04 March 2012

හෙළයාගේ දඬු මොනරය




ඔබෙන් කවුරුන් හෝ ගුවන් යානය නිපදවූයේ කවුද? යි ඇසුවහොත් ඔබේ පිළිතුර වන්නේ “රයිට් සහෝදරයෝ” යන්නයි. සමහරවිට ඔබ නිවැරදිය. එයට හේතුව මුළු ලෝකයම පිළිගන්නේ එම

පිළිතුර නිසයි. නමුත් මෙහි නියම උරුමකරුවා වන්නේ සිංහල‍ෙයකු බව ඔබ දන්නේ නැත. පරගැති බවෙන් වැසී ඇති හෙළයාගේ චින්තනය මේ නියම උරුමකරු අමතක කොට එහි පේටන්ට් අයිතිය

සුද්දාට පවරා බලාසිටී. එසේ වුවද ඔබ අමතක නොකළ යුත්තක් තිබේ. එනම්, සුද්දා කොල අතු අඳින යුගයේ හෙළයා රෙදි වියාගෙන ඇන්ඳ බව. එයට අපේ ඉතිහාසයේ කුවේණියගේ කථා පුවතින්

සාක්ෂි සපයයි. ගුවන් යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ. මෙයින් පෙනෙන්නේ බටහිර ජාතින්ට පෙර, ශිෂ්ඨාචාර වූ ජාතියක් ලෙස සියවස් ගණනාවක් සිංහලයා ජීවත් වූ බවයි. ගුවන්

යානය සම්බන්ධ කාරණාව ද ඒ ආකාරයේම වේ.


ඉන්දියාවේ පුරා වෘතයක් වූ “රාමායණය” කථා පුවතේ සඳහන් වන්නේ රාමාගේ බිරිඳ වන සිතාවන් හෙළයෙකු වූ රාවණා නිරිඳුන් (ක්‍රි.පූ. 2554 – 2517) විසින් ඉන්දියාවෙන් හෙළ දීපයට

පැහැරගෙන එන ලද්දේ “පුෂ්පක” නම් ගුවන් යානයෙන් බවයි. මෙය ප්‍රසිද්ධ කථා පුවතකි.


මෙම “පුෂ්පක” නම් ගුවන් යානය “දඬු මොනරය” නමින් ද හඳුන්වනු ලැබීය. එම නම එයට ලැබුණේ මොනරාගේ ආකෘතියෙන් දැවයෙන් නිම කරන ලද බැවිනි.




එසේම ලෝකය පිළිගන්නේ “දඬු මොනරය” නිපදවන ලද්දේ රාවනා බවයි. එහෙත් රාමායණය කියන්නේ ‍රාවණා නිරිඳුගේ සොහොයුරු වූ “වෛශ්‍රවණ” හෙවත් “කුවේර” නරේන්ද්‍රයාට ද

“පුෂ්පක” නම් ගුවන් යානයක් තිබූ බවයි. ඔහු “සිව ගිරිය” හෙවත් “සීගිරිය” අග නගරය කොටගෙන රජකම් කල බව ද කියැවේ. එහි තව දුරටත් සඳහන් වෙන්නේ රාවණා රජු විසින් එම යානය

පැහැරගෙන පරිහරණය කරඇති බවයි. කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙ‍නාටම නගර නිර්මාණය සඳහා උපදෙස් ලබාදුන් “විස්කම්” හෙවත් “විශ්ව කර්ම” නමැති මහා මූලාචාරියා ජිවත්වූයේ ද එම

යුගයේ ය. විශ්ව කර්ම යනු අතීතයේ මහා විෂ්මිත නිර්මාණ කල පුද්ගලයෙකු බව බොහෝදෙනා දන්නා කරුණකි. ඒ අනුව ඉහත දැක්වූ “දඬු මොනරය” විශ්ව කර්මයාගේ නිර්මාණයක් ද විය හැකිය.

කෙසේ වෙතත් මේ රජවරුන් දෙදෙනාම සතුව ගුවන් යානා නිෂ්පාදන තාක්ෂණය තිබෙන්නට ඇතැයි මෙමගින් සිතිය හැකිය.




තවත් ලෙසකින් සඳහන් වන්නේ මෙම “දඬු මොනරය” පිළිබඳ ඉතිහාසය රාවණා රජුගේ යුගයෙනුත් සියවස් විසි පහක් ඈතට දිවයන බවයි.


ශ්‍රී ලංකාවේ “වාරියපොළ” යනු නගරයකි. මෙම නම සන්දිකර බැලුව හොත් වා+රිය+පොළ යනුවෙන් දක්නට ලැබේ. මෙහි “වා” නම් වාතයයි. “රිය” නම් රථයයි. “පොළ” නම් එම රථය

නතරකරන ස්ථානයයි. ඒ අනුව “වාතයෙන් ගමන් කරනා රථ නතරකරන ස්ථානය” ලෙස තවදුරටත් එය විග්‍රහ කළ හැකිය. (වාතයෙන් ගමන් කරන්නේ ගුවන් යානායි.) මේ විග්‍රහයට අනුව සිතිය

හැක්කේ වර්තමාන වාරියපොළ නගරය අතීතයේ ගුවන් යානා නතර කරන ලද ප්‍රදේශයක් වියහැකි බවයි.


එමෙන්ම ක්‍රි.පු. දෙවන සියවසෙහි දී දකුණු ඉන්දියාවේ සිංහළයින් වාසය කරන ලදැයි සාක්ෂි ඇති “කුවන් කොඩ්” නමින් ‍ෙදමළට හැරවූ “ගුවන් ගොඩ” රාවණා යුගයෙහි ගුවන් යානා නවත්වන ලද

ප්‍රදේශයක් වූ බවට තවත් ඉඟියකි.






වර්තමානයේ අනුරාධපුර, පොළොන්නරුව, සීගිරිය වැනි ප්‍රදේශවල දක්නට ලැබෙන ලොවම විශ්මිත කරවන නිර්මාණ දෙස බලන විට ඉහත දැක්වූ විෂ්මිත නිර්මාණය ද හෙළයෙකුගේ අතින් නිමවූ එකක්

නොවන බව කෙසේ කිව හැකිද?


කෙසේ වෙතත් මේ පිළිබඳව ඉතිහාසඥයන්ගේ හා පුරාවිද්‍යාඥයන්ගේ අවධානය යෙමුවිය යුතු අතර ඒවා පිළිබඳව විධිමත් පර්යේෂණයන් පැවැත්විය යුතුය.


(අරිසෙන් අහුබුදු ශූරීන්ගේ ලිපියක් ඇසුරින්)

රාවණා රජු මිත්‍යාවක්ද???

දැනට ඉගැන්වෙන පාසල් අධ්‍යාපනයේ දී “රාවණ” යන නාමය දැක්වෙන රජවරයකු ගැන නොදැක් වේ. නමුත් සංස්කෘතික ග්‍රන්ථ විමසා බලන විට ලංකාවේ රාවණ යන නාමයෙන් රජවරයකු සිටිය බව සොයා ගැනීමට පුළුවන. රාමායණය, මහාභාරතය, රඝුවංසය, ජානකීහරණය, ශිශුපාලවධ, රාවණ රාජාවලිය, මන්දාරම්පුර පුවත, රාජාවලිය, මහාවංශය දෙවන භාගය, රාවණ රාජධානිය යනාදියේ ඒ බව දැකගත හැකි ය. මෙයට අමතරව ලංකාවේ ඉතිහාස ග්‍රන්ථයක් ලෙස දැනට භාවිත නොවන මන්දාරම්පුර පුවත නමැති දුර්ලභ කෘතියේ සහ රාවණ රාජාවලිය, රාවණ පුවත, රාවණ හටන, රාවණ විස්තරය, රාවණ රජුගේ ගුවන් විස්තර කවි, කුරුණෑගල විස්තර නමැති පුස්කොළ පොත්වලද ද රාවණ රජතුමා පිළිබඳව කරුණු එමට ය.


මෙම පොත් සියල්ල ම ක්‍රි.ව. 1886 දී කෑගල්ල දිසාපතිව සිටි හියුනෙවිල් නම් ඉංග්‍රීසි ජාතිකයා විසින් එංගලන්තයට රැගෙන යන ලදී. දැනට එම පොත් එංගලන්තයේ බැලැක්ෆයර් වීදියේ පුස්තකාලයේ හියුනෙවිල් පුස්කොළ පොත් එකතුවේ ඇත. මෙයින් එක් එක් කවිය යොදා ගනිමින් ක්‍රි.ව. 1955 දී පී.ඊ.පී. දැරණියගල මහතා කෘතියක් සම්පාදනය කරන ලදී.


මන්දාරම්පුර පුවත අනුව එකල මෙරට රජවරු රාවණ රජතුමාට අයත් වූ රාවණ කොඩිය පෙරටු කර ගෙන යුද්ධයට ගිය අයුරු එහි දැක්වේ. එහි දැක්වෙන කවි කිහිපයක් පහත සඳහන් වේ.


යළි දෙනුවර සිවුසිය පත්තු මහ ද න
මහ කොඩි පෙරමුණට ගෙන ඊළඟ ගම න
“රාවණ කොඩිය” සිහසුන් කොඩිය ද රැගෙ න
හේවාහැට දුම්බර සෙන් විය ගම න


සිහසුන් “රාවණ දජ” ගෙන අසු පිටි න
දෙසියක් සෙබළු මර කළ සිට තුන්පෙළි න
පුවක්ගොල්ල, පුස්සල මැතිවරු දෙදෙ න
මාවත් දෙකේ වාසල මුර ගත එමෙ න


දෙසීයක් බළ සෙනඟ පෙළ පෙළ යොදවමි න
පුවක්ගොල්ල - පුස්සල මැතිවරු දෙදෙ න
සිහසුන “රාවණ දජ” පෙරටු කරමි න
අස්වාහන නැග ඊළඟ වියගම න


එකල මෙලක පසදු වීරසූරිය සහ පුස්සල මැ ති
විමල යසැති දිවාරත්න - හළුවඩනා මැතිදු බලැ ති
පබල මැතිදු රත්නායක - අඹගහතැන්නේ විකුමැ ති
“රවුළු දදය” නගා ගියහ - පන්සැන්ත බලසෙන්යු ති


අපේ සමහර උගතුන් විසින් මිත්‍යා කථාවක් ලෙස ඉවත් කිරීමට තැත දරන එසේම මනස්ගාත යැයි කියනු ලබන රාවණ රජු ගැන මහාවංශයේ ද දැකිය හැකි ය. පහත සඳහන් වන්නේ මහාවංශයේ ඒ ගැන ලියා ඇති ආකාරය යි.


