හිමි වන්නේය.
ඒ. වී. සුරවිර
1964 අ‍ගෝස්තු මස 15 වන දා
නුගේගොඩ, ගංගොඩවිල
ශ්රිග ලංකා විද්යොිදය විශ්වවිද්යාාල මණ්ඩපයේ දි ය.

[සංස්කරණය]ප්රිස්තාවනා

ලංකා ඉතිහාසය, සිංහල භාෂාවේ විකාශය යනාදි විෂයයන් පිළිබඳ කරුණු සෙවිමේ දී, රාජාවලිය අව‍ශයය යෙන් ම පරිශිලනය කටයුතු කෘතියක් වන්නේය. විජයගේ පටන් පෘතුගිසි යුගයේ අවසනය පමණ වන තෙක් ලංකා ඉතිහාසය සංක්ෂේපයෙන් දක්වා ඇති රාජාවලිය දිපවංස, මහාවංස ආදි අනෙක් ඉතිහාස වාර්තාවන්ට අමතර වශයෙන් හැදෑරිය යුතු වන්නේ එහි යටකි කෘතින්හි නොමැති අමතර කරුණු රාශියක් ඇතුළත් වන හෙයින්. මේ ආදි කරුණු නිසා කලක පටන් ම රාජාවලියෝ වැදගත්කම ගැන මගේ සිත් යොමුව තිබු නමුත් එම කෘතියෙහි විශ්වාස කටයුතු ශාස්තිය සංස්කරණයක් නොමැත් වූ හෙයින් විද්යාහර්ථින්ට මුහුණ පාන්නට වන දුෂ්කරතා ගැන මම අවබෝධ කරගෙන සිටියෙමි. 1889 දී බී. ගුණසේකර වාසල මුදලිතුමන් රාජාවලිය සංස්කරණය කිරිමේ දි “ ග්රා ම්යානර්ථවාදක ශබ්ද තුබු තැන්හි අර්ථයනට හානියක් නොකර වෙනස් කරන්නට පුළුවන් විට එය හැර දමා මෙකල්හි ව්යබවහාරයට යොග්යන ශබ්ද යෙදු බව” එම කෘතියේ විඥප්තයෙහි ම දක්වා ඇත, එසේ ම ගරු වතුවත්තේ පේමානන්ද ස්ථිවිරයන් වහන්සේ 1923 වැන්නේ දි සංස්කරණය කළ රාජාවලියෙහි භාෂාව පමණක් නොව. මහාවංසයට ගැලපෙන පරිදි ඓතිහාසික ප්රාවෘත්තිය ද වෙනස් කළ බව එහි සංඥාපනය සඳහන් කරයි. මේ සංස්කාරකයන් විසින් අනුගමනය කරන ලද ක්රනමය ශාස්ත්රිනය නොවේ. පැරණ් ග්රුන්ථයක් සංස්කරණය කිරිමේදි ඒ සංස්කාරකයාගේ උත්සාහය විය යුත්තේ සම්පූර්ණයෙන් නැතහොත් හැකිතාක් දුරට මුල් ග්රංන්ථයට සමාන වන සේ පෙළ සකස් කිරියම. ඒ සඳහා සංස්කාරකයා හැකිතාක් දුරට අත් පිටපත්හි එන පාඨයන් ම උපයෝගි කර ගත යුතු වේ. වරින් වර පොත් පිටපත් කරන්නන් අතින් සිදුවන අත් වැරදි හැරුණ විට ඒ පිටපත්වනල ඇත්තේ ග්ර්න්ථ කර්තෘවරයාගේ මුල් පිටපතහි ලියා ඇති දෑ ම වන හෙයිනි. කාලාන්තරයක් තිස්සේ පොත් ලියන්නන් අතින් සිදු වි ඇති දෝෂයන් තෝරා බේරා ඉවත් කළ විට මුල් පිටපතට සමාන. නැතහොත් බොහෝ දුරට එයට ආසන්න කෘතියක් සකස් කර ගත හැකිය. තඹ තහඩුවක ලියා ඇති ලේඛනයක් සංස්කරණය කිරිමට වඩා වගකිමකින් යුක්තව කළ යුත්තකි. රාජාවලිය වැනි ග්රවන්ථයක් සංස්කරණය කිරිම අත් පිටපත් සුලබ රාජාවලිය වැන් පොතක සියලුම පිටපත් එක් රැස් කොට සංසන්දනය කළ ‍නොහැකි බැව්න සංස්කරණ කාය්ය්ට යෙහි දී උපයෝග් ‍කොට නොගත් පොතක ඇතැම් විට සුපාඨය තිබිම හැකිය. අත් පිටපත් වැඩි වු තරමට සංස්කාරකයාගේ කාය්ය්ට ය දුෂ්කර වන්නේය. අත් පිටපත් කොපමණ ඇතත් පාඨ සංසන්දනය සඳහා සුදුසු පිටපත් තෝරා ගැනිම ද පරික්ෂාවෙන් කළ යුත්තකි. ඒ පාඨාන්තරයන් අතුරින් සුදුසු පාඨය තෝරා ගැනිමට ඊට ද වඩා කල්පනාවකින් කළ යුතුය. රාජාවලි සංස්කරණයක් කරන්නෙකු තුළ
viii ඒ කෘතිය සම්පාදනය වු කාලයෙහි පැවති භාෂා තත්වය ගැන දැනුම මෙන් ම ලංකා ඉතිහාසය පිළිබඳ තත්වාවබෝධය ද තිබිම අවශ්යතය. ලංකාවේ ‍හා විදේශයන්හි පුස්තකාලයවල ආරක්ෂා වී තුබූ අත් පිටපත් තෙළෙසක් ද යට කී මුද්රිේත පොත් දෙක ද ආශ්රාය කර ගෙන සම්පාදනය කර ඇති මේ රාජාවලි සංස්කරණයෙහි දි අත්තනෝමතික වෙනස කිරිම් හා ශුද්ධි යානදියට ඉඩ තබා නැත. සංස්තාරකයාගේ පරමාර්තථ වි ඇත්තේ මුල් කෘතියට හැකිතාක් සම්ප වන සේ පෙළ සකස් කිරිමය. ශුද්ධ පාඨය ලෙස තෝරාගෙන ඇති පෙළට අමතරව අධෝලිපි මාර්ගයෙන් දක්වා ඇති පාඨාන්තර තව දුර පර්යේෂණයන්හි යෙදෙන්නවුන්ට ප්රකයෝජනවත් වනු ඇත. ග්රයන්ථ සංස්කරණය සම්බන්ධයෙන් සම්මත ශාස්ත්රි.ය ක්රේම අනුගමනය කරමින් සමපාදනය කරන ලද පෙළ හැරුණ විට රාජවලියෙහි අන්තරගත ඓතිහාසකි ප්රනවෘත්ති , භාෂවා ආදි කරුණු පිළබඳ කරන ලද පර්යේෂණයන්හි ප්රහතිඵල මෙහි සංඥපනයට ඇතුළත් වෙයි. රාජාවලිය හැරුණ විට, එයට මුලාශ්රපය වු පූජාවලිය, අලකේශ්වර යුද්ධය යන කෘති ද, පසුව රාජාවලිය ආශ්ර්යෙන් සම්පාදනය කරන ලද වන්නිරාජාවලාය වැනි ලේඛන ද ගැන නිරවුල් තොරතුරු රැසක් මෙම සංඥාපනයෙහි සාකච්ඡාවය භාජන වෙයි. ‘රාජාවලියේ මුලාශ්ර යන් හා අන්තර්ගත කරුණු’ යන මැයෙන් ලියා ඇති ‍කොටස මෙහි ලා විශේෂයෙන් සඳහන් කළ යුතුයි. රාජාවලියෙහි ඓතිහාසික අගය විමසිමේ දි දිපවංසය, මහාවංසය, වංසත්ථප්පකාසිනය ආදි පාලි ග්රංන්ථ සහ පූජාවලිය. රාජරත්නාකරය ආදි සිංහල පොත් පමණක් නොව කූතෝ, ක්වේරෝස් ආදි පෘතුගිසි ලේඛකයන්ගේ කෘතිවල පරිවර්තන ද ඇසුරෙන් ඒ ගුන්ථයන්හි දැක්වෙන කරුණු අළලා කර ඇති තුලනාත්මක විග්රඒහය ඉතිහාසය හදාරන්නවුන්හට බෙහෙවින් ප්රඇයෝජනවත් වේ. සුරවිර මහතා රාජාවිලය පිළිබඳව හේතු සහිතව ඉදිරිපත් කර ඇති කරුණු මෙතෙක් කිසිවෙකු විසින් දක්වා නොමැති බවත්, ලංකා ‍ඉතිහිසය හා සිංහල සාහිත්යකය හදාරන්නවුන්ගේඅවධානය ඒ කොටස් කෙරෙහි විශේෂයෙන් යොමු විය යුතු බවත් සඳහන් කරනු කැමැත්තෙමි. රාජාවලියේ කර්තෘත්වය සහ එය සම්පාදනය වු අයුරු විග්රුහ කර ඇති සැටි ද ප්රවශංසනිය වේ. එමෙන් ම පොත අගට එකතු කර ඇති ගැටපද විවරණය ද සිංහල භාෂාව පිළිබඳ කරුණු සොයන්නවුන්හට බෙහෙවින් ප්රදයෝජනවත් වනු ඇත. විද්යොවදය විශ්වවිද්යායලයේ ආචාර්ය ඒ. වී. සුරවිර මහතා විසින් කරන ලද මෙම රාජාවලි සංස්කරණය වු කලි සිංහල පාඨකයාට කාලතුරකින් කියවිමට ලැබෙන විදියේ අගනා ශාස්ත්රිිය සංග්ර හයකි.
සෙනරත් පරණවිතාන
10.12.1965.
14 - ඒ, පීටර්සි ප්ලේස්,
නුගේගොඩ

