26 October 2011

මතු වූ නව හෙළ ඉතිහාසය 2




මේ ආකාරයටම රාමායණයේ එන මහා භාරතයේ (සුර-අසුර යූද්ධයේ) ගැන සදහන් කිරීමේදී මෙසේ දැක්වේ.


It was weapon so powerful
That it could be destroy Erath in an instant,
A grate soaring sound in smoke and flame,
And on its sits death


අද එතැන් සිට

ඉන්දු නිම්න ශිෂ්ඨාචාරය විනාශ වු යේ හෙළයන්ගේ න්‍යෂ්ඨික අවිභාවිතය නිසාද?


මේ කාලේ වන විට මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයන් වල කෑනීම් අවසන් කරලා තිබිලා තියෙනවා. හදිස්සියේ ඇති වූ විනාශයකින් එම ශිෂ්ඨාචාරය විනාශ වූ බව තමයි නිගමනය කරලාතියෙන්නෙ. ඒ වුණාට මේ හදිසි විනාශය මොකක්ද කියලා පුරාවිද්‍යාඥයන්ට නිගමනය කරන්න අමාරුවෙලා තියෙනවා. ඒ නිසා සින්දු ගගේ හදිසි පිටාරයක් නිසා හෝ ඇති වූ භූමි කම්පාවක් නිසා මෙම විනාශය වන්න ඇති කියලා උපකල්පනයක් පමණක් ගොඩනැගිලා තියෙනවා.


1944 අගෝස්තු මාසයේදී ජපානයට ඇමරිකාව න්‍යෂ්ඨීක අවි භාවිතයෙන් කල පහරදීමේ (පරමාණු බෝම්බය) අත්දැකීම සමග මහාභාරතයේ එන යුද්ධය ගැලැපීම කාගෙත් විමතියට හේතු වෙලා තියෙනවා. න්‍යෂ්ඨීක අවි ප්‍රහාරයෙන් හිරෝෂීමා හා නාගසාකීහිදී මියගිය අයගේ මෘත ශරීරවල තිබූ විකිරණශිලීත්වයට සමාන විකිරණශිලිත්වයන් මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරයේ හමු වු ඇට සැකිලි තුලත් තිබිලා තියෙනවා. කළුගල් හා වෙනත් ආකාරයේ පාෂාණ ආදිය යොදාගෙන සාදා තීබූ ප්‍රාකාර ගොඩනැගිලි ආදීය තීරුවණා බවටත් පත් වෙලා තියෙනවා. මෙය සිද්ද වෙන්න නම් සෙන්ටිග්‍රේඩ් අංශක 3000ක පමණ උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ වගේ දෙයක් ඇතිවෙන්න පුළුවන් න්‍යෂ්ඨික පිපිරීමකින් පමණයි. මේ අනුව මොහොන්දෝජාරෝ හරප්පා ශිෂ්ඨාචාරය පරමාණු බෝම්බ ප්‍රහාරයකින් විනාශ වූ බව විද්‍යාඥයන් විසින් තහවුරු කරලා තියෙනවා.


විද්‍යාව නොදියුණු ප්‍රාග් ඓතිහාසික යුගයක කොහොමද පරමාණු බෝම්බ තියෙන්නේ? එහෙම තිබුණා නම් එය භාවිතා කිරීමට අධිවේගි ගුවන් යානා තිබිය යුතුය. මේ ගැටළුව පිළිබදව හා එබදු දේ තිබුණාදැයි සෙවීමට බටහිර හා ඉන්දීය උගතුන් සංස්කෘත සාහිත්‍ය පීරන්නට පටන්ගෙන තියෙනවා. අපි කලින් සදහන් කල මහාභාරතයේ සිදුවීම් පෙළ කලින් හදුනාගෙන තිබුනේ කවියෙකු උමතු සිතුවිලි විදයට. ඒ වුණාට මෙම තහවුරු කිරීම් හා එය යථාර්තය බව ඒත්තු යාමත් සමගම නැවතත් මහාභාරතය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. එම ප්‍රයත්නයේ දී යම් ඓතිහාසික කරුණු මතු කරගන්නට ඔවුන් සමත් වෙලා තියෙනවා. එබැවින් එම අද්භුත කතාන්දර මිත්‍යාවන් නොවන බවට තහවුරු කරගන්නට පුළුවන් වෙලා තියෙනවා. නමුත් මෙම කතා අතිශෝක්තිය හා මිත්‍යාවන් සමග මුසු වී තිබීම නිසාම එතිහාසික තොරතුරු තොරා බේරා ගන්න අමාරුවෙලා තියෙනවා.
                                      
                                                   හෙළ ගුවන් යානා ආකෘති


මහාභාරතයෙන් අනතුරුව රාමායණය කෘතිය සුපරික්ෂාකාරීව හැදැරීමට පටන්ගෙන තියෙනවා. ඒ වගේම මෙම කෘති දෙකේම තියෙන සමාන කතා පුවත් සංසන්දනාත්මකව විමර්ෂණයකට ලක්කරණ්නත් ඔවුන් සමත් වෙලාතියෙනවා. ගුවනින් යන පුෂ්පක රථය(දඩුමොණරය), රාවණ පුත් ඉන්ද්‍රජිත් හදට ගොස් එහි සිට අලෝකදාරා(ලේසර් කිරණ) මගින් පහරදීම, අවසන් ලෙස රාවණගේ අවිගබඩාවේ තිබූ රහස් අවියක් විභිෂණමාර්ගයෙන් ලබාගෙන එයින් පහරදී රාවණ මරණයට පත්කිරීම, මහා භාරතයේ විස්තර වන විදුලි කොට්නාක් මෙන් වේගයෙන් අහසේ ගමන් කර පහර දෙන අවිගැන මහා ඇලැක්සැන්ඩර්ගේ යුධවාර්තාවල සදහන් වීම ආදී තොරතුරු එක්තැන් කර ගත්විට අතිතයේදී න්‍යෂ්ඨික යුද්ධයක් ඇතිවීම ඓතිහාසික බව පිළිගන්න වෙලා තියෙනවා.


ජර්මන් අඥාදායක හිට්ලර් විසින් රොකට් සහිත ජෙට් යානා සෑදීමේ ශාස්ත්‍රය ලබාගෙන තිබූනේ කාශ්මීරයේ ලඩාක් ප්‍රෙද්ශයෙන් බව දෙවන ලෝක යුද්ධය අවසානයේදී හෙලි වෙලා තියෙන අතරම අවුරුදු පතා ඒ ආරම වලට තෑගී බෝග හා දූතයන් යවා මෙම තොරතුරු ගත් බවත් සදහන් වෙනවා. දෙවන ලෝක යුද්ධය අවසානයේ හිට්ලර්ගේ මෙම රොකට් විද්‍යාඥ කණ්ඩායම දෙකකට කැඩී එක් කොටසක් සෝවියට් රුසියාවට හා අනික එක්සත් ජනපදයට ලැබීම නිසා න්‍යෂ්ඨික තාක්ෂණය මෙම දෙරටේම වර්ධනය වෙලා තියෙනවා.


අශෝක අධිරාජයා විසින් තම දිග්විජය කටයුතු අවසන් කල පසු යුද අවි පිළිබදව තාක්ෂණය ග්‍රන්ථ 9කට සම්පාදනය කර තාපසයන් 9 දෙනෙකු භාරයේ ගාන්ධාර තක්ෂිලා කදුකර ප්‍රෙද්ශයේ සගවා තැබූ බවට හින්දු පුරාවෘත්ත හා “පුරාණ“ ග්‍රන්ථවලත් සදහන් වෙලා තියෙනවා.
1965 පමණ අවදීයේ සිටම උගතුන්ගේ විශේෂ අවදානය යොමු වුණේ සංස්කෘත ග්‍රන්ථවන “දහඅටක්වූ පුරාණ“ ග්‍රන්ථවල ඇති තොරතුරු විශ්ලේෂණය කිරීමය. මේ වන විට බ්‍රාහමණ හා උපනිෂද් යන වේද ග්‍රන්ථ හදාරා අවසන් කර තිබුණ අතර මෙම පුරාණවල අඩංගුවන්නෙ කුමන රටක ඉතිහාසයදැයි හදුනාගැනීමට සැමදෙනාම උනන්දුවෙලා තියෙනවා. එහිදී අසුර නැමති අධිරාජ්‍යයක තොරතුරු පොදුවේ සදහන් වෙන බව හදුනාගෙන තියෙනවා. අසුරයන් කියන්නෙ රකුස්,යක්,නා හා දේව යන කොටස් හතරින් සෑදෙන ජාතියයි. මෙහිදී අසුර කියන්නෙ එකම ජාතියක් හැටියට සමහර විචාරකයන් පැවසූවද සංස්කෘත පුරාණයන්ට අනුව එසේ සදහන් වන්නෙ නැහැ.
ලංකාවේ සෙල්ලිපි වල “කුබ“ යනුවෙන් හැදින්වෙන්නෙ කුවේරයි. කුවේර පිළිබදව පුරාණය සංස්කෘත භාෂාවෙන් හැදින්වෙන්නෙද “කුබ පුරාණය“ කියන නමෙන්. සිව රජු ඉන්දියාවට ගියේ හෙළදිව සිට බවත් ඔහුගේ මුල් මධ්‍යස්ථානය සිව + ගිරිය හෙවත් සීගිරිය බව අරිසෙන් අහබුදු සූරීන් පවසනවා. ඔහු ඉන්දුවේ රජුය. ඉන්දු දේශය යනු කාශ්මීර කදුකරය හා පන්ජාබ් තැනිතලාවයි. සිවදෙවියන් මූලික කරගත් ඇදැහිල්ල සිවරජු විසින් ආරම්භ කරන ලද්දක් බවද අරිසෙන් අහබුදු සූරීන් පවසනවා.