“රාමායනභරතාදි ලෝකියාසු කථ සුපි
රාමස්ස වික්ක්‍රමඤ්ච වතස්ස රාවණ ඝාතිනෝ”
(මහාවය-පි.64-පරි 42)


නූතන සමහර සිංහල බෞද්ධ භික්ෂූන් වහන්සේලා විසින් ඉවත් කරනු ලැබ ඇති මහායාන ග්‍රන්ථයක් වන “ලංකාවකතාර සූත්‍ර” යේ ද සඳහන් වන්නේ රාවණ රජු කාශ්‍යප බුදුරදුන්ව ලංකාවේ සමන්ත කූඨයට ගුවන් රථයෙන් (පුෂ්පකයානය) රැගෙන ආ බව ය. කාශ්‍යප බුදුරදුන් රාවණ රජතුමාට සමණල කන්ද මුදුනේ දී ලංකාවතාර සූත්‍රය දෙසූහ. (ලංකාවතාර සූත්‍රය පරි. 1 - ගාථා 23, 24, 25, 26, 27, 28, 29, 30 ගාථා බලන්න) මෙම පුෂ්පකයානය රාම රාවණ යුද්ධයෙන් අනතුරුව ඉන්දීය රාම කුමරු විසින් පැහැර ගනු ලැබ සීතා දේවියත් සමග ඉන්දියාවේ අයෝධ්‍යාවට ගියේ ය. මහා භාරතයේ ඒ බව මෙසේ සඳහන් වේ.


“හත්වා තත්‍ර රිපුං සංඛ්‍යො භාර්යයා සහ සංගත:
ලංකේෂ්වරං ච චක්‍රේ ස ධර්මාත්මානං විභීෂණම්
භාර්යයා සහ සංයුක්තස් තතෝ වානර සේනයා
අයෝධ්‍යාමාගතෝ වීර: පුෂ්පකේන විරාජිතා”
(මහාභාරතය 56 අධ්‍යාය, දෝණපර්වය, 6, 7 ශ්ලෝක)


රාවණ රජුට අයත් ගුවන් රථයට නැඟී රාම කුමරු රියදුරු වූ බාලි සමග උපදේශක රාගිරාගේ විධානය අනුව අහසෙහි ඈතට පියාසර කර ඇත. ලංකාවේ දැනට භාවිත කරන රාජාවලිය අනුව රාවණා රජු ලක්දිව රජය කරවා ඇත්තේ ගෞතම බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884කට (ක්‍රි.පූ. 2428) ඉහතදී ය. (රාජාවලිය ඒ.වී. සුරවීර සංස්කරණය - දෙවන මුද්‍රණය 1997 -168 පිට)


රාවණ රජුගේ පුත් ඉන්ද්‍රජිත් ය. මෙම කුමරු කරවූ ගල්ලෙන් විහාරය රහලගල පාමුල ඇති අතර, රහලගල රාවණ රජුගේ මාලිගාවක් තිබු එක් ස්ථානයකි. මෙහි නටඹුන් අද ද රහලගල පර්තවතය මුදුණේ ඇත. “දකුණු බුදු සිරි පතුල පිහිටි මක්කම සහ රාවණ රජුගේ සෙල් ලිපි” නමැති ග්‍රන්ථයේ 57, 58 පිටුවල ඒ බව සඳහන් වේ. ඉන්ද්‍රජිත්ගේ පුත්‍රයා වූ අගිය කරවූ ලෙන් විහාරය කෑගල්ල කරඬුපොත අසල ඇති අළුලෙනයි තිබේ. මෙහි ඇති සෙල් ලිපිය පුර විද්‍යා අංශ මෙතෙක් කාබන් පිටපත් කර රටට ඉදිරිපත් කර නැත. එනමුත් මෙම ලිපිය ඡායාරූප ගත කර කෑගල්ලේ සරත් යටවර මහතා කෘතියක ඉදිරිපත් කර ඇත.


මෙයට අමතරව රාවණ රජුගේ යුද දක්ෂ මකර ඇමැතිතුමාගේ පුත් වූ “ශෝණ” කරවූ ලෙන් ලිපියක් අරනායක අම්බලකන්දේ නාරංගොල්ල වතුයායේ ගුරුළු ලෙන හි ඇත. (එච්.සී.පී. බෙල්ගේ R.K.D. - කෑගලු වාර්තාව - 69 පිට සහ සුනන්දා ප්‍රේමසිරිගේ කෑගලු කැටපත - 3 පිට බලන්න) රාවණ රජු ක්‍රි.පූ. 6000 දී පමණ කරවූ වැව් අතරින් එකක් අද ද රූගම වැව ලෙස අප විසින් හඳුනාගෙන ඇත. (රාවණ රජු බුදුරදුන් ඉපදීමට අවුරුදු 1884ට පෙර එනම් ක්‍රි.පූ.2428 රජ කර ඇති බව කලින් සඳහන් කළේ රාජාවලියට අනුව ය. රාජාවලියේ එසේ සඳහන් වුවත්, මාදුරු ඔය සොරොව්ව වසර 6000ක් පැරැණි බව පසුව සොයා ගැනීම නිසාත්, වෙනත් පුරා විද්‍යා සාක්ෂිත් ගෙන බලන විට රාවණ රජු ක්‍රි.පූ. 6000 දී රජ කර ඇති බව පෙනී යයි) මෙම වැව රූගම වැව ලෙස නම් කර ඇත්තේ විදේශික සුදු මහත්වරු ය. මහඔය (මුන්දෙනආරු) හරස් කර බැඳි වේල්ලක් මගින් එම වැවට ජලය රැගෙන යන ඇළ අදත් රාවණ ඇළ ලෙස ම දැකගත හැකි ය. ලංකාවේ අඟලේ සිතියමේ MAHAOYA SHEET 50 සහ බෝහියර් මහතාගේ වාරිමාර්ග කෘතියේ දී ද මෙය දැක ගැනීමට පුළුවන. රාවණ රජුගේ නාමයෙන් පුරාණයේ ග්‍රාම නාම 60ක් පමණ නම් වී තිබුණු අතර, මෙම නාම 1950න් පසුව වෙනස් කර තිබේ. නූතන හපුතලේ පෙර “රාවණගම” විය. මේ ගැන වත්මන් කතානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර මහතාද හොඳින් දනී. රාවණ රජතුමා දක්ෂ වෛද්‍යවරයෙක් බව “ඌව දනව්ව” පොතේ 43 පිට කියවීමෙන් දැන ගත හැකි ය.


ක්‍රි.ව. 1940 දී සඳහන් වූ රාවණ ගමක් දැන් රම්මුන්ගොඩ ලෙස ද, උඩුරාවණගම දැන් උඩුහාවර ලෙස ද, යටිරාවණ ගම දැන් යටිහාවර ලෙස ද වෙනස් වූයේ අප බලා සිටිය 20 වැනි සියවසේ දී ම ය. රාජකීය පණ්ඩිත නාමලේඛනයක් අප රටේ ඇත. එම නාමලේඛනයේ 716 වැනි රාජකීය පඬිවරයා වූයේ “රාවණාගොඩ” පියරතන හිමියන් වන අතර, 746 වැන්නා වූයේ “උඩුරාවණ” ඤාණරතන හිමියන් ය. 749 වැන්නා ලෙස “යටිරාවණ” ධම්මාරාම හිමියන්ගේ නාමය දැකිය හැකි ය. (ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ ශාස්ත්‍රීය සංග්‍රහය 1986 මුද්‍රණය 76, 77 පිටු) එම නාමයන් එදා එම ගම් තිබූ බවට හොඳ සාක්ෂි වේ. නුවරඑළිය ද පෙර රාවණ නගරය වූ අතර, එහි වැව ද රාවණ වැවයි. මෙම වැවේ කොටසක් ග්‍රෙගරි ආණ්ඩුකාරයා විසින් ගොඩකරනු ලැබ රේස් පිටිය සාදා ඉතිරිය වැව ලෙසට තබා ඊට ‘ග්‍රෙගරිස් ලේක්’ යැයි නම් කර තිබේ.


කැප්පෙටිපොළ යන ග්‍රාමය නම් කිරීමට පෙර මෙම ග්‍රාමය ‘පාලුගම’ වූයේ රාම - රාවණ යුද්ධය නිසා ය. රාවණ රජු රාමාට පැරදුණු තැන අදත් “රාමලංකාව” යනුවෙන් නුගතලාව අසල කුඩා ගමක් ඇත. සීතා දේවිය දිවුරුම් දුන්, කාශ්‍යප බුදුරදුන් පිටදුන්, නිග්‍රෝධ බෝධිය ක්‍රි.ව. 1832 වන තුරු ම දිවුරුම්වෙල > දිව්රුම් පොළ (නුගතලාව) තිබිණි. මේ බව පෝබස් මහතාගේ වාර්තාවක දැක්වේ. මෙම වාර්තාව අප අත අද නැත. විස්තර අවශ්‍ය අයට Discovering Ceylon කෘතියෙන් ද, බෝහියර් හඳුනාගත් ලංකාව කෘතියේ 343 පිටුවේ සිට ඉදිරියට ද දැක ගත හැකි ය. රාවණ මහ රජුට අයත් ගුවන් තොටුපොළක් මේ අසල විය. එය නමින් බිමණ පව්වයි. පසුව මෙය විමන් පව්ව ලෙස වෙනස් වි ඇත. අද තොටුපොළ කන්ද යනුවෙන් හැඳින් වෙන්නේ ද එකල ගුවන් තොටුපොළකි.


රාවණ රජුගේ තොප්පියක්, රන්සළුවක්, ඔටුන්නක් සහ ක්‍රි.ව. 1153දී සිටි ලක් රජු පරාක්‍රමබාහු රජුගේ ඔටුණු 32ක් සඟවා ඇති බව ලේඛන ගත ය. (මන්දාරම්පුර පුවත 16, 142, 278, 291, 325, 412, 413, 486, 541, 542, 551, 687) රහස්මිගොල්ල ලෙස අද ද වහරන එම ග්‍රාමය පෙර රාවණ රජුගේ රහස් ගුහාවක් ය. මෙම උමග 2006 අගොස්තු 30 දින මහරගම ජාතික අධ්‍යාපන ආයතනය අනුග්‍රහයෙන් ස්වර්ණවාහිණිය ඔස්සේ විකාශය කළ වැඩසටහනකින් ජනතාව හමුවේ තැබී ය. රාවණ රජුගේ නමින් ම කරවූ රාවණ විහාරය අද අකුරු හරඹයකට හසු වී වාරණ නම් වී ඇති අතර වාරණට හැරෙන හංදිය අදත් යක්කුන්ගේ කැලේ > යක්කැලේ > යක්කල ලෙස ව්‍යවහාර වේ.


රාවණ රජුගේ ඇමැති වූ මකරගේ පුත් වූ ශෝණ සහ රාවණ රජුගේ මුණුපුරු වූ අගියගේ සොහොයුරු වූ අශ්වාරෝහක තැන කරවූ ගල්ලෙන් 100ක් ඇති විහාරය පිළිකුත්තුවයි. (ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පුරා විද්‍යා ගවේෂණ වාර්තාව-2005) ඒ අසල ඇති මාලිගාතැන්න රාවණ රජුගේ මාලිගා සංකීරණයකි. මෙහි කඩුව සහිත සෙල්ලිපිය ඇති අතර, දැන් කොටස් දෙකට කැඩී වෙන් වී ඇති පිළිකුත්තුව හා මාලිගාතැන්න පෙර එක විහාර බිමකි.


