13 July 2012

ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවාද? : පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතාව Read more: http://www.malkakulu.com/2011/12/blog-post_22.html#ixzz20WKZnEUB

මෙය පුරාණ පිටසක්වළ ජීවීන්ගේ කතා  මාලාවේ දෙවන කොටස වේ. පිරමීඩ හදන්න අපට කියා දුන්නේ පිටසක්වලින් පැමිණි අමුත්තෝද? ලිපියට විවිධ අදහස් රාශියක් ලැබුණි. අප මෙම ඉදිරිපත් කරන තොරතුරු ලොක ඉතිහාසයේ අබිරහස් ලෙස පවතින එවාය. මෙමගින් පිටසක්වළ ජීවීන් සිටිනවා කියා කිසිසේත් නිගමනය නොකරමු. ළමා හා වැඩිහිටි මනසට විශ්මිත තොරතුරු පිලිබදව විවෘත මනසකින් බැලීමට පෙලබවීම අපගේ අරමුණ වේ.

ඈත අතීතයේ පිටසක්වළ ජීවීන් මෙලොවට ආවා කියන අදහස ඒත්තු ගන්වන්න සාධක දෙකක් යොදා ගන්නවා. එකක් තමයි, කියවා බැලිය හැකි සාක්ෂි. පුරාණ පතපොතේ, සෙල් ලිපි ආදියේ ඇති දේවල්, අනෙක තමයි, දකින්න පුළුවන් සාක්ෂි. ඒ කියන්නේ ලෙන් චිත‍්‍ර හා ගල් කැටයම් හා මූර්ති ආදී දේවල්. මේවා ලෝකය පුරා සෑම රටකින් ම පාහේ හමුවෙලා තිබෙනවා. වචන දහසකින් කියන්න පුළුවන් දෙයක් චිත‍්‍රයකින් පෙන්වන්න පුළුවන් කියන කියමන සනාථ වෙන්නේ මේ දේවල් දැකීමෙනුයි.



පිටසක්වළ අමුත්තන්ගේ ලෙන් චිත‍්‍ර
පුරාණ ලෙන් චිත‍්‍ර, ගල් කැටයම් හා මූර්තිවල දකින්න ලැබෙනවා අසාමාන්‍ය හිස් ආවරණ හා ඇඳුම්වලින් සැරසුණු මිනිස් රූප. ඒවායින් පිළිබිඹු වෙන්නේ වසර දහස් ගණනක් ඈත අතීතයේ පෘථිවියට ආ පිටසක්වළ අමුත්තන් ද? පිටසක්වළ අමුත්තන් ගැන චිත‍්‍ර, මූර්ති ආදී ලොව නන් දෙසින් දකින්න ලැබෙනවා. ඇමෙරිකාවේ යූටා ජනපදයේ සේබල් කැනියමෙන් පවා ලෙන් චිත‍්‍ර හමුවෙලා තියෙනවා. ඒ චිත‍්‍රවල ඉන්නවා අමුතු විධියේ ජීවීන්. ඔවුන්ගේ හිසේ ඇන්ටනා තිබෙනවා. හිස් ආවරණ (හෙල්මට්) පැලඳගෙන ඉන්නවා පේනවා. කිම්බර්ලි  ඕස්ටේ‍්‍රලියාවේ හමුවන ලෙන් චිත‍්‍රවලින් ද නිරූපණය වෙන්නේ හෙල්මට් පැලඳ සිටින මිනිසුන්. අපේ මුතුන් මිත්තන්ට මේ වගේ චිත‍්‍ර අඳින්න හේතු වුණේ මොකක්ද? ඔවුන් ඇන්දේ ඔවුන්ට දකින්න ලැබුණු දෙයක් නම් ඔවුන් පිටසක්වළ අමුත්තන්ව දැකලා තිබෙනවා.


අවුරුදු 15,000 පැරණි නිර්මාණ
ගෝතමාලාවෙන් හමුවෙලා තිබෙනවා, කෞතුක කලා භාණ්ඩ. ඒවායින් එකක් ඉතා හොඳින් පැහැදිලිව පෙනෙනවා ගගනගාමී ඇඳුමකින් සැරසී සිටින පුංචි මිනිසෙක්. මුඛ ආවරණයක් ඒ තැනැත්තාගේ පපුවේ තිබෙනවා, ඇඳුමට අයත් පාලක උපාංග පපුව මැද පිහිටා තිබෙනවා. අවුරුදු 15,000 කට ඈත අතීතයේ දී මිනිසා මෙවැනි කලා නිර්මාණයක් නිර්මාණය කළේ ඇයි? කොලොම්බියාවේ පුරාණ සොහොන් ගැබ්වලින් හමුවෙලා තිබෙනවා පුංචි පුංචි නිර්මාණ. මේවා නූතන ගුවන් යානාවලට සමානයි. සමබරව සවිකළ පියාපත්, ඉන්ධන ටැංකි හා බඳ, පිටුපස සමබරව නිර්මාණය කෙරුණු පසුපස තටුව මේවායේ දකින්න ලැබෙනවා. මෙවැනි දේවල් ස්වභාවිකව දකින්න, මේවා නිර්මාණය කළ අපේ පැරැන්නන්ට හැකි වන්නේ නැහැ. මේ නිර්මාණ හදලා තිබෙන්නේ නූතන ගුවන් යානා තාක්ෂණය හොඳින් අධ්‍යයනය කිරීමෙන් කියලා බැලූ බැල්මට පෙනෙනවා. අපේ මුතුන්මිත්තන් මේ නිර්මාණ කළේ අහසේ පියාසර කරමින් තිබෙන යානා දැකීමෙන් ද?


පුරාණ ගගනගාමියා
තවත් අපූරු පුරාවස්තුවක් තිබෙනවා, තුර්කියේ ඉස්තාන්බුල් කෞතුකාගාරයේ. එහි එක් මූර්තියක් තියෙනවා. එහි සිටිනවා හිසක් නොමැති ගගනගාමියෙක්. මේ ගගනගාමියා ඉන්නේ කිසියම් ආකාරයක අභ්‍යවකාශ යානාවක් ඇතුළේ කුදු ගැහිලා වාඩි වෙලා. ඒක හරියට ගගන කැප්සියුලයක් වගෙයි. ඔහුගේ අත්පා, හිස් ආවරණය සමඟ සම්බන්ධ වන යානාවේ පාලන පද්ධතිය, ගගන ඇඳුමකින් ඔහු සැරසිලා ඉන්නා හැටි බැලූ බැල්මට හොඳින් පෙනෙනවා. එයා අභ්‍යවකාශයෙන් මෙලොවට ආවා කියලා කියන්න පුළුවන්. අපේ පැරැන්නෝ මොකක් හරි දෙයක් දැක්කා. ඔවුන්ට මොනවා හරි දෙයක් කියලා තිබෙනවා. ඔවුන් ඔවුන්ට අසන්න දකින්න ලැබුණු දේවල් තමයි, සිතුවම් ගත කළේ; මූර්ති ලෙස නිර්මාණය කළේ. අපේ පැරැන්නන්ට තිබුණේ දැන් වගේ දියුණු තාක්ෂණයක් නොවෙයි. ඔවුන් මේ නිර්මාණ කළේ ඔවුන්ට හැකි උපරිමයෙන්මයි. ලොව පුරා නන්දෙසින් එක ම විධියේ එක ම හැඩයේ නිර්මාණ බිහිවුණේ කොහොමද?


පලැන්කේ පිරමීඩයේ අබිරහස
වඩාත් පුදුමසහගත අපූරු නිර්මාණය දකින්න ලැබෙන්නේ මෙක්සිකෝවෙනුයි. ඒ මායාවරුන් ගේ පැලැන්කේ පුරාවිද්‍යාත්මක භූමියෙන්. අද මෙම ස්ථානය යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සංරක්ෂිත පුරාවිද්‍යාත්මක ස්ථානයක්. වසර ගණනාවක් අමතක වෙලා තිබුණු මේ දේවාලය සොයා ගත්තේ ස්පාඤ්ඤ ගවේෂකයන් විසිනුයි. මෙහි දකින්න ලැබෙනවා ශත වර්ෂ ගණනාවක් පැරැණි පැලැන්කේ මහා පිරමීඩ. මේ පිරමීඩ පුරාණ දේවාල හා සොහොන් ගැබ් කියලයි සැලකෙන්නේ. එක් පුරාණ පිරමීඩයක් යට තිබෙනවා සොහොන් ගැබක් සැඟවෙලා. මේ සොහොන් ගැබේ තිබෙනවා ගලින් නිර්මාණය කළ කැටයම් හා චිත‍්‍රවලින් අලංකාර කළ මිනී පෙට්ටියක්. මෙහි මිහිදන් කර ඇත්තේ ‘පැකාල් ද ගේ‍්‍රට්’ නම් මහා රජ්ජුරුවෝයි.


පැකාල් රජු තමයි, හත්වැනි සියවසේ පාලකයා ලෙස කටයුතු කළේ. මහා පැකාල් රජ්ජුරුවෝ මියගියේ පැලැන්කේවලදීයි. ඔහුව මිහිදන් කරලා තිබෙන්නේ මේ ස්ථානයේදීයි. ඔහු එක්තරා විධියක අබිරහස් මායාවරුන්ගේ නායකයෙකු ලෙස ඉතිහාසයට එක් වී තිබෙනවා. ඔහු අඩි 8 ක් උස යෝධයෙක්. ඔහුගේ සොහොන් ගැබ වට කරලයි පැරැන්නෝ මහා පිරමීඩය නිර්මාණය කළේ. මායාවරුන් කිසියම් ආකාරයක දෙවියෙකු හැටියට සලකලා ඔහුට වැඳුම් පිදුම් කළා. මායාවරුන්ගේ චිත‍්‍ර හා කැටයම්වලින් ගලින් නිර්මාණය කළ සොහොන් පෙට්ටිය හැඩ ගැන්වී තිබෙනවා. එහි ඇති චිත‍්‍රවලින් පෙන්වන්නේ පැකාල්, මායාවරුන්ගේ පොළොව යට ඇති මළවුන්ගේ ලොවට යන අයුරු කියලයි. ඒත් පිටසක්වළ ජීවීන් ගැන විශ්වාස කරන අය නම් පැකාල් සිටින එම චිත‍්‍රය අර්ථ නිරූපණය කරන්නේ වෙනස් ආකාරයකටයි. ඔවුන් කියන්නේ එයින් නිරූපණය කෙරන්නේ ගගන කැප්සියුලයක ගුළිවෙලා සිටින ගගනගාමියෙක් කියලයි. කැප්සියුලය එහෙමත් නැතිනම් ගගන යානාව පදවන උපකරණ, ඔක්සිජන් ටැංකි, යානාවේ පසුපස ගින්දර පිටවන අයුරු ආදී සෑම දෙයක් ම මේ චිත‍්‍රයේ දකින්න ලැබෙනවා. චිත‍්‍රයට අනුව පැකාල් එක් අතකින් යානාවේ ලීවර එහා මෙහා කරමින් එය පදවනවා. අනෙක් අතින් යතුරු පුවරුවක් කි‍්‍රයා කරවනවා. ඔහුගේ පාද කිසියම් පැඩලයකට සම්බන්ධ වෙලා තිබෙනවා. මේ කරුණු කාරණා නිසා වොන්ඩැනිකන් වැනි සමහරු කියන්නේ පැකාල් පිටසක්වළ ජීවියෙක් කියලයි. වර්තමානයේ අපේ ගගනගාමීන් ගගන ඇඳුමින් සැරසිලා රොකට්ටුවක හෝ ගගන කැප්සියුලයක නැගී ගමන් ගන්නා ආකාරය මේ චිත‍්‍රය හා සසඳා බලද්දී සමානකම් හොඳින් පෙනෙන්න තිබෙනවා. පැකාල් නිකම් ම නිකම් මායා රජ කෙනෙක්ද? නැතිනම් ඔහු දුර ඈත දේශයකින් පැමිණි විශේෂ අමුත්තෙක්ද? එහෙමත් නැතිනම් පිටසක්වළින් ආ අමුත්තෙක්ද? මේ ප‍්‍රශ්නවලට නිවැරදි පිළිතුරු තවමත් ඉදිරිපත් වෙලා නැහැ.