මින් අවුරුදු 12500කට පමණ පෙර යූරෝපීය අයිස්තට්ටුව දියවී ගිය බවද, උතුරු අත්ලාන්තික් සයුර හා උතුරු ඇමරිකාවේ සමහර කොටස් වසා පැතිරී තිබූ එම අයිස්තට්ටුව දියවී සාගර ජල මට්ටම ඉහල ගියබවත් විද්‍යාඥයන් විසින් මේ වනවිට සොයාගෙන ඇති අතර විෂ්ණූ පුරාණය නැමති ග්‍රන්ථයට අනුව මෙය සිදුවීම වී ඇත්තේ හෙළ අසුර හිරන් කසුබ්(හිරණ්‍ය කාශ්‍යප,ඊරණි, මහා මන්දාතු) රජු තම සූර්යා බදු තේජස් වී ඇති ඇස් දෙකෙන් බලා හිම කදු දියකර හැරිබවටයි. ඒ ගැන දොස් පැවරීම විෂ්ණූ පුරාණයේ වන අතර ඒ අනු ව හිරණ්‍ය කාශ්‍යප සිටි අවදිය ක්‍රි.පු. 10500 ලෙස සැලකීය හැක.


1985 න් පසු යුගය හෙළ අසුර ඉතිහාසය පිළිබදව විශාල වශයෙන් කරුණු එකතු වූ යුගයකි. රාමායණයේ සදහන් වන්නා වූ දණ්ඩාකාරණ්‍යෙය් අගනුවර වන ජනස්ථානය පවා මුහුදු පතුලේ තිබී 2003 මැයි මස සොයාගෙන තියෙනවා.


ඉහත් අපි දැක්වූ මෑති භාගයේ කල සොයාගැනීම් නම්


* · 1986 - ප්‍රංශජාතික ඡායාරූප ශිල්පියෙක් විසින් ඊජිප්තුවේ පිරමීඩ දේවාලයක ගන්නා ලද ජායාරූප වලට අනුව එහි බිත්තියේ මැටියෙන් අඹා තීබූ අවුරුදු 4500ක් පමණ පරණ ගුවන්යානා 4ක් විය. ඒවා මගී ගුවන් යානය, හෙලිකොප්ටරය, ප්‍රහාරක ජෙට්යානය හා තවත් යානාවක් වශයෙන් වීම.


* · 1994 - ක්‍රි.පු. 4වන සියවසේදී ග්‍රීක් ජාතික ප්ලෙටෝ විසින් වාර්තාකරන ලද අත්ලාන්තිස් පුරවරය හා රාමයණයේ එන හනුමා දුටු ලංකාපුරය යනු එකම ස්ථානය පිළිබදව දෙදෙනෙකුගේ වාර්තා 2ක් බව හෙලිවීය. එය අත්ලාන්තික් සාගරයේ තිබී මුහුදට ගිළුන ගොඩබිමක් නොවේ


* · 1998- ඇමැරිකානු පුරාවිද්‍යාඥයන් පිරිසක් විසින් ඉරාකයේ කල කැනීම් වලදී පුරාණ බැබිලෝනියානු ශිෂ්ඨාචාරයට අයත් මැටි පුවරු රාශියක් සොයාගන්නා ලදි. ගුවන් යානා වලින් පැමිණි සිංහ මිනිසුන්(හෙළයන්) කියා දුන් පරිදි එම ශිෂ්ඨාචාරය ගොඩනැන්වු බව ඒවායේ කියැවිණි. බැබ්ලෝනියානු ශිෂ්ඨාචාරය දැනට ලොව පැරණිතම ශිෂ්ඨාචාරය ලෙස පිළිගන්නා අතර එය වසර 5500ක් හෝ ඊට වඩා පැරණි බව සැලැකේ.

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3

ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා. අද එතැන් සිට....
                                             

ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.

ඉතිරි කොටසට මෙතනින් යන්න මහා වංශය යනු රාජ වංශය නොව බුද්ධ වංශය බව වංශකතා කියැවීමේ දී වටහා ගන්න පුළුවන්. ඒ කියන්නෙ බුද්ධ වංශය පැවසීම හා බුද්ධ ශාසනයට අනුග්‍රහය දැක්වූ රජවරු වර්ණනා කිරීම මෙහි අරමුණ වුණා කියලා වටහාගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු(බෝසතුන්)ගේ ඥාතීත්වයක් ඇති විජය කුමරුගෙන් ලංකාව ජනාවස වූවද විජයට දරුවන් නොමැති වීම නිසා විජය රජුගෙන් පරම්පරාවක් බිහිවුයේ නැහැ. ලංකා රජ පරපුර නැවතත් සිද්ධාර්ථ කුමරුන්ගේ ඥාතීත්වය හා සම්බන්ධ වන්නෙ ශාක්‍ය රජෙක් වන අමිතෝදන රජතුමාගේ මිණිබිරියක් වන භද්දකච්චායනා කුමරීය පඩුවස්දෙව් රජු හා විවාහ වීම නිසාය.

විජය කුමරුන් ලංකාවට ගොඩබසින විට හමු වූ කූවේණිය( පාළි - කූ+ වණ්ණා = කළුවන් ශරීරයක් ඇත්තී) නමින් ලීලාවතී වූවාය. ඇය යකින්නක් නොවූවාය. ඇය මනුෂ්‍ය දුවකි. ඇය විජයට දාව මනුෂ්‍ය දරුවන් බිහිකලාය. මහා වංශයට අනුව ඒ ජීවහත්ත හා දිසාලාය. යකින්නක් නම් මනුෂ්‍යෙයක්ට දාව දරුවන් බිහිකල නොහැක. අඩක් මනුෂ්‍ය අඩක් යක්ෂ සත්වයන් ලොව පැවැතිය නොහැක. නමුත් වංශකතා වලට අනුව කුවේණි හා විජයගෙන් අඩක් මනුෂ්‍ය හා අඩක් යක්ෂ පරම්පරාවක් බිහිවිය. ඔවුන් පූලින්දයන් නම් විය. පුලින්දයන් යනු වර්තමාන වැදි පරපුර බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පවසයි. නමුත් ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් සෙල්ලිපියෙන් තමා ඉන්දියාවට දකුණුදිග සාගරය ඔබ්බේ වූ පුලින්ද හා සබර යන යන මිනිස් කොට්ටාශ දෙක යටත් කල බව දැක්වේ. මේ අනුව යකින්නකින් මිනිස් පරපුරක් පැවැතිය නොහැකි බව පරණවිතාරනයන්ට හා නූතන ඉතිහාසඥයින්ට අමතක වූ බවක් තමයි පෙනෙන්නෙ. නමුත් ලංකාවේම පවතින සෙල්ලිපිවලට අනුව කුවේණි යනු රජ කුමරියෙකි.

ඇය බිම්බා රජුගේ දියණියයි. මරගන නගරය හා වරාය පාලනය කල අල්ලිරාණි කුමරිය ඇගේ ඥාති සොයුරියයි. ඇය කුම්බා(කුවේර) රජුගේ දියැණිය බව පැහැදිලිය. බෝධි වංශයට අනුව කුවේණිගේ පුතා වීරබාහු කුමරුය. විල්බා ජනපදය(කුරුණැගල දිස්ත්‍රික්කයේ) ඔහු විසින් පාලනය කල බව සදහන් වේ. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ත යනු ප්‍රාණවත් අතයි. මෙම නම් දෙකේ සමානත්වය නිසා බෝධීවංශයේ ප්‍රවෘත්තිය සත්‍යයැයි පළිගන්න පුළුවන්. එය නිවැරැදි මිනිස් පරම්පරාවක් ගැන ප්‍රකාශ කරයි. මොකද, යක්ෂයන්ට පරම්පරාවක් තියෙන්න පළුවන් කමක් නැති නිසා.
                               
                                                               කුවේණි කුමරියගේ පරපුර

විජයගෙන් පසු ලක්දිව රජ්‍යත්වයට පත් පඩුවස්දෙවි කුමරුන්ට වැළැදුන දිවි දෝශය සුවකරන ලද්දෙ ඉන්දියාවෙන් පැමිණි යකැදුරන් විසින් කල කොහාඹා කංකාරිය නැමැති යාගයෙනි. අදටත් මේ කොහෝඹාකංකාරීය නැමැති යාගය නැටුමක් ලෙස ශේෂ වී ඇති බව දැකගන්නට පුළුවන්. එය රජුට වැළදුන රෝගයක් නොවැ සතුරු බියක් යැයි සිතිය හැක. මන්ද ඉන්දියාවෙන් පැමිණි රජුට ස්වදේශිකයන්ගෙන් සතුරු ප්‍රහාරයක් ඇති වීමේ අවදානමක් තිබෙන්නට ඇත. තවද පඩුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණ ඇත්තෙද පරිභ්‍රාජිකයෙක් ලෙස වෙස්වලාගෙන ඒ වගේම පඩුවස්දෙව් රජුට සරණපාවගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය ලංකාවට පැමිණ ඇත්තේද භික්ෂූණීයක් ලෙස වෙස්වලාගෙනයි.