විශ්ව සාහිත්‍යයේ කිසිදු කෘතියක දැකීමට නොමැති රාවණ රජුගේ දියණියක් පිළිබඳව සෙල්ලිපියක් අපට හමු විය. යාල බඹරගස්තලාව නාගපබ්බත රාජමහා විහාරයට අයත් ලෙන් 60 ගණනින් එක ලෙනක දැකීමට ඇති එම සෙල්ලිපිය මෙසේ ය.


“පරුමික රවණ ඣිති ශොහිලි ලෙණෙ ශගශ”
(‘සෙල්ලිපි කියවීමට නොදන්නා අයට පහසු ක්‍රමයක්’ ග්‍රන්ථයේ - 25 පිට)


පරුමික (ප්‍රධාන හෝ පූර්ව මුකය) රවණ (රාවණ) ඣිති (දියණිය) ශොහිලි (ශොහිලි නම් නාමයකි) ලෙණෙ (ලෙන) ශගශ (සංඝයාට).


මේ අනුව රාවණ රජු, ඉන්ද්‍රජිත්, මකර, ශොහිලි යන රාවණට බැ‍ඳෙන සියල්ලෝ ම බෞද්ධයෝ ය. මෙම කතාව ලෝක ඉතිහාසයෙන් ඉවත් කිරීම කෙසේ සිදුවුණි ද යන්නත් අප නොදනී. විමසීම නූතන බුද්ධිමතුන්ට අපි බාර කරමු.


රාවණ රජු සොයා ගැනීමට සහ එය රට තුළ ස්ථාපිත කිරීමට මෙය අප කරන සටනකි. මෙය ‘රාවණ හටන’ යි. පෙර ද රාවණ හටන යන නමින් ලියැවුණු පුස්කොල පොතක් ඇත. එහි සඳහන් හතර පදයක් පහත සඳහන් වේ.


බිසවුන් මාලිගෙ ඇතුළට යන් නේ
එතකොට දෙවියෝ සාදු කියන් නේ
මාලිගෙ ඇතුලේ ගොසින් සිටින් නේ
හනුමන්තා දෙනු මොකද අසන් නේ
(Hugh Nevill – Sinhalese Verse-97)


නූතන කාව්‍ය සාහිත්‍යයේ සඳහන් වන්නේ වලවේ ගඟ සමනළ කන්දේ සිට ගලා බස්නා බවකි. එහෙත් එය වැරැදි ය. වලවේ ගඟ ගලා බසින්නේ සමනළ කන්දෙන් නොව රාවණ රජුගේ මාළිගය තිබූ රාවණ කන්දෙනි.

අංගම්පොර ඉතිහාසය හා එහි අනාගතය ?

අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන්

පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී

පැවත එන ”අංගම්පොර” නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර

අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.

මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී

රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්

සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර

විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක්

උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු

ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම

ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට

වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන්

සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

චීන චෙම්පූ

ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම

ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය

මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය

ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම

නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම

අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම

දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම

ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන්

කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී

ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික

අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය

අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව

කාහටත් රහසක් නොවේ.

පිරමීඩ තාක්ෂණය ලොවට ලබුනේ පිටසක්වලින් ද???

අප දන්නා විධියට නම් ඉපැරණි මිසර ජාතිකයන් පිරමීඩ නිර්මාණය කළේ දෙවියන් උදෙසායි. මිසර වැසියන් දෙවියන් කියලා හැඳින්වූයේ අහසින් පොළොවට සම්ප‍්‍රාප්ත වූ පිරිසක්. ටොන් ගණනක් බර

මිලියන 250 කට වඩා යෝධ හුණුගල් කුට්ටිවලින් පිරමීඩ නිර්මාණය කරන්න නම් මිසර වැසියන්ට දියුණු තාක්ෂණයක් තිබෙන්න ඕනෑ. එවැනි දියුණු තාක්ෂණයක් ඔවුන්ට ලැබුණේ කොහොමද? ඒ

වගේමයි ප‍්‍රාග් ඓතිහාසික මිනිසා කොහොමද යෝධ ස්ටෝන්හෙන්ජ් ගල් ස්මාරක නිර්මාණය කළේ? කුස්කෝව්හි පැරණි නිර්මාණකරුවන්, පුංචි හෝ හිඩැසක් නොමැතිව එකිනෙකට ඉතා ළඟින් ගල්

කුට්ටි සවි කරන්න සමත් වුනේ කොහොමද ? පුරාණ ලෝකයේ අබිරහස් හුඟක් තියෙනවා. ඒවා තේරුම් බේරුම් ගන්න, ඒවා විසඳා ගැනීම පහසු නැහැ. පැරැන්නෝ ස්මාරක හදන්න ගත් ටොන්

ගණනක් බර ගල් කුට්ටි ප‍්‍රමාණයෙන් දුම්රිය පෙට්ටියක් තරම්. පේරු රටේ, මෙක්සිකෝවේ හා ඊජිප්තුවේ අපට දකින්න ලැබෙන්නේ මෙවැනි ගල් කුට්ටි තමයි. කොහොමද අපේ පැරැන්නෝ මෙවැනි

යෝධ ගල් කුට්ටි ඇදගෙන ගිහිල්ලා ගොඩ ගහලා පිරමීඩ වැනි යෝධ ගොඩනැගිලි නිර්මාණය කළේ? ඇයි ඔවුන් මෙවැනි නිර්මාණ කළේ?



පිරමීඩ හැදුවේ කවුද?
අප වඩාත් හොඳින් දන්න, ලෝකයේ මහා අබිරහසක් ලෙස සැළකෙන්නේ ගීසාහි යෝධ පිරමීඩයයි. ඊජිප්තුනේ දකින්න ලැබෙන පිරමීඩ ති‍්‍රත්වයෙන් විශාලතම පිරමීඩය ලෙස සැළකෙන්නේ ගීසා මහා

පිරමීඩයයි. මෙය ඉන්ජිනේරු හාස්කමක් හැටියටයි සැළකෙන්නේ. මේ පිරමීඩය නිර්මාණය කළා කියන්නේ අවුරුදු විසි දෙකක කාලසීමක් ඇතුළතයි. පිරමීඩය හදලා අවසන් කළා යැයි විශ්වාස

කෙරෙන්නේ කි‍්‍ර.පූ. 2560 වසරේදීයි. පුරාණ පිටසක්වළ ජීවීන් ගැන අදහස් පළකරන අය නම් කියන්නේ ඒක වෙන්න බැරි දෙයක් කියලයි. මහා පිරමීඩය අවුරුදු 22 ක් ඇතුළතදී හැදුවා වෙන්න

බැහැ. එහෙම කළා නම් පිරමීඩය නිර්මාණය කරන්න නම් ගල් කුට්ටි කපා වෙන් කරගන්න, ප‍්‍රවාහණය කරන්න, නිසි ලෙස ගොඩගසන්න සිද්ධ වෙනවා. වරකට එක් ගල්කුට්ටිය බැගින්. සෑම

තත්පර 9 කටම වරක්. ඒක කරන්න පුළුවන්ද? අද අපේ තාක්ෂණය හුඟක් දියුණුයි. ඒත් අපේ අති දක්ෂ විද්‍යාඥයන්ට අති නවීන තාක්ෂණය තිබුණත් අවුරුදු 22 කින් මෙවැනි නිර්මාණයක් කරන්න

හැකියාවක් නැහැ. දක්ෂ විද්‍යාඥයන් කියනවා අපට මෙවැනි නිර්මාණයක් අවුරුදු 22 කින් කරලා නිමා කරන්න බැහැ කියලා. ගීසාහි මහා පිරමීඩ හැදුවේ කොහොමද කියලා න්‍යායයන් ගණනාවක්

ඉදිරිපත් වෙලා තිබෙනවා. පිටසක්වළ ජීවීන්ගේ මැතිහත්වීමක්, ධ්වනි තරංග යොදා ගෙන ගල් කුට්ටි පාවෙන්න සළස්වා එකට ගොඩ ගැසීම, දහස් ගණන් වහලූන්, හා සේවකයන් එක්වී ලීවර, ලී

කොටන්, කඹ යොදාගෙන ගල් කුට්ටි ඇදගෙන ගොස් එකලැස් කිරීම ආදිය ඒ න්‍යයායන් අතරට ඇතුළත් වෙලා තිබෙනවා. ඒත් ඇත්ත මොකක්දැයි අපි කිසි කෙනෙක් හරිහැටි දන්නේ නැහැ. එක

දෙයක් හොඳින් පැහැදිලියි පිරමීඩ හදලා තිබෙන්නේ ගල් කුට්ටි ඉතාම නිවැරදිව එකිනෙක සම්බන්ධ කරලයි. සියුම් එහාමෙහා වීමක්වත් ඒවායේ දකින්න ලැබෙන්නේ නැහැ. නවීන තාක්ෂණයෙන් පිරි

වර්තමාන නිර්මාණකරුවන්ටවත් ඒ වගේ ඉතා නිවැරදිව හා සූක්ෂමව නිර්මාණයක් කරන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත හා සොහොන් ගැබ් නිර්මාණය

කිරීම තවත් පුදුමයක් වෙනවා. ග‍්‍රැනයිට් හා කිරිගරුඩවලින් පිරමීඩවල ඇතුළත නිර්මාණය කරලා තිබෙන්නේ ඉතාම පිරිසිදුවයි. ඉතාම නිවැරදිවයි. පුරාණ මිසර වැසියන්ට තාක්ෂණයක් නොමැතිව

අත්වලින් මෙවැනි නිර්මාණයක් කරන්න ඇත්තටම පුළුවන් වෙන්න ඇතිද? නැත්නම් ඔවුන්ට පිටසක්වළ අමුත්තන්ගේ සහාය ලැබෙන්න ඇතිද? මේ කරුණු හින්දා ඉන්ජිනේරු විස්කමක් ලෙස සැළකෙන

ගීසාහි මහා පිරමීඩය, ලෝක පුදුම අතරට එක්වීම පුදුමයක් නොවේ නේද? මිනිසාගේ ඉන්ජිනේරු විස්කම් ගැන කිසිම සැකයක් නැහැ. මා කිසිසේත්ම එය අවතක්සේරු කරන්නේත් නැහැ. ඒත්

පුරාණ මිනිසා හැදූ සමහර ස්මාරක හා නිර්මාණ කරද්දී පුරාණ මිනිසාට කාගේ හෝ උදව්වක් මඟ පෙන්වීමක් ලැබිලා තිබෙන්න ඕනෑ. ඔවුන්ට තනිවම එවැනි නිර්මාණයක් කළ හැකි වන්නේ නැහැ.

මෙහෙම කියන්නේ පිටසක්වළ ජීවීන් ගැන ගවේෂණ කරන ඇමෙරිකා ජාතික ජේසන් මාටෙල්.

