02 September 2011

රාවණ ඉතිහාසය විකෘති කිරීම


 රාවණ රජුට ද්‍රවිඩ ලේබලය ඇලවීම හා ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය විකෘති කිරීමේ කලාව මේ වසරේ (2011) අගෝස්තු මස හෙළ ගවේශණ අපි නුවර එලිය ප්‍රදේශයේ සංචාරයක ‍යෙදුනෙමු.ඒ පර්යේෂණ චාරිකාවකටම නොවේ නමුත් එහිදී අප ඇස ගැටුනු එක් ස්ථානයක් විය එනම් මාගස්තොට සිට හග්ගල දක්වා දිවෙන මාර්ගය අතර මැද ඇති සීතාඑලිය නම් ප්‍රදේශයේ එක් ස්ථානයක් වෙතටය.එනම් සීතා කෝවිලය.මෙය මෙතන ඉදිවී තිබෙන්නේ කුමන කරැනකටද කියා සොයා බැලීම සදහා අප කොවිල වෙත පිය නැගුනෙමු.බැලු බැල්මට එහි පැරණි බවක් නොතිබුනි.අප කොවීල තුලට ඇතුලුවන විට එහි සිටියේ පූජක වරැන් දෙදෙනා ඇතුලු පුද්ගලයින් 3 දෙනෙකු පමනය.අප මුලින්ම ප්‍රධාන පූජක හමුවිය ඔහු ප්‍රකාශකලේ මෙය රාවණ රජු විසින් මීට වසර 5000ට පෙර සීතා සගවාගෙන සිටි ස්ථානය වන බවය.අප ඉට වැඩියමක් ඔහුගෙන් බලාපොරොත්තු වූයේද නැත.මෙම කෝවිල ඉතාම මෑත කාලයේ ඉදිවූවක් බව ඔහු සමග කල සාකච්වාවෙන් හෙලිවිය.ප්‍රදේශ වාසියෙන් ප්‍රකාශ කල ආකාරයට මෙම ස්ථානයට පූජා සමයේදී සියගනන් පිරිස්  ඉන්දියාවේ සිට පැමින පුද පූජා පවත්වන බවයි.එසේ වීමට හේතුව සීතා දේවිය උපන් ඉන්දියාවෙවත් සීතාදේවලයක් නැති අතර ,මෙය ලෝකයටම ඇති එකම සීතා කෝවිල නිසා විය හැක.. තවද  පූජකවරයාට අනුව මෙහි අවු 5000ක් පමන පරණ ත්‍රිශුලයක් වෙති එය 5000ක් සිටම එහි තිබූබව එවුන්ගේ අදහසයි.එය ප්‍රදර්ශනය කරන්නේ තේවාවන් අවස්ථාවට පමනක් බැවින් එය අපට දැකගැනීමට නොහැකි විය.අපට එහිදී පැන නැගුන ගැටලුව නම් කෝවිල මෑතක දී ඉදිකරන ලද්දක් නම් ත්‍රිශූලය පමනක් අවු 5000 තිස්සේ මෙහි තිබුනේ කෙලෙසද  යන්නයි.අප ඒ ගැටලුව සිතේ තබාගෙන තවදුරටත් කෝවිල අවට පිරික්සුවෙමු. 
සීතාදේවී කෝවිල
සීතාදේවී කෝවිල
සීතාදේවී කෝවිලකෝවිල පිටුපසින් ගලායන කුඩා දිය පහරක් විය.එය දැනට දූශනය වී ඇත මන්දයත් පොලිතින් වැනි අපද්‍රව්‍යය කුඩා ඇල්ල පුරාම දක්නට ලැබිනි.මද වෙලාවකින් අප නෙත ගැටුනේ විදේශ සංචාරකයින් කීපදෙනෙකි ඔවුන් කෝවිල නරඹන අතර තවත් පුජකයෙකු සමග කතා බහ කරනූ අප නෙත ගැටුනි.අපද තව තොරතුරැ දැන ගැනීමේ අදහසින් එම පූජකයා වෙත පිය නැගුවෙමු.ඔහු සමග කල කතාබහේදී පෙර තොරතුරැම අනාවරනය විය.එක වරම ඔහු කල ප්‍රකාශයක් නිසා අප පුදුමයට පත් විය ඔහු ප්‍රකාශ කර සිටියේ රාවණ යනු දෙමළ රජෙක් බවයි.අප ඒ කතාවෙන් පුදුමයට පත් විය පසුව අප ඔහුගෙන් මෙසේ ප්‍රශ්ණ කළෙමු" රාවණ දෙමළ රජෙක් නම් රාවණ පරාජය කර රාමා ඇතුලු පිරිසට වන්දනාමාන කරන්නේ ඇයි" හා " රාවන වෙනුවෙන් දෙවොලක් ඉදිනොකරන්නේ ඇයි"ද යන්නයි......ඔහුට එවිට කීමට දෙයක් නොමැති විය ඔහු සිනාසෙමින් කතාව මගහැරිය අතර අපට කෝවිලට පහලින් ගල්තලාව මත තිබෙන වලවල් කීපයයක් පෙන්වා ප්‍රකාශ කළේ ඒ හනුමාගේ අඩිසළකුනු බවයි.
හනුමාගේ පා සලකුනු යැයි පවසන වලවල්
හනුමාගේ පා සලකුනු යැයි පවසන වලවල්
තවද කෝවිල ඉදිරි පිට ඇති කන්දක් පෙන්වා ප්‍රකාශ කළේ රාවණ රජු එහි සිටිබවත් ය.එමුත් එම ප්‍රදේශයේ සිටින සිංහල ප්‍රදේශ වාසීන්ට අනුව එම මතයය තහවුරැ කිරීමට ජනප්‍රවාදයක් වත් නොමැත.ඔහු සමග සාකච්චාවෙන් පසු අපට සිතුනු එක දෙයකි.ඔහු සමග කතා කරන සියලු විදෙස් සංචාරකයින්ට ඔවුන් කියනුයේ රාවණ යනු දෙමළ රජෙක් බවයි.තවද ඔවුන් රාවණ දෙමල රජෙක් ලෙස හුවා දැක්වීමට යොදාගන්නා පදනම් විරහිත කතා විදේශිකයන්ටද ප්‍රකාශකරයි.ප්‍රදේශවාසීන්ට අනුව නුවරඑලිය ප්‍රදේශයට දෙමළ වැසියන්ගෙනැවිත් ඇත්තේ දකුණු ඉන්දියාවේ සිටය ඒ බ්‍රිතාන්‍ය ජාතිකයින් ගේ වතුකර්මන්තයේ කුලී ‍සේවකයන් ලෙසටය.එනම්  නුවරඑලිය තුල දමිල ජනතාවට ඇත්තේ උපරිම වසර 250ක පමන ඉතිහාසයකි.එලෙස තිබියදීත් අසත්‍ය ඉතිහාස අයිතිවාසිකක් තනාගැනීම සදහා ඔවුන් ශ්‍රේෂ්ඨ හෙළ  රජෙක්වන රාවණ රජුට දෙමල ලේබලයක් ගැසීමේ අසාර්ථක උත්සහයක යෙදෙන අතර කෝවිල නැරබීමට එන දෙස් විදෙස් සංචාරකයන්ටද ‍මෙම විකෘති ඉතිහාසය පෙන්වයි.මෙගින් ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය විකෘති වේ.මෙයට වගකකිව යුත්තෝ කව්රැන්ද????


හෙළ ගවේශන 2011චාරිකා සටහන


උපුටාගැනිම : නිර්මාල්ගෙ චාරිකා සටහනින්

No comments:

Post a Comment