මෙම කරුණවලින්ද ලංකාවේ රාජ්‍යත්වය පැහැරගැනීමට හෙලයන්ගේ තිබූ ඇකැමැත්ත මැනවින් ඔප්පුවෙනවා.නමුත් විහාර මහා දේවිය නැවක නන්වා මුහුදට පාකිරීමේදී ඇය කවුද යන්න යාත්‍රාවේ සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විට සතුරුබියක් නොතිබූ බවයි. උන්මාද චිත්‍රා කතාවට අනුව ඇය ලද පුත්‍රයා, ඇයගේ මවගේ සහෝදරයා වූ දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි යැයි මහාවංශයේ සඳහන් වීම ඇත්තක්මද කියලා අපිට හිතන්න වෙනවා. මොකද චිත්‍රා කුමරිය රදවා තිබූ එක්ටැම්ගෙයට යාමට හැකිව තිබූ විවරය තිබුනේ පඬුවස්දෙව් රජ‍ුගේ සිරියහන් ගබඩාවෙන් පමණයි. ජනප්‍රවාදයේ එන තොරතුරු වලට අනුව එහි යාමට අවසර තිබුණේ චිත්‍රරාජ හා කාළවේල යන යක් සේවකයන්ට පමණයි. දීඝායු විසින් ගොඩනැගුවායැයි සැලකෙන දිඝාමඩුල්ල විජය කුමරු ලංකාවට පැමිණෙන විටදී පවා ජනාවාස වී තිබූ බව පැහැදිලිය.

එබැවින් දිඝාමඩුල්ල දීඝායු කුමරු විසින් ගොඩනඟන ලද්දක් යැයි පිළිගැනීමට අපහසුය. චිත්‍රා කුමරියගේ පුත් පණ්‍ඩුකාභය කුමරු අනුරාධපුර රජ වූ පසු චිත්‍රරාජ සමඟ සම අසුනේ හිද ප්‍රීති උත්සව නැරඹීමද, අභය වැව සමීපයේ පදිංචි කරවීමද සුවීශේෂ සිද්ධීන් කියලා අපට හිතන්න පුළුවන් ඒ වගේම අපට අනුමාන කරන්න පුළුවන් පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්...

අපි අපේ සබෑ ඉතිහාසය සොයා යමුද 3


ලංකාවේ තියෙන සෙල්ලිපි වලටම අනුව ගෞතම බුදුන් සමයේ ලංකාව පාලනය කරලා තියෙන්නෙ පනීත කියලා රජ කෙනෙක්. අපි කවුරුත් සමන් දෙවියෝ ලෙස හදුන්වන සුමන පනීත රජුගේ භාණ්ඩාගාරික කියලා කියැවෙනවා. සුමන ගැන සෙල්ලිපි 30කට වැඩිය ලංකාව පුරා දැක ගන්නට තියෙනවා. මේ නිසා අපේ මතය තවත් තහවුරු වෙනවා. අද එතැන් සිට....


ඒ වුණත් ඒ සෙල්ලිපි සටහන් වෙලා තියෙන්නෙ ඉංග්‍රිසින් විසින් බ්‍රාහමී අක්ෂර ලෙස නම් කරන ලද අක්ෂර වලින්. අශෝක අක්ෂරවලට සමාන මෙම බ්‍රාහමී අක්ෂර මිහිදු හිමියන් ලංකාවට වැඩීමත් සමග ලංකාවට උරුම වූ බව ඉංග්‍රිසි ඉතිහාසඥයන්ගේ මතයයි. ඒ නිසා රාවණ, නුහුත, කුවේර හා පනීත වැනි හෙළ රජ සමයන්හිදී ලංකාවට අක්ෂරකලාවක් උරුම වී නොතිබුණ බව ඔවුන්ගේ අදහසයි. නමුත් කකුසද බුදුන්වහන්සේගේ කාලයට අයත් සෙල්ලපි හමු වීමෙන්ම මෙම අදහස ප්‍රතික්ෂේප වෙනවා. කනගාටුවට කරුණක් වන්නෙ මෙරට ඉතිහාසඥයන් හා පුරාවිද්‍යඥයන් විසින් තවමත් මෙම මතය පිළිගැනීමයි.

ඉතිරි කොටසට මෙතනින් යන්න මහා වංශය යනු රාජ වංශය නොව බුද්ධ වංශය බව වංශකතා කියැවීමේ දී වටහා ගන්න පුළුවන්. ඒ කියන්නෙ බුද්ධ වංශය පැවසීම හා බුද්ධ ශාසනයට අනුග්‍රහය දැක්වූ රජවරු වර්ණනා කිරීම මෙහි අරමුණ වුණා කියලා වටහාගන්න පුළුවන්. සිද්ධාර්ථ කුමරු(බෝසතුන්)ගේ ඥාතීත්වයක් ඇති විජය කුමරුගෙන් ලංකාව ජනාවස වූවද විජයට දරුවන් නොමැති වීම නිසා විජය රජුගෙන් පරම්පරාවක් බිහිවුයේ නැහැ. ලංකා රජ පරපුර නැවතත් සිද්ධාර්ථ කුමරුන්ගේ ඥාතීත්වය හා සම්බන්ධ වන්නෙ ශාක්‍ය රජෙක් වන අමිතෝදන රජතුමාගේ මිණිබිරියක් වන භද්දකච්චායනා කුමරීය පඩුවස්දෙව් රජු හා විවාහ වීම නිසාය.

විජය කුමරුන් ලංකාවට ගොඩබසින විට හමු වූ කූවේණිය( පාළි - කූ+ වණ්ණා = කළුවන් ශරීරයක් ඇත්තී) නමින් ලීලාවතී වූවාය. ඇය යකින්නක් නොවූවාය. ඇය මනුෂ්‍ය දුවකි. ඇය විජයට දාව මනුෂ්‍ය දරුවන් බිහිකලාය. මහා වංශයට අනුව ඒ ජීවහත්ත හා දිසාලාය. යකින්නක් නම් මනුෂ්‍යෙයක්ට දාව දරුවන් බිහිකල නොහැක. අඩක් මනුෂ්‍ය අඩක් යක්ෂ සත්වයන් ලොව පැවැතිය නොහැක. නමුත් වංශකතා වලට අනුව කුවේණි හා විජයගෙන් අඩක් මනුෂ්‍ය හා අඩක් යක්ෂ පරම්පරාවක් බිහිවිය. ඔවුන් පූලින්දයන් නම් විය. පුලින්දයන් යනු වර්තමාන වැදි පරපුර බව මහාචාර්ය සෙනරත් පරණවිතාරණ පවසයි. නමුත් ඉන්දියාවේ සමුද්‍රගුප්ත රජුගේ අලහාබාද් සෙල්ලිපියෙන් තමා ඉන්දියාවට දකුණුදිග සාගරය ඔබ්බේ වූ පුලින්ද හා සබර යන යන මිනිස් කොට්ටාශ දෙක යටත් කල බව දැක්වේ. මේ අනුව යකින්නකින් මිනිස් පරපුරක් පැවැතිය නොහැකි බව පරණවිතාරනයන්ට හා නූතන ඉතිහාසඥයින්ට අමතක වූ බවක් තමයි පෙනෙන්නෙ. නමුත් ලංකාවේම පවතින සෙල්ලිපිවලට අනුව කුවේණි යනු රජ කුමරියෙකි.

ඇය බිම්බා රජුගේ දියණියයි. මරගන නගරය හා වරාය පාලනය කල අල්ලිරාණි කුමරිය ඇගේ ඥාති සොයුරියයි. ඇය කුම්බා(කුවේර) රජුගේ දියැණිය බව පැහැදිලිය. බෝධි වංශයට අනුව කුවේණිගේ පුතා වීරබාහු කුමරුය. විල්බා ජනපදය(කුරුණැගල දිස්ත්‍රික්කයේ) ඔහු විසින් පාලනය කල බව සදහන් වේ. වීර+බාහු යනු වීර අතයි. ජීව+හත්ත යනු ප්‍රාණවත් අතයි. මෙම නම් දෙකේ සමානත්වය නිසා බෝධීවංශයේ ප්‍රවෘත්තිය සත්‍යයැයි පළිගන්න පුළුවන්. එය නිවැරැදි මිනිස් පරම්පරාවක් ගැන ප්‍රකාශ කරයි. මොකද, යක්ෂයන්ට පරම්පරාවක් තියෙන්න පළුවන් කමක් නැති නිසා.