පිටසක්වළ අමුත්තන්ගේ උදව් ලැබුණද?
මිසරයේ සාම්ප‍්‍රදායික කතා පුවත්වල සඳහන් වෙන්නේ පිරමීඩ හැදෙව්වේ සවුරිට් නම් පාරාවෝ විසින් කියලයි. සවුරිට් කියන්නේ හිබෲ ජනයාගේ ඉනොක් නම් තැනැත්තාටයි. ඉනොක් කියලා කියන්නේ

පුරාණ තෙස්තමේන්තුවේ සඳහන් වෙන අනාගත වක්තෘවරයෙක්. ඉනොක් ගැන සඳහන වන පතපොත තිබෙනවා. ඒවායේ සඳහන් වෙනවා ඉනොක් පිටසක්වළ අමුත්තන් හමුවුනා කියලා. ‘බුක් ඔෆ්

ඉනොක්’ නම් ඒ පොතෙහි ඔහු කියනවා පිටසක්වළ අමුත්තන් ඔහුට උපදෙස් දුන්නා කියලා ගොඩනැගිල්ලක් නිර්මාණය කරන්න වසර දහස් ගණනක් ගියත් විනාශ නොවන අයුරින්. මේ බව කියන්නේ

එරික් වොන්ඩැනිකන්. ඒ කියන්නේ පිරමීඩ නිර්මාණය කළේ මනුෂ්‍යයන්. හැබැයි අහසේ සිටින ආරක්ෂකයන්ගේ මඟ පෙන්වීම අනුවයි. අහසේ ආරක්ෂකයන් කියන්නේ දෙවිවරු. මේ දෙවිවරු

පිටසක්වළ ජීවීන් නම් පිරමීඩ නිර්මාණයට උපදෙස් දුන්නේ හා තාක්ෂණය දුන්නේ ඔවුන්.

ගීසා පිරමීඩය ඇත්තෙන්ම පුදුමයක් !
ලෝකයේ පුදුම හතෙන් එකක් වන පිරමීඩය පුරාවිද්‍යා අබිරහසක් පමණක් නොවේ, අපූරු හාස්කමක් ද වෙනවා. ඉතිං එය පුදුම හතට ඇතුළත් වීම පුදුමයක් නොවේ නේද? 1877 වසරේදී ආතර්

ඇන්තියොලෝජන් ජෝසප් සයිස් පැහැදිලි කර දුන්නා පිරමීඩ ඉදිකර තිබෙන්නේ ලෝකයේ හරි මැද කියලා. ගීසාහි මහා පිරමීඩය වතරක් නොවේ ඒ අසළින් ඉදිකර තිබෙන අනෙක් පිරමීඩ දෙකත්

පිහිටන්නේ පෘථිවියේ දිගම අක්ෂංශකය හා දේශාංෂකය හමුවන ස්ථානයේයි. පෘථිවියේ මුළු භූමි ස්කන්ධයේම කේන්ද්‍ර ස්ථානය ලෙස සැළකෙන්නේ ද එතැනයි. ඒ විතරක් නොවේ මාලිමාවක කොන්

හතර පිරමීඩයේ කොන් හතරට සමපාත වෙනවා. ඒත් පිරමීඩ හැදුව කාලේ මාලිමා තිබුණේ නැහැ. මාලිමා නිර්මාණය වුණේ ඊට අවුරුදු දහස් ගණනකටත් පසුවයි. පුදුමයි නේද?



දෙවියන්ගේ පුරය: ටියෝටිවකාන්
තවත් පුදුමයක් තමයි ඊජිප්තුවේ විතරක් නොවේ ලෝකයේ අනෙක් රටවලත් පිරමීඩ දකින්න ලැබීම. හුදෙකලා වූ පැසිෆික් සාගර දූපත්වල පිරමීඩ ඉදිකර තිබෙනවා, දකුණු ඇමෙරිකාවේ මෙක්සිකෝවේ

පිරමීඩ තිබෙනවා, ඉන්දියාවේ තිබෙනවා. පිරමීඩ සෑදීමේ කලාව ලොව පුරා පැතිරුණු උම්මාදයක් වගෙයි පෙනෙන්නේ. එකිනෙකට වෙනස් ජන සංස්කෘතීන්, කිසිදා එකිනෙකා මුණ නොගැසී,

මුහුදින් හා ගොඩබිමින් වෙන්වූ, කොහොමද පිරමීඩ හැදුවේ කියන කාරණාව පුරා විද්‍යාඥයන් පවා මවිතයට පත් කර තිබෙනවා. ස්වරූපයේ වෙනස්කම් තිබුණත් පිරමීඩ ආකෘතිය හැම සංස්කෘතියකටම

පොදුයි. මධ්‍යම මෙක්සිකෝවේ වසර 2000 ගණනකට වඩා පැරණි නගරයක නටඹුන් දකින්න ලැබෙනවා. මේ නගරය හැඳින්වෙන්නේ ‘ටියෝටිවකාන්’ කියලයි. එහි අර්ථය දෙයිවන්ගේ පුරවරය

යන්නයි. මේ නගරය මැද ඉදිකර තිබෙනවා ‘හිරු’ගේ පිරමීඩය. පුදුමයකට මෙන් මේ පිරමීඩයේ ප‍්‍රමාණය මිසරයේ ගීසා පිරමීඩයේ ප‍්‍රමාණයට හරියටම සමානයි. ඒක අහඹු සිදුවීමක් වෙන්න

පුළුවන්ද? නැතිනම් මේ පිරමීඩ දෙකම නිර්මාණය කළේ එකම නිර්මාණකරුවන් පිරිසක් විසින්ද? පුරාණ පිටසක්වළ ජීවීන් ගැන මත පළ කරන විද්‍යාඥයන් මෙන්න මේ විධියේ අදහස් ඉදිරිපත් කරනවා.

මිසර හා පුරාණ මෙක්සිකෝ වැසියන්ට පිරමීඩ එදන්න උගන්වන්න ඇත්තේ එකම පිටසක්වළ ජීවීන් පිරිසක් විසින්. එහෙම නැතිනම් පිරමීඩ හැදුවේ ලොව පුරා සංචාරයේ යෙදුණු පුරාණ සංචාරකයන්

පිරිසක් විසින්. ඔවුන් වසර ගණනක් පුරා එක් තැනක සිට තවත් තැනකට ගමන් කළා. පුරාවිද්‍යාත්මක ප‍්‍රාතිහාරයක්, නිර්මාණකරුවන්ගේ දස්කම් කියන දේ නම් පිළිගන්න ටිකක් අමාරුයි නේද ?

පුරාණයේ ලෝකය සිව්වරක් විනාශ වෙලා !
ටියෝටිවකාන් නගරයේ ‘හිරු’ගේ පිරමීඩයට අමතරව ‘සඳු’ගේ පිරමීඩය නමින් හැඳින්වෙන පිරමීඩයකුත් තිබෙනවා. පුරාවෘත්තවලට අනුව මේ පිරමීඩ ඉදිකළා කියලා කියන්නේ යෝධයන් පිරිසක්.

ඔවුන් මේ පිරමීඩ දෙක හැදුවේ ලෝකය විනාශ වන මොහොතේදීයි. ඇස්ටෙක් සහ මායාවරුගේ විශ්වාසවලට අනුව අතීතයේදී අපේ ලෝකය සිව්වරක් විනාශ වෙලා තිබෙනවා. අයිස්වලින්, ගින්නෙන්,

ජලයෙන් තමයි ලෝකය විනාශ වුණු බව මායා හා ඇස්ටෙක් පුරාවෘත්තවල සඳහන් වෙන්නේ. ලෝකය විනාශ වුණු ඒ හැම වතාවකම මිනිසා යළි ලෝකය නිර්මාණය කරලා තිබෙනවා. ටියෝටිවකාන්

නගරය නිර්මාණය කර තිබෙන්නේත් එවැනි ලෝක විනාශයක් සිදුවීමෙන් පසුවයි.

පිරමීඩ හැදුවේ දැනුම රැස් කරන්නද?
ඇයි පිරමීඩ වැනි මේ මහ දැවැන්ත නිර්මාණ කළේ? ඒවායේ අරමුණ මොකක්ද? සමහරු නම් තියන්නේ පාරොවෝ ඔවුන්ගේ බලපුළුවන්කාරකම් පෙන්වන්න යෝධ පිරමීඩ හැදුවා කියලයි. හරියට

කෞතුකාගාර වගේ. එහෙම නැතිනම් මේ පැරැන්නෝ අපව දාලා යන්න කලින් අපට යමක් ඉතිරි කරලා යන්න හදන්න ඇති. පැරැණි මිසර ලේඛනවල පැහැදිලිවම සඳහන් වෙනවා පිරමීඩ නිර්මාණය කළේ

ඇයි කියන කාරණාව. පිරමීඩ හැදුවේ දැනුම ගබඩා කරන්නයි. විශ්වයේ රහස්, විශ්වයේ දැනුම අපට කියන්නයි. මේවා පැරණි මිසර පොත්පතවල සඳහන් වෙනවා. මේ දැනුම අපට කියලා දුන්නේ

දෙවියන්. ඒවා නිකම්ම නිකම් මිසර පාරාවන්ගේ සොහොන් ගැබ් නොවේ. විද්‍යාඥයන් හා පුරාවිද්‍යාඥයන් මවිත කිරීමට සමත් වුණේ පිරමීඩ පමණක් නොවේ. තවත් පුරා විද්‍යාත්මක අපූරු නිර්මාණ

දහස් ගණනක් අපේ ලොවේ නන්දෙසින් දකින්න ලැබෙනවා

වසර 2100 පැරණි පරිඝණකයක් හමුවෙයි.



වසර 2100කට පෙර පරිගණකයක් නිපදවා තිබුණා යැයි කීවොත් එය ඔබගේ මවිතයට හේතුවනු නොඅනුමානයි. එය එකල ලොව පැවති විස්මිතම නිර්මාණය වූවාට නිසැකය. මහමුහුදේ අවතැන්ව, මුහුදු පත්ලේ තිබී, මීට වසර සියයකට පෙරාතුව සොයා ගන්නා ලද මේ අපූර්ව නිර්මාණය තවත් වසර සියයක් පුරා අබිරහසක් ව පැවතියේය. එහි යම් කිසිවක් රහස් කේත මගින් ලියා තිබුණු අතර එය විකේතණය කිරීම පසුගිය වසර සියය පුරා ම කිසිවකුටත් නොහැකි වී තිබුණේය. එහෙත් දැන් 21 වන සියවසේ විද්‍යාව බිහි කළ ප‍්‍රබල නව මෙවලම් යොදා ගෙන එහි සැඟවී ඇති රහස් මතු කර ගන්නට මග පෑදී තිබේ. මෙය ඇන්ටිකීතර යාන්ත‍්‍රණය (Antikythera Mechanism) කියා නම් කර තිබේ. මෙය එක්තරා ආකාරයක යාන්ති‍්‍රක රොසැටා පුවරුවක් ^Rosetta stone& ලෙස හඳුන්වා ඇත. රොසැටා පුවරුවක රූපාක්ෂර මෙන් මෙහි ද අක්ෂර ලියා ඇත්තේ ගුප්ත කේතවලිනි. නවීන විද්‍යාවේ හා තාක්ෂණයේ අලූත් ම මෙවලම් මගින් මෙවන් දෑ පරීක්ෂා කර බැලීමේ පෙරළියක් ඇති කර ඇති නිසා අද අපට මෙතෙක් කල් නොවූ විරූ අයුරින් මේ ගැන තේරුම් ගැනීමට හැකියාව ලැබී තිබේ.