පටුන පිටු පෙරවදන v - vi ප්රවස්තාවනා vii – viii
පටුන ix
සංකෝත සූවිය xi - xii
1 වන කොටස (සංඥාපනය)
1 - පිටපත් පිළිබඳ විස්තර 1-25

2 - ලක්දිව ඓතිහාසික් ලෙඛන සම්පාදනය හා රාජාවලිය 26-39

3 - මූලාශ්රඓයයන් හා අන්තර්ගත කරුණු 40-74

4 - සංඥනාම පිළිබඳ තොරතුරු 75-119

5 - රාජනාමාවලි සංසන්දනය 120-128

6 - රාජාවලී භාෂාව 129-145 2 වන කොටස රාජාවලිය (පෙළ 146-241
උපග්රලන්ථය - 1 242-248
උපග්රලන්ථය - 2 249-265
ගැටපද විවරණය 266-274
ආශ්රි ත ග්රාන්ථ නාමාවලිය 275-278


[සංස්කරණය]සංකේත සූචිය

අ. - අටබා‍ගේ කන්දෙවිහාරයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
අලයු. - අලකේශ්වර යුද්ධය
උ. - පේරාදේණියේ ලංකා විශ්වවිද්යා ලය පුස්තකාලයට අයතු අංක 1.5. දරන රාජාවලි පුස්කොළ පිටපත
ක. - ‍කොළඹ කටුගෙයි ඇති අංක A.K.5 දරන රාජාවලි පුස්කොළ පිටපත
ග. - රාජාවලිය: බී. ගුණසේකර සංස්කරණය
ගු. - දැනට පේරාදෙණියේ ලංකා විශ්වවිද්යාගලයිය පුස්තකාලයෙහි ඇති, ඇන්.බී. පී. ගුණතිලක දොස්තර මහතාට අයත් ව තිබු රාජාවලි පුස්කොළ පොත්. ගු කාරය ඉදිරියේන යොදැ ඇති අංකයෙන් ඒ ඒ පොත් ලේඛනාරූඪ අංකය දැක්වේ (උදා: ගු - 47)
චූළ. - චූළවංශය
දීප. - දීපවංශය
ධ. - බෙල්ලන ශ්රිව ධර්මපාල පිරිවෙණස්ථ පුස්තකාලයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
නාකා. - නිකායසංග්ර හය
ප. - පේරාදෙණියේ ලංකා විශ්වවිද්යාපලය පුස්තකාලයට අයත් අංක 2.4.243 දරන රාජාවලි පුස්කොළ පිටපත
පූජා. - පූජාවලිය
බ. - බලපි‍ටියේ සුභද්රාකරාම පුරාණ විහාරයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
බ්රිත. - බ්රිවතාන්යප කෞතුකාගාරයේ අංක Or.22.012 189/61-62 දරන රාජාවලි පුස්කොළ පිටපතින්, පේරාදෙණියේ ලංකා විශ්වවිද්යා්ලයිය පුස්තකාලය ‍ලබාගත් මයි‍ක්රො‍පිල්ම් පිටපත
බ්රිව.1 - වික්රේමසිංහ මහතාගේ බ්රිරතාන්යි කටුගෙයි සිංහල පුස්කොළ පොත් නාමාවලියෙහි උපුටා දක්වා ඇති අංක 69/4 දරන රාජාවලි‍ පොතෙහි කොටස්
බ්රිහ.2 - වික්ර9මසිංහ මහතාගේ බ්රිරතාන්යෙ කටුගෙයි සිංහල පුස්කොළ පොත් නාමාපලියෙහි උපුටා දක්වා ඇති අංක 70 දරන රාජාවලි පොතෙහි කොටස්.
බ්රි්.3 - වික්ර0මසිංහ මහතාගේ බ්රි තාන්යෙ කටුගෙයි සිංහල පුස්කොළ පොත් නාමාවලියෙහි උපුටා දක්වා ඇති අංක 70 ඒ දරන රාජාවලි පොතෙහි කොටස්
ම. - බ්රි තාන්ය කටු‍ගෙයි ඇති රාජාවලි පුස්කොළ පිටපතකින්, ලංකා රාජ්යිලේඛනාගාරය ලබාගත් ජායාරූප පිටපත (අංක 5/63/80-78/60)