කුවේණි කුමරියගේ පරපුර
විජයගෙන් පසු ලක්දිව රජ්‍යත්වයට පත් පඩුවස්දෙවි කුමරුන්ට වැළැදුන දිවි දෝශය සුවකරන ලද්දෙ ඉන්දියාවෙන් පැමිණි යකැදුරන් විසින් කල කොහාඹා කංකාරිය නැමැති යාගයෙනි. අදටත් මේ කොහෝඹාකංකාරීය නැමැති යාගය නැටුමක් ලෙස ශේෂ වී ඇති බව දැකගන්නට පුළුවන්. එය රජුට වැළදුන රෝගයක් නොවැ සතුරු බියක් යැයි සිතිය හැක. මන්ද ඉන්දියාවෙන් පැමිණි රජුට ස්වදේශිකයන්ගෙන් සතුරු ප්‍රහාරයක් ඇති වීමේ අවදානමක් තිබෙන්නට ඇත. තවද පඩුවස්දෙව් කුමරු ලක්දිවට පැමිණ ඇත්තෙද පරිභ්‍රාජිකයෙක් ලෙස වෙස්වලාගෙන ඒ වගේම පඩුවස්දෙව් රජුට සරණපාවගැනීමට ගෙන්වූ භද්දකච්චායනා කුමරිය ලංකාවට පැමිණ ඇත්තේද භික්ෂූණීයක් ලෙස වෙස්වලාගෙනයි.

මෙම කරුණවලින්ද ලංකාවේ රාජ්‍යත්වය පැහැරගැනීමට හෙලයන්ගේ තිබූ ඇකැමැත්ත මැනවින් ඔප්පුවෙනවා.නමුත් විහාර මහා දේවිය නැවක නන්වා මුහුදට පාකිරීමේදී ඇය කවුද යන්න යාත්‍රාවේ සදහන් කිරීමෙන් පැහැදිලි වන්නේ ඒ වන විට සතුරුබියක් නොතිබූ බවයි. උන්මාද චිත්‍රා කතාවට අනුව ඇය ලද පුත්‍රයා, ඇයගේ මවගේ සහෝදරයා වූ දීඝායු කුමරුගේ පුත් දීඝ ගාමිණි යැයි මහාවංශයේ සඳහන් වීම ඇත්තක්මද කියලා අපිට හිතන්න වෙනවා. මොකද චිත්‍රා කුමරිය රදවා තිබූ එක්ටැම්ගෙයට යාමට හැකිව තිබූ විවරය තිබුනේ පඬුවස්දෙව් රජ‍ුගේ සිරියහන් ගබඩාවෙන් පමණයි. ජනප්‍රවාදයේ එන තොරතුරු වලට අනුව එහි යාමට අවසර තිබුණේ චිත්‍රරාජ හා කාළවේල යන යක් සේවකයන්ට පමණයි. දීඝායු විසින් ගොඩනැගුවායැයි සැලකෙන දිඝාමඩුල්ල විජය කුමරු ලංකාවට පැමිණෙන විටදී පවා ජනාවාස වී තිබූ බව පැහැදිලිය.

එබැවින් දිඝාමඩුල්ල දීඝායු කුමරු විසින් ගොඩනඟන ලද්දක් යැයි පිළිගැනීමට අපහසුය. චිත්‍රා කුමරියගේ පුත් පණ්‍ඩුකාභය කුමරු අනුරාධපුර රජ වූ පසු චිත්‍රරාජ සමඟ සම අසුනේ හිද ප්‍රීති උත්සව නැරඹීමද, අභය වැව සමීපයේ පදිංචි කරවීමද සුවීශේෂ සිද්ධීන් කියලා අපට හිතන්න පුළුවන් ඒ වගේම අපට අනුමාන කරන්න පුළුවන් පණ්ඩුකාභය කුමරුගේ පියා චිත්‍රරාජ කියලා. මෙහෙම ලංකාවේ රාජ්‍යත්වය නැවතත් හෙළයන් අතට පත්වී පණ්ඩුකාභය රජුගෙන් පසු සිංහල රාජ පරම්පරාවක් ඇරඹීමද, දුටුගැමුණූ රජු විසින් පසුකලෙක ඒකීය රාජ්‍යන් ඇරඹීමත් අපේ ඉතිහාසයේ සුවිශේෂී සංදිස්ථාන විදිහට සලකන්න පුළුවන්... 

ලංකාවේ යක්ෂ ඉතිහාසයෙන් බිඳක්...!

ලංකාවේ යක්ෂ සභාවේ නායකයා ලෙස හැඳින්වෙන්නේ වෙසමුණි යක්ෂ රජුයි. අත විශාල යකඩ යගදාවක් හා රන්කඩුව ඇත. ඔහුගේ දරුණු දඩුවම් ක්‍රම 32ක් ඇතිබව කියවේ. වද 32 ලෙස කියවෙන්නේ එයයි.

වේද සාහිත්‍යයට අනුව පැරණි දේව ගණයට අයත් සියල්ලන් යක්ෂ නම්වේ.
යක්ෂාධිපති වෛශ්‍රාවන සතරවරම් දෙවිවරුන්ගෙන් කෙනෙකි.
වෙසමුනි යක්ෂ සේනාධිපති වේ.
වෛදික සාහිත්‍යයෙහි යක්ෂයන්ගෙන් ශීග්‍රගාමී, ශීග්‍රපති, ක්ෂණික රශ්මි දහර, ක්ෂණික වාසස්තානය වෙනස් කරන බව දැක්වේ.

වෙසමුණිගේ බිරිද කෞවේරි. ඔවුන්ට වර්ණකවි(මණිග්‍රීව ) සහ නලකුබර (මයුරාජ ) නමින් පුතුන් දෙදෙනෙක් සහ මීනාක්ෂි නමින් දුවක්ද සිටි බව කියැවෙනවා.

කුවේර යනු වෙසමුණිගේ පළමු විවාහය වූ බ්‍රාහ්මීන් ගේ රූමත් දියණියක වූ ඉල්ලාවිලා දේවිය ගේ දරුවා විය. පසුව වෙසමුණි ගේ දෙවැනි විවාහය ලෙස කේශිණී පත්විය. කේශිණීට වෙසමුණි ට දාව දරුවන් පස් දෙනෙකු ලැබිණි. ඔවුන් රාවණ, විභීශණ, කුම්භකර්ණ, හේම සහ පුෂ්පික නම් විය.

කාලය ගත වෙත්ම කුවේර, තම පියරජතුමා වූ වෙසමුණි ගේ අභාවයෙන් පසුව සාමකාමීව රට පාලනය කලේ ය. මේ අතර කුවේරගේ දෙටුසහෝදරයා වූ රාවණා තම බලවත් කම ඉහළ යත්ම, ලංකා රාජ්‍යය පිළිබඳ ව සිත් පහළ විය. පසුව, රාවණා ලංකා රාජ්‍යයත්, එහි පිහිටි "ආලකමන්දාවත්", කුවේරගේ අහස්යානය වූ "පුෂ්පිකයත්" තමාට අවැසි බව දැන්වීය. මින් ඉතා කෝපයට පත් වූ කුවේර, රාවණාව ඉහත යෝජනාව ද ප්‍රතික්ෂේප කර පලවා හැරීය. එනමුදු ලෙහෙසියෙන් පරාජයට පත් වන්නට තරම් ලාමක නොවූ රාවණා ස්වකීය ඥාතීන් වූ ‍යක්ෂ ගෝත්‍රිකයන්ව කුවේරට විරුද්ධව මෙහෙයවා ලංකා රාජ්‍යය සියතට ගැනීමට සමත් විය.තවද කුවේරගේ ධනය, මාළිගය සහ අද දඬුමොණරය ලෙස හැඳින්වෙන " පුෂ්පිකය" ද සියතට ගන්නට සමත් විය.

බුදුරදුන් උරුවෙල් දනව්වට වැඩම කරන අතරතුර මහියංගනයට වැඩම කර යකුන් දමනය කර ඔවුන් ගිරි දිවයිනට නෙරපූ බව පවසන මහාවංශය, පිරිනිවන් පෑ දිනයේ 700ක් පිරිවර සමඟ විජයකුමරු මෙරටට ගොඩබැස කුවේනිය නම් යක්ෂ කන්‍යාවකගේ උපකාර ඇතිව ලංකාවේ යක්ෂ නායකයන් පලවා හැර රජවූ බවත් සඳහන් කරයි.

මහා වංශයේ පණ්ඩුකාභය රජු හා බැඳි යකුන් දෙදෙනෙක් ගැන සඳහන්ය. චිත්තරාජ, කාලවේල පණ්ඩුකාභයගේ උප්පත්තිකතාව හා මොවුන් සම්බන්දය.
චිත්තරාජ අභය වැවට අධිගෘහිත යක්ෂයා විය.
අනුරාධපුර නැගෙනහිර වාහල්කඩ ආසන්නයේ කාලවේල යක්ෂය වෙනුවෙන් දේවාලයක් තිබේ.

යක්ෂාධිපති වෛශ්‍රාවන වෙනුවෙන්ද පණ්ඩුකාභය රජු සමයේ වන්දනා පැවැත්විණි. දුටුගැමුණු රජුගේ දසමහා යෝධයන්ගෙන් කෙනෙක් වූ "ගෝඨම්බර" යක්ෂයෙක් වූ රිටිගල ජයසේන හෝ මහසෝනා සමඟ සටන් කර පරාජය කළබව සඳහන්වේ.