සිතියමේ අභිරහස
පිටසක්වළ ජීවීන් පුරාණයේ පෘථිවියට ආවා කියන්න තිබෙන සාක්ෂි රූපාක්ෂර, ලෙන් චිත‍්‍ර සහ මූර්ති විතරක් ම නොවේ. 1929 වසරේ දී ඉතිහාසඥයක් පිරිසකට හමුවුණා සිතියමක්. මේ සිතියම සිතුවම් කරලා තිබෙන්නේ ගිසෙල් නමින් හැඳින්වෙන අපි‍්‍රකා මුව වර්ගයකගේ සමකිනුයි. ඔවුන් ඒ සිතියමේ සුලමුල සෙව්වා. ඒ සිතියම ඇන්දේ 16 වැනි සියවසේ තුර්කි නාවික අද්මිරාල් කෙනෙක් කියලා හෙළි වුණා. ඔහුගේ නම පියරී රීස්. ඒ කාලේ ඇදපු අනෙක් සිතියම්වලට වඩා මේ සිතියමේ වෙනසක් තිබෙනවා. මේ සිතියමට ඇතුළත් වන භූමි ප‍්‍රදේශයන් ඒ වන විට සොයා ගෙන හෝ ගවේෂණය කර තිබුණේ නැහැ. සිතියමේ තිබෙනවා ඇන්ටාක්ටිකාවේ පිහිටීම අයිස් තට්ටුවලට යටින් තිබෙන. ඒක හරිම පුදුමයි නේද ? ඒ කියන්නේ මේ සිතියම නිර්මාණය කරලා තියෙන්නේ ඇන්ටාක්ටිකාව අයිස්වලින් වැසී යන්න කලින්. ඒ කියන්නේ මිලියන ගණනාවකට කලින් ඈත අතීතයේ. යුරෝපා වෙරළ තීරයන් හා උතුරු අප‍්‍රිකාව පවා මේ සිතියමේ ඉතා නිවැරදි ව සිතුවම් කරලා තිබෙනවා. විද්‍යාඥයන් පුදුම කර තිබෙන්නේ සිතියමේ ඇන්ටාක්ටිකාවේ පිහිටීමයි. ඊට හේතුව මේ භූමි ප‍්‍රදේශය සොයා ගනු ලැබුවේත් එය ගවේෂණය කළේත් මේ සිතියම ඇඳීමෙන් අවුරුදු 300 ගණනකට පසුවයි. ඇන්ටාක්ටිකාව වැසී තිබෙන්නේ සැතපුමක් පමණ ඝනකම් අයිස් ආවරණයකිනුයි.


සිතියම ඇන්දේ කොහොමද ?
භූමිය විනිවිද දකින්න පුළුවන් විධියේ රේඩාර් තාක්ෂණය අපට ලැබුණේ 1958 වසරේ දීයි. ඒ නිසා 1531 වසරේ දී ඉතා නිවැරදි ව ඇඳපු මේ සිතියම ඇත්තට ම පුදුමාකාරයි. තවත් පුදුමාකාර දෙයක් නම් පෙරී රීස්ගේ එම සිතියම වර්තමාන ලෝක සිතියමක් උඩින් තැබුවොත් පෙනෙනවා පුරාණ සිතියම සෑම පුංචි දෙයකින් ම පවා වර්තමාන ලෝක සිතියමට කොතරම් හොඳින් සමානදැයි කියලා. සොයා ගෙන නොතිබුණු භූමි ප‍්‍රදේශ, ගංගා ඇළදොළ, කඳු වැටි සිතියමක ඇන්දේ කොහොමද? 1531 වසරේ ගුවනින් ගිය කිසිවෙකු හිටියා කියලා අපට කියන්න අමාරුයි. ඒක වෙන්න බැරි දෙයක්. 1531 කියන්නේ ගුවන් යානා ගැන නොසිතූ යුගයක්. ඒ විතරක් නොවේ ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටු යට සැඟවුණු භූමි ප‍්‍රදේශය දැක්කේ කොහොමද? සමහර විද්‍යාඥයන් කියන්නේ මේ සිතියම ඇඳපු අය කාගෙන් හරි තොරතුරු ලබා ගන්න ඇති කියලයි. ඔවුන් ඇන්ටාක්ටිකාවට නොගිහින් තොරතුරු ගත්තේ කාගෙන්ද? ඒ තොරතුරු කීවේ ගුවනින් ගිය පිටසක්වළ ජීවීන්ද? මේ පැනයට පැහැදිලි පිළිතුරක් සොයන්න තවමත් කාටවත් හැකියාවක් ලැබිලා නැහැ.

Read more: http://www.malkakulu.com/2011/12/blog-post_22.html#ixzz20WKCNMh6

24 June 2012

අවුරුදු තිස්‌ හත් දහසකට පසු යළි පැමිණි පාහියන්ගල මුත්තා.....

අවුරුදු තිස්‌ හත් දහසකට පසු යළි පැමිණි පාහියන්ගල මුත්තා.....
සිහින් සිරිපොද රූරා වැටෙමින් ඇත. එ සිරිපොද අප අභියස වන විසල් ගිරිහිස පාමුල විහිදෙන මහා වනස්‌පතීන් ගේ පතල අතුපතරින් බේරී විත් විටෙක දෙකොපුල් මත ඇදහැලේ. ජීවයෙන් පිරී ගිය නැවුම් බවකින් හාත්පස පිරීගොස්‌ය. තෙතබරිතවූ නොසියුම් සෙල්මුවා පඩිමත සීරුවට අඩි තබමින් ගමන් කරමින් සිටියෙමු.

මේ රළු සෙල්මුවා හිනිමග අවසන් වන්නේ මහා ලෙන් භූමියකිනි. එම ලෙන් බිම මානව ඉතිහාසයේ අප්‍රමාණ වස්‌තු විෂයයන් සඟවා ගනු ලැබූ අතීත මානව සංස්‌කෘතියේ කෝෂ්ඨාගාරයක්‌ වූයේය. කුමණ හෝ හේතුවක්‌ නිසා මේ ලෙන පාහියන් ලෙන ලෙස ජනවහරට පැමිණ තිබිණි. ඓතිහාසික යුගයේ ස්‌වර්ණමය අවධියකදී චීන ජාතික ෆාහියන් හිමියෝ මෙරටට වැඩම කළහ. එ වකවානුව ක්‍රිස්‌තු වර්ෂ 4 වන සියවස තෙක්‌ ඈතට දිවෙයි. එකල්හි එතුමෝ මේ ලෙනට වැඩියා හෝදෝයි නොදනිමු. ජන වහර ප්‍රකාරව උන්වහන්සේ මේ ලෙන් භූමියට වැඩියේ නම් එ වඩින්නටත් අවුරුදු තිස්‌ හයදාහකට එපිට සිට මේ ලෙනේ මිනිස්‌සු ජීවත් වූහ.

ගණනය කරගැනීමටත් නොහැකි තරම් ඈතින් වූ එ අතීතයේ ජීවත්වූ මිනිස්‌සු තවමත් මේ ලෙන් භූමියේ පත්ලෙහි සාමදානව අවසන් නින්ද නිදමින් සිටිති. එ අතීත මිනිසෙකුගේ අවසන් නින්දේ සමාදානය පසුගිය දිනෙක බිඳී ගොස්‌ තිබිණි. ඒ සිදුවීම වන්නේ ඔහු මියගොස්‌ අඩුම තරමින් අවුරුදු තිස්‌ දහසකට පසුවය. එය විමසිය යුතු අසිරියක්‌ විනි. අවුරුදු තිස්‌ දහසක ඈත අතීතයෙන් හමුවන එ මිනිසා අප ඉදිරියෙන් වන ලෙන්බිමේ එදා අවසන් නින්ද සැතපුන අයුරින්ම මතුව උන්නේය. මුළු ශරීර ස්‌වභාවයේම හැඩ රුව ප්‍රකට කරමින් මතුව උන්නේය. මීට පෙර අවසන් නින්ද සැතපුනාවූ අතීත මිනිසකුගේ පූර්ණ ඇටසැකිලි අපට හමුවන්නේ පොතාන ගුහාවෙන්. බෙල්ලන් බැ`දි පැලැස්‌සෙන් අලිගලින් හා හුංගම පල්ලෙමලලිනි. හුංගම පල්ලෙමලල මිනිඇතිලිය ප්‍රදේශයේදී හමුවූ සම්පූර්ණ ඇටසැකිල්ල අයත් මිනිසාට මිනිස්‌සු මැණික්‌ හාමි හෙවත් හුංගම මුත්තා යෑයි කීහ. හුංගම මුත්තාත් මීට ඉහතදී හමුවන පූර්ණ ඇට සැකිලි වලට උරුමකම් කී මිනිස්‌සුත් ජීවත් වන්නේ මීට අවුරුදු පන්දහසකට පමණ ඉහතදීය. දැන් මේ ෆාහියන් ලෙනේ අවුරුදු තිස්‌ දහසට ආසන්න පස්‌ තට්‌ටු වලින් හමුවන මුත්තා හුංගම මුත්තලාගේත් මී මුත්තෙකි.
සෙල්මුවා පියගැට පෙළ අවසන විසල් පියස්‌සක්‌ සහිත දැවැන්ත ලෙන් බිම පැතිරී යයි. ලෙන් මුව ඈත නිම්න භූමිය වෙත විවරව ඇත. සබරගමු නිම්නයේ මනරම් දැකුම් සහිතව මේ ලෙන් බිමේ සුරක්‌ෂිත වූ අතීත මානවයින් ගැන විසිතුරුව සිත පුරවාලනු සේය. නිම්න භූමිය දෙස බලා ගෙන ලෙනෙහි සිටගත් විට මුවවිට ආසන්නයේ වම්පස කෙළවර කැණීම් වළකින් පාහියන්ගල මී මුත්තා මතුව සිටියේය. උන්දෑගේ දෙපා කතිරයක ආකාරයට පිහිටා තිබුණේය. කොන්ද වකුටුවූ ස්‌වරූපයක්‌ ගත්තේය. හිස දැවැන්ත ගල් කුට්‌ටි දෙකකින් යටවූ ආකාරයක්‌ පෙනුණි. මුත්තාගේ ඇටකටු ඉතා සීරුවට පස්‌ අංශු අතරින් බේරා ගෙන මේ කැණීම කරගෙන යමින් සිටියේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විශ්‍රාම ගියත් නැවත මේ කටයුත්ත ස`දහාම කැ`දවා තිබූ කැණීම් විශේෂඥයෙක්‌ සේ සැලකෙන එල්.වී.ඒ. ද මැල්ය. සත්ත්ව පුරාවිද්‍යාව පිළිබ`ද ප්‍රවීණයෙක්‌ වූ ජූඩ් පෙරේරාත්, කැණීම් නිලධාරී සුසන්තත් ක්‌ෂේත්‍රයේ ජීවත්වෙමින් මෙම සූක්‌ෂම කැණීම ස`දහා කැපවී සිටියහ.

ඇට සැකිල්ල හමුවූ හැටි

අවුරුදු තිස්‌ දහසක්‌ පමණ පැරණි විය හැකි යෑයි විශ්වාස කෙරෙනා පාහියන් ලෙනේ මේ පුරාණ මිනිසාගේ තොරතුරු හමුවන්නේ අහඹු ලෙසිනි. ඕනෑම කැණීමක්‌ ස`දහා අර්ථයක්‌ හා අරමුණක්‌ තිබේ. පාහියන් ලෙනේ මේ කැණීම සිදුවූයේ ඇටසැකිලි හොයන්නට නොවේ. වර්ෂ 1968 දී සිරාන් දැරණියගලයන් විසින් ලංකාවේ ආරම්භ කර පියවර ගණනාවක්‌ ඔස්‌සේ පවත්වාගෙන පැමිණි ප්‍රාග් ඓතිහාසික කැණීම් මාලාවේ නව අදියරක්‌ ලෙස අලුත් දත්ත ලබාගෙන විධිමත් හා දියුණු තාක්‌ෂණික ඥානය භාවිතකර ඒවා නැවත විශ්ලේෂණය කිරීම ස`දහාය. ඒ ස`දහා ගල් ලෙන් කැණීම් ව්‍යාපෘතියක්‌ වර්ෂ 2005 දී බටදොඹ ලෙනෙන් ආරම්භ වූයේය. එම කැණීම සිදුවූයේ ආචාර්ය නිමල් පෙරේරාගේ අධීක්‌ෂණය යටතේය. ඕස්‌ටේ්‍රලියානු ජාතික විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය ස`දහා කළ මේ කැණීම ලෝක අවධානයට ලක්‌විණි. එහිදී ආචාර්ය දැරණියගලයන් වර්ෂ 1984 දී කළ කැණීමෙන් මතුකරගත් ජනාවාස පස්‌තට්‌ටු හත ස්‌තර එකසිය දහතුනකට බෙදිණි. කාල නිර්ණයන් ඉතාම නිවැරදි වූයේය.

දෙවන කැණීම ආරම්භ වන්නේ අතිශයින්ම ශාස්‌ත්‍රීය සම්භාවනාවට ලක්‌විය යුතු දුලබ වටිනාකමක්‌ සහිත මේ පාහියන් ලෙනෙහිය. අප වැනි නවීන මානවයන් ගැන දකුණු ආසියාවේදී හමුවන පැරණිම සාධක හමුවූයේ මේ ලෙන් භූමියෙනි. ඒ තොරතුර සාධනය කළේ වර්ෂ 1986 දී ආචාර්ය ඩබ්ලියු. විඡේපාලයන් කළ කැණීමය. එහිදී අදින් වසර තිස්‌ හත්දාහකට පමණ ඉහත ජීවත් වූ නවීන මානවයා පිළිබ`ද තොරතුරු පාහියන් ලෙනෙන් ලැබිණි. එය දකුණු ආසියාවේ ජීවත්වූ නවීන මානවයා ගැන ලැබුණ පැරණිම තොරතුර වූයේය.