ඇන්ටිකීතර යනු මධ්‍යධරණී මුහුදේ පිහිටා ඇති කුඩා පතකි. මේ පත අසල මුහුදේ දී, ගී‍්‍රක ගල්මල් කඩන්නන් පිරිසකට මුහුදු පත්ලේ ගිලී තිබූ පැරණි නැවක් 1900 දී හමුවී තිබේ. මෙය පසුව කි‍්‍රස්තු පූර්ව 70 තරම් කාලයකට අයත් වෙළෙඳ නෞකාවක් බවට නිගමනය කරනු ලැබීය. මෙහි තිබී ගොඩට ගෙන එන ලද කෞතුක භාණ්ඩ අතර ලී පෙට්ටියක බහා ලූ යාන්ත‍්‍රික මෙවලමක් හා සමාන දෙයක් හමු විය. එයට කොටස්වල කැඞී බිඳී ගිය ලෝකඩවලින් තැනුනු ගියර දැති රෝද කීපයක් ද ඇතුළත් විය. ඒවා දරුණු ලෙස මලකඩ කා තිබුණේය. මේ දුටු විද්‍යාඥයන් මුලින් ම මවිතයට පත් වුවද මෙය කෙබඳු කාර්යයකට යොදා ගත් දෙයක් දැයි සිතා ගැනීමටවත් ඔවුන් කිසිවකුටත් නොහැකි විය. ඒ නිසා මෙහි සුන්බුන් ගී‍්‍රක කෞතුකාගාරයක තැන්පත් කෙරුණු අතර මෙය කාලයත් සමග කාටත් අමතක වී ගියේය. වසර ගණනාවක් යන තෙක් කිසිවකුත් මේ ගැන සොයා බැලූවේ නැත.

දසක කීපයකට පසු, මේ කැඞී බිඳී, මල බැඳී තිබුණු කෞතුක වස්තුව කෙරෙහි, ඇමෙරිකාවේ යේල් විශ්ව විද්‍යාලයේ ඉතිහාසය පිළිබඳ මහාචාර්ය ඩෙරික් ඩි සොලා ප‍්‍රයිස්ගේ අවධානය යොමු විය. ඔහු එක්ස් රේ යොදා ගෙන මේ යන්ත‍්‍රය ඇතුළේ ගියර් දැති රෝද 30ක් ඇති බව සොයා ගත්තේය. ඔහු මේ ඉපැරණි පුදුමය පිළිබඳව පිටු 70ක අධ්‍යයන වාර්තාවක් පළ කළේය. එහි නම, ‘ගී‍්‍රකයන්ගේ ගියර:ඇන්ටිකීතර යාන්ත‍්‍රණය, කි‍්‍ර.පූ. 80 දී භාවිත කළ පරිගණක දිනදසුනක්’ ^Gears from the Greeeks: The Antikythera Mechanism, a Calender Computer from ac. 80 BC.& විය. ඇමෙරිකානු දර්ශනවාදී සංගමය මගින් 1974 දී මෙම අධ්‍යයන වාර්තාව ප‍්‍රසිද්ධ කරනු ලැබීය. මහාචාර්ය ප‍්‍රයිස් මෙය අතීතයේ දී භාවිත කළ ප‍්‍රතිසම පරිගණකයක් ^analog computer& ලෙස හැඳින්වීය. මෙහි දැති ගියර යොදා තිබුණේ ඉතා සූක්ෂම ලෙස ග‍්‍රහචාරය ගණනය කර අනාවැකි කීම සඳහා යැයි ඔහු නිගමනය කළේය. මෙහි ඇති සංකීර්ණ යාන්ත‍්‍රණය විග‍්‍රහ කරන ඔහු, අප සිතා සිටියාට වඩා බොහෝ කාලකට පෙර පැරැුන්නන් සතුව ඉංජිනේරු විද්‍යාව, ගණිතය, ලෝහ විද්‍යාව ආදිය තිබූ බව මෙයින් හෙළිවන්නේ යැයි ඔහු තර්ක කළේය. අතීත ගී‍්‍රසියේ පැවති දැනුම හා ශිල්පීය හැකියාව මේ කෞතුක වස්තුව තුළින් හෙළිවන බව දැන් හොඳින් ම පැහැදිලිය.
මේ අපූර්වතම උපකරණයේ අබිරහස් තවමත් ගවේෂණය කර අවසන් නැත. 1990 ගණන්වල ලන්ඩනයේ වද්‍යා කෞතුකාගාරයේ සේවය කළ මයිකල් රයිට් මේ උපකරණයේ අලූතින් ගත් එක්ස්රේ පිටපතක් අධ්‍යයනය කළේය. ඕස්ටේ‍්‍රලියානු පරිගණක ඉතිහාසඥයකු වූ ඇලන් බ්‍රොම්ලිගේ සහය ද මේ අධ්‍යයනයේ දී ඔහුට ලැබිණ. 2005 දී, මයිකල් රයිට් මෙහි විකල්ප ආකෘතියක් පළ කළේය. ඩි සොලා ප‍්‍රයිස් විසින් ඉදිරිපත් කළ, එහෙත් පිළිගැනීමට ලක් නොවූ අදහසක් ඔහු යළිත් ඉස්මතු කළේය. ඒ මීටොනික් කැලැන්ඩරයක් මේ උපකරණයට ඇතුළත් වන බවයි. එය ඇතන්ස්හී මීටොන් නම් වූ ගී‍්‍රක තාරකා විද්‍යාඥයාගේ නමින් නම් කරනු ලැබුවද එය බැබිලෝනියානු ආභාසයෙන් ගී‍්‍රකයන්ට ලැබුණකි. රයිට්ගේ මේ නව ආකෘතිය කාගෙත් ඇස් ඇරවන්නක් වුවද ඒ පිළිබඳ නොවිසඳුණු ගැටලූ සහගත තැන් රැුසක් ම තිබුණේය.

2005 ආරම්භයේ දී එංගලන්ත හා ගී‍්‍රක විශේෂඥ කණ්ඩායමක් මේ පිළිබඳව අලූතින් අධ්‍යයනයක් ආරම්භ කළ අතර ඒ පර්යේෂක කණ්ඩායම දැන් හැඳින්වෙන්නේ ‘ඇන්ටිකීතර යාන්ත‍්‍රණ පර්යේෂණ ව්‍යාපෘතිය’ යනුවෙනි. එක්සත් රාජධානියේ විද්‍යාඥයන් දෙපළක් වූ මයික් එඞ්මන්ඞ් හා ටෝනි ෆී‍්‍රත් සමග ගී‍්‍රක විද්‍යාඥයන් වූ ජෝන් සියරඩාකිස්, සෙනොෆොන් මෝසස්, යානිස් බිට්සාකිස් හා ඇගමෙම්නන් ට්සිලිකාස් යන අය ඊට ඇතුළත් වෙති. මේ පිරිස මේ උපකරණයේ කොටස් ති‍්‍රමාන එක්ස්රේ යොදා ගෙන ගවේෂණය කළ අතර මතුපිට පරීක්ෂා කිරීමට ඩිජිටල් ප‍්‍රතිබිම්භ ලබා ගත හැකි මෙවලම් යොදා ගත්හ. 2006 දී මේ පිරිස ඔවුන්ගේ සොයා ගැනිම් පිළිබඳ ව ‘නේචර්’ නම් විද්‍යා සඟරාවේ පළ කළහ. මෙහි ඇති ගියර් දැති රෝද 30න් 29ක්ම පරීක්ෂා කළ ඔවුන් පෙන්වා දුන්නේ මේ මෙවලමට, බැබිලෝනියානු සාරොස් චක‍්‍රය භාවිත කරමින්, අනාගතයේ සිදුවන සූර්ය ග‍්‍රහණ හා චන්ද්‍ර ග‍්‍රහණ ගැන ගණනය කර කල්තියා අනාවැකි පළ කළ යැකි බවය.

සිව් හෙලය

වසර 2500 ක ප්‍රෝඩ ඉතිහාසයක් ඇති අප රට ලෝකයේ පැරණි ඉතිහාසයක් ඇති අනිත් රටවලට නොදැවනි ලෙස ඉහලින්ම තැබිය හැක. නමුත් අප සියලු දෙනාම කතා කරන්නෙ විජයාවතරනයෙන් පසු දියුණු වුණු නැතහොත් සංවර්ධනය කරන ලද ඉතිහාසයකි. නමුත් මෙයට විරුද්ධව එයට වඩා පැරණි ඉතිහාසයක් ඇති බවට විශ්වාස කරන අප රටේ විද්වතුන් රාශියක් සිටියි. රාජ් සෝමදේව, කලාශුරි අරිසෙන් අහුබුදු වැනි විද්වතුන් මේ පිලිබඳ බෝහෝ කරුණු සොයා යමින් සිටියි.

ලංකා ඉතිහාසයේ හා ලෝක ඉතිහාසයේ නොවිසදුණු ප්‍රධාන ගැටළු සහගත ඉතිහාස පුවතකි රාවණා කතාව. මේ පිළිබඳව ප්‍රධාන වශයෙන් ගෙනහැර දක්වන්නේ රාමායනය මහා කාව්‍යයේය. එයද එලෙස දක්වා ඇතත් සිංහලයන් සහ ලාංකිකයන් ලෙස අපට එමගින් වැදි ඇති පහර සුලු ප‍ටු නොවෙයි. මක්නිසාදයත් රවණා රජු ස්ත්‍රින් පැහැර ගන්නා රාක්ෂයෙක් ලෙස එමගින් හුවා දක්වා ඇති නිසාය.

අප දැන් බලමු ලංකාවේ එම අවදියේ සිටි මිනිසුන් කවරහුද කියා. ප්‍රධාන වශයෙන් ඔවුන් රාක්ෂ, යක්ෂ, දේව සහ නාග ලෙස ග්‍රෝත්‍ර 4 ක් ලංකාවේ ජිවත්වි ඇත. එමනිසා එකල ලංකාවට සිව් හෙලය යන නමද භාවිතා වි ඇත. රාමායනයට අනුව අප රටේ ජිවත්වි ඇත්තේ රකුසන්, යකුන්, නාගයන් ලෙස දක්වා ඔවුන් සතුන් සහ භුතයන් ලෙස විකෘති කර ඇත. නමුත් වර්තමානයේද පවතින කුල ග්‍රෝත්‍ර භේදය සලකා මෙසේ වර්ග 4 කට බෙදා වෙන්කල බව අපට සිටිය හැක.