xii

ය. - සඳලංකාවේ යොගි‍යාලෙණ පන්සලට අයත් රාජාවලි පුස්කොළ පිටපත
යු.1 - බ්රිිතාන්යන කෞත‍ුකාගාරයේ ඇති අංක Or.4971 (73) දරන රාජාවලිය නමින් හදුන්වනු ලබන අගකේශ්වර යුද්ධය නම් පුස්කොළ පිටපත
යු.2 - ඥනාදර්ශය සඟරාවේ වරින්වර පළ වූ අගකෝශ්වර යුද්ධය නම් කෘතියෙහි පෙළ
ර. - මොහොට්ටිමුල්ලේ ශ්රිර වර්ධනාරාමයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
ල. - මොල්ලි‍ගොඩ ප්ර වචනොදය පරිවෙණස්ථ පුස්තකාලයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
ව. - රාජාවලිය: වතුවත්තේ පේමානන්ද ස්ථවිරයන්ගේ සංස්කරණය
ස. - කටුගස්තොට හල්ඔලුවේ සෙල්ලාවල රජමහාවිහාරයට අයත් රාජාවලි පුස්කොළ පිටපත
හ. - පන්නාල ඇස්. ඩිංගිරි ඈපා මහතාට අයත්. දැනට හඟුරන්කෙත පොත්ගුල් විහාරයේ ඇති රාජාවලි පුස්කොළ පොත

උපුටාගැනිම : විකිපිඩියා

නිත්තෑවුන් / නිට්ටෑවන් ගැන දන්නවාද?

නිත්තෑවුන් වනාහි නූතන මිනිසාට සමාන ලක්ෂණ වලින් යුත් ප්‍රමාණයෙන් කුඩා ශරීර සහිත පුරාතන ලංකාවේ ජීවත් වූ මිනිස් කොට්ඨාසයකි.



1886 දී ශී‍්‍ර ලංකාවේ නිත්තෑවන් පිළිබඳව හියු නෙවිල් විසින් මෙම පරාවෘත්තමය ජනවර්ගය පිළිබඳව වැද්දන්ගෙන් තොරතුරු ලබාගෙන ඉතා සිත් ගන්නාසුළු වාර්තාවක් The Nittaewo of Ceylon – The Taprobanian,1886 නමින් ඉදිරිපත් කරයි.


මෙම ජන කොටසේ අනන්‍යතාව පිළිබඳව තියුණු මතභේදයන් පවතී. මෙහිදී ඇතැමුන් විශ්වාස කරනුයේ නිත්තෑවෝ වනාහී නෙග්රිටෝවරුන්ගේ අවශේෂව ගිය ගෝත‍්‍රයක් බවටය. එසේ ම අනෙකුත් අයවලූන් කියා සිටිනුයේ නිත්තෑවන් වූකලී වානර මානවයෙකු බවයි. එතකදු වුවත් ඇතැම්හු මෙම නිත්තෑවුන් 'රාහු වලසා' යනුවෙන් හඳුන්වනු ලැබු වලසකුට සමාන සදහටම වඳවී ගිය විශේෂයක් ලෙසින් සලකති.


නිත්තෑවුන් වනාහි යාල නැගෙනහිර අතරමැදි කලාපය හා තමන්කඩුව ප‍්‍රදේශය අතරතුර පිහිටා ඇති මහලේනම ආශි‍්‍රතව ජීවත් වූ මිනිස් කොට්ඨාසයක් බව කියනු ලැබේ.


මින් වසර 250කට පමණ පෙර වැද්දන් විසින් මුන් සහමුලින්ම ඝාතනය කොට ඉවත් කරනු ලැබු බව විශ්වාස කෙරෙයි. වැද්දන්ගෙන් ලබා ගත් තොරතුරු ඇසුරින් හියු නෙවිල් තම කෘතියේ සඳහන් කරනුයේ, “නිත්තෑවෝ වනාහී ක‍්‍රෑර සහ වනචාරී ගති පැවතුම් සහිත වූ සහ ලේනම ආශි‍්‍රතව කුඩා ප‍්‍රජාවන්ගෙන් යුක්තව ජීවත් වූ කළු පැහැ සමකින් යුක්ත මනුෂ්‍ය කොට්ඨාසයක්” බවය.


ගස් මත සකස් කරන ලද වේදිකා මත, කොල අතුවලින් සෙවිලි කරගත් නිවාසවල ඔවුහු ජීවත් වූහ. ඔවුනට වැදි, සිංහල හෝ දෙමළ බස කථා කිරීමට නොහැකි විය. ඔවුන්ගේ බස වඩාත් සමීප ව තිබුනේ කතරගම වෙත වන්දනාවේ එන වන්දනා කරුවන්ගෙන් ඇතමුන් භාවිතා කළ තෙලිඟු බසටය.


තම සීමාව ආක‍්‍රමණය කරන වැද්දන්ට ඔවුන් පහර දෙන නිසා සෑම වැද්දකුම දඩයමට හෝ පැණි එකතු කිරීමට නිත්තෑවන්ගේ සීමාවට ඇතුල්වීමට බිය වූහ.