එබැවින් මෙම බිම් පෙත ජාතික උරුමයක ස්‌වරූපයද ඉක්‌මවූ සැබෑ විශ්වීය උරුමයක්‌ විණි. එහෙත් ආවාට ගියාට පහුරු ගා විනාශ නොකළයුතු විනාශ කළහොත් ඒ විනාශ වූ භූමියේ දත්ත කිසිකලෙකත් ප්‍රතිනිර්මාණය කළ නොහැකි සේ වැනසී යන, අසිරිමත් අතීතයක්‌ ස`ගවාගත් මේ මහා දත්ත සාගරය වර්ෂ 2008 දී කළ කැණීමෙන් අනතුරුව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පණ්‌ඩිතයෙකුට ඇ`දගත් උපාධිධාරී ළදරුවෙක්‌ විසින් අනාථ කළේය. මේ කැණිම ස`දහා දැරූ වියදම මිල කළ හැකි වුවද ඉන් වූ හානියට මිලක්‌ නොවුනි. ලබාගත් දත්ත සාම්පල මුළුමනින්ම වැරදි සහගත ඒවා වූයේය. දැන් මේ දියත්වන කැණීම ඒ වැරදි සහගත පහුරුගෑමේ අවුල් වූ දත්ත නිවැරදි කිරීම ස`දහා දියත් වූවකි.

එහෙත් වාසනාවකට මෙන් ඒ වැරැද්ද අවසානයේදී විපුල ඵලයක්‌ ගෙනාවේය. ඒ විපුල ඵලය මේ මොහොතේ අප අභියස පෙනෙමින් තිබිණි. එය පූර්ණ මානව ඇට සැකිල්ලකි. ආචාර්ය විෙ-පාලයන්ට හමුවූ අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි මානවයා තරමටම වයස්‌ගත අවධියකින් හමුවන මානවයෙකි.

වර්ෂ 1986 දී ආචාර්ය විෙ-පාලයන් මේ ලෙන් භූමියේ කළ කැණීමේදී අවුරුදු තිස්‌ හත් දාහේ සිට අවුරුදු හාරදහස දක්‌වා කාල සීමාවට අයත් මානව ජනාවාස අවධි හතරක්‌ සොයා ගනු ලැබිණි. එම අවධි වලට අයත් මානව සැකිලි කැබලි දාහතරක්‌ හමුවූයේය. එහෙත් එම සැකිලි බෙහෙවින්ම ජීර්ණයට ලක්‌ වී පැවතිනි. කාන්තාවන්, ළදැරුවන්, විවිධ වයස්‌ මට්‌ටම්වලට අයත් පිරිමින්ට අයත්වූ එම මානව අවශේෂ විශ්ලේෂණය කරනු ලැබුවේ ඇමරිකාවේ කෝර්නල් සරසවියේ මානව විද්‍යා අංශයේ එවකට ලෝක සම්භාවනාවට ලක්‌ වූ මහාචාර්යවරයෙක්‌ වන ආචාර්ය කේ. ඒ. ආර් කෙනඩිය. එහෙත් මෙපමණ පැරණි ජනාවාස ස්‌ථරයකින් අරුමයක්‌ සේ මෙවැනි පූර්ණ ඇටසැකිල්ලක්‌ මතුවීම මීට පෙර සිදුවූයේ නැත.

ඇට සැකිල්ලේ සංවාදය

මේ මතුවීමත් සමග රටේ බොහෝ දෙනෙක්‌ පාහියන්ගලින් ලද මේ මානව ඇටසැකිල්ල ගැන කතා කරන්නට වූහ. අඩි තුනහමාරක පමණ ගැඹුරකින් හමුවූ මෙම ඇටසැකිල්ල අවුරුදු දස දහසකට වඩා පැරණි නොවිය හැකි බවටත් මෙය ලෙන් භූමියේ යම් ගැඹුරකට හාරන ලද වළක වළදමා ඇති බවටත් මුලින්ම අදහසක්‌ පැන නැගුනේය. එහෙත් ආචාර්ය දැරණියගල හා ආචාර්ය නිමල් පෙරේරා විසින් මේ ලෙන් බිමේ මේ තරම් ගැඹුරට කැණිය හැකි තාක්‌ෂණයක්‌ එකල නොවූ ආකාරය තහවුරු කළහ. ඒ අනුව ඔවුන් ඇසින් කරන නිරීක්‌ෂණයට අනුව මෙම මානවයා සැතපී ඉන්නේ මීට වසර තිස්‌ දහසකට ආසන්න අතීතයක්‌ සහිත මානව ජනාවාස පස්‌ තට්‌ටු වල බව කියෑවිණි.

පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පැහැදිලි කරන ආකාරයට ඇස්‌ මට්‌ටමින් කරන නිරීක්‌ෂණ ප්‍රකාරව නම් මෙම අතීත මිනිසා ජීවත් වූ වකවානුව අවුරුදු තිස්‌ හත්දාහක ඈතකට දිවෙයි. ඒ ස`දහා ඇවැසි කාල නිර්ණයන් ලබාගැනීම ස`දහා දත්ත සාම්පල දැනට කාබන් දාහතර කාල නිර්ණය ස`දහා ලෝකයේ පිළිගත්ම තාක්‌ෂණික පහසුකම් සහිත විද්‍යාගාරය වන ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයේ බීටා ඇනලිටික්‌ ඉන්ක්‌ ආයතනය වෙත යෑවීමට කටයුතු යොදා ඇත. මේ ලෙනේ නිදනා පාහියන්ගල මිනිසා ජීවත්වූ කාලය අවුරුදු තිස්‌ හත්දාහක්‌ පැරණි වේ නම් ආසියාවෙන් මෙතෙක්‌ හමුවූ පුරාණතම පූර්ණ මානව ඇටසැකිල්ල මෙයය. ඒ අර්ථයෙන් නම් මුන්දෑ ලෝකයට පහළවූ මහා සම්පතක්‌ වැනිය. එසේ වීමට හේතු කාරණාද තිබේ.

පුරාණ මිනිස්‌සු මිනී වළදැමූ හැටි

අවුරුදු තිස්‌ හත්දාහකට පමණ එපිට ජීවත් වූ මිනිස්‌සු අතර නවීන මානව ලක්‌ෂණ සේ සැලකෙන යම් යම් අභිචාර විධි තිබිණි. මේ අභිචාර අතර මළමිනී වළදැමීමේදි ඔවුන් භාවිත කළ අභිචාරයන් වඩාත් ප්‍රකට වූයේය. මෙම වළදැමීම් ආකාර දෙකකට සිදුවිණි. එකක්‌ ප්‍රාථමික වළදැමීම්ය. එනම් සිරුර එලෙසින්ම භූමිදාන කිරීමය. අනෙක්‌ ආකාරය ද්වීතියික වළදැමීම්ය. එනම් එක්‌ තැනක සිරුර වළදා ටික කලකට පසු එහි කොටස්‌ රැගෙන විත් ලෙන් ආසන්නයේ හෝ ලෙන් තුළ වළදැමීමය. මෙයින් වඩාත් සුලබව හමුවී තිබුණේ මේ ද්විතියක වළදැමීම් ආකාරයයි.

අපට දැන් පාහියන්ගලින් හමුවන මුන්දෑගේ ඇටසැකිල්ල මෙසේ ඉතිරිවන්නේ උන්දෑව මීට අවුරුදු තිස්‌දහසකට හෝ ඊට පෙර කාලයකදී සිරුර පිටින්ම වළදැමූ බැවිනි. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය නිමල් පෙරේරා මේ පිළිබ`දව කදිම කතාවක්‌ කියයි.

"දැන් මේ මතුවෙලා තියෙන්නෙ මහා දතත් සාගරයක්‌. නවීන විද්‍යාත්මක ක්‍රම හා තාක්‌ෂණයෙන් මේ දත්ත විශ්ලේෂණ කරලා ප්‍රාග් ඓතිහාසික යුගය ගැන අලුත් කියෑවීමක්‌ කරන්න සාධක මෙතැන තියනවා."

"පොඩි දෙයක්‌ කියන්නම්. මේ තැනැත්තා වළදමා තියෙන්නෙ ඉතා නොගැඹුරු වළක. වළදාල තියෙන්නෙ ඔලුවට ගල් දෙකක්‌ තියලා ඇ`ග උඩින් ගල් පතුරු දාලා. ඔහු මේ කාලයේ පරමායුෂ වන අවුරුදු හතලිහක ආයු කාලයක්‌ වි`දපු කෙනෙක්‌ වග පෙනෙනවා. ඒ කාලයට අයත් ඔහුගේ වසුරුත් අපට මේ පාංශු ස්‌ථරයේ තිබිලා හමුවුණා. බොහෝවිට මේ තැනැත්තා යම් ආසාදනයකින් පීඩා වි`දි අයෙක්‌ විය හැකියි. මේ ස්‌ථරයෙන් හමුවන සූක්‌ෂම දත්ත අතර රුධිර සෛල වැනි දේත් තියෙන්න පුළුවන්. ඒ අනුව ප්‍රාග් ඓතිහාසික මිනිසාගේ ස්‌වරූපය ඒ වකවානුවේ තිබූ ලෙඩ රෝග, ජීවන චර්යාවන්, ආහාර පුරුදු ඔහු ලබාගත් ආහාර වට්‌ටෝරු වාගේ දේවල් සහිත මේ පුරාණ මනුස්‌සයගෙ ජීවන පරිසරය වටහා ගන්න වඩා පුළුල් පරාසයකට ගිහින් සියුම් දත්ත ලබා ගත හැකියි. ඒ කටයුත්ත කරන්න අපට ලෝකයේ දියුණු තාක්‌ෂණයක්‌ සහිත සරසවියකින් සහයෝගය ලබාගන්න වෙනවා. පාහියන්ගල කියන්නේ නවීන මානවයා ගොඩනැගුණ ලෝක උරුම ස්‌ථානයක්‌ . එය නුදුරේදීම ලෝක උරුමයක්‌ ලෙසින් නම්වේවි. එහෙම උනොත් ලෝකයේ ඉහළම දැනුම සහිත සරසවි හා සමග දියුණුම තාක්‌ෂණික ක්‍රමවේදයන් හරහා මේ පරීක්‌ෂණ කරගෙන යන්න වඩාත් පහසු වෙනවා."

එසේ නම් මේ කාරණාව ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාව සම්බන්ධව එළිදකිනා නව කියවීමකි. මක්‌නිසාද යත් මෙතෙක්‌ කළ ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාත්මක කැණීම්වලදී බොහෝවිට හමුවූයේ එකම ආකාරයේ දත්ත සමුච්චයක්‌ වූ බැවිනි. එහෙත් කැණීමක්‌ කරන්නට ගොස්‌ "ඇනගෙන" ඉන් ලැබුණු වැරදි දත්ත නිවැරදි කරගන්නට යැමේදී අහඹු ලෙස හමුවූ අවුරුදු තිස්‌දාහක්‌ පැරණි මානව සැකිල්ලක්‌ ලෙස දැන් අප හමුවේ තිබෙන්නෙ මහා දැනුම සම්පතකි. ඒ විරල දැනුම ලෝකයට ඵලදායී වන්නේ එය කියවාගන්නා ආකාරය අනුවය.

ඒ කියෑවීම ස`දහා ලෝකයට ආරාධනා කරනා තුරු කාලනිර්ණ දත්ත සාම්පල ලබාගැනීමෙන් අනතුරුව මෙම කැණීම යළිත් වැලි වලින් වසා දැමීමට තීන්දු කර ඇති ආකාරය පුරාවිද්‍යා අධ්‍යක්‌ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානායකයන් පවසයි. අවුරුදු තිස්‌හත් දාහකින් පසු යළිත් මිනිසුන් අතරට පැමිණී පාහියන්ගල මිනිසා කියනා අසිරිමත් කතාව නුදුරේදීම අපට ඇසෙනු ඇත. ඒ කතාවේ රිද්ම රටා අතීත මිනිස්‌සුන් පිළිබ`ද කතාවේ අලුත්ම අලුත් මානයක්‌ ලෝකයට කියා දෙනු ඇත.
උපුටා ගෑනීම : 
ලක්සිරස පුවත්

12 May 2012

විජයාවතරණයට පෙර ඉතිහාසය හෙළිකරන අනුරපුර


                                     
මම අනුරාධපුර ශුද්ධ භූමියේ අඩි 30 ක්‌ මහ පොළොව යටට  බැස්‌සසෙමි. මහ පොළොව මට විශ්මයජනක පුවත් කියා දෙයි. මම  දුහුවිලි පොළොවට

සවන් දුනිමි. මහාවංශයට වඩා මහ පොළොව වෙනස්‌  තතු රැගෙන එයි. තම්බපන්නියේදී විජය රජුට හමු වූ උපුල්වන්  දෙවියන් "මෙහි මිනිසුන් නැත"

යෑයි කියූ බවට මහාවංශය සාක්‍ෂි  දරයි. එහෙත් අප තම්බපන්නිය යෑයි හඳුනා ගන්නා වයඹ වැල්ලේ  කුදිරමලේ තුඩුවේ ම සිදු කළ පුරාවිද්‍යා

කැණීම්වලින් විජය එන්න පෙර මෙහි මිනිස්‌ ජනාවාස තිබූ බවට සාධක හමු වී ඇත.