අනාර්ථ ගෝත්‍රයට අයත් බලසම්පන්න ජන කොටසක් ලෙස වෛදික සාහිත්‍යයේ යකුන් හඳුන්වා ඇත. උපනිශ්ද් සාහිත්‍යයේ යක්ෂයෝ කුවේරාගේ පිරිවර සේනා ලෙස සේවය කරයි.

අංගම්පොර ඉතිහාසය


අදින් වර්ෂ 33,000 කට පෙර ලක් දෙරණ ඉපිද සුර අසුර යුද්ධයට තම සේනාධිපතිත්වය එක් කරමින් දක්ෂ ලෙස යුධ මෙහෙයවූ කරතගම මහසෙන් නම් වූ යුධ වීරයාගෙන් ඇරඹෙන අප හෙළ සටන් පෙළපත රණ රාවනා, පණ්ඩුකාභය, දුටුගැමුණු, පරාක්‍රමබාහු, විජයබාහු, සීතාවක රාජසිහ ආදී රණකාමී රජ දරුවන්ගේ ශිල්ප දැනුමෙන් පෝෂණය වී සුරක්ෂිත වී පාරම්පරිකව අද දක්වාම නොනැසී පැවත එන ''අංගම්පොර'' නම්වූ ලොව විශිෂ්ඨතම හා අසිරිමත්ම සටන් සම්ප්‍රදාය වනවා මෙන්ම ලොව බිහිවූ ඉපැරණිතම සටන් කලාව ද වන්නේ ය.

Angampora

ලංකාද්වීපයේ ආරක්ෂාවේ රන් වැට වූ හෙළ සටන් සම්ප්‍රදාය අපගේ තෙද බල බිඳ දමනුවස් වර්ෂ 1827 දී බ්‍රිතාන්‍ය පාලන අධිකාරිය මෙය තහනම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පයක් බවට ගැසට් නිවේදනයක් පල කරනු ලැබූ අතර අංගම් ශිල්පය දැන උගත්තවුන්ගේ දණ හිසින් පහළට වෙඩි තබන්නට පවා නියෝග කළහ.
මෙසේ විනාශ කරන්නට යෙදුණ මේ අගනා ශිල්පය ඉන්පසුව අතිශය රහසිගතව නර්තනය සමඟ මුහුවෙමින් පාරම්පරිකව ප්‍රගුණ කරමින් වර්තමානය දක්වාම ජීවිත පරිත්‍යාගයෙන් සටන් ශිල්පීන් නොනැසී රැකගෙන ආරක්ෂා කරමින් පවත්වාගෙන එන ලදී.

අංගම්පොර සඳහා වූ විදේශීය බලපෑම්


Angampora
සොලී ආක්‍රමණ, පෘතුගීසි ආගමනය වැනි අවස්ථාවලදී දස දහස් ගණනින් සටන් ශිල්පීන් මරා දමා ඇත. එපමණක් නොව පෘතුගීසීන් හා ඉංග්‍රීසීන් වැනි පරදේශක්කාර ආක්‍රමණිකයින් අංගම්මඩු, වෙහෙර විහාර, පොත්පත් ආදිය මහා පරිමාණයෙන් විනාශ කළ බවට ද සාක්ෂි ඇත. ඉංග්‍රීසීන් අංගම්මඩු ගැසට් නිවේදනයක් මගින් තහනම් කරන ලදී.

රහසිගතව සටන් ශිල්පය පවත්වාගෙන යාම
Angampora
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමෙන් පසුව පාරම්පරික රහස්‍ය ශිල්පයක් ලෙස  පවත්වාගෙන යාමට සටන් ශිල්පීන්ට සිදු විය. එමනිසා මෙය අප්‍රකට රහස් ශිල්පයක් බවට පත් වී තම පරම්පරාවට පමණක් උගන්වට තත්ත්වයට පත් විය. එපමණක් නොව, මෙම ශිල්පීය කුසලතා තවදුරටත් ආරක්ෂා කිරීම උදෙසා නර්තනය තුළට මෙම සටන් ශිලීපීය ලක්ෂණ බද්ධ කොට නර්තන අංග ලෙස පවත්වාගෙන එනු ලැබීය. එවාට උදාහරණ අදටත් නර්තනය තුළ දක්නට ලැබේ. වැදි නැටුම, සිංහ නැටුම, වලස් නැටුම, කොටි නැටුම වැනි නර්තන අංගවල අංගම්පොර සටන් ශීල්පීය ක්‍රමවේදයන් දක්නට ඇත.

තහනම් යුගයේදී පැමිණි වෙනත් සටන් ක්‍රම
Chinadi
ඉංග්‍රීසීන් මෙම ශිල්පය තහනම් කිරීමත් සමඟ රටේ සටන් ශිල්පීන්ගේ දැඩි නිහඬතාවයක් ඇතිවන්නට වීමත් සමඟ සටන් ශාස්ත්‍රයක් හැදෑරීමට අවශ්‍ය අයෙකුට සටන් ශිල්පයන් නොමැතිවීමේ රක්තකය තුළට වෙනත් සටන් ක්‍රම ආගමනය වීමට පටන් ගනී. මෙහිදී විශේෂයෙන් කොළඹ කොටුව ආශ්‍රිත ප්‍රදේශවල තිබූ දැඩි මිශ්‍ර සමාජ ක්‍රමය තුළට ඉතාමත් ලෙහෙසියෙන් විදේශීය සටන් ක්‍රමවල අනුගාමිකන් සංක්‍රමණය විය. එවැනි සටන් ක්‍රම ලෙස පහත ඒවා දැක්විය හැකි ය.

  • චීන චෙම්පූ
  • ඉන්දියාවේ මාත්තියාර් මිනිසුන්ගෙන් ලැබුණ මලයාලම් සටන් ක්‍රම
  • ඉහත දෙක එකත්‍රවී සෑදුණු චීන පුඩි හෙවත් චීනඩි සටන් ක්‍රමය
  • මලයාඩි නැතිනම් වත්මන සිලාට් නැමැති මැලේ සටන් ක්‍රමය
  • ඉන්දියාවේ සිලම්බාඩි හා කලරි පයාට්ටු සටන් ක්‍රම
  • නූතන කරාටේ, වූෂු, ටයිකොන්ඩෝ ප්‍රධාන චීන හා ජපන් සටන් ක්‍රම
අංගම්පොර ලෙස වෙනත් සටන් ක්‍රම ඉදිරිපත් වීම
Angampora
දඩුමස්නාමානය, අකාල සන්ධ්‍යා වැනි ටෙලි නිර්මාණ හරහා වර්තමාන සමාජයට මෙම අප්‍රකට ශිල්පය පිළිබඳව නැවත සිහිගැන්වීමක් සිදු කෙරේ. මේ නිසාම වත්මන් සමාජයේ තරුණ තරුණියන් මෙම ශිල්පය හැදෑරීමට දැඩි උනන්දුවක් දැකවීමට පටන් ගත්තේ ය. පවතින විවෘත්ත ආර්ථික ක්‍රමය හමුවේ මෙහි ඇති මුල්‍යමය වාසි දායක තත්වය තේරුම් ගත් ඇතැම් වෙනත් සටන් ශිල්පයන් (ඉහත සඳහන් කළ) හැදෑරූ ගුරුවරුන් තම සටන් ශිල්පය අංගම්පොර ලෙස ලෝකයාට පෙන්වමින් තැනින් තැන ව්‍යාජ අංගම්පොර පාසල් බිහිවූ අතර ඇතැමුන් ක්‍රීඩා අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ආදී ආයතනවලට ගොස් තමන් පාරම්පරික අංගම්පොර ශිල්‍පියෙක් ලෙස ලියාපදිංචි වීමද සිදු කළේ ය.

මෙසේ ලියාපදිංචි වූ ඔවුන් අද පවසන්නේ තමන් මෙසේ ලියාපදිංචි වීම නිසා තමන් අංගම්පොර සටන් ශිල්පියෙක් බවයි. එසේනම් ඔවුන්ගෙන් ඇසිය යුත්තේ එක් ප්‍රශ්නයක් පමණි. ක්‍රීඩා හෝ සංස්කෘතික අමාත්‍යාංශයේ කවුරු විසින් කෙදින කුමන අංගම්පොර කෙල පැමිණියෙක් ඉදිරියේ ඔහුගේ කලාව පරීක්ෂණයකට භාජනය කලාද යන්නයි. අංගම්පොර පිළිබඳව කිසිවක් නොදන්නා නිළධාරීන් දුන් සහතිකය අන්ධයන් සතර දෙනෙකු අලියා පිළිබඳව දුන් අර්ථකථනයට සමාන වේ. මෙකළ මුදල් විසි කරන්නේ නම් අමාත්‍යාංශයක ලියාපදිංචි වීම පමණක් නොව ගරු නම්බුනාම, ආචාර්ය පදවි ලබා ගත හැකි බව කාහටත් රහසක් නොවේ.