උදාහරණයක් ලෙස වර්ථමානයේද ජාති වශයෙන් පවතින බෙදිම සලකා බැලිය හැක එනම්. සිංහල, දෙමල, මුස්ලිම් සහ බර්ගර් ලෙසය. එම අවදියෙදි මෙසේ යක්ෂ, රාක්ෂ, දේව සහ නාග ලෙස බෙදා සිටි බව අපට සිතිය නොහැකිද????? මොවුනුත් සාමාන්‍ය මිනිසුන් නොවුනාද?????


මේ ගැන හොඳ පසුබිමක් හදාගන්න අපි දැන් බලමු මෙම රාක්ෂ, යක්ෂ, නාග, හා දේව ග්‍රෝත්‍ර ගැන…….

* රාක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජන වශයෙන් ස්වස්තිකය හා මකරා යොදා ගෙන තිබේ. හිරු දෙවියන් ඇදහු ජනකොටස කළු ගගෙන් උතුරේද, චන්ද්‍ර වංශය ඇදහු ජනකොටස කළු ගගෙන් පහලද ජිවත්වු බවට ඉතිහාසය සාක්ෂි දරයි.
තවද ලංකාවේ නැතහොත් හෙලයේ සිටි ප්‍රබලම රාක්ෂ ග්‍රෝත්‍රික රජු ලෙස රාවණා රජු සැලකේ.

* නාග ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් මාළුවා යොදා ගෙන තිබේ. මොවුන් ප්‍රධාන වශයෙන් නාවික කටයුතු මෙහෙයවු පිරිසක් විය. ලංකාවේදි ප්‍රධාන වශයෙන් නාග ග්‍රොත්‍රිකයන් ගේ ප්‍රදේශයක් වශයෙන් කැලණිය ප්‍රදේශය. අපට සැලකිය හැක. මෙහිදි නාග ග්‍රෝත්‍රයට සම්බන්ධ රජ කෙනෙක් ලෙස ,රාවණා රජු ගේ සහෝදරයෙක් වන මව් පාර්ශවයෙන් නාග ග්‍රෝත්‍රික වන විභිෂණ රජු සැලකිය හැක. මෙසේ නාග ග්‍රෝත්‍රිකයන් ලංකාවේ බටහිරදිග ගොඩනගා තිබු නාග රාජධානිය ක්‍රි.පු 250 දි පමණ ඇතිවු මුහුද ගොඩ ගැලිමකින් විනාශ වී ඇත. මන්නාරම හා තුත්තුකුඩිය අතර පට්‍ටුනාගම් නගර ලක්ශයක්, ධිවර ගම්මාන 970 හා තවත් ගම්මාන 400 ක් විනාශ වී ඇත. ඉතිරි වුයේ ඉන් 1/12 කි.

* යක්ෂ ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලාංජනය වශයෙන් පද්මය හා කෙටේරිය භාවිතා වී ඇත. යක්ෂ ග්‍රෝත්‍රය ලංකා ඉතිහාසයේ ප්‍රධාන තැනක් ගත් ග්‍රෝත්‍රයකි. බොහෝ දුරට සලකන පරිදි යක්ෂ ග්‍රෝත්‍රිකයන්ට මාතෘ මුලික සමාජ ක්‍රමයක් තිබි ඇත.

* දේව ග්‍රෝත්‍රය

මොවුන්ගේ ලංජනය වශයෙන් පුන්කලස භාවිතා වී ඇත. දේව ග්‍රෝත්‍රිකයන් ප්‍රධාන වශයෙන් ලංකාවේ කදුකර ප්‍රදේශවල ජිවත් වී ඇති බවට සිතිය හැක. මොවුන්ගේ ප්‍රධාන පුද්ගලයකි සුමන සමන් දෙවියන්.

වසර ලක්ෂ ගණනකට පෙර හෙළයන් තනන ලද (ආදම්ගේ) පාලම

ලංකා ඉතිහාසයේ හමුවන ප්‍රථම අධිරාජ්‍යයා වන්නේ රාවණ රජුය. ලංකා පුරය රාජධානිය කරගත් හෙතෙම අහසින් යා හැකි දඬුමොණර යන්ත්‍රය උපයෝගී කරගනිමින් අසල්වැසි රාජ්‍යයන් හා

සම්බන්ධකම් පැවැත්වූ බවට අතීත ජනප්‍රවාදයන්හි සඳහන් වේ. පුරාවිද්‍යාඥයෝ හා ඉතිහාසඥයෝ මෙම රාම රාවණා කතා පුවත් විශ්වාස කිරීමට මැලි බවක් දැක්වුවද ඇමරිකාවේ ජාතික ගඟන හා

අජටාකාශ ආයතනය (නාසා) මේ වනවිටත් ලොව සියළු දෙනාගේ අවධානය මේ වෙත යොමු කිරීමට හේතුවන සාධක ඉදිරිපත් කර ඇත. මේ අනුව ලොව මිනිසුන් විසින් තනන ලද පැරණිතම පාලම

හෙළයින් විසින් හෙළදිව සහ ඉන්දියාව යා කරමින් තනා තිබූ බව පවසන නාසා ආයතනය පෝක් සමුද්‍ර සන්ධිය ආශ්‍රිතව ගන්නා ලද චන්ද්‍රිකා ඡායාරූප ප්‍රතිබිම්බ ගත කරමින් දීර්ඝ කාලයක් කරන ලද පර්යේෂණ

මඟින් ඒ බව තහවුරු කිරීමට හැකි බව පෙන්වා දෙයි.

නාසා ආයතනය තව දුරටත් පවසන්නේ මෙම පාලමටම විශිෂ්ට වූ වක්‍රතාවය හා එය නිර්මාණය කරන ලද කාලය සලකා බැලීමේදී මෙය ස්වාභාවික නිර්මාණයක් විය නොහැකි බවත් මිනිසාගේ නිර්මාණයක්

බවත්‍ ය. නාසා ආයතනය පවසන පරිදි ලංකාවේ මානව ජනාවාස බිහිවීම අදින් වසර 17,50,000ක පමණ ඈත අතීතයකට දිවයයි. රාමායණයට වස්තුබීජ වූ වකවානුවේ ලංකාවේ ඉතාමත්ම දියුණු

ශිෂ්ටාචාරයක්ව තිබෙන්නට ඇතැයි පිළිගන්නා නාසා ආයතනය මෙම පාලම නිර්මාණය කරන්නට ඇත්තේ ඒ දියුණු මිනිසුන් විසින් බවට සැක කරයි.

ජනප්‍රවාදයට අනුව රාමාගේ වානර හමුදාවේ නායක "හනුමාන්" විසින් ගොඩ නගන ලද පාලම මෙය වේ. පසු කාලයක කුමක් හෝ සිදු වී මෙම පාලම කැඩී ගොස් ,මුහුදු පතුලට ගිලා බැස්සද ,අදද

එමමුහුදු පාලම ,මුහුද යට තිබෙනවා දැක ගත හැක. කෘතිම චන්ද්‍රිකා මගින් ගන්නා ලද ඡායාරූපත්,දකුණු ඉන්දියාවේ වෙරළ බඩ කලාපය තුළ දක්නට ඇති එම පාලමේ කොටස්ද ඒ බව සනාථ කරයි.

මෙම පාලම නූතනයේ ආදම්ගේ පාලම(Adam’s Bridge), හනුමාගේ පාලම(Hanuman’s Bridge), රාවණාගේ පාලම(Ravana Bridge), රාමාගේ පාලම(Rama

Bridge), සේතු සමුද්‍රම්(Sethusamudhram),
 පෝක් සමුද්‍ර සන්ධිය(Pork Strait) යන නම් වලින් හදුන්වනු ලබයි.

අප රටේ "රාවණා" චරිතය පිළිබදව ඇති බොහෝ වෙබ් අඩවි පවසනුයේ මෙම පාලම හනුමා විසින් නොව රාවනා රජු විසින් තැනූ බවයි. අද වන විට ඉන්දියානු විද්වතුන් පවා එම මතයම පිළිගෙන ඇත.

මෙම පාලම තැනීමට යෙදූ තාක්ෂණය ඉතාමත් පොහොසත් තාක්ෂණයකි. එම නිසා වානරයන් පිරිසකට මෙවන් තාක්ෂණයකින් යුක්ත, ශක්තිමත් පාලමක් කිසි විටෙකත් තැනිය නොහැක. එමෙන්ම

රාමාටද ඔහුගේ පියාගෙන්වත් මේ සදහා සහයෝගය නොලැබුණේ නම් ඔහුටද මෙවැනි පාලමක් තැනිය නොහැක.

රාවණා රජු මෙම පාලම ඔස්සේ ඉන්දියාවට ගොස් යුද්ධ කළ බව ඇතැම් පොත්පත් වල දැක්වේ. මෙම මතයන් නිවැරදි හෝ වැරදි වූවද, පාලම මගින් "රාම රාවණා" කතා පුවත සැබෑවක් බව සනාථ

වේ. එම පුවත සැබෑවක් නම් "රාවණා" චරිතය සත්‍ය චරිතයක් බව කදිමට පැහැදිලි වේ.

දෙවියන් වෙනුවෙන් නිර්මාණය වූ නස්කා චිත්‍ර Naska Lines

මොනවද මේ නස්කා චිත‍්‍ර ?
පේරු දේශයේ අන්දීස් කඳුකරය අසළ කාන්තාර නිම්නයේ පොළොව හාරා සැතපුම් ගණන් දිගට විහිදෙන විශාල රේඛා වගයක් ඇත. මේ රේඛා නිර්මාණය කර ඇත්තේ නස්කා Nazca නමින් හැඳින්වෙන ඈත අතීතයේ විසූ ගෝත‍්‍රිකයන් පිරිසක් බව විශ්වාස කෙරේ. පොළෝ මට්ටමේ සිට බැලූ විට මේවා නිකම්ම නිකම් අගල් කීපයක් පමණයි. ඒත් අහසේ සිට බලද්දී පෙනෙන දේ විස්මය ජනකයි. රේඛාවලින් නිරූපණය වෙන්නේ අති දැවැන්ත අපූරු චිත‍්‍රයි. මෙම චිත‍්‍ර අතරේ සත්ත්ව රූප හා නොයෙක් විධියේ අමුතු සංකේත හා රටාවන් තිබේ. අහසින් යාමට සිහිනයකින්වත් නොසිතූ දුරාතීතයේ මේ පළාතේ ජීවත් වූ මේ නස්කාවරුන් නමින් හැඳින්වෙන ගෝත‍්‍රික ජනයා අහසේ සිට පමණක් පැහැදිලිව දැකිය හැකි එසේත් නැතිනම් අහසට පමණක් හොඳින් පෙනෙන දැවැන්ත සිතුවම් ඇන්දේ කුමක් නිසා? ඔවුන් ඒවා ඇන්දේ කාට පෙනෙන්නද ? දෙවියන්ට පෙනෙන්නද ? කවුරුන්ද මේ දෙවියන් ? නස්කාවරුන් දෙවියන් ලෙස සැලකුවේ පිටසක්වළින් පැමිණි අමුත්තන් පිරිසකටද ?