හියූ නෙවිල් හට මෙම තොරතුරු සැපයීමට ඉදිරිපත් වූවන්ගේ මුතුන් මිත්තන් විසින් නිත්තෑවුන් සමඟ සටන් කොට අවසානයේදී ඉතිරි වූ නිත්තෑවුන්ගේ ගැහැණුන්, මිනිසුන් හා ළමයින් ගුහාවක් තුළ සිර කර දින තුනක් පුරා දර අවුලූවා වනසා දැමු බව පවසා ඇත. ඉන් අනතුරුව, නිත්තෑවුන් වඳව ගිය අතර ඔවුන්ගේ දඩයම් බිම් වැද්දන් විසින් අත්පත් කර ගන්නා ලදී.


ෆ්‍රෙඞ්රික් ලූවිස් සිලෝන් රාජකීය ආසියාතික සංගමයේ 1914 වසරේ වාර ප‍්‍රකාශනයේ නැගෙනහිර ඌව හා දකුණු පානම්පත්තුව අශි‍්‍රත ව කළ ගවේශණයක සටහන් ඇසුරින් වැදි සිරිත් විරිත් පිළිබඳව වාර්තා කරමින් කියා සිටිනුයේ, නිත්තෑවන් වනාහි අඩි තුනක් පමණ උස ජන කොටසක් බවයි. ඔවුන්ගේ ස්තී‍්‍රන් පිරිමින්ට වඩා උසින් අඩු වූහ. ඔවුන් සෘජු කය විලාසයක් සහිතව ඇවිද ගිය, වලිග රහිත හා සම්පූර්ණයෙන්ම නිරුවත්ව දිවි ගෙවු ජන කොටසක් ලෙසින් ජීවත්ව ඇත. ඔවුන්ගේ බාහු කෙටි වූ අතර ඇඟිලි අද්දර පිහිටි නිය පක්‍ෂි නිය මෙන් ශක්තිමත්ව පිහිටා තිබුණි. ඔවුන් ගස් මත, ගුහා තුළ හා පාෂාණ පැලූම් ආශි‍්‍රතව දිවි ගෙවා ඇති අතර ඔවුන්ගේ භෝජනය සකස් වී තිබුණේ ඔවුන් විසින් දඩයම් කරගත් හාවුන්, ලේනුන් හා ඉබ්බන්ගෙනි. ඔවුන් 10 සිට 20 පමණ වූ කුඩා කණ්ඩායම්වලින් සමන්විත ව තිබු රංචු තුළ ජීවත් වූ අතර ඔවුන්ගේ කතාබහ කුරුල්ලන්ගේ හඬකට සමානව පැවතුනි.


නිත්තෑවන් ජීවත් වූයේ ඊට පරම්පරා දෙකකට පෙර වූ අතර, නිත්තෑවුන් ලෙසින් ඇත්තටම ජීවි පිරිසක් ජීවත්ව සිටියේ නම්, ඔවුන් සහමුලින්ම වඳව යාමට පෙර දහඅටවන සියවසෙහි අවසාන භාගය දක්වා ම ඔවුන් ජීවත්ව සිටින්නට ඇත.


නිත්තෑවුන් පිළිබඳව වන මෙම පුරාවෘත්තය විස්තර කිරිමෙහිලා න්‍යායයන් බොහොමයක් ගෙනහැර දක්වා ඇත. නිදසුනක් ලෙසින් හියු නෙවිල් විශ්වාස කරනුයේ මෙකී ජනවර්ගය රැහෙන් පන්නනු ලැබු, වහලකු හට පවා ස්පර්ශ කිරීමට හෝ සිත් නොදෙන අතිශය අපිරිසිදු, නීච ජන වර්ගයක් වන කොචින්හි නියදිවරුන් හට යම් නෑ සබඳතාවයක් දක්වන බවටය. නි


යදිවරුන්ව විස්තර වනුයේ කුඩා රංචු වශයෙන් නිදැල්ලේ ඇවිදින හා රූස්ස ගස් මත තැනු තුරුලූ කැදලි හෝ පැස් බඳු නිවාස තුළ ජීවත් වන ජන කොටස් වශයෙනි. ඔවුන් ඉබ්බන් හා කිඹුලන් ආහාරයට ගෙන ඇති අතර වසරකට වරක් කුකුලකු බිලි පූජාවට ලක් කර දේවතාවියකට වැඳුම් පිඳුම් කළ බවද සඳහන්ය.


නිත්තෑවුන්ගේ ආහාර පරිභෝජන රටාව, වෘක්‍ෂ මත ඔවුන් ගත කරන ජීවිතය හා ඉබාගාතේ යන ජීවන රටාව මුලික වශයෙන් සලකා බලා නිත්තෑවුන්ව නියදිවරුන් සමඟින් සම්බන්ධ කිරීමට නෙවිල් කරුණු ඉදිරිපත් කළේය. ඔවුන්ගේ සම්භවයට අනුකූලව ඔහු විසින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවුන් වනාහි විනාශයෙන් හෝ සංක‍්‍රමණයෙන් පසු ඉතිරි වූ සිංහල ලම්බකර්ණ වංශිකයන්ගෙන් පැවතෙන්නන් බවයි. කෙසේ වෙතත්, නෙවිල්ගේ මෙම කල්පිතය වඩාත් විතර්කීය වන බැවින් එය ශාස්තී‍්‍රය ගුරුකුලයන් තුළ එතරම්ම පිළිගැනීමකට ලක් ව නොමැත.


මානව විද්‍යාඥ ඔස්මන් හිල් විසින් නිත්තෑවුන් පිළිබඳ තම න්‍යායය 1945 දී පළ කළ ‘නිත්තෑවෝ – ලංකාවේ නොවිසඳු ගැටළුවක්’ ලෙසින් ඉදිරිපත් කර ඇත. එහිදී එම න්‍යාය මගින් ඔහු සාකච්ජා කරනුයේ නිත්තෑවුන් වනාහි ජාවා මිනිසා හෝ පිතෙකැන්ත්‍රෝපස් මානවයාගෙන් වෙන්වු වෙනත් ජීවි විශේෂයක් බවය. ඔහු විශ්වාස කරනුයේ මෙම හුදකලා වානර මානව විශේෂය, මෙවන් අනිකුත් හුදෙකලා වූ ජිවී විශේෂවල බොහෝ විට සිදු වන්නාක් මෙන්, පිග්මි ජන කොටසක් ලෙස වර්ධනය වූ බවටය. කපිතාන් F. T. රඹුක්වැල්ල, ‘නිත්තෑවෝ – ලංකාවේ පුරාවෘත්තමය පිග්මිවරු,’ මැයෙන් යුතුව 1963 දී ලංකාවේ රාජකීය ආසියාතික සංගමයේ පුවත් කලඹෙහි ලිපියක් පළ කරමින් මෙම වානර – මානව න්‍යාය ශක්තිමත් කරයි.