25 October 2011

කුරගල 1


උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

කුරගල

බෞද්ධාගමිකයන්ට මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ පුරාණයේ මෙහි රහතන් වහන්සේලා වැඩසිටි බවස සලකන නිසාවෙන් හා මෙහි ක්‍රි.පු. දෙවන ශතවර්ශයේදි බෞද්ධාරාමයක් පැවති නිසාවෙනි. එමෙන්ම මෙය බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියක් බව සදහන්වන බව සමහරු පවසති. බුදු රජානණ් වහන්සේ ලක්දිවට වැඩිය අවස්ථාවක, සමන් පව්වට වඩින අතරමග දිවා විහරණය කිරිම පිණිස මෙම ස්ථානයට පැමිණි බව සකලන නිසාවෙන් මෙමෙ ස්ථානය දිහා ගුහාව ලෙසද හැදින්වේ.
ඉට අමතරව මෙම කුරගල යනු සිංහල ජනවර්ගයේ ආරම්භක ජනවර්ගයක් ලෙසින් සමහරු සලකන යක්ශ ජනවර්ගයේ ප්‍රභල රජකෙනෙකු වන රාවණා රජුගේ ගිරිරාජධානි 7න් එකක් වන ඉන්ද්‍රගිරි රාජධානිය ලෙසද සලකයි. ක්‍රි.පු 1500ට පෙර ශ්‍රි ලංකාව පාලනය කල රාවණා රජුගේ ගිරිරාජධානි 7 මෙසේය2:

මහේන්ද්‍රගිරි රාජධානිය- රුහුණ
චන්ද්‍රගිරි රාජධානිය-සපරගමුව(වෙල්ලවත්ත)
ඉන්ද්‍රගිරි රාජධානිය-කුරගල
සිවගිරි රාජධානිය-සිගිරිය
හෙලගිරි රාජධානිය-දෙවුන්දර
මලයගිරි රාජධානිය-හන්තාන කන්ද, නුවර
මුල්ගිරි රාජධානිය-මුල්කිරිගල

එමෙන්ම රාමානයනට අනුව, රාවණා රජු සිතා දේවිය පැහැරගෙන ආ පසු, ඇය නැවත රැගෙන යාමට, රාමා කුමාරයා ලක්ශ්මන් හා හනුමන්තා සමග ලක්දිවට පැමිණ ඇත. (මෙසේ පැමිණි හනුමන්තා වෙනුවෙන් ඉදිකල කෝවිල හා ඒ අසලම ඇති සිතා අම්මාන් කොවිල ගැන මිට පෙර මා ලියා ඇත.)එහිදි ඇතිවි ගැටුමෙන් රාමා ජයගෙන සිතා දේවිය නැවත ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එම ගැටුමට, රාවණාගේ සොයුරා වි විභිශණ, රාමාට සහයෝගය දි ඇත. එම සහයෝගයට කලගුණ සැලකිමක් ලෙසින් ඉන්ද්‍රගිරි රාජධානිය රාමා විසින් විභිශණට ප්‍රධානය කර ඇති බව සදහන්ය.
තවත් කතාවක් වන්නේ වලගම්බා රජතුමා මෙහි සැගවි සිට සේනා රැස්කල ස්ථානයක් ලෙසයි.

මුහුදු මට්ටමෙන් අඩි 1000ක පමණ උසින් පිහිටි මෙයට පිවිසෙන්නේ ගල්පඩි පෙලක් තරණය කරමින් මුස්ලිම් ආගමිකයන් ඉදිකල තොරණක් යටින්ය. බෞද්ධ පසුබිමක් ඇති ස්ථානයක මුස්ලිම් තොරන් ඉදිවිම වෙනමම කතා කල යුත්තකි.


ගල්ගුහාවක ඇති විවරය නිසාවෙන් මෙම ස්ථානය ප්‍රථමයෙන් කුහරේ ගල ලෙසද පසුව කුරගල ලෙසින් හැදින්විමට පටන්ගෙන ඇති බව සදහන්ය.
කුරගල මුදුනේ සිට බලන විට ඇතින් දිස්වන දර්ශනය මනරම්ය.උඩවලවේ ජලාශය, උඩවලවේ වනෝද්‍යානයේ කොටසක් මෙන්ම බුදුගල ස්ථුපයද මනාව දිස්වේ.



මෙහි ගල් ගුහා 30-40ක් පමණ ඇති අතර ඉන් සමහරක කටාරම්ද කොටා ඇත.අතිතයේ මෙහි කලුගල් උලුවස්සක් තිබි ඇති අතර දැන් එය දක්නට නැත.

දැන් මුස්ලිම් ආගමිකයන්ට මෙහි ඇති වැදගත්කම බලමු. මොහමේදාන්(Mohammedan) නම් මුස්ලිම් ආගමේ ශාන්තුවරයෙක්ගේ සොහොන මෙහි ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙහි ඇති කුරගල පිහිටි ගුහාවෙන් ස්වර්ගයට යන මාර්ගය ඇති බවද ඔවුන් විශ්වාස කරයි. මුස්ලිම් භක්තිකයන් මෙය ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් හදුන්වයි. එසේ හදුන්වන්නේ ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු අල්ලා දෙවියන්ගේ මුනුපුරෙකු ලෙසද විශ්වාස කරයි.

"1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ."1

මෙහිදි භාරයක් වුවහොත් එක ඉශ්ඨ වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ජුලි හා අගෝස්තු මාසවලදි මෙම ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරි යයි.ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය වෙනුවෙන් 10,000-15,000ක් පමණ පිරිසක් පැමිනෙන බව සදහන්ය.

මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් හදුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති ඇති පුරාණ බෞද්ධ ස්ථානයක් මුස්ලිම් වුයේ කෙසේද? අප දන්නා පරිදි මුස්ලිම්වරුන් ශ්‍රි ලංකාවට පැමිනියේ වෙලදාම සදහාය, ඒ ක්‍රි.පු 2 ශතවර්ශයට බොහෝ කාලයකට පසුය.

"1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ."1

"මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය."1

නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.

කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.

දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ.


මෙම පුරාවිද්‍යා භුමියේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිම තහනම් බව සදහන් පුවරුව පිටුපස මෙන්ම ඒ අවට ඇති ඉදි කිරිම් දෙස බලන කල මතුවන ගැටලුව නම් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව අක්‍රිය කල බලවතා කවුද යන්නයි.
ඔහු ප්‍රභල බලවතෙකු බව සිතෙන්නේ මෙය කියවන විටදිය.

මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.
"
"නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත." 1

මානව හිමිකම් කොමිසමේ තිරණය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැදවා සාකච්ඡුාවක් පවත්වා තිබේ.

"දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර ..."1
පැය දෙකකට ආසන්න කාලයක් මුස්ලින් ආක්‍රමනිකයන් අල්ල ගත් බෞද්ධ ස්ථානයක් වු කුරගල සැරිසරා පෞරාණික ස්ථාන මෙන්ම මනරම් පරිසරයක සුවය වින්දෙමු. ගමන ආරම්භයේ සිය අවසානය දක්වා අපගේ මගපෙන්නවන්නන් ලෙස ගිය බලු මිතුරන් දෙදෙනා වෙනුවෙන් මාරි බිස්කට් සංග්‍රහයක් ලබාදි අය 11.15ට පමණ කුරගලින් පිටත් විමු. පිටත් වන මොහොතේ එක් බල්ලෙකු මා කෙරෙහි අමනාපයෙන් මෙන් අහල බලා සිටියේ වෙන්වන දුක නිසා නම් නොව උගේ ගොදුරක්වු අහිංසක වදුරු පැටිය, මා විසින් උට අහිමි කල නිසා විය යුතුය.


දුවිලි ඇල්ල



විනාඩි 30ක පමණ ගමනකින් පසුව දුවිලි ඇල්ලට පැමිණිමට හැකිවිය. ප්‍රවේශ ස්ථානයෙන් මුදල් ගෙවා ( වාහනයට රු.30ක් හා එක් අයෙකුට රු.10 (?)බැගින්) ප්‍රවේශ පත්‍ර මිලදි ගත යුතුය.

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
එක් රජ කුමරෙකු සතුරන් සමග යුද්ධයට යැමේදි ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාදයේවේ.අඩි 131ක් උස මෙය ආරම්භ වන්නේ වලවේ ගගෙනි.

වාහන නැවතුම් ස්ථානයේ වෙලද සැලක්, වැසිකිලි හා විවේක ස්ථානයක්ද වේ. කලින් ඇණවුම් කලේ නම් දිවා ආහාර මෙම වෙලද සැලෙන් මිලදි ගත හැකිය.
පඩිපෙලවල් හා අත්වැල් මනාව සකස් කර ඇත.ඒ ඔස්සේ පහලට පැමිණ, එක් ස්ථානයකින් (පඩි පෙලවල් අවසානයේ ඇති අඩි පාරේ හමුවන තුන්මන් හන්දියෙන්)වමට ගිය විට දිය ඇල්ලේ ඉහල කොටසේ, ගගට ලගා විය හැක. දකුණු පසින් දිය ඇල්ල මනාව දිස්වන ස්ථානයකට ලග විය හැක.
ඉහල කොටසේ ජල පහරින් මුහුණ පමණක් සෝදාගත්තේ ඉතා ප්‍රවේශමෙනි,ඒ මන්ද යත් එහි ඇති අනතුරුදායක තත්වය වටහාගත් නිසාවෙනි. මේ අවට වනාන්තරයද අලින්ගෙන් ගහන එකකි.
දිය ඇල්ලෙන් සමුගත් අය 12.45ට පමණ එතනින් පිටත් විය.