නස්කා චිත‍්‍ර
නස්කා රේඛාවලින් නිරූපණය කෙරෙන චිත‍්‍ර අතරේ පැණි කුරුල්ලෙක්, දඟර ගැසුණු වල්ගයක් ඇති වඳුරෙක්, කොන්ඩෝර් ගිජුලිහිණියෙක්, බකමූණකුගේ හිසක් ඇති මිනිසකු ද දකින්න ලැබේ. සත්ත්ව රූප නිරූපණය වන සේ මෙම රේඛා මුලින්ම සකස් කරන්න ඇත්තේ කි‍්‍ර.පූ. 200 දී පමණ කාලයේ විය හැකියැයි පුරාවිද්‍යාඥයන් විසින් නිගමනය කර තිබේ. පොළොවේ ඇඳි අනෙක් රටා නිර්මාණය කර ඇත්තේ ඊට අවුරුදු 500 කට පමණ පසුව බව ඔවුන්ගේ මතයයි. ඔවුන් මෙම රේඛා හඳුන්වන්නේ ‘ජියොග්ලිප්්ස්’ Geoglyphs හෙවත් ‘භූ ලේඛන’ Earth Writings යනුවෙනි.



නස්කා නිම්නයේ නස්කාවරු
ඉන්කා, මායා සහ ඇස්ටක් ශිෂ්ටාචාර බිහිවීමට පෙර දේශගවේෂක කොලම්බස් ඇමෙරිකාව සොයා පැමිණීමටත් පෙර පේරු දේශයේ නස්කා හී විසූ නස්කා ගෝත‍්‍රිකයෝ අති දැවැන්ත සිතුවම් නිර්මාණය කළහ. ඔවුහු මේ සිතුවම් නිර්මාණය කළේ පැම්පා ලීමා නගරයේ සිට සැතපුම් 250 ක් දුරින් පිහිටා ඇති කොලරාඩා නමින් හැඳින්වෙන අන්දීස් කඳුකරයට අයත් කාන්තාර තැනිතලා නිම්නයේය. නස්කා රේඛාවල හා බැඳුණු පුදුම දනවන සංසිද්ධියක් නම් මෙම රේඛා කාන්තාරයේ කර්කෂ දේශගුණයෙන් බැටකෑවත් ශත වර්ෂ ගණනකට පසුව අදත් තවමත් ඒවා හොඳින් සුරැකී තිබීමයි.

පිටසක්වළ ජීවීන් වෙනුවෙන් ඇඳි චිත‍්‍ර ?
බොහෝ විද්‍යාඥයන් පවසනුයේ මෙම චිත‍්‍ර දෙවියන් වෙනුවෙන් නිර්මාණය කළ ඒවා බවයි. ස්විට්සර්ලන්ත ජාතික එරික් වොන් ඩැනිකන්, 1970 දී ඔහු විසින් රචිත අතිශය ප‍්‍රසිද්ධියට පත් වූ ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතියෙන් මෙම නස්කා රේඛාවලට වැඩි අවධානයක් ලබා දුන්නේය. ඩැනිකන් කියා සිටියේ මේ චිත‍්‍ර පිටසක්වලින් පැමිණෙන අමුත්තන්ට (පිටසක්වළ ජීවීන්ට) මඟ පෙන්වීම පිණිස නිර්මාණය කළ ඒවා බවයි. ඔවුන්ගේ පිටසක්වළ යානා ගොඩබෑමට මේ සිතුවම් උපකාරී වන්නට ඇති බවයි. ‘චැරියට්ස් ඔෆ් ගෝඞ්ස්’ කෘතිය ජනප‍්‍රිය වීමට මෙම කරුණු ඉවහල් වුනත් විද්‍යාඥයන් තවමත් මේ ගැන බලන්නේ වපර ඇසකිනි.

අහසින් ගිය නස්කාවරු
සමහර විද්‍යාඥයන්ගේ මතය වන්නේ නස්කාවරුන් පුරාණ කාලයේ බැලූන නිර්මාණය කර අහසින් ගිය පිරිසක් බවයි. 1980 වසරේදී විද්‍යාඥයන් පිරිසක් පුරාණ තාක්ෂණය යොදා ගනිමින් නස්කාවරුන් මෙන් උණුසුම් වායු බැලූනයක් සකස්කර ගෙන සාර්ථකව ගුවනින් ගමන් කළහ. එදා ඔවුන් ඔප්පු කර පෙන්වූයේ නස්කාවරුන්ට අහසින් ගොස් මෙම චිත‍්‍ර නැරඹීමේ හැකියාව තිබූ බවයි.


ජර්මානු ගණිතඥ මරීයා රීචේ
දශක ගණනක් තිස්සේ මෙම රේඛාවල සිදු විය හැකි අනතුරුවලින් ඒවා ආරක්ෂා කිරීමට පුරෝගාමී මෙහෙවරක් කළ අයකු ලෙස ජර්මානු ගණිතඥවරියක වූ මරීයා රීචේ සැලකිය හැකිය. ඇය ප‍්‍රකාශ කරනුයේ මේවා පුරාණයේ දී අහසට පමණක් පෙනෙන සේ සැකසූ ‘ගගන දින දර්ශන’ Sky Calender කියාය. රීචේගේ මෙම න්‍යාය තාරකා විද්‍යාඥ ජෙරල්ඞ් හෝකින්ස් විසින් ද සනාථ කර තිබේ.

අභිරහස අභිරහසක්ම තමයි
තාරකා විද්‍යාඥයන් මොනවා කීවත් පුරා විද්‍යාඥයන් ඉදිරිපත් කරන්නේ ඊට වෙනස් මතයකි. ඔවුන් පවසනුයේ මෙම රේඛාවලින් පෙන්නුම් කරන්නේ භූගත ජල සැපයුම් මාර්ග බවයි. සමහරුන් විශ්වාස කරන්නේ මේ රේඛා පුරාණ වන්දනාකරුවන් ගමන් ගත් මාර්ග බවයි. පුරාණයේ මෙම ප‍්‍රදේශයේ ඉදිකර තිබූ අද මුළුමනින්ම අතුරුදන් වී ඇති සිද්ධස්ථාන වන්දනාමාන කිරීමට නොයෙක් දෙසින් බැතිමතුන් පැමිණෙන්න ඇති බව විශ්වාස කෙරේ. එහෙත් මේ රේඛා ඇන්දේ තුමන හේතුවක් හෝ කුමන පදනමක් නිසාද යන්න තවමත් අභිරහසකි.

බුදුසමය හා අසුරයො

සෙනෙවිරත්න මහලේකම
බුදුසරණ පත්‍රයෙහි 2010. 09. 08 දින පළවූ ‘නිරයත් අපායත් ඇත්තේ මිනිස් ලොවයි. යන මගේ ලිපියෙහි සතර අපායට සම්බන්ධ අසුර අපාය පිළිබඳව මවිසින් කිසිවක් සඳහන් නො කෙළේ පසු

අවස්ථාවකදී ඒ පිළිබඳව යමක් කීම සඳහාය.

අසුරයන් පිළිබඳව අපට පැරණි ඉන්දීය දේව කථාවලත් බෞද්ධ සූත්‍ර ධර්ම සමහරක හා ජාතක කථා කීපයකත් තොරතුරු දක්නට ලැබේ. මේ අතර අසුර නමැති ඓතිහාසික මිනිස් කණ්ඩායමක් පිළිබඳව

යුප්‍රටීස් ගඟ බඩ පිහිටි පැරණි රටවලින් අපට අසන්නට ලැබේ. වර්තමාන ඉරාක රාජ්‍යය ලෙස සැලකෙන පැරණි ඇසිරියාව යන රට ක්‍රි.පූර්ව අවුරුදු 3000 ක පමණ කාලයක දියුණුව තිබූ රටක් ලෙස

සලකනු ලැබේ. සැල් මෙහෙසර් නමැති ඇසිරියානු අධිරාජයා ක්‍රි.පූර්ව 835 පමණේ දී මීඩියන් හා පර්සියන් ජාතිකයන් පරාජය කොට ඔවුන්ගෙන් කප්පම් ගත් බව සඳහන් වේ. එසමයෙහි

ඇසිරියන්වරු අසුරයන් හැටියටත් මීඩියන් හා පර්සියන් ජාතීන් සුරයන් හැටියටත් සලකන ලද බව පෙනේ. ශත වර්ෂ දෙකක් පමණ අසුරයන් යටතේ සිටි මීඩියන්වරු හෙවත් සුරයෝ අසුර රාජ්‍යයෙ

අක්‍රමණය කළහ. එහෙත් එවක එහි සිටි අසුර් බනිපාල් නමැති ඇසිරියන් රජතුමා සුරන් පලවා හැරියේය. දෙවෙනි වතාවේ සංවිධානව පැමිණි මිඩියන්වරු හා පර්සියන්වරු අති බිහිසුණු සටනක් කොට

අසුරයන් පරදවා ලූහ. මෙකල පර්සියානු අධිරාජ්‍යයේ සිටි මහා සයිරස් රජතුමා (ක්‍රි.පූ. 585 - 526 ) ඔහුගේ පර්සියානු අධිරාජ්‍යයට මීඩියාව, අයෝනියාව, ලිබියාව,

මෙසපොටේමියාව, සිරියාව හා පලස්තීනය ඇතුළත් කර ගත්තේය. පර්සියන් වරු, රූමත් පිරිසක් වූ අතර ඇසිරියන්වරු නිර්භීත වීරෝදාර පිරිසක් වූ බවද කියනු ලැබේ. පුරාතනයන් විසින් දේවත්වයට

නංවන ලද සුර අසුර සංග්‍රාමයේ තොරතුරු පසුකාලීන භාරත සාහිත්‍යයේ දක්නට ලැබෙන බව පැහැදිලිය.


වරක් වේද සාහිත්‍යයේ එන ‘බලී’ නමැති අසුරයා, භුවනත්‍රයම ජය ගැනීමට රිසි වී දෙව් ලොවට ගොස් ඉන්ද්‍රයා පරදවා අධීශ්වරත්වය ලබා ගත්තේය. එවිට ඉන්ද්‍රයා විෂ්ණුගේ පිහිට සොයා ගියේය.

ඉක්බිති විෂ්ණු වාමන රූපයක් මවාගෙන බලී අසුරයා වෙත ගොස් තමන්ට පදිංචි වීමට සුදුසු තැනක් ලබාදෙන ලෙස බැගෑපත්ව ඉල්ලා සිටියේය. “ඔබට මේ සඳහා කොතරම් ඉඩක් අවශ්‍යදැ”යි බලී ඇසු විට

“ මට පියවර තුනක් තබන්නට හැකි ඉඩ කොටසක් දුන මැනව“ යි වාමනයා කියා සිටියේය . “ එසේ නම් එය ගනුවයි “ අසුරයා අණ කළේය. අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නට සිතූ® විෂ්ණු,

නාරායන නම් වෙසක් මවාගෙන, එක් පියවරක් දෙව්ලොව ද අනෙක් පියවර පොළොවෙහිද, තුන්වෙනි පියවර බලීගේ් හිස මතද තබමින් ඔහු පාතාලයට තල්ලු කර දැම්මේය.