අනුරාධපුර මහ පොළොව මට කියා දෙන්නේ ඊටත් වඩා අරුමැසි කථා
පුවතකි. විජය රජු ලංකාවට එන්නේ ක්‍රිස්‌තු පූර්ව 6 වන ශත
වර්ෂයේ යෑයි ගණන් බලා තිබේ. විජය රජුගෙන් මෙරට ජනාවාස වූවේ
යෑයි අදහන ඉතිහාසයක්‌ ලංකාවේ අධ්‍යාපනය කෙරෙයි. එහෙත්
අනාරාධපුර ඇතුල් නුවර විජයබා මාලිගාවට එපිටින් පැරණි දළදා
මැඳුර අසල පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් සිදු කළ ප්‍රාග්
පුරාවිද්‍යා කැණීම් තොරතුරු අනුව විජය රජු මෙහි ගොඩ බසින්න වසර
100 කටත් කලින් ලංකාවේ දියුණු "නගරයක්‌" තිබී ඇත. ඒ නගරය හමු
වූ පුරාවිද්‍යා කැණීම් පරිශ්‍රය වෙත මම සංචාරය කෙළෙමි.


විශාල වහලක්‌ ගසා අව් වැසි සුළංවලින් ආවරණය කොට ඇති මේ අති
සුවිශේෂ පරිශ්‍රයට ඇතුල් වීම සඳහා කොළඹ පුරාවිද්‍යා
කාර්යාලයෙන් අවසර ලබා ගත යුතු ය. මා පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ
ජෙනරාල් දයානන්ද දිසානායක මහතා හමුවී අවශ්‍ය අවසර කළමනා සකස්‌
කරගෙන තිබූ හෙයින් අනුරාධපුර පුරාවිද්‍යා ආයතනයේ අංශ භාර
නිලධාරි ජයන්ත මහතාම මා අදාළ පරිශ්‍රය වෙත කැඳවා යනු ලැබී ය.


මහ පොළොව යට තිබූ මේ අරුමැසි අතීතයට මා තනිව යා යුතු යෑයි
දොලක්‌ මට සිතී තිබිණි. ජයන්ත මහතා මා මුදා හැරියේ ය. මම ධාතු
ගර්භයට යැමේ දුර්ලභ අවසරය ලද භාතිකාභය රඡ්ජුරුවන් සේ දැඩි මානව
භක්‌තියකින් මේ පරිශ්‍රය වෙත ඇතුළු වීමි.


පර්චස්‌ 40 ක්‌ පමණ භූමි ප්‍රමාණයක්‌ අඩි 30 ක්‌ ගැඹුරට කැණීම්
පවත්වා ඇත. මා සංචාරය කොට නැතත් ඡායාරූප වලින් දැක තිබූ
මොහෙන්දජාරෝ, හරප්පා පුරාවිද්‍යා පරිශ්‍ර මගේ සිහියට නැඟිණි.
ඉතාම ක්‍රමවත්ව හා නිවැරදිම තාක්‍ෂණික ක්‍රමවේද යටතේ කැණීම්
සිදුවන ආදර්ශවත් පුරාවිද්‍යා කලාපයක්‌ මා හමුවේ දිස්‌ වෙයි.
එකින් එක ස්‌ථර මතු කරගෙන ඇත. මම හැම ස්‌ථරයක්‌ ම පසු කරගෙන
අඩි 30 ක්‌ අතීතයට බැස්‌සෙමි. දැන් මම සිටින්නේ ක්‍රිස්‌තු
පූර්ව 7, 8, 9 යන ශතවර්ෂවලය. පිළිස්‌සූ ගඩොල් භාවිත කොට නිවාස
තනන, ලෝහ උණුකොට උපකරණ තනන, ඉතා දියුණු මැටි වළං සාදාගත්, වී
වගා කරන, ගවයන් ඇති කරන, අශ්වයන් පිටේ යන, ආභරණ පළඳින දියුණු
නාගරික මිනිසුන් වෙසෙන ප්‍රාග් ඓතිහාසික අතීතයක සුන්බුන් මා
හමුවේ දිස්‌වෙයි.


මම වහාම මගේ මතකය 2001 වසරෙහි නොවැම්බර් 30 වැනි දින පෙරවරු 10
ත් 12 ත් අතර කාලයට ගෙන ගියෙමි. ස්‌වර්ණවාහිනී නාලිකාවේ ඊ. ඒ.
පී. එදිරිසිංහ මැදිරියේ "මහා සිංහලේ වංස කතාව" සජීවී ව
විසුරුවා හැරේ. එදින සහභාගි වූ සම්පත් දායකයන් වූ මහාචාර්ය
මැන්දිස්‌ රෝහණධීර, අරිසෙන් අහුබුදු සහ ආචාර්ය ශිරාන් දැරණියගල
කථා කරමින් සිටින්නේ අනුරාධපුර ඇතුල්නුවර පුරාවිද්‍යා කැණීම්
පිළිබඳවය. මේ පුරාවිද්‍යා පරිශ්‍රයේ කැණීම් සිදු වූයේ එවකට
ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යා කොමසාරිස්‌ ව සිටි ආචාර්ය ශිරාන්
දැරණියගලයන්ගේ පූර්ණ අධීක්‍ෂණය සහිතව ය. එහෙයින් ඇතුල්නුවර
කැණීම් පිළිබඳ කර්තෘත්වය හොබවන ආචාර්ය ශිරාන් දැරණියගලයන්
විසින් ම තම පර්යේෂණ ප්‍රතිඵල හෙළි කළ අයුරු මට මේ කැණීම් වළ
තුළ සිට ඇසෙන්නට වන්නේ ය.


"අනුරාධපුරේ ඇතුල් නුවර, ඒ කියන්නේ ථූපාරාමයට උතුරින් කූට්‌ටම්
පොකුණත්, ථූපාරාමයත් අතර අපි කැණීම් කරලා තියෙනවා පොළොව
මට්‌ටමෙන් අඩි 30 ක්‌ පහළට. ඒ මට්‌ටමේ අපිට සාධක ලැබිලා
තියෙනවා. ක්‍රිස්‌තු පූර්ව 800 - 900 ටත් අතර දියුණු යුගයක
නාගරික ශිෂ්ටාචාරයකට මුල පිරීමේ සාධක අපට ලැබිලා තියෙනවා".


ඔය කියන කාලේ ඉන්දියාවේ හරප්පා සංස්‌කෘතියේ දියුණු ම අවධිය.
කලින් අපි හිතා සිටියේ ඉන්දියාවේ ශිෂ්ටාචාරය දියුණු වෙලා,
දකුණට සංක්‍රමණය වෙලා ඊට බොහෝ කාලයකට පසු අපි ජනාවාස වුණාය
කියා යි. පුරාවිද්‍යාව විසින් මේ සිතා ගැනීම බොරුකොට ඇත. අප
හරප්පාවට සමාන්තරව දියුණු නාගරිකයන් යෑයි කාබන් 14 විශ්ලේෂණය
ලොවට කියා දී ඇත. පුරාවිද්‍යාව විසින් බොහෝ ඓතිහාසික තොරතුරු
භෞතිකව ඔප්පු කරන අතර සමහර ඓතිහාසික මිථ්‍යාවන් නිශ්ප්‍රභ කරනු
ලබයි.


මා ග්‍රීසියේ ඇතෑන්ස්‌ නුවරදී කළ පුරාවිද්‍යා පරිශ්‍ර සංචාරය
මට සිහිවෙයි. සමහර ග්‍රීක මිථ්‍යා කථා පුරාවිද්‍යාඥයන් සත්‍ය
කථා බවට පත් කොට තිබිණි. ඉපැරණි ග්‍රීසියේ වීර කාව්‍ය රචනා කළ
හෝමර් විසින් ඔඩිසි, ඉලියඩ් ආදී කාව්‍යයන් සඳහා භාවිත කළේ
ග්‍රීසියේ සහ ඒ අවට තිබූ ක්‍රීටය, ටි්‍රයෝව සහ ට්‍රොaජ පුරය
ආදී දූපත්වල භාවිත වූ පුරාණ කථා බව අද විචාරකයන් පිළිගෙන තිබේ.
වර්ෂ 1900 දී ප්‍රකට පුරාවිද්‍යාඥ ශ්‍රීමත් ආතර් එවන්ස්‌
විසින් ක්‍රීටයේ කළ පුරාවිද්‍යා කැණීම් වලින් ඊට පෙර මිථ්‍යා
කථාවක්‌ යෑයි සිතා සිටි මිනෝටර් වෘෂභ රාජයාගේ කථාව සත්‍යයක්‌
බවට පත් විය. මේ කැනීම් වලදී මිනෝස්‌ රජුගේ මාලිගාව සහ මිනෝටර්
විසුවාය කියන වංගගිරියද තවත් බොහෝ සාධක ද සොයා ගැනිණි.


මම ක්‍රීටයේ සිට යළිත් අනුරාධපුරයට ආවෙමි. ශ්‍රීමත් ආතර්
එවන්ස්‌ ක්‍රීටයේ මිනෝටර් ප්‍රවෘත්තියට දුන් යථාර්ථ එළියම ද
අපේ රටේ ආචාර්ය ශිරාන් දැරණියගල රාමායන ප්‍රවෘත්තියට දෙන්නේ?
ආචාර්ය දැරණියගලට කාබන් 14 විශ්ලේෂණ ක්‍රමයෙන් ලැබුණු කාල
නිර්ණය ක්‍රිස්‌තු පූර්ව 9, 8 සහ 7 යන ශතවර්ෂයන් ය. භාරත මහා
කවි වාල්මිකී රචනා කළ රාමායනය සත්‍ය මූලයක්‌ සහිත ප්‍රබන්ධයක්‌
යෑයි විශ්වාස කරන සමහර ජනශ්‍රැති විශාරදයන් එහි කාල නිර්ණය
සිදු කරන්නේ ද ඔය කාලයටම ය. හරප්පා සංස්‌කෘතියේ කුළුගැන්වීමේදී
ඉන්දියාවේ උතුරු දකුණු සටන් ඇති වූ බවත් ඒවා සුර අසුර සටන් ලෙස
මහා භාරතාදී කාව්‍යවල අන්තර්ගත වී ඇති බවත් ඔවුහු දක්‌වති. එසේ
නම් ලංකාවේ රාවණාත් ඉන්දියාවේ රාමාත් අතර සිදුවන සුර අසුර සටන
ද ආර්ය අනාර්ය සටනක්‌ විය හැකි යෑයි ඔවුන් පිළිගනී.


ඉන්දීය ආර්ය ජනවාස මොහෙන්දජාරෝ හරප්පාදියෙන් වර්තමානයේ
හමුවෙත්දී ඊට සමාන්තරව ලංකාවේ අනුරාධපුරයෙන් දියුණු නාගරික
ජනාවාසයක ලකුණු පහළ වෙයි. මේ කැණීම් තවදුරටත් කරගෙන ගියහොත්
ශ්‍රීමත් ආතර් එවන්ස්‌ට මිනෝටර් හමු වූවා සේ ආචාර්ය ශිරාන්
දැරණියගලට රාවණා හමු වන්නට ද බැරි නැත.


දැන් මම යළිත් කලා ඔය නිම්නයට සංචාරය කළ යුතු ය. කලා ඔයට පන්
ඇළ එකතු වූ සශ්‍රීක කලාපයේදී මා වල්ලි විහාරයේ කාක භාෂාව
දැනගත්තා මතක තිබේ. එතැනින් කුරුවිට බටදොඹ ලෙනත්, රංචා මඩමේ
සුසානයත්, පොම්පරිප්පු, ඉබ්බන්කටුව ආදී ප්‍රාග් පුරාවිද්‍යා
කැණීමුත් දැක බලාගත් මම අනුරාධපුරයට පැමිණ සිටියෙමි. දැන් මගේ
මූලික අභිමතාර්ථ සාධනය වී තිබේ. මේ සියලු දැනුම් එකතු කොට ගෙන
මහා සංචාරයේ නිත්‍ය ගමන් මග වැටී ඇති කදම්බ නදී හෙවත් මල්වතු
ඔය හෙවත් අරුවියාරු වෙත මා හැකි ඉක්‌මනින් සංචාරය කළ යුතු ය.