නිත්තෑවන් වනාහි දකුණු අෆි‍්‍රකාවේදී ශේෂයන් හමුවූ, ආසියාවේ නැගෙනහිර පෙදෙසටද පැතිර ගියේ යයි සැලකෙන ඔස්ට‍්‍රලෝපිතකස් මානව විශේෂයට අයත් ජීවි විශේෂයක් බවට ඔහු විශ්වාස කරයි.


මෙම මානව විශේෂය සාමාන්‍යයෙන් හඳුනා ගැනෙනුයේ සිරුරින් කුඩා, මිනිස් වානරයන්ගේ පෙනුමැති, සෘජු කය විලාසයකට හිමි කම් කියන, දෙපා සංචරණයට හුරු වුවන් ලෙසිනි.


ඔවුන්ගේ දන්ත වින්‍යාසය මානව දන්ත විනාසයට බෙහෙවින්ම අනුරූප වන අතර නූතන මානවයාගේ මෙන් හිස් කබල ආශි‍්‍රතව කපාල නෙරුම් දක්නට නොලැබීම ඔවුන්ගේ ලක්ෂණයකි. මෙම විශේෂයට අයත් ජීවින් තව දුරටත් විස්තර කරනුයේ ඔවුන් වනාහි ගුහා ආශි‍්‍රත ජීවිතයක් ගත කරන, තැනිතලා භූමීවල සංචරණය කරන, කුරුලූ කැදලි අවුස්සන සහ අස්ථි පලා මිදුළු අනුභව කරන, සතුරා පසු පස එලවීමේදී තියුණු හා විනාශකාරී ආයුධ දරන වානරයකු ලෙසට ය.


ඔවුන්ගේ මාංශ ආහාර සඳහා ඉබ්බන්, කටුස්සන්, කකුළුවන් හා කුරුලූ බිත්තර නිබඳව යොදා ගෙන තිබුණි. මේ අනුව කපිතාන් රඹුක්වැල්ල කියා සිටිනුයේ, “එවකට ආසියාව සහ අෆ‍්‍රිකාව පුරා සැරිසැරූ මෙම මානව වානරයන් මුල් මානවයා සමග සමාන්තරව, සුරැකුම සඳහා තරග වදිමින් පරිණාමය වූ බවයි. මෙම තරගයේදී පලවා හරින ලද ඔවුහු මහාද්වීපයේ පරිවාර ප‍්‍රදේශවලට තල්ලූ වී ගියහ.”


මෙකී ඔස්ටෙ‍්‍රලෝපිතකස් මානවයන්ට ඥති සබඳතා දක්වන වෙනත් උප මානව වානර විශේෂ ඉන්දීය උප මහාද්වීපයේ ගැවසෙමින් සිටි අතර මුල් ප්ලයිස්ටෝසීන යුගයේදී පැවැත්ම සඳහා පරිසරය සමග සිදු කළ අරගළයේදී තව තවත් දකුණට සංක‍්‍රමණය වී අනතුරුව එම උප මහාද්වීපයේම කොටසක් වූ ලංකාවට සම්ප‍්‍රාප්ති වී ඇති බවට කපිතාන් රඹුක්වැල්ල තර්ක කරයි.


මෙසේ දිගු දුර ගිය වානර – මානව න්‍යායයන් බොහෝ විවේචනයන්ට ලක්ව තිබේ. පිතකැන්ත්‍රොපස් හා ඔස්ට‍්‍රලොපිතෙකස් ජීවත් වුණේ වසර ලක්ෂ පහකට පෙරාතුව යයි විශ්වාස කරන අතරනූතන මානවයා හෙවත් හෝමෝ සේපියන්ගේ සපැමිණීමට බොහෝ කලකට පෙර වඳ වී ගිය බව පෙනේ.


ප‍්‍රකට ගවේෂක වෛද්‍ය ආර්. එල්. ස්පිට්ල් විසින් රඹුක්වැල්ලගේ න්‍යායය විවේචනය කරනුයේ (රාජකීය ආසියාතික සමිතිය ප‍්‍රකාශනය, 1963) වඳව ගිය රතු ලෝම සහිත දුඹුරු වලසකු වන රාහු වලසා සමගින් නිත්තෑවන් සරළ ලෙස අනන්‍ය කරමිනි.


නිත්තෑ පුරාවත පිළිබඳ පානම පත්තුවේ සිංහල වැසියන්ගෙන් නෙවිල් (1886) විසින් ලබා ගන්නා ලද විස්තර මත ස්පිට්ල්ගේ ප‍්‍රවාදය පදනම් වෙයි. නිත්තෑවුන්ට, රාහු වලසාට මෙන් විසිරුණු රතු ලෝම හා දිගු නිය ඇතැයි කියනු ලබන පුරාවෘත්තය වැද්දන් අතර තවමත් සුරක්‍ෂිත ව ඇති ප‍්‍රවාදයකට බෙහෙවින් සමානය.


කෙසේ වෙතත් නෙවිල් මෙය වැද්දන්ට ඉදිරිපත් කළ කල්හි වැද්දන් විසින් මෙකී ප‍්‍රවාදය සඳහා කිසිදු ආකාරයක සහයෝගයක් නොදැක්වූ අතරම නිත්තෑවුන්ගේ රතු පැහැ හිස කෙස් සහ දිගු නිය පිළිබඳව විස්තරය අසා වැද්දෝ විමතියෙන් එය හාස්‍යයට ලක් කළහ. ඔවුන් එකවරම කියා සිටියේ සිංහලයන් විසින් දුර්ලභ වලසකු වන රාහු වලසා නම් වූ ලේනම ප‍්‍රදේශයේ සිට දැන් වඳව ගොස් ඇති, අපැහැදිලි කටකතා මඟින් පමණක් දැන ගත හැකි ජීවියකු සමඟින් නිත්තෑවන් පටලවාගෙන ඇති බව යයි නෙවිල් ලියයි.


මෙම වලස් විශේෂය බොහෝ මෑතක් වන තුරු ජීවත් වූ බවට සාක්‍ෂි ඇත. 1885දී නෙවිල් විසින් රචිත තැප්‍රෝබේනියන් නම් වූ ග‍්‍රන්ථයේ සටහන් වනුයේ, රාහු වලහා කලාතුරකින් “මැණික් ගඟ හා කුඹුක්කන් ඔය අතරමැද වූ වනයෙන් පිරි දිස්ති‍්‍රක්කයක” හමුවන බවකි.