මෙන්න මහා භාරතයේ එන තවත් කථාවක්. සුරයන්ගේ සතුරන් වු අසුරයන්ගෙන් සුරයන්ට නිතර උපද්‍රව පැමිණෙන්නට විය. එවිට සුරයන්ගේ නායකයා වූ විෂ්ණු අසුරයන් පරාජය කිරීම සදහා කිරිමුහුද

කලඹන ලද්දේය. කිරිමුහදු කලඹන ලද්දේ මහමේරු පර්වතය පත්ලේ තිබූ අමෘතය ලබාගෙන එය බී අජරාමර වීම සදහාය. මෙහිදී විෂ්ණු කිරි මුහුද කළඹන ලද්දේ වාසුකී නාගරාජයාගේ උදව්වෙනි.

වාසුකී නාග රාජයාගේ දරණ පටින් මහමේරු පර්වතය වටලා බැඳගෙන ඔහුගේ හිස පැත්ත අසුරයන්ටත්, වල්ගය සුරයන්ටත් ලැබෙනසේ අල්වා ගන්නට සලස්වා කිරිමුහුඳ කැළඹීමට සැලැස්වීය. මේ

සටනේදි නාගයාගේ විෂ ධූමයෙන් අසුරයන් මරණයට පත්ව පරාජය වු බව කියනු ලැබේ.මෙහිදී කිරි මුහුදෙන් මතුවූ අමෘතය බී සුරයෝ අජරාමර වූහ. කිරිමුහුදෙන් මතු වූ වස්තු 14 න් එකක වු ලක්‍ෂ්මිය

විෂ්ණුගේ බිරිඳ බවටද පත් වුවාය.

එක්තරා ජාතක කථාවක සුරයන්ගේ ආරම්භය දැක්වෙන්නේ මෙසේය. පෙර දඹදිව මචල නම් ග්‍රාමයේ , මාර්ග ,පැන් පොකුණු ගොඩනැගිලි ආදිය සාදමින්,, අඹුදරුවන් සමඟ පින් දහම් කළ මඝ

නමැති මානවකයා ඉන් චුතව ගොස් දෙව්ලොව ශක්‍ර දේවේන්ද්‍රයාව උපත ලද බව කුලාවක ජාතකයෙහි සඳහන් වයි. මචල ග්‍රාමයේදි ඔහුට උදව් කළ දෙතිසක් මිනිස්සු හා ඔහුගේ බිසෝවරුද තව්තිසා

දෙව්ලොවම උපත් ලද්දෝය.

පෙර තව්තිසා දෙව්ලොව වාසය කළෝ අසුරයෝය. ‘අලුත් පිරිසක් දෙව්ලොවට පැමිණ ඇතැයි සැලකූ අසුරයෝ ඔවුන් පිළිගැනීමට දිව්‍ය සුරාවක් පිළියෙල කළහ. තමන්ගේ පිරිස දිව්‍ය සුරාව පානය

කිරීමෙන් වැළැක්වු සක්දෙව් තෙම දිව්‍ය සුරාව අසුරයන්ටම පොවා, ඔවුන් මත් වූකල, දෙකකුලෙන් ගෙන ඔවුන් මහමෙර පත්ලට යැවූ බව කියනු ලැබේ.

සුරඅසුර යුද්ධය පිළිබඳ පුවතක් ධජග්ග සූත්‍රයේ සඳහන් වන්නේ මෙසේය.

“ මහණෙනි, ඉස්සර කාලෙදී සුරයන් හා අසුරයන් අතර යුද්ධයක් ඇතිවුණා. ඒ යුද්ධයේ දී ශක්‍ර දේවේන්ද්‍රයා තව්තිසා දෙව්ලොව වැසියන්ට කතා කරලා මෙහෙම කියනවා. ‘නිදුක්වරුනි යුද්ධයට ගිය

දෙවියන්ට බියක්, තැති ගැනීමක් හෝ ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත් නුඹලා මගේ කොඩිය දෙස බලන්න.

එවිට ඒ බිය, තැති ගැනීම හෝ ලොමු දැහැගනීම පහව යනවා. ඉතින් මගේ කොඩිය දෙස බලන්නේ නැත්තං ප්‍රජාපති දෙව් රජුගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය තැතිගැනීම හෝ ලොමු දැහැගැනීම

පහව යනව. එහෙමත් නැත්තං වරුණ දෙව්රජගෙ කොඩිය දෙස බලන්න. එවිට ඒ බිය, තැතිගැනීම හා ලොමු දැහැගැනීම පහව යනවා. එහෙමත් නැත්නම් ඊසාන දෙව්රජුුගෙ කොඩිය දෙස බලන්න.

එවිට ද ඒ බිය, තැතිගැනීම හා ලොමුදැහැ ගැනීම පහව යනව.

මහණෙනි, ඒ සක්දෙවිඳුගේ කොඩිය බලන අයටත්, ප්‍රජාපතී දෙවිඳුගේ කොඩිය බලන අයටත්, වරුණ දෙව්රජුගෙ කොඩිය බලන අයටත් ඊශාන දෙවිඳුගෙ කොඩිය බලන අයටත් ඇතිවන බිය,

තැතිගැනීම හා ලොමු දැහැ ගැනීම පහව යන්නේ ද? පහව යන්නේ නැත. මහණෙනි ඊට හේතුව කුමක්ද? මහණෙනි, සක්දෙවිඳුගේ කොඩිය බලන අයත්, ප්‍රජාපති දෙවිඳුගේ කොඩිය බලන අයත්,

වරුණ දෙව්රජුගේ කොඩිය බලන අයත් ඊසාන දෙවියන්ගේ කොඩිය බලන අයත් රාගය පහනොවූ, ද්වේෂය පහනොවූ , හා මෝහය පහනොවු අයයි. එබැවින් ඔවුන්ගේ බිය, තැතිගැනීම හා ලොමු

දැහැගැනීම පහවයන්නේ නෑ.

මහණෙනි, මමත් මෙහෙම කියමි. කැලේකට හෝ රුක්මුලකට හෝ පාළුගෙයකට හෝ ගිය ඔබලාටත් බියක් , තැතිගැනීමක් හා ලොමු දැහැගැනීමක් ඇතිවුවහොත්, ඒ භාග්‍යවතුන් වහන්සේ

අරහත්ය. සම්මා සම්බුද්ධය, විජ්ජාචරණ සම්පන්නය, සුගතය, ලෝකවිදූය, අනුත්තර පුුරිසදම්ම සාරථීය ,දෙව් මිනිසුන්ට ගුරුය. කියා මා සිහි කරන්න. එවිට ඔබලාගේ බිය,

තැතිගැන්ම, හා ලොමු දැහැගැනීම පහව යනවා. එසේ පහව යන්නේ තථාගතයන් වහන්සේත් ධර්මයත්, සංඝයාත් වීතරාග, වීතදෝස හා වීතමොහ නිසාය. මහණෙනි, මෙසේ බුදුන් , දහම් ,

සඟුන් සිහි කරන්නාට බියක් තැති ගැනීමක් හා ලොමු දැහැගැනීමක් සිදුවන්නේ නැහැ.

මෙහිදි බුදුරජාණන් වහන්සේ කරන්නේ ධජග්ග සූත්‍රයේ සඳහන් දෙය උදාහරණයක් වශයෙන් ගෙන භික්‍ෂූන් වහන්සේට පාඩමක් ඉගැන්වීමයි. සුර අසුර යුද්ධය පිළිබඳ තවත් පුවතක් සුභාසිත ජය සූත්‍රයේ

(සක්ක සංයුත්තයේ) මෙසේ සඳහන් වෙයි.

පෙර සුර අසුර යුද්ධයක් පැවැත්තේය. එහිදි වේපචිත්ති අසුරිඳු ‘සක් දෙවිඳුනි, සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි කීය. සක්දෙවිඳුද ‘සුභාෂිතයෙන් ඔබට ජයවේවා’යි පැතීය. දෙදෙනාගේ තරග

විනිශ්චය සඳහා සුර අසුර දෙගොල්ලම එකතුව විනිශ්චය මණ්ඩලයක් සාදා ගත්හ.

ඉක්බිති වේපචිත්තා අසුරිඳු ‘ සක්දෙවිඳුනි ‘ ගාථාවක් කියන්නැයි කීය. ඔබලා පැරණි අය නිසා ඔබ ගාථාවක් කියන්නැ’යි සක්දෙවිඳු කීය. එවිට වේපචිත්ති මේ තේරුම් ඇති ගාථාව කීය. “

වළක්වන්නකු නැත්නම් මෝඩයෝ බෙහෙවින් වැනසෙති. එබැවින් දැඩි දඬුවම් දී මෝඩයා වළක්වා ගත යුතුය “ වේපචිත්තිගේ මේ කියමන අසුරයෝ පිළිගත්හ. දෙවියෝ නිහඬ වූහ.

අනතුරුව වේපචිත්ති සක්දෙවිඳුට ගාථාවක් කියන්නැයි කීය. එවිට සක් දෙවිඳු “ කිපුණ සතුරා දැක යමෙක් සිහිකල්පනාවෙන් සන්සුන්වෙයි නම්, එම සන්සිඳීම ම සතුරා වැළකීම යයි කියමියි කීය.

ශක්‍රයාගේ කියමන දෙවියෝ පිළිගත්හ. අසුරයෝ නිහඬ වූහ. ....මේ අන්ඳමින් වාදය තවත් දිගට පැවැත්තේය.

අවසානයේදී විනිශ්චය මණ්ඩලය මෙබඳු තීරණයක් කළහ. “වේපචිත්තිගේ ගාථා කලහ කිරීම සඳහාය. ඒවා හිංසාවෙන් පිරී ඇත. ශක්‍රයාගේ ගාථා කලහ නොකිරීම සදහාය, ඒවා දඬුවමින් තොරය,

එබැවින් සක්දෙවිඳුට සුභාෂිතයෙන් ජය අත්විය “ යනුවෙනි.

අපේ මාතෘකාව වූයේ අසුර අපාය පව් පල දෙන තැනැක් දැයි සොයා බැලීමය.අසුරයන් යනු දේවත්වයට නැගුණු කල්පිත චරිත කොට්ඨාශයක් බව ඉහත සඳහන් තොරතුරු වලින්ද ඔබට අවබෝධ වන්නට

ඇතැයි සිතමි. එබැවින් පව් පලදීම සිදුවන්නේ මිනිස් අපාය තිරිසන් අපාය හා පේ‍්‍රත අපායේදී බව අපට නිගමනය කළ හැකිය.

උපුටාගැනිම : බුදුසරණ