අනුරාධපුරයෙන් නොච්චියාගම පාරේ පුත්තලමටත් පුත්තලමේ සිට
එලුවන්කුළම හරහා යළි විල්පත්තුවට ඇතුළු වූ මම කලා ඔය නිම්නයේ
දියපැන්නුමට පැමිණියෙමි. ඒ වනවිට රෑ බෝ වී තිබූ නිසා නාවුක
හමුදාවේ වයඹ ආඥපති රියාද් අද්මිරාල් රුවන් ඩයස්‌ මහතාගේ
අනුමැතියෙන් දියපැන්නුම කඳවුරු භාර ලුතිනන් කමාන්ඩර් ජයන්ත
පෙරේරා මහතා මට අද රාත්‍රිය එහි ගත කරන්නට ආරාධනා කළේ ය. කලා
ඔය වනාහී මුල සිට අගටම කුඹුක්‌ ගස්‌ හෙවනකි. එහි අන්ධකාරය
ගුප්ත ය. ඒ තරමට ම කලාත්මක ය. මේ ගුප්ත කළුවර නිසා "කළු ඔය"
කලා ඔය වූවා ද එසේ නැතිනම් එහි ඇති කලාත්මක බව නිසා කලා ඔය
වූවාදැයි සිතමින් මම එහි ගිලී, ගත සරතැස නිවා සිත් සේ නා
ගතිමි. රාත්‍රී ආහාරයට කඳවුරු වේලක්‌ ගෙන නිබඳව ඇද හැලෙන මේ ජල
සළිතයට කන්දෙමින් මිහිරි නින්දකට වැටුණු මා අලුයමින් ම අවදි
වූවේ කවුලුව අසල කුඹුක්‌ ගසක ලැග සිටි මොණරෙකුගේ කෑ ගැසීමක්‌
නිසා ය.


මම යළිත් පුත්තලමේ සිට මන්නාරම් යන පැරණි පාරේ අලුත්වැඩියාවන්
හරහා ගමන් කරමින් සිටිමි. මේ අලුත්වැඩියාවන් දකින මට
ශිෂ්ටාචාරය පිළිබඳ ඇතිවන්නේ උභතෝකෝටිකයකි. රජරට වල් බිහිවන්නට
පෙර අතීත ජාත්‍යන්තර වෙළෙඳ යුගයේ මේ ප්‍රදේශ ජනාකීර්ණ නාගරික
පරිසරයක තිබෙන්නට ඇත. ඇනියෝස්‌ ප්ලැකැමුෂ් නම් රෝමානුවාත්,
කොස්‌මෝස්‌ නම් ග්‍රීක නාවුකයාත් පුදුමයට පත් වූයේ තැප්‍රබේන්
සහ මහ නාගරික පරිසරය දැක මිස අද අප දකින විල්පත්තු වනාන්තරය
දැක නොවේ ය. ඒ අපේ අතීත ශිෂ්ටාචාරයේ උපරිම අවස්‌ථාවන් ය.
ඉන්පසු විජයනගර් පහරදීම් නිසා රජරට වල් බිහි විය. ඒ හේතුවෙන්
අප නිරිත දිගට සංක්‍රමණය වූයේ ශිෂ්ටාචාරයේ මහත් පරාජයක්‌ අත්
විඳිමිනි. අතීතයේ ජාත්‍යන්තර නගරය අතහැර දැමීමෙන් වල් බිහි වූ
මේ ප්‍රදේශ විල්පත්තු නම් මහා වනාන්තරයක්‌ බවට පත් විය. අද අපට
මේ වනාන්තරය වටී. ශිෂ්ටාචාරය යනු කුමක්‌ද? වනාන්තරය නගරයක්‌
වීමද? නගරය වනාන්තරයක්‌ වීම ද?


පාරේ අලුත්වැඩියාව හේතු කොට ගෙන වනාන්තරය දෙපසින් හෙළි පෙහෙළි
වෙයි. මාර්ග සංවර්ධනයේ බුල්ඩෝසර් හඬට සතුන් සීපාවුන් බිය වැදී
වනය තුළට ම රිංගා යනු ඇත. දකුණේ මිනිසුන්ට උතුරට යන්නට ඇති
කිට්‌ටු ම පාර වන්නේ මේ අතීත මාවත යළි ප්‍රතිසංස්‌කරණය කර
ගැනීමයි. එවිට අනුරාධපුරේ සිට මැදවච්චිය, වව්නියා හරහා A 9
මාවතේ යනවාට වඩා ඉක්‌මනින් පුත්තලමේ සිට මන්නාරම, හරහා A 32
මාවතේ පුනරීන් ගොස්‌ සංගුපිඩි ජැටියෙන් යාපනයට ඇතුල් විය හැක.


මම යළිත් මුල්ලිකුලම් කඳවුර පසු කර කොණ්‌ඩාච්චි හන්දිය හරහා
යමින් සිටිමි. කොණ්‌ඩාච්චි මුදලාලිගේ කිඹුලා බනිස්‌ මගේ මතකයට
එයි. මීට මාසයකට කලින් මම මේ හන්දියට ආවාට වඩා වෙනස්‌ මානව
පිහිටීමක්‌ අද මට පෙනෙන්නට මෙහි සිදු වී තිබේ.


මුරුක්‌කන් කඳවුරේ සිටි සිලාවතුර වැසියන් දැන් මුළුමනින්ම තම
තමන්ගේ ගම් බිම්වල පදිංචි කරවා ඇත. මා මුලින් එන විට කට්‌ටෙට
වේලී තිබූ කොණ්‌ඩාච්චි වැව කැටපිලර් දෙකක ආධාරයෙන් හාරනු පෙනේ.
කැටපිලරයේ තලයට හෑරෙන අලුත් පසේ ඉන්නා පනුවන් කොටන්නට කොකුන්
පිරිවැරී ඇති අයුර සුන්දර ය. සිලාවතුර ගැමියෝ කළුතර සිට පැමිණ
සිටි කැටපිලරයේ සිංහල රියදුරන්ට දෙමළ ආහාරපාන තනා දෙමින් ගමේ
වැව හාරනවාට සම්මාදම් වෙති. අලුතින් ඇදෙන විදුලි රැහැන් මත
සිටි තරුණයකු මා දැක මට "ආයුබෝං" කීවේ ය. ඔහු ජා ඇල තරුණයකු
යෑයි විදුලි කණුව පා මුල සිටි සිලාවතුර ගැමියකු මට කියා දුන්නේ
ය.


මම සිලාවතුර නාවුක හමුදා කඳවුරේදී උදේ ආහාර වේල ගත්තෙමි. මගේ
මහා සංචාරය ආරම්භ කළ දිනයේදී මහවිලච්චි ගේට්‌ටුව වෙත පැමිණ
විල්පත්තුවට මා පිළිගත් මුල්ලිකුලම් හා සිලාවතුර ඒකාබද්ධ අණ
දෙන නිලධාරී කපිතාන් ජයතිලක මට යළි හමු වී ඇත. මෙතැන් සිට මා
අරිප්පුව දක්‌වා ගමන් කළ යුතුයි. කපිතන් ජයතිලක ඒ සඳහා මට
නිලධාරීන් දෙදෙනකු පංගරාතු කළේය. එක්‌ අයෙකු මේ ප්‍රදේශයේ මහජන
සම්බන්ධතා නිලධාරීවරයා වන කමාන්ඩර් විඡේකෝන් ය. දෙවැන්නා මගේ
නිල භාරකාරත්වය දරන කමාන්ඩර් ප්‍රියන්ත සෙනෙවිරත්න ය. මා ඔවුන්
සමග අරිප්පු යන්නට පිටත් වූවේ අතරමගදී "ඩොරික්‌ බංගලාව"
නරඹන්නට ඇති බවද දැනගෙන ය.


සිලාවතුර සිට අරිප්පු යන පාර වැටී ඇත්තේ මූදු වෙරළ අයින දිගේ
ය. කුඩා මිටි පඳුරු තැන තැන පෙනුන ද මුළු ප්‍රදේශය ම කාෂ්ඨ
හිරිගල් පොළෝ තලයකි. අපි ඈත සිට ම ඩොරික්‌ බංගලාව දැක ගත්තෙමු.
මේ පාරේ යන ඕනෑම අයෙකුගේ අවධානය වහාම මේ විශාල ගඩොල්
පුරාවස්‌තුව වෙත යොමු වේ. නිවසක්‌, මඩුවක්‌ තබා අතු
කොටුවක්‌වත් පෙනෙන තෙක්‌ මානයක නැති පාළු හේඩාවක මේ සා විශාල
ගොඩනැගිල්ලක්‌ කෙසේ නම් ඉදි වී තිබෙන්නට ඇත් ද?


අපි ඩොරික්‌ බංගලාව වෙත ගියෙමු. 1798 වර්ෂයේදී ලංකාවට පැමිණි
ලංකාවේ පළමු වැනි ඉංග්‍රීසි ආණ්‌ඩුකාරවරයා වූ ෆෙඩි්‍රක්‌
නෝර්ත්ගේ සිලාවතුර බංගලාව ලෙස මෙය ඉංග්‍රීසි ඉතිහාසයේ මහ
ඉහළින් ලියෑවී ඇත. මහල් දෙකකින් යුතු බංගලාවේ එක බිත්තියක පළල
අඩි 5 ක්‌ පමණ වෙයි. මුළුමනින්ම ගඩොල් සහ දැව යොදා කරන ලද
ඉදිකිරීමකි. වයඹ වෙරළේ අනාදිමත් කාලයක්‌ පුරා ජනකාන්තව පැවති
මුතු පර කිමිදීම ඉංග්‍රීසි ආණ්‌ඩුව අතට ගත් තැන සිට එහි බඩ පලා
බිජු ගත් ක්‍රියාවලිය ගැන අපි පූක්‌කුලම් මුතු ගම්මානයේදී කථා
කළෙමු. අපේ මුතු සම්පත මුළුමනින්ම සූරා ගත් ඔවුහු ඉන් අති
විශාල ආදායම් ලැබූහ. ඔවුන් මේ ප්‍රදේශවල පැවැත් වූ කෙටි කාලීන
මුතු කර්මාන්තය අධීක්‍ෂණය කිරීම සඳහා ඩොරික්‌ බංගලාව භාවිත
කරන්නට ඇත. එය මුහුදට මූණ දී ඉදි කොට තිබී ඇත. එහෙත් දැන් එහි
වෙරළාසන්න කොටස්‌ මූදු ඛාදනයට ලක්‌ වී පෙරළී ගොස්‌ ඇති අයුරු
ෙ€දජනකය.


ෆෙඩි්‍රක්‌ නෝර්ත් ආණ්‌ඩුකාරයා එය අලුතින් ඉදි කරන ලද්දක්‌
නොවන බවත් ඊට පෙර සිට පැවත ආ මේ ගොඩනැගිල්ල ඉංග්‍රීසින් විසින්
නෝර්ත්ගේ පරිභෝජනයට පත් කර ගත් බවත් මේ ගැන ඇති තවත්
විශ්වාසයකි. පෘතුගීසි කාලයේ සිට මෙය මෙහි තිබුණේ යෑයි ඇති
විශ්වාසයක අපේ රටේ ඉතිහාසයේ තවත් එක්‌ ෙ€දවාචකයක්‌ සටහන් වී
ඇත.


කන්ද උඩරට රජ පරම්පරාවේ අවසානයා වූ කරලියෑද්දේ බණ්‌ඩාර
උණසන්නිපාතය හැදී මිය යන්නට පෙර තම එක ම ලේ උරුමය වූ කුසුමාසන
දේවිය පෘතුගීසීන්ට භාර කළේ ය. පෘතුගීසීහු ඇය දොaන කත්‍රිනා
නමින් බව්තීස්‌ම කොට ඇතිදැඩි කළහ. මේ කුඩා කුමරිය කල්පිටිය
බලකොටුවේ කැතරින් ද ආබෲ වෙත භාර දෙන්නට ප්‍රථම සිලාවතුර
බංගලාවේ ළමා කාලය ගත කළේ යෑයි සමහර ඉතිහාස කථාවක සඳහන් වෙයි. ඒ
කථාව සත්‍යයක්‌ නම් ලංකාවේ අවසාන රාජිණියගේ ෙ€දවාචකයේ උපභෝග
පරිභෝග වස්‌තුවක්‌ ලෙස ද ඩොරික්‌ බංගලාව නම් වන්නේ ය.