1964දී නන්දදේව විජේසේකර සංක‍්‍රමණය වන වැද්දන් පිළිබඳ වූ තම කෘතියකින් යෝජනා කර සිටිනුයේ නිත්තෑවන් යනු නෙග්රිතෝ මිනිසුන් විය හැකි බවය.


විජේසේකර තම න්‍යාය තව දුරටත් පුළුල් කිරිමට වෙර නො දරන්නේ මුත්, එතකුදු වුවත් එය නිශ්චිතවම වාගේ ඊට පෙර නිත්තෑවුන් පිළිබඳව ඉදිරිපත් කළ අනෙකුත් න්‍යායන්ට වඩා තහවුරු කළ හැකි මතයක් වෙයි. නෙග්රිතෝවරු මුළු මහත් දකුණු හා ගිනිකොණදිග ආසියාවේම ජීවත්ව දැන් එම ප‍්‍රදේශවලින් වඳව ගොස් ඇතත්, ඔවුන් තවමත් බෙංගාලි මුහුදු බොක්කේ දකුණු දිගින් පිහිටි අන්දමන් දූපත්වල දැකිය හැක. මෙම ජන වර්ගයේ අනිකුත් සාමාජිකයන් මලයානු අර්ද්වීපයේ සෙමැං හා සුලාවාසීහි 'තොආලා' හි දැකිය හැක.


නෙග්රිතෝ ඝනයේ තවත් සාමාජිකයන් පිරිසක් කදාර් හා පුලයියන් ගෝත‍්‍ර වැනි ආදිවාසී දකුණු ඉන්දීය ගෝත‍්‍ර අශි‍්‍රත ව හඳුනාගත හැක. ලාක්ෂණික තද කලූ සමෙහි වර්ණය, මොළොක් හිස කෙස්, පුළුල් හිස, පැතලි නාසය, හා නූස් සිරුරු මඟින් ඔවුන් පහසුවෙන් හඳුනා ගත හැක. ඔවුන්ගේ වැඩුණු පුරුෂයකු සාමාන්‍යයෙන් අඩි හතරයි අගල් හයක් පමණ උස වන අතර, පරිණත ගැහැණු අයකු ඊටත් වඩා උසින් අඩු ය. භූගෝලීය සාධකවල පවත්නා දැඩි සමීපභාවය තුළ දකුණු ඉන්දීය නෙග්රිතෝ ගෝත‍්‍රිකයන්ගේ සංචරණ කණ්ඩායමක් දුර ඈත අතීතයේ දවසකදී ලංකාවට පැමිණීම සිදු නොවිය හැක්කක් නොවේ.


එනමුත් ඔවුන්ගේ සිරුරු හා සම්බන්ධ අස්ථි කොටස් හමු වී නොමැත්තේ මන්දැයි ඇසීම වැදගත් ප‍්‍රශ්නයක් ලෙසින් සැලකිය හැක. ඊට හේතු ලෙසින් දැක්විය හැක්කේ නිත්තෑවන්ගේ වාසභූමිය වූ ලේනම හා තමන්කඩුව ප‍්‍රදේශයන් තවමත් විශාල වශයෙන් ගවේශණයට ලක් කර නොතිබීම බව කිව හැක.

30 December 2011

රාවණා පරපුරේ සැඟවුණ තොරතුරු



දාර්ශනික අදහස්‌වලින් පරිපූර්ණ වූ වේද වේදාංශ, බ්‍රාහ්මණ, උපනිශද් හා වීරකාව්‍යවලින් පෝෂණය වූ රටකි ඉන්දියාව. ජාතියක්‌ හැටියට එක්‌වන්ව නැගී සිටීමට ඔවුනට අනුබලයක්‌ වී ඇත්තේ වීරකාව්‍යයි. මහාභාරතය, රාමායනය ඔවුන්ගේ සාහිත්‍යයට එක්‌වී ඇතතේ වීරකාව්‍ය වශයෙනි. වීරකාව්‍යයන් ලෙස ප්‍රසිද්ධ කථා අතර රාම - රාවණ, කුරු - පාණ්‌ඩව හා සුර - අසුර වැනි කථා තුළින් නින්දිතයා පරාජයට පත්වෙන අතර වීරයා ජයග්‍රහණය කරයි. අසාධාරණය වෙනුවෙන් සටන් වදින වීරයාගේ කථාවෙන් ඉන්දියානු ජාතිකයා තුළ මහත් අභිමානයක්‌ ඇති කෙරේ. ඔවුන් අපරාජිත ජාතියක්‌ බවට පත් කෙරේ.

රාමායනය පැරණි කෘතියක්‌ හැටියට වැදගත් වූවත් වීරකාව්‍යයක්‌ හැටියට අපට වැදගත් වන්නේ නැත. කුමක්‌ හෙයින්ද, ශ්‍රී ලාංකික රාවණා පිළිබඳ තොරතුරු නොදැන රාමට අත්පුඩි ගැසීම අපට තරම් නොමැති බැවිනි. ශ්‍රී ලාංකිකයාට පැරණි වීර කාව්‍ය සාහිත්‍යයක්‌ නොමැත. තිබුණත් ඒවා වැළලී ගොසිනි. අපට යම්තම් හෝ අභිමානයක්‌ ඇතිවන්නේ දුටුගැමුණු රජතුමාගේ කථා ප්‍රවෘත්තියෙනි. විජයගෙන් පැවත එනවා යෑයි විශ්වාස කරන අපට යක්‌ෂගෝත්‍රිකයන්ගෙන් පැවත එන රාවණා නින්දිතයෙකි. සීතාව දූෂණය කළේ යෑයි රාමායනයේ බැරිවීමකින් හෝ සඳහන් වූවා නම් රාවණ අපට සල්ලාලයෙකි. වරක්‌ බුදුන්වහන්සේ ලක්‌දිවට වැඩම කළ අවස්‌ථාවේ අසංවර යක්‌ෂ ගෝත්‍රිකයන් පෙළහර පා දමනය කොට ගිරි දිවයිනට පන්නා දැමූ බවක්‌ සඳහන් වෙයි.