සමනල වැව


අප කලින් ගිය මාර්ගය ඔස්සේම නැවත පඹහින්නට පැමිණ බඹරකන්ද දිය ඇල්ල බලා යැම අපගේ අරමුණ විය.සමනල වැවේ සුන්දරත්වය මෙන්ම එහි අසාර්ථකත්වය කියාපාන වැවු බැම්මේ සිදුරෙන් පිටවන ජල කද(ලොකෙ ලොකුම ජලකාන්දුව?-රජවක සිය පඹහින්නට එක මාර්ගය, වලවේ ගග පසු කරන ස්ථානයට මෙම ජල කාන්දුව පැහැදිලිව දැකිය හැක. ) මෙන්ම ගල් පුරවා තලා සැදු මිටර් 530ක් දිග මිටර් 110ක් උස වේල්ලද දැක බලා අප සවස 2.30 පමණ වන විට බඹරකන්දට පැමිණියෙමි.
ලංකාවේ දෙවනියට විශාලතම ජලවිදුලි බලාගාරය වන සමනල වැව බලාගාරය නැරඹිමට නොහැකිවුයේ එය නැරඹුමට අවසර ලබාදෙන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් වන හෙයිනි.


බඹරකන්ද දිය ඇල්ල

මේ අපගේ චාරිකාවේ අවසාන නැරඹුම් ස්ථානයයි.ලංකාවේ උසම දිය ඇල්ල වුවද කුඩා ජල පහරක් පහලට ඇද හැලෙන්නේ මේ කාලයේ වර්ශාව මද නිසාවෙනි.වලවේ ගගේ අතු ගංහාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වන මෙහි උස අඩි අඩි 263කි.මෙම ස්ථානයට ගෝමලි කන්ද, බලතොදුව කන්ද, වංගෙඩිගල කන්ද ඉතා අලංකාරව දර්ශනයවේ.
වාහන නැවතුමේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ පයින් පැමිණ, අඩු පාරක් ඔස්සේ ගොස් කුඩා පාලමක් පසු කර පයිනස් වවා ඇති කන්දේ මදක් ගිය විට ඇල්ල පාමුලට පැමිණිය හැක.
ජායාරුපය: වංගෙඩිගල කන්ද

ලංකාවේ උසම මෙන්ම ලෝකයේ උසින් 299 ස්ථානයේ පවතින මෙම දිය ඇල්ලෙන් ස්නානය කිරිමට අප වාසනාවන්තයන් විමු. ඇග කිල්ලිපොලයන සිතලක් පැවතියද ගතට දැනෙන සුවය එය පරයන්නට සමත් විය.

රියදුරාගේ උපදෙස් නිසා අතර මගින් කැම නොගෙන, ඇල්ල අසල තැනකින් කැම ගැනිමේ අදහසින් ගිය අපට වුයේ බඩගින්නේම නා, ආපසු එනවිට සවස 4.30ට පමණ දහවල් ආහාරය ගැනිමටයි.
අවසානයේ රාත්‍රි 9.30 පමණ වන විට අප ගිය මාර්ගය ඔස්සේම, සම්පුර්ණ ගමනවු කිලෝමිටර් 462ක දුර සම්පුර්ණ කර නැවත කඩුවෙලට පැමිණිමට හැකි විය.

කූරගල


කූරගල බෞද්ධ නටබුන් ගැන සදහන් පුවරුවක්
“2009දී  කූරගල අයිතිය වෙනුවෙන් ඉතා පැහැදිලි තීන්දුවක් මානව හිමිකම් කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබියදීත් ඒ ගැන නොසලකා කූරගල අයිතිය පිළිබදව උරුමක්කාරයා සහ ආක්‍රමණිකයා අතර සමථයකට පැමිණීම සදහා පුරාවිද්‍යා කොමසාරිස්තුමා සාකච්චා කැදවන්නේ කාගේ උවමනාවකටද? යන්න විමසිය යුතුමය.”
“කූරගල” සම්බන්ධයෙන් වර්තමානයේ මතුවී ඇති තත්වය ඊට අදාළ පාර්ශවයන් හා සාකචිචා කර සමථයකට පත්කිරීම සදහා පුරාවිද්‍යා කොමසාරිස් විසින් විශේෂ සාකච්චාවක් මැයි මස 3 වනදා පෙරවරැ 9.30 ට එකී දෙපාර්තමෙන්තුවේදී කැදවා ඇති බව දැනගන්නට ඇත.
කූරගල චෛත්‍යයේ නටබුන්
“කූරගල” යනු ක්‍රි.පූ. 2 වන සියවසට අයත් බෞද්ධ නටබුන් සහිත බලංගොඩ නගරයේ සිට කි.මීටර් 21 පමණ දුරින් පිහිටි බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන සිව් මහා බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියකි. එම පුන්‍ය භූමිය අස්ගිරි මහා විහාර පාර්ශව‍ෙය් පූජ්‍ය දෙල්තොට චන්ද්‍රජෝති හිමිගේ භාරකාරත්වය යටතේ පාලනය වුවද, අද එහි දක්නට ඇත්තේ බෞද්ධ නටබුන් පරයා දින දින ඉදිවෙන ඉස්ලාම් ආකෘතීන්ය.(වැඩි විස්තර සදහා මෙහි දකුණු පස ඇති වීඩියෝ පටිය නරඹන්න)
ජනප්‍රවාදයේ එන පරිදි ගෞතම බුදුන්වහන්සේ විසින් දිවා විහරණය කිරීම සදහා උපයෝගී කරගත් කූරගල, පිහිටුවනු ලැබූ සිරි පතුල පසුකාලයේදී ආක්‍රමණිකයා විසින් කූරගල දෝනාව යටට පෙරලා වසන් කර ඇති බවට සාක්ෂි ඇත.
සෙනරත් පරණවිතාන ශූරීන් සොයාගන්නා ලද බ්‍රාහ්මී අක්ෂර සහිත සේල් ලිපි 3ක් මෙහි තිබූ අතර ඉන් 2ක්ම ආක්‍රමණික මුස්ලිම්වරුන් විසින් මේ වනවිටත් සහමුලින්ම විනාශ කර ඇත. ඉතිරිව ඇති එකම සෙල්ලිපියේ අර්ථයද විකෘති කර එමගින් කූරගලට ඇති අයිතිය විදහා දැක්වීමටද මුස්ලිම්වරුන් අද අසාර්ථක උත්සාහයක නිරත වෙමින් සිටී.
ඒ, එදා පරණවිතාන ශූරීන්ගේ කියවීම් වලට අනුව “දත්ත නම් මානවකයා විසින් රහතුන් වහන්සේලාට පුජා කරන ලද ලෙන” යන අරුත සහිත සෙල්ලිපියමය.
ඒ වෙනුවට ආක්‍රමණිකයා විසින් මෑතකදි අරබි බසින් කොටන ලද සෙල් ලිපි කීපයක් දක්නට ඇත. අක්ෂරයන්හී විකාශනයක් නොමැති අරාබි බසින් කෙටූ එම සෙල් ලිපිවලින් කාලය නිර්නය කල නොහැකි බැවින් ඒමත පිහිටා “කුරගලට” ඇති තම ඊනියා අයිතිය ඔප්පු කිරීමේ වෑයම හුදෙක් බොලද තර්කයක්ම වනු ඇත.
තවද. ඉතාමත් පහසුවෙන් නෙත ගැටෙන ස්ථානයන්හී ඇති මෙම අරබි සෙල්ලිපි පරණවිතාන ශූරීන්ගේ හෝ ඉන් පසුව මෙහි පුරාවිද්‍යා කැණීම් කල කිසිවෙකුට හමුනොවුනේ මන්ද යන්න පිළිබදවද බරපතල සැකයක් උපදී.
1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.
ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ.
කූරගල අද දක්නට ඇති ඉස්ලාම් සංකේත
කූරගල පුද බිම පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව සතු ස්ථානයක් බවට ප්‍රකාශ කල පසුව හා එබැවින් එහි කුමන හෝ ඉදිකිරීමක් නීති විරෝධී බව කියවෙන පුවරු තැන තැන සවිකිරීමෙන් පසුවත් ඉදිකෙරුනු ඉස්ලාම් ආගමික ගොඩනැගිලි බොහෝමයක් අද එහි දක්නට ඇත. ඉන් ප්‍රධාන තැනක් ගන්නා ගොඩනැගිල්ලක් සදහා මුල් ගල තබා ඇත්තේ 1999 අප්‍රියෙල් මාසයේදී එවකට පැවති රජයේ මුස්ලිම් ඇමතිවරයෙකු විසිනි.
මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින්  පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.
නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත.
2009දී  කූරගල අයිතිය වෙනුවෙන් ඉතා පැහැදිලි තීන්දුවක් මානව හිමිකම් කොමිසම මගින් ප්‍රකාශයට පත් කර තිබියදීත් ඒ ගැන නොසලකා කූරගල අයිතිය පිළිබදව උරුමක්කාරයා සහ ආක්‍රමණිකයා අතර සමථයකට පැමිණීම සදහා පුරාවිද්‍යා කොමසාරිස්තුමා සාකච්චා කැදවන්නේ කාගේ උවමනාවකටද? යන්න විමසිය යුතුමය.
බුද්ධගයාව බේරාගත්තේ අනගාරික ධර්මපාලතුමන් විසිනි. “කූරගල” බේරා ගැනීමටත් තවත් අනගාරික ධර්මපාල කෙනෙකු මේ සිංහලේ පහළ වනතුරු අපි උකටලීව බලා සිටිමුද?
ක්‍රි.පූ. 2 වන සියවසේ සිට පැවත එන බෞද්ධ උරුමයක් සුරැකීම සදහා පුරාවිදු කොමසාරිස්තුමා අනුගමනය කරන්නේ මෙවැනි බෙලහීන හා දියාරු ප්‍රතිපත්තියක් නම්, 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය පමණක් මහ ඉහලින් සැමරීමේ ප්‍රතිඵලයක්වේද?
එදා කිරින්ද අද මාවනැල්ලේ දෙවනගල, පොතුවිල් හි මුහුදු මහා විහාරය හා දීඝවාපිය බොදු පුදබිම් සම්බන්ධයෙන් මුස්ලිම්වරු අනුගමනය කලේත් කරන්නේත් මෙවැනිම තුච්ච ක්‍රියා පිලිවෙත්ය. ලබ්බට තැබූ අත පුහුලටත් තබා අවසානය. අපි තවදුරටත් බලා සිටිමුද?