මා සමග එහි සිටි කමාන්ඩර් විඡේකෝන් මට තව කථාවක්‌ කියා දුන්නේ
ය. ඔහු මේ ප්‍රදේශයේ මහජන සම්බන්ධතා නිලධාරීවරයා වූ හෙයින්
සිලාවතුර ගැමියන් ඩොරික්‌ බංගලාව පිළිබඳ දරන විශ්වාසය ද ඔහු
හඳුනයි. ඔවුන් විශ්වාස කරන්නේ මේ බංගලාව "අලිරාණි" නම් මලබාර්
රාජිණියකගේ මාලිගාව කියා ය. මට මේ "අලිරාණි" ගැන මතකයක්‌ ඇත.
කුදිරමලේ තුඩුව පිළිබඳ ඇති දමිළ ජනශ්‍රැතියක "අලියසරාණි" නම්
චරිතයක්‌ හමු වේ. ඇය ඉඳහිට කුදිරමලේ සිට බත්තලංගුණ්‌ඩුවට
යාත්‍රා කොට තම පෙම්වතා මුණගැසෙන්නේ ලු. මේ අලියස රාණිත්,
අලිරාණිත් එක්‌ අයෙකු විය හැක. එපමණක්‌ නොව කුසුමාසන දේවි
පෘතුගීසීන්ට දොaන කත්‍රිනා වූ ලෙසින් මේ පළාතේ දමිළ
ජනශ්‍රැතියට ඇය අලිරාණි හෝ අලියසරාණි ලෙස ප්‍රවාදගත වන්නට ද
බැරි නැත. ජනශ්‍රැතිය ජාතිවාදී නැත. එය සකලවිධ ජාතිකත්වයන් ම
අභිබවා මානවවාදය ම ඡ්වලිත කර සිටී. මම මේ ස්‌මෘති රාජිණියන්
ගොන්නට කුවන්නා හෙවත් කුවේනියව ද එකතු කරමි. මේ කුවන්නාගේ
කලාපය යි. ඇයට විජය නිරිඳුන් සම්මුඛ වූ නුග සෙවන මේ ළඟපාතක ම
තිබිය යුතු ය. මම කුවේණියගේ නාඹර පුසුඹ ඉව අල්ලමින් නුග සෙවන
සොයා සංචාරය කළෙමි.

උපුටාගැනිම : GREAT KING RAWANA

24 April 2012

රාවණා රාජ සංකල්පය බැහැර කළ නොහැකි යථාර්ථයකි




රාවණා රාජ සංකල්පය  බැහැර කළ නොහැකි යථාර්ථයකිආසන්න කාලයක ශ්‍රී ලංකාවේ සිටි රාවණා හා සමාන පාලකයෙක්‌ පිළිබඳව හෝ එකී වංශ කතාවේ සඳහන්ව නොමැත්තේය.
එසේ කිසිදු දේශීය මූලාශ්‍රයක සඳහන් නොවන රාවණා රාජ සංකල්පය හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑරම ව්‍යාප්තව පවතී. මේ ආකාරයට වංශකතාවල සඳහන් විජය කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනප්‍රවාදගතව විකාශනය නොවීමටත්, වංශකතාවල සඳහන් නොවන රාවණා පිළිබඳ කතා පුවත පිළිබඳ ජනප්‍රවාද ශ්‍රී ලංකාවේ අස්‌සක්‌ මුල්ලක්‌ නෑර පැවතීමටත් හේතු මොනවාද?
විශේෂයෙන් ශ්‍රී ලංකාවේ වෙසෙන උගතුන් සිංහයකුගෙන්, පාදඩයකුගෙන් සිංහල ජාතිය පැවත එනවා යෑයි විශ්වාස කළත් ශ්‍රී ලංකාවේ රාවණා නම් පාලකයකු සිටි බව ප්‍රකාශ කිරීමටත් මැලි බවක්‌ දක්‌වති. එයට හේතුව ශ්‍රී ලාංකේය ඉතිහාසකරණය තුළ රාවණා පිළිබඳ සඳහන් නොවීමම ද යන්න ගැටලු සහගතය. කෙසේ වෙතත් මෙම කතා පුවත් දෙක පිළිබඳව අප තවදුරටත් යථාර්ථවාදීව කල්පනා කර බැලිය යුතු බවට පොළඹවන ආකාරයේ නිගමනයක්‌ හා තොරතුරු කිහිපයක්‌ අවසාන වශයෙන් ඔබට ඉදිරිපත් කිරීමට කැමැත්තෙමි.
රාවණා කතා පුවත හුදු ජනප්‍රවාදයක්‌ම බවට බොහෝ උගතුන්ගේ තර්කයයි. අප ද එයට එකඟ වන්නෙමු. එහෙත් එකී කාරණය මත අපට එය සහමුලින්ම බැහැර කරලිය හැකිද? උගතුන්ගේ තර්කයට අප තුළ ඇත්තේ ඉතාමත් සරල පිළිතුරකි. විජය කතා පුවත අප පිළිගන්නේ පුරාවිද්‍යාත්මක හෝ වෙනත් තහවුරු කරගත හැකි මූලාශ්‍ර පදනම් කරගෙනද? නැත. එසේ නම් අප එය පිළිගන්නේ ලිත මූලාශ්‍රයක සඳහන් වීම නිසාය. අප කියනුයේ රාවණා කතා පුවතද හුදෙක්‌ ජනප්‍රවාදයක්‌ නොව ලිත මූලාශ්‍රයක සඳහන් වන කතා පුවතක්‌ බවයි. එය සඳහන් වන්නේ භාරතයේ සිටි චාල්මිකී විසින් රචනා කරන ලද රාමායණය නම් ඓතිහාසික ග්‍රන්ථයේය. එහෙත් මෙම කතා පුවත් දෙකේ වෙනසක්‌ පවතී. එනම් විජය කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගත ව නොපැවතීමත්, රාවණා කතා පුවත ශ්‍රී ලංකාවේ සමාජගතව පැවතීමත්ය. අපගේ විශ්වාසය නම් එසේ වන්නට ඇත්තේ, වංශකතාකරුවන් ශ්‍රී ලාංකේය ඉතිහාසය තුළට විජය කතා පුවත බලෙන් ආරෝපණය කර ඇති නිසා, එම කතා පුවත හා සම්බන්ධ ජනප්‍රවාද සමාජය තුළ ගොඩනොනැගුණ බවය. (මෙහිදී බුද්ධිමත් පාඨක සහෘද ඔබ අප දීපවංශය හෝ මහා වංශය රාමායනයට සමාන කිරීමකට ගියා යෑයි වැරදි ආකල්පයකට නොඑළඹෙන බවට හුදෙක්‌ම විශ්වාස කරමු.)
මේ අනුව වංශකතාකරුවන් මෙම කතා පුවත් දෙකට දක්‌වා ඇති අඩු වැඩි සැලකිල්ල අනුව අපට පෙනෙන්නේ සැබවින්ම වංශකතාකරුවා ශ්‍රී ලංකාවේ ඉතිහාස කතාව රචනා කරන විට රාවණා කතා පුවත හිතාමතාම ඉවත් කොට ඇති බවකි. විශේෂයෙන් විජය කතා පුවත ඉදිරිපත් කිරීමේදී භාරත සංස්‌කෘතිය හා ශ්‍රී ලාංකේය සංස්‌කෘතිය අතර ගැටීමක්‌ ඇති නොවන ආකාරයටත්, ශ්‍රී ලාංකීය සංස්‌කෘතිය ඉන්දියානු සංස්‌කෘතිය තුළින් පෝෂණය වූ බව පෙන්වීමටත් වංශකතාකරුවා ගත් උත්සාහය නිසා එසේ වන්නට ඇති බව අපගේ විශ්වාසයයි. වංශකතාකරුවන් මෙලෙස යම් යම් ඓතිහාසික තොරතුරු ඔවුන්ගේ අවශ්‍යතා පරිදි වෙනස්‌ කර ඉදිරිපත් කළ අවස්‌ථා වංශකතා පුරා සුලබව සොයාගත හැකි නිසා එය අපට තදින්ම විශ්වාස කළ හැකිය.
එසේ නොමැතිව වංශ කතාකරු අතින් මෙම කරුණු මඟහැරී යන්නට ඇති බවට ද අයකුට තර්ක කළ හැකිය. විජය කතා පුවත ඇතුළු තවත් විශාල ප්‍රමාණයක්‌ වූ ජනප්‍රවාද ගොන්නක්‌ සහිතව දීපවංශය හා මහාවංශය රචනා කරද්දී, රාවණා කතා පුවත පමණක්‌ මඟහැරුණා නම් එය ද ගැටලු සහගත තත්ත්වයකි. ඒ පිළිබඳව ද තවදුරටත් කරුණු අධ්‍යයනය කළ යුතුය. එය පර්යේෂකයන්ට භාර කටයුත්තකි.
කෙසේ හෝ වේවා මෙම අතපසුවීම තුළ ශ්‍රී ලාංකේය තථ්‍ය ඉතිහාස කතන්දරයේ යම් කොටසක්‌ මඟහැරී ඇති බව නම් අප කාටත් පැහැදිලි වන කරුණකි. ඒ අනුව අවසාන වශයෙන් අපගේ නිගමනය වනුයේ ශ්‍රී ලංකාවේ වංශකතාවලින් පමණක්‌ ඉතිහාසය ගොඩනගන්නට බැරි බවය. එසේ උත්සාහ කරතොත් එය මහත් අඥන ක්‍රියාවකි. නිවැරැදි ඉතිහාසය ගොඩනගන්නට නම් ජනප්‍රවාද ද අනිවාර්යයෙන්ම උපයෝගි කොට ගත යුතුමය. මන්ද වාචික ඉතිහාසය (Oral History) යනු ප්‍රබල ඓතිහාසික මූලාශ්‍ර සපයන කොටසක්‌ වීම නිසාය. සාමාන්‍යයෙන් ජනප්‍රවාදයක්‌ ගොඩනැගෙන්නේ එක්‌ සත්‍ය සිදුවීමක්‌ පසුබිමක්‌ කරගෙනය. ජනප්‍රවාද අධ්‍යයනය කරන විට පැහැදිලිව අවබෝධ වන්නේ කොතැනක හෝ ඒ ජනප්‍රවාදයට සම්බන්ධ සිදුවීමක්‌ සිදුවී ඇති බවත්ය. වෙනත් ලෙසකින් කියතොත් ගින්නක්‌ නැතුව දුමක්‌ නැති නොවන්නා සේය.
සියලු කරුණු සම්පිණ්‌ඩනය කර අවසාන වශයෙන් අප කිසිදු අවස්‌ථාවක රාවණා කතා පුවත ඒ ආකාරයෙන්ම සිදුව ඇති බවට හෝ එය ඒ ආකාරයෙන් පිළිගන්නා ලෙස හෝ ප්‍රකාශ නොකරමු. එසේම එය සිදු නොවූවා යෑයි සිතා බැහැර කරන ලෙස ද ප්‍රකාශ නොකරමු. එහෙත් රාවණා කතා පුවත ශ්‍රී ලාංකේය ජන විඥනය තුළින් කිසි දින ඉවත් කළ නොහැකි යථාර්ථයක්‌ බව නම් ප්‍රකාශ කරමු. ශ්‍රී ලාංකේය උගතුන්, විද්වතුන් කවදා හෝ තථ්‍ය ඉතිහාසය මතුකර ගන්නා තාක්‌ රාවණා කතා පුවත ජන විඥනය තුළ පවතින බවත් ඒ දිනය උදාවනතෙක්‌ උපේක්‍ෂා සහගතව බලා සිටින ලෙස පමණක්‌ අවසාන වශයෙන් අවධාරණය කරමු.
- කේ. එම්. චාමින්ද බණ්‌ඩාර / රුහුණ විශ්වවිද්‍යාලය

උපුටාගැනිම : ලංකා සී නිව්ස්

04 March 2012

හෙළයාගේ දඬු මොනරය




ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම

පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය

සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින්

සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන්

යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.


ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට

පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.


මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.




එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද

“පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය

පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම

යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය.

කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.




තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.


ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය

නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය

හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.


එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද

ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.






වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක්

නොවන බව කෙසේ කිව හැකිද?


කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.


(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්)

රාවණා රජු මිත්‍යාවක්ද???

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ” යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.


මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.


මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.


යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න
මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න
“රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙ න
හේවාහැට දුම්බර සෙන් විය ගම න


සිහසුන් “රාවණ දජ” ගෙන අසු පිටි න
දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න
පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න
මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න


දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න
පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න
සිහසුන “රාවණ දජ” පෙරටු කරමි න
අස්වාහන නැග ඊළඟ වියගම න


එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති
විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති
පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති
“රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති


අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.


“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”
(මහාවය-පි.64-පරි 42)


නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.


“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”
(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)


රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)


රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.


මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.


ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.


කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.


රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.


රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.


විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.


“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”
(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)


පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).


මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.


රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.


බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ
එතකොට දෙවියෝ සාදු කියන් නේ
මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ
හනුමන්තා දෙනු මොකද අසන් නේ
(Hugh Nevill – Sinhalese Verse-97)


නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.

අංගම්පොර ඉතිහාසය හා එහි අනාගතය ?

අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන්

පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී

පැවත එන ”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර

අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.

මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී

රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්

සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර

විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක්

උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු

ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට

වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන්

සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

චීන චෙම්පූ

ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම

ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය

මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය

ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම

නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම

අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම

දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම

ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන්

කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී

ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික

අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය

අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව

කාහටත් රහසක් නොවේ.

පිරමීඩ තාක්ෂණය ලොවට ලබුනේ පිටසක්වලින් ද???

අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර

මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ

වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල්

කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන්

ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ පැරැන්නෝ මෙවැනි

යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ?



පිරමීඩ හැදුවේ කවුද?
අප වඩාත් හොඳින් දන්න, ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුනේ දකින්න ලැබෙන පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා

පිරමීඩයයි. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියටයි සැළකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු විසි දෙකක කාලසීමක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කළා යැයි විශ්වාස

කෙරෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීයි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළකරන අය නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලයි. මහා පිරමීඩය අවුරුදු 22 ක් ඇතුළතදී හැදුවා වෙන්න

බැහැ. එහෙම කළා නම් පිරමීඩය නිර්මාණය කරන්න නම් ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප‍්‍රවාහණය කරන්න, නිසි ලෙස ගොඩගසන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල්කුට්ටිය බැගින්. සෑම

තත්පර 9 කටම වරක්. ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඒත් අපේ අති දක්ෂ විද්‍යාඥයන්ට අති නවීන තාක්ෂණය තිබුණත් අවුරුදු 22 කින් මෙවැනි නිර්මාණයක් කරන්න

හැකියාවක් නැහැ. දක්ෂ විද්‍යාඥයන් කියනවා අපට මෙවැනි නිර්මාණයක් අවුරුදු 22 කින් කරලා නිමා කරන්න බැහැ කියලා. ගීසාහි මහා පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක්

ඉදිරිපත් වෙලා තිබෙනවා. පිටසක්වළ ජීවීන්ගේ මැතිහත්වීමක්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සළස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක්වී ලීවර, ලී

කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යයායන් අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් ඇත්ත මොකක්දැයි අපි කිසි කෙනෙක් හරිහැටි දන්නේ නැහැ. එක

දෙයක් හොඳින් පැහැදිලියි පිරමීඩ හදලා තිබෙන්නේ ගල් කුට්ටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් එහාමෙහා වීමක්වත් ඒවායේ දකින්න ලැබෙන්නේ නැහැ. නවීන තාක්ෂණයෙන් පිරි

වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදිව හා සූක්ෂමව නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත හා සොහොන් ගැබ් නිර්මාණය

කිරීම තවත් පුදුමයක් වෙනවා. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත නිර්මාණය කරලා තිබෙන්නේ ඉතාම පිරිසිදුවයි. ඉතාම නිවැරදිවයි. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව

අත්වලින් මෙවැනි නිර්මාණයක් කරන්න ඇත්තටම පුළුවන් වෙන්න ඇතිද? නැත්නම් ඔවුන්ට පිටසක්වළ අමුත්තන්ගේ සහාය ලැබෙන්න ඇතිද? මේ කරුණු හින්දා ඉන්ජිනේරු විස්කමක් ලෙස සැළකෙන

ගීසාහි මහා පිරමීඩය, ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නොවේ නේද? මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන කිසිම සැකයක් නැහැ. මා කිසිසේත්ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත්

පුරාණ මිනිසා හැදූ සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න ඕනෑ. ඔවුන්ට තනිවම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.

මෙහෙම කියන්නේ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකා ජාතික ජේසන් මාටෙල්.

පිටසක්වළ අමුත්තන්ගේ උදව් ලැබුණද?
මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදෙව්වේ සවුරිට් නම් පාරාවෝ විසින් කියලයි. සවුරිට් කියන්නේ හිබෲ ජනයාගේ ඉනොක් නම් තැනැත්තාටයි. ඉනොක් කියලා කියන්නේ

පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්තෘවරයෙක්. ඉනොක් ගැන සඳහන වන පතපොත තිබෙනවා. ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වළ අමුත්තන් හමුවුනා කියලා. ‘බුක් ඔෆ්

ඉනොක්’ නම් ඒ පොතෙහි ඔහු කියනවා පිටසක්වළ අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයුරින්. මේ බව කියන්නේ

එරික් වොන්ඩැනිකන්. ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. මේ දෙවිවරු

පිටසක්වළ ජීවීන් නම් පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ හා තාක්ෂණය දුන්නේ ඔවුන්.

ගීසා පිරමීඩය ඇත්තෙන්ම පුදුමයක් !
ලෝකයේ පුදුම හතෙන් එකක් වන පිරමීඩය පුරාවිද්‍යා අබිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙනවා. ඉතිං එය පුදුම හතට ඇතුළත් වීම පුදුමයක් නොවේ නේද? 1877 වසරේදී ආතර්

ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩය වතරක් නොවේ ඒ අසළින් ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකත්

පිහිටන්නේ පෘථිවියේ දිගම අක්ෂංශකය හා දේශාංෂකය හමුවන ස්ථානයේයි. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැළකෙන්නේ ද එතැනයි. ඒ විතරක් නොවේ මාලිමාවක කොන්

හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒත් පිරමීඩ හැදුව කාලේ මාලිමා තිබුණේ නැහැ. මාලිමා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. පුදුමයි නේද?



දෙවියන්ගේ පුරය: ටියෝටිවකාන්
තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නොවේ ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබීම. හුදෙකලා වූ පැසිෆික් සාගර දූපත්වල පිරමීඩ ඉදිකර තිබෙනවා, දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ

පිරමීඩ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා. පිරමීඩ සෑදීමේ කලාව ලොව පුරා පැතිරුණු උම්මාදයක් වගෙයි පෙනෙන්නේ. එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, කිසිදා එකිනෙකා මුණ නොගැසී,

මුහුදින් හා ගොඩබිමින් වෙන්වූ, කොහොමද පිරමීඩ හැදුවේ කියන කාරණාව පුරා විද්‍යාඥයන් පවා මවිතයට පත් කර තිබෙනවා. ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම

පොදුයි. මධ්‍යම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටඹුන් දකින්න ලැබෙනවා. මේ නගරය හැඳින්වෙන්නේ ‘ටියෝටිවකාන්’ කියලයි. එහි අර්ථය දෙයිවන්ගේ පුරවරය

යන්නයි. මේ නගරය මැද ඉදිකර තිබෙනවා ‘හිරු’ගේ පිරමීඩය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානයි. ඒක අහඹු සිදුවීමක් වෙන්න

පුළුවන්ද? නැතිනම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙන්න මේ විධියේ අදහස් ඉදිරිපත් කරනවා.

මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ එදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක් විසින්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන්

පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාරයක්, නිර්මාණකරුවන්ගේ දස්කම් කියන දේ නම් පිළිගන්න ටිකක් අමාරුයි නේද ?

පුරාණයේ ලෝකය සිව්වරක් විනාශ වෙලා !
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ පිරමීඩ ඉදිකළා කියලා කියන්නේ යෝධයන් පිරිසක්.

ඔවුන් මේ පිරමීඩ දෙක හැදුවේ ලෝකය විනාශ වන මොහොතේදීයි. ඇස්ටෙක් සහ මායාවරුගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකය සිව්වරක් විනාශ වෙලා තිබෙනවා. අයිස්වලින්, ගින්නෙන්,

ජලයෙන් තමයි ලෝකය විනාශ වුණු බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. ටියෝටිවකාන්

නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩ හැදුවේ දැනුම රැස් කරන්නද?
ඇයි පිරමීඩ වැනි මේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකක්ද? සමහරු නම් තියන්නේ පාරොවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට

කෞතුකාගාර වගේ. එහෙම නැතිනම් මේ පැරැන්නෝ අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්න ඇති. පැරැණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ

ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපට කියන්නයි. මේවා පැරණි මිසර පොත්පතවල සඳහන් වෙනවා. මේ දැනුම අපට කියලා දුන්නේ

දෙවියන්. ඒවා නිකම්ම නිකම් මිසර පාරාවන්ගේ සොහොන් ගැබ් නොවේ. විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මවිත කිරීමට සමත් වුණේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරා විද්‍යාත්මක අපූරු නිර්මාණ

දහස් ගණනක් අපේ ලොවේ නන්දෙසින් දකින්න ලැබෙනවා

වසර 2100 පැරණි පරිඝණකයක් හමුවෙයි.



වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.& විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computer& ලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.
මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය. ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය.

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය.

සිව් හෙලය

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????


මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….

* රාක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.

* නාග ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

* යක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.

* දේව ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්.

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පාලම

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා

සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා

අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම

හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ

මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක්

බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු

ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද

එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.

මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama

Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram),
 පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත.

මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම

රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ

වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

දෙවියන් වෙනුවෙන් නිර්මාණය වූ නස්කා චිත්‍ර Naska Lines

මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?



නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.



නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.


ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.

බුදුසමය හා අසුරයො

සෙනෙවිරත්න මහලේකම
බුදුසරණ පත්‍රයෙහි 2010. 09. 08 දින පළවූ ‘නිරයත් අපායත් ඇත්තේ මිනිස් ලොවයි. යන මගේ ලිපියෙහි සතර අපායට සම්බන්ධ අසුර අපාය පිළිබඳව මවිසින් කිසිවක් සඳහන් නො කෙළේ පසු

අවස්ථාවකදී ඒ පිළිබඳව යමක් කීම සඳහාය.

අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව

යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස

සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි

ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ

අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට

අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව,

මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට

නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.


වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය. එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය.

ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට

“ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ® විෂ්ණු,

නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය.

මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද

කලඹන ලද්දේය. කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය. මෙහිදී විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි.

වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ

සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය

විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය.

එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ

නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා

දෙව්ලොවම උපත් ලද්දෝය.

පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය. ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය

කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ.

සුරඅසුර යුද්ධය පිළිබඳ පුවතක් ධජග්ග සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය

දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න.

එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම

පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න.

එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව.

මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය,

තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්,

වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු

දැහැගැනීම පහවයන්නේ නෑ.

මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ

අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය,

තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් ,

සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ

(සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි.

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග

විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ.

ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “

වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ.

අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය.

ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය.

අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය,

එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි.

අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට

ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

උපුටාගැනිම : බුදුසරණ

19 February 2012

සිගිරි ගී

                                                         
                                                               සීගිරි ලළනාවෝ

ක්‍රිස්තු වර්ෂ 473 සිට 491 දක්වා රජ කළ මහා කාශ්‍යප රජ සමයේ දී සීගිරිය ජගත් පූජිත කලා නිකේතනයක් බවට පත් විය. සීගිරිය ශ්‍රී ලංකාව ශ්‍රී

ලාංකීය ඉතිහාස‍යේ සුවිශේෂ ස්ථානයක් ගනු ලබන අතර ම සිංහල සාහිත්‍යය හා භාෂාව ගැන කතා කරන විට සුවිශේෂ ස්ථානයක් සීගිරි කුරුටු ගීවලට

හිමි වේ. මෙම ගීවලින් බොහොමයක් 8, 9 හා10 වැනි සියවස්වලට අයත් වේ. සීගිරි ගී ලියා ඇත්තේ සීගිරියේ කැටපත් පවුර මත ය.
පැරණි සිංහල සාහිත්‍යය අතුරින් විශිෂ්ට කවීත්වයක් හා අපුර්ව ප්‍රතිභා ශක්තියක් සීගිරි ගී තුළින් පිළිබිඹු වේ. මේ තුළින් එකළ කවීන්ගේ අව්‍යාජ

කවීත්වය හා අනූන ස්වාධීනත්වය හෙළි වේ. මතුපිටින් පෙනෙන අදහසට වඩා ගැඹුරු අදහසක් මෙම ගී තුළින් මතු වේ. සීගිරි ගී ‍‍බොහොමයක්

අපුර්ව චමත්කාරයක් ද විශිෂ්ට කවීත්වයක් ද ඉමහත් ප්‍රතිභා ශක්තියක් ද ගැබ් වී ඇත. සීගිරි බිතුසිතුවම්වලින් විචිත්‍රණය කොට ඇති කතුන් ද අවට

පරිසරය ආදී විවිධ තේමාවන් ද යොදා ගෙන මේ ගී රචනා කොට ඇත. මෙකල කවීන් තම සිත් තුළ පහළ වූ අදහස් කෙටි කොට පිඬු කොට දක්වා

ඇත්තේ සීගිරි කැටපත් පවුරේ ගී ලිවීම අතිශයින් ම දුෂ්කර හෙයිනි. කවිය පිළිබඳ මහා පරිචයක් කාව්‍යකරණයේ ඉමහත් හැකියාවක් හා භාෂා

පටුත්වයක් මින් හෙළි වේ. ව්‍යංගාර්ථයෙන් හා ව‍ක්ක්‍රෝක්තියෙන් ද පිරිපුන් ගී විශේෂයක් ලෙස සිගිරි ගී හැදින්වේ.
මෙම සිගිරි ගීවලින් වැඩි කොටසක් ම ගීති නම් ඡන්දස් අලංකාරවලින් රචනා කරන ලද පද්‍ය යයි. යහ ගී පියුම් ගී මත්වල ගී කව් ගී උමතු ගී දුවඟ ගී

යොන් ගී ආදී විවිධ විරිත්වලින් බැඳි මේ සීගිරි ගී පද්‍ය සංහ්‍රයක් ලෙස විභාග කර බැලිය හැක. එසේ සීගීරි ගී රචකයෝ තමන් ලියූ ගීවලට යටින්

තමන්ගේ නම් ගොත් හා ග්‍රාම නාම සඳහන් කළහ. තවෙකෙක් සිය නාමය යෙදීමට ප්‍රථම තම රැකියාව පවා සඳහන් කර ඇත. මෙසේ රචිත වූ සීගීරි

ගී මෙරට විශිෂ්ට පුරා විද්‍යා ඉතිහාසඥයකු වන සෙනරත් පරණ විතාන ශුරීන් දශක දෙකක පමණ කාලයක් තුළ කියන සීගීරි ගී 685න් මුද්‍රණය කොට ඇත.