විජය ලංකාදීපයට පැමිණ මෙහි ජනාවාස ඇති කොට කෘෂිකාර්මික රටාවකට හුරු පිරිසක්‌ බිහි කළ බවත් ඒ වන විට ලංකාවේ ආදි වාසීන් වන යක්‌ෂගෝත්‍රිකයන් පහත් චර්යාවල යෙදෙමින් දඩයම වෘත්තියක්‌ කොට ජීවත් වූ බවත් බොහෝ අයගේ මතයයි. විජය ඇතුළු පිරිස උසස්‌ කොට තැකීමත් සමග ශ්‍රී ලාංකික අනාර්යයන් හෙවත් යක්‌ෂ ගෝත්‍රිකයන් පිළිබඳ තොරතුරු ඓතිහාසික ග්‍රන්ථවලින් මග හැරී තිබීම කනගාටුවට කරුණකි.

යක්‌ෂගෝත්‍රික හෙවත් රාවණා පරපුර බුද්ධකාලය වන විට පරම්පරා දෙකක්‌ වශයෙන් ප්‍රසිද්ධව පැවතිණි. රවිශෛලාශ වංශය හා කේවේසස්‌ථ වංශය වශයෙනි. නැව් තාක්‌ෂණය මුහුදු තරණය හා මුහුදු සටන් පිළිබඳව ඉහළින් ප්‍රගුණ කළ කේවේසස්‌ථ වංශිකයෝ ත්‍රිකුණාමලය යාපනය ආදී ප්‍රදේශවලත්, බටහිරින් මක්‌කම (පුත්තලම) ධූමක කද්දිරය (කලා ඔය) මීමඨ නඳුර (මල්වතු ඔය) මුහුදු සීමාවෙත් ජනාවාස පිහිටුවා ගත්හ. පසු කලෙක කෝණ වංශිකයන් නමින් ප්‍රසිද්ධ ව සිටි මේ අය අදත් අබේකෝන්, අලහකෝන්, තෙන්නකෝන් යන නම්වලින් තම වංශ නාමය රැකගෙන ඇත. කෝණ, යෝණ යන නම්වලින්ද පෙනී සිටියෝ මේ අය වෙති. බුදුරජාණන් වහන්සේ යෝනක පුරයට වැඩම කොට ශ්‍රී පාද ලකුණ පිහිට වූ බව බෞද්ධයන් දන්නා කරුණකි. යෝණක පුරය නමින් එදා හඳුන්වන්aaaනට ඇත්තේ යාපනය අර්ධද්වීපයයි.

කේවේසස්‌ථ හා රවිශෛලාශ වංශිකයන් පිළිබඳ සඳහන් වරිග පූර්ණිකා පත්ඉරුවෙහි මෙසේ සඳහන් වේ.

"ශ්‍රී මහෝත්තම විරාජමාන ශාක්‍යවංශාලංකෘතවූ සම්‍යක්‌ සම්බෝධි පීතෘන් කුළුනැස පා බලාපි කළ සිද්ධිපානා ඊකරා බලපතීව් කාගෝර කද්දිරය මිනිමිහිදේශයේ උත්තර කොදෙව්වෙන් කෙවේසස්‌ථා රක්‌නා රකුන් කුල (මහවැලි ගඟ) ඊමවැ මහගිරි රකුන්පත් අනඥාව කරා සෙවිලී ඊමග මේ නිසාවෙන් පත් ඉරු කරම්හ මෙහෙනි ක්‌ෂීර කේමවැ මිනිමිහි දේශේ"

ඔදැතිය උපුල්වන් ගිරිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය රකුන්ගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය නීලගිරි දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය කාවස්‌ලාභ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය ධුමක කද්දීර රකුන්පති ඊ බලපති වී

ඔදැතිය වාලුක දෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය අග්නිදෙස්‌ රකුන්පති ඊ බලපති වී

ඔදැතිය විලෝපාදි දෙස්‌ රකුන්පති දෙස්‌ බලපති වී

වරිගපූර්ණිකා කියමනට අනුව ලංකාවේ උතුරු ප්‍රදේශයේ කේවේසස්‌ථා නම් යක්‌ෂ ගෝත්‍රික කුලයට අයත් පාලන ක්‍රමයක්‌ විය. මෙහි මහා ගිරි වශයෙන් හඳුන්වන්නේ ශ්‍රී පාද කඳු වැටියයි. එය කේන්ද්‍ර කරගත් හා ප්‍රදේශීය රාජ්‍යයන්ගෙන් සමන්විත පාලන ක්‍රමයක්‌ දකුණු ප්‍රදේශයේ ස්‌ථාපිත වී තිබිණි. වරිග පූර්ණිකාවට අනුව මහාගිරි ප්‍රධාන කරගත් අනෙකුත් ප්‍රාදේශීය රාජ්‍යයන් වන්නේ

1.උපුල්වන්ගිරි දේශය - දඹුල්ල ප්‍රදේශය මුල් කරගත් කන්ද උඩරට ප්‍රදේශය.

2. රකුන්ගිරි දේශය - රිටිගල ප්‍රදේශය.

3. කාවස්‌ථ ලාභ යක්‌ෂ කුලය පාලන ප්‍රදේශය - හබරන මහියංගන ප්‍රදේශය.

4. නීලගිරි දේශය - මානෑව කඳුවැටිය ප්‍රධාන කරගත් අනුරාධපුර ප්‍රදේශය.

5. ධූමක කද්දීර දේශය - කලාඔය ගල්ගමුව ගිරිබාව ආදී ප්‍රදේශ.

6. වාලුක දේශය - තම්මැන්නා අඩවිය විල්පත්තු වන අඩවිය.

7. බන්දු දේශය - නැගෙනහිර ප්‍රදේශය.

8. අග්නි දේශය - ගිනිකොණ ප්‍රදේශය.

9. වීලෝපාදි දේශය - බටහිර ප්‍රදේශය.