1.
එළෙනෙ (ල) කුළි මැටියා ලී ගී
බෙයෙන්ද් අවැජ් නොලද් එක් ගීයක් (කීයී මි)
(බස)ක් රන් වනැන් බැලීමී අසිරි සිගිහි ගී

2. ස්වස්ති-
පැඡින් පන් වැසි මෙයල්බතින් ගී
බෙයන්ද් හි රන් වනැන් අ (ස්ද්ව) ස් මියැහියෙජේ
මහනෙල් අත්හි ගත් මෙහිම බුයුත් නොබුයුයෙන්.

3.
සව බරණින් සැජ් ගිරි හිසැ සිටිහි කුමට
යෙහෙළී කියා සො නුමුත අප හිමි බවුදු
(දෙ‍කෙ)ස ලුනෙත්.

4. ගීය
නැ(ගි) අලුයම අවුජ් බලයි සිටියි හි මෙහි මස්
විහිදමි මහද මරු ගස එන තමු (රු) වෙනෙහි සුවද්හි මෙහි
අග්බෝය (හිමියෙමි මෙ ) ගී ලිමි.

5. ගීය
සිතහි යහපත විද බලය (මෙහි) රනවන බුන බලහ නො
මෙ රජමහ සිත රජමහ හම සිහිවන ක(ල)
සෙන් බොදෙවල ලයු ගී.

56. ගීය
ස්වස්ති
තොප නුයුන මිණි විට්නෙන් වැම්මෙන පැහැ දිසෙ(ය්)
නො කෙළෙ ත(මා) න් තෙ(මට්) එ ඉන් (ද) නිම්
තොප සුර බව.

64. ගීය
ස්වස්ති
අගතිනි අත් සලව් මෙහි පොහොන්නෙක් නැතිද
නව බග්ළසන්ද් දුට් මිනිසක් හු නොවජනෙනයි.

103. ගීය
කොමුල් අමඩ් ලෙඩ් ලිනසී
එ බොන්ද මියුර් යහ බැ සී
එ කපල් දල වන් දිගැ සී
මන ජල්(ව)යි (සිත්) නොමු සී

106. ගීය
……….ල සමන ගී
සලතලහි හුණු අකර සෙයින ලයු(තුබු) සිත්
මුළා වෙ මෙනෙ මෙ බෙයදහි රනවනැන දුටුයෙන්

190. ගීය
යහෙ(නි) ගිරි වැසි සලමෙය් හිමියන් ගෙ මෙයලු ගී
ගන ගල් බින්ෙනිෙ දැර සිලග දුට් පැතිතක් සෙය
සොනෙහින්ම ලද් විසට් බ ජු නොහස් තීප
අත්මය් වුයු

334. ගීය
ස්වස්නනනති අග්බොය්මි ලීමි
නිල් ක(ට්) රොට් මලෙකැ අවුණු වැට්කොළ මලසෙය්
සැන්දැ ගැ සිහිවෙන්නේ මහනෙල් වන හය් රන්වන හුන්

492. ලීය
මෙ ගෙත්තමට සිතු(ජු)කෙනෙක්ද එ
කවෙක් හින්දෙ ලී
(මෙ බෙ) ලුව ගී නොහිස් ගී බලත
දක්නා සෙ ගෙති

86. ගීය
නො(ව)න්නොද පුලුදු හුණබජ් නො වරග්න(හ්)
නොසිටිය වෙ දී හැද සමුන්ද කළ පුන්සන්ද උදෙස

306. ගීය
(‍ෙ)මනෙන්මී ලැදි මහ බන්ද්තා පැහැබර සිනා රුස්නා
කතක් හී තොස්නා මිණි අකුසු හීන්හී ලස් ගන්නා
නැඟි ඇති බලනට -බැලැමි සිහිවියන් සිහිගිරි මනෙදාළ පුරයි සරි -බලන රිසිව බෙයන්ද්

උපුටාගැනිම : විකිපිඩියා

පුලාස්ථි පඩිදුන්

                                                  
දැනට සුප්‍රසිද්ධ පොලොන්නරුවේ පරාක්‍රම ප්‍රතිමාව ලෙස හඳුනාගන්නා මෙම ප්‍රතිමාවේ ඉහළ කෙල‍වරේ පුලතිසි නමින් කොටා ඇති අතර වර්ගපූර්ණිකාව නම් මුද්‍රණය නොකෙරුණ ඉතිහාස පුස්කොල පොතට අනුව මේ පුලතිසි පුරය පාලනය කරන ලද පුලස්ති ඉසිවරයාගේ ප්‍රතිමාවයි

සුප්‍රසිද්ධ රාවණා රජුගේ පියාගේ පියා (සීයා) වන පුලතිසි ඉසිවරයා, ලං‍කාවේ ප්ර්ධාන මුනිවරයන් වන කපිලථ, පුලස්ථ්, නාරද හා අගස්ති යන අයගෙන් ප්‍රධානියා ලෙස සැලකෙයි. පුලතිසි පුරය (පොලොන්නරුව) යනු පුලතිසි ඉසිවරයාගේ පාලන තන්ත්‍රය පිහිටි ප්‍රදේශයයි. අද පොළොන්නරුවේ පිහිටි සුප්‍රසිද්ධ පරාක්‍රම ප්‍රතිමාව පුලතිසි ඉසිවරයාගේ ප්‍රතිමාවයි (මෙම පිළිමය පුලස්ති ඉසිවර හෝ I වන පරාක්‍රමබාහු රජ රජ නිරූපනය කරන බව විද්වත් මතයයි.). අදද එහි ඉහල කොටසේ පුලතිසි යන අකුරු හතර දක්නට ඇත. නාලන්දා ගෙඩිගෙය යනු පුලතිසි ඉසිවරයාගේ සොහොනයි. ඔහු අවුරුදු 102 ක් එනම් අද වර්ෂවලින්නම් අවුරුදු 200ක් පමණ ජීවත් වූ බව සඳහන් වේ. එසේම පුලතිසි ඉසිවරයා විසින් ලංකාවේ සංගීතය ඇති කළ බවට ද මතයක් සංගීත ඉතිහාසය II [1] නැමති ග්‍රන්ථයේ සඳහන් වේ. එසේම "...රාවණගේ සීයා, පුලස්ති, තුන් වේදයේම සමර්ථ ව සිටි බව කියන හෙයින් රාවණාගේ උගත්කම ගැන සැක කළ යුතු නො වෙයි...." යයි එළිදරව්ව - iii [2] නැමති ග්‍රන්ථයේ ද සඳහන් වේ.
පටුන
1 වෛද්‍ය ශාස්ත්‍රය
2 ජ්‍යෝතිෂය
3 හෙළ නැකත් කලාව
4 ලග්ගල නොහොත් ලකේ ගල
5 ආශ්‍රිත ලිපි
වෛද්‍ය ශාස්ත්‍රය

ග්‍රීසියේ ඇති ‘පවුලතිත්’ නම් වෛද්‍ය ශාස්ත්‍රය ඔවුන්ට පුලතිසි ඉසිවරයා ගෙන් ලද්දකි. මාලිගාවිල ආශ්‍රිතව මෙතුමා විසින් නිර්මාණය කරන ලද ඇස්රෝහලක් තිබී ඇත.
හිමාලයේ තිබූ වෛද්‍ය සමුළුවට ලංකාවෙන් පුලතිසි ඉසිවරයා ගිය බව සඳහන් වේ. ඒ බව "...ලංකාවෙහි විසූ අති පුරාණ ශාස්ත්රශඥයෙක් වූ පුලස්ති ඍෂිහු වරක සංහිතාවෙහි සඳහන් හිමාලයෙහි පවත්වන ලද මහා වෛද්යු සම්මෙලනයට පවා ගියහ..." ආදි වශයෙන් පවුලේ වෙද පොත [3] නැමති ග්‍රන්ථයෙහි ඩී. සි. ජයසේකර මහතා ප්‍රකාශ කරයි.

දන්වන්තරී නම් පුද්ගලයා ආයුර්වේද ක්‍රමය ඇති කළ කෙනා වන අතර ඔහුව සිගිරියට ගෙන්වා අපේ වෛද්‍ය ක්ර්මය පුලතිසි ඉසිවරයා විසින් උගන්වා ඇත. ඔහුට පුලතිසි ඉසිවරයා ‘සෙන්හලිකා’ නම් කුරුඳු වර්ගයක් දී ඇති අතර අදටත් සීගිරියේ හා හිමාලයේ මෙම ශාකය දක්නට ඇත. සීගිරියේ රාම කැලේ මෙම ගසඅදටත් ඇත.
ජ්‍යෝතිෂය

ජ්‍යෝතිෂයේ මූලික සිද්ධාන්ත හතරෙන් දෙකක් වන සූර්ය සිද්ධාන්තය හා පවුලප්තය සිද්ධාන්තය පුලතිසි ඉසිවරයා නිර්මාණය කළ ඒවා ය.
හෙළ නැකත් කලාව

හෙළ නැකත් කලාව නිර්මාණ මෙතුමා විසින් සිදු කළ අතර එහි කොටස් පහත පරිදිය.

සප්ත යෝගය - ඉන්ද්රෝ ගුරුළුව, පංච පක්ෂිය, යම කාලය, උඩු මරණය, දින මුර්තුව, ඊසකය, ශිවා ලිඛිතය
උමා ජ්යො‍තිෂය
හෝරා වග
සුදර්ශන වක්ර ය
සෙත් වග
වාස්තු වග
උමා පද්ම හා උමා ගුරුළුව

මේ අතර ස්ත්‍රී ජාතික චන්ද්‍රිකා නම් ග්‍රන්ථය පුලතිසි ප්‍රමුඛ ඉසිවරු හතරදෙනෙක් විසින් නිමවන ලද බව පැවසේ.
ලග්ගල නොහොත් ලකේ ගල

                                            

මීමුරේ පිහිටා ඇති ලකේගල නොහොත් ලග්ගල කන්ද

එපිට කන්ද කළු පහනේ කැළේයා
මෙපිට කන්ද ලග්ගල මීමුරේයා
දෙඩිය දෙකක් උස ඇති ගෝමරේයා
හොඳයි පරකාස ලක මීමුරේයා

ලග්ගල කදු මුදුනේ මෙතුමාගේ ආකාශ පරීක්ෂණ මධ්‍යස්ථානයක් තිබූ බවට සැලකෙන අතර එහි අදටත් පැරණි ගොඩනැගිලි වල නටබුන් දක්නට ඇත. මෙම කන්ද ඉතාමත් අසීරුවෙන් තරණය කළ යුතු කඳු ශිඛරයක් වන අතර එම කන්ද ආශ්‍රිතව ජීවත් වන ජනතාවගේ දේහ ලක්ෂණ තුළින් පැරණි යක්ෂ ගෝත්‍රික දේහ ලක්ෂණ දක්නට ලැබේ. එසේම ඔවුන් අදටත් අදහන්නේ රාවණා දෙවියන් වන අතර වෙනත් දෙවිවරුන් පිළිබඳ ඔවුන් නොදන්නා තරම්ය. පැරණි රාවණා කවි අදටත් ඔවුන් කටපාඩමින් කියන අතර පැරණි බෙහෙත් හා මන්ත්‍ර වැනි දේ අදටත් නොනැසී පවතියි.

පුලතිසි ඉසිවරයා ලැග සිටය ගල
යක් විරුවන් ගරුත්වයෙන් හිස නැමූ ගල
දිවා රැයේ පුලතිසි පුර පෙනෙන ගල
ලක්ගල වාසනාවන් ඒ තෙදැති බල

උපුටාගැනිම : විකිපිඩියා