මහගිරි සෙන්පතියා යටතේ පැවති මේ ප්‍රදේශවල පාලන බලය උසුලනු ලැබුවේ ප්‍රාදේශිය යක්‌ෂ ප්‍රධානීන් විසිනි. වරිග පූර්ණිකාවට අනුව ලංකාවේ යක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ප්‍රධාන රාජ්‍ය දෙකක්‌ තිබිණි. එකක්‌ වූයේ ලංකාවේ දකුණු ප්‍රදේශය පාලනය කළ කේවේසස්‌ථ වංශයයි. දෙවැන්න ප්‍රාදේශීය රාජ්‍ය නාමයකින් යුක්‌ත මහගිරි යක්‌ෂ සෙන්පතියාගේ පාලන ප්‍රදේශයයි. යක්‌ෂ ගෝත්‍රික මූලාශ්‍ර අනුව කවිලාශිපාලි දේවියට බණ දේශනා කළ පුණ්‌න වෙළෙන්දා බුදුන් ළඟ පැවිදී වී රහත්ඵලයට පත්වීය. කවිලාශි අග්නිපාලී දේවිය පුණ්‌න රහතන්වහන්සේ හරහා බුදුන්වහන්සේට ලක්‌දිවට වැඩම කරන ලෙස ආරාධනා කළාය. එය පිළිගත් බුදුන්වහන්සේ පූණ්‌න තෙරුන් වහන්සේ, ආනන්ද තෙරුන් වහන්සේ, පුස තෙරුන්වහන්සේ සමග ලක්‌දිවට වැඩම කළහ. මේ ප්‍රදේශය මුලින් ලලාට දේශය නමිනුත් පසුව මක්‌කම නමින් ප්‍රසිද්ධියට පත්විය.

යක්‌ෂ ගෝත්‍රික භාෂාවෙන් මක්‌කමා යනු සලකුණ යන අර්ථය ලැබේ. බුදුන්වහන්සේ ලක්‌ දෙරණේ පය තැබූ ස්‌ථානයේ උන්වහන්සේගේ දකුණුපාදය වැල්ලේ එරී ගියේය. මෙය ලක්‌දිව තැබූ පළමු ශ්‍රී පාද සලකුණයි. මෙය බෞද්ධයන්ගේ හරසරයට ලක්‌වීම නිසා මේ ස්‌ථානය පූජනීය ස්‌ථානයක්‌ බවට පත්විය. පුත්තලමත් මන්නාරමත් අතර ප්‍රදේශයක මේ පූජනීය ස්‌ථානය අදටත් අප්‍රකටව පවතී. වරිග පූර්ණිකාවට අනුව බුදුන්වහන්සේ වාලුකා දේශය, වැලිවෙහෙර (විල්පත්තුව), ගිරිදේශය, නීලගිරිය, රකුන්ගිර යන ස්‌ථානවලට වැඩම කළේය. නීලගිරියේදී උන්වහන්සේ විෂකුම්භණ සූත්‍රය දේශනා කළහ. එය ශ්‍රවණය කළ කවිලාශ අග්නිපාලී දේවිය අරහත් ඵලයට පත්වුවාය. මෙම රහත් මෙහෙණිය මීමථ කඳුර අද්දර ආරාමයක්‌ කොට වැඩ විසුහ. රත්නාවලී රහත් මෙහෙණිය නමින් ප්‍රසිද්ධියක්‌ ඉසුලු මෙම මෙහෙණින් වහන්සේ ලංකාවේ භික්‌ෂූ භික්‌ෂුණී සාසනය පිහිටුවීමට මූලිකත්වය දැරූහ.

නීලගිරියේ බුදුන්වහන්සේ ධර්ම දේශනා කළ ස්‌ථානය තම ගෙල පැළඳ සිටි මුතු මාලය තැන්පත් කොට විෂකුම්භණ නම් චෛත්‍යයක්‌ කවිලාශිපාලී මෙහෙණිය විසින් ඉදි කරන ලදී. මෙම විෂකුම්භණ නම් චෛත්‍යය අදත් මානෑකන්දේ නටඹුන් අතර දක්‌නට ලැබේ.

රකුන්ගිරට වැඩම කළ බුදුන්වහන්සේ එහිදී ගිරිභද්‍ර සෙන්පතියාගේ මිථ්‍යා මත දුරු කොට ධර්ම දේශනා කළහ. බුදුන්වහන්සේ මෙම ස්‌ථානයේ ද ශ්‍රී පාද ලාංඡනය පිහිටුවා වදාළහ. සච්චභද්ද ගිරිය නමින් ප්‍රසිද්ධ වූයේ මෙම ස්‌ථානයයි. සත්නාගිර හෙවත් රකුන්ගිර සිට උපුල්වත් ගිරියට වැඩම කළ බුදුන්වහන්සේ එහි වස්‌ කාලයක්‌ වැඩ විසුහ. යක්‌ෂ ගෝත්‍රිකයො බුදුන්වහන්සේට වැඩ සිටීමට ලෙනක්‌ පූජා කළේය. දඹුලු විහාරයේ අදත් ඒ ලෙන නිරුපද්‍රිතව පවති. මූලින්ම බුදුන් වහන්සේට පූජා කළ විහාරය දඹුලු විහාරයයි. ඒ බව සනාථ කෙරෙන සෙල් ලිපිය පහත දැක්‌වේ.

ගෞතම ශ්‍රමණේ බඩගරික අනද තෙරශ, පුණ තෙරශ, පුස තෙරශ අගමාගත ලෙන මනස දසන නම අගත අනගත වතුදශ ශගස (උපුටා ගැනීම - අපට අහිමි වූ අපේ උරුමය මුකලන්ගමුවේ පඤ්ඤානන්ද හිමි)

කවිලාශිපාලි රහත් මෙහෙණියට දියණියන් දෙදෙනෙකි. ඔවුන් නම් මහාපාලි, සෘෂිපාලි යන දෙදෙනාය. ගිරිභද්‍රගේ අභාවයෙන් පසු ගිරි දේශයේ පාලිකාව බවට පත්වූයේ මහපාලී කුමාරියයි. ඇය කවිලාශිපාලි මෙහෙණිය පිරිනිවන් පෑ විට එම ස්‌ථානයේ කුඩාවට චෛත්‍යයක්‌ ඉදිකොට බුහුමන් දැක්‌වූවාය. පසුව දුටුගැමුණු රජු එම චෛත්‍යය විශාල කොට බැඳ රත්නමාලී යන නම තැබූවේ කවිලාශිපාලී මෙහෙණියට කරන ගෞරවයක්‌ හැටියටය. රත්නමාලි චෛත්‍යයේ ඉදි කිරීමද යක්‌ෂ ගෝත්‍රිකයන් හා බැඳී පවතින බව මෙමගින් තහවුරු වේ.

එබැවින් රාවණා පරපුර බෞද්ධ සංස්‌කෘතියක්‌ තුළ ජීවත් වූ ශේ්‍රෂ්ඨ ජාතියක්‌ බව පිළිගන්නට සිදුවේ.

ත්‍රිපිඨකවේදී පණ්‌ඩිත ශාස්‌ත්‍රපති
පූජ්‍ය මැනෑවේ විමලරතන හිමි