බුදුගල සිරි පතුල් සලකුණ මගින් හෙළිවන කූරගල පුරාවෘත්තය

uploaded @ imgstr.com
කූරගල නොහොත් කුහරෙගල පර්වතය සපරගමු පළාතේ රත්නපුර දිස්‌ත්‍රික්‌කයේ මැද කෝරළයේ හෙළ උඩ පළාතේ පිහිටා තිබෙන්නකි. මෙම පර්වතය තරණය කොට එහි තිබෙන හිටුවන්ගල හෝ කුහරගල ශිඛර මතට නගින්නෙකුට ලංකාවේ තිබෙන රමණීයම දර්ශනයක්‌ දක්‌නට හැකිවෙයි. දුටු මතින්ම සිත් සතන් පොබයන බැවින් දුරාතීතයේ සිටම මේ ස්‌ථානයට ජනී ජනයා ඇලුම් කොට ඇත. කූරගලට පහළින් පෙනෙන්නේ සපරගමු බින්තැන්නයි. එය වත්මනෙහි කල්කොට ජනපද ව්‍යාපාරය ලෙසට හැඳින්වේ. එකම තැනිතලාවක්‌ ලෙසින් දිස්‌වන මේ බින්තැන්නේ තිබෙන ලොකු කුඩා වැව්ද පිළිවෙළකට එලා ඇති ලියෑදු සහ වන රොදවල් දකින්නෙකු ඉන් වශී වෙයි.
දහනව වන ශත වර්ෂය ආරම්භයේ දී මේ කූරගල පර්වතය අවට පිහිටා තිබුණේ වනගත ගම්මාන කීපයක්‌ පමණකි. කූරගල අසලම පිහිටියේ තන්ජමයි. දුරාතීතයේදී භික්‍ෂූන් වහන්සේලාගේ තපෝවනයක්‌ ව පැවැති මේ ලෙන් සංකීර්ණය වන ගහනයට මැදිව හුදකලා වූයේය. ඒ යටත් විජිත ග්‍රහණය නිසාවෙන් යයි සිතිය හැකිය.
මේ වන ගහනයට මැදිව හේන් ගොවිතැනෙන් යෑපුණු දුප්පත් ගොවි පවුල් කීපයක්‌ සිටි අතර කල්තොට බින්තැන්නේ කුඩා වැව් වලින් ජලය ගෙන ගොවිතැන් කරන සුළු පිරිසක්‌ද විය. මොවුහු අස්‌වනු කපා පාගා ගෙන අලුත් සහල් මංගල්‍යය සඳහා කිරි ආහාර පූජා කිරීමට පැමිණියේ කූරගල පර්වතයටයි. ඒ එහි හාස්‌කම් පවතින බැවිනි. මංගර දෙවියන්ගේ බැල්ම සහ සමන් දෙවියන්ගේ බැල්ම මෙහි පවතින්නේ යයි ගැමියන් තුළ විශ්වාසයක්‌ පවතී. කල්තොට මැද බැද්ද බදුගල වැලිපොතයාය ආදී ගම්මානවලින් පිටත්ව බුදුගල පුරාණ ආරාම සංකීර්ණයේ නටබුන් දැක බලාගෙන කුරගල පර්වතය තරණය කිරීම මේ ගම්මුන් ගේ සිරිත වූ බව කියති. අලි ඇතුන් ගේ වාස භූමියක්‌ව පැවැති නමුත් මේ වන්දනා සමූහයට එහිදී කිසි අනතුරක්‌ නොවුණු බව ගම්මුන් පවසන්නේ මේ දෙවියන් කෙරෙහි පැවැති විශ්වාසය නිසාවෙනි.
මේ වන්දනා පිරිස බුදුගල කන්ද නැග කූරගල පර්වතයට පිවිසෙන පඩිපෙළට අවතීර්ණ වෙති. පඩිපෙළ අවසාන වන්නේ ලුණු දිය පොකුණ ආසන්නයෙනි. එහි දියෙන් සැනහී පිරිසිදු වී මේ වන්දනා නඩ හිටුවන්ගල හා කූරගල තරණය කරති. ප්‍රථමයෙන් හමු වන්නේ දත්ත සුමන හා ලක්‍ෂ්මන් විසින් රහතුන් වහන්සේලාට පූජා කරන ලද කටාරම් කෙටූ ගල්ලෙන් කීපයයි. එහි පිහිටුවා තිබෙන සමාධි පිළිම වහන්සේ වැඳ පුදා ගෙන තමන් පැමිණි ප්‍රධාන කාර්යය වන අලුත් සහල් මංගල්‍යයට ලක ලෑස්‌ති වෙති.
කූරගල පර්වතයට තාණ්‌ඩුෙල්‍යය පබ්බතය යයි ව්‍යවහාර වන්නේ මේ සිරිත් විරිත් නිසාවෙනි. කුහරගල මුදුනේ පෙර තපස්‌ ඉසිවරුන් බවුන් වැඩූ තපස්‌ පිළයි. එයින් මතුවන කුහරය අවසන් වන්නේ ගල පාමුල තිබෙන ලංකා පබ්බතය නොහොත් ශොණ ගල් ගේට පිවිසෙන උමං මාර්ගයකට බව පැරණියෝ පවසති. නමුත් මේ කියන කාල වකවානුවේ දී එම උමඟ වැසී තිබුණි. වන්දනා නඩ හිටුවන්ගල මුදුනේ තිබූ ශ්‍රී පතුල් ලකුණ වැඳ පුදා ගෙන කිරි ආහාර පූජාව ද නිමා කොට ආපසු ගම් රටවල් බලා පිටත්ව ගියහ.
දහ අට වන සියවසේ ලන්දේසි පාලන සමයේදී 1716 වර්ෂයේදී කූරගල ඇතුළු තන්ජම ප්‍රදේශය වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජු විසින් තන්ජම මුදියන්සේට පරිපාලනය පිණිස පවරා දී තිබිණි. ඉංග්‍රීසීන් සිංහලේ රටවල් ගිවිසුමකින් පවරා ගත් පසු මේ නින්දගම් එම පරපුරේම මහවලතැන්න රටේ මහතාට 1816 ඔක්‌තෝබර් 07 වනදා සන්නසකින් පවරා දුන් බව සඳහන්ය.
මේ කාලයෙන් පසු රත්නපුර බදුල්ල මහා මාර්ගය ඉදිවී බළන්ගොඩ කඩමණ්‌ඩිය දියුණු වෙමින් පැවතුණි. වෙළෙඳ ව්‍යාපාර බලය මුස්‌ලිම්වරු අත්පත් කර ගෙන සිටියහ. දුම්කොළ නැට්‌ටට බුලත් විඩට පවා ගම්මුන්ගේ ඉඩ කඩම් මේ ව්‍යාපාරිකයන් ලබා ගත් බව සඳහන්ය. මේ අවදියේ මහවලතැන්න රටේ මහතා පදිංචිව සිටියේ මහවලතැන්න වලව්වේය. ඒ ඉංග්‍රීසි ආණ්‌ඩුවේ තානාන්තරයක්‌ දරමිනි.
නිතර නිතර රත්නපුර කච්ෙච්රියට යාම්ඊම් කළ යුතුව තිබූ අතර රටේ මහතා ගෙන් පසු දිසාපති වූ ඔහුගේ බෑනා වූ රත්වත්තේ දිශාවට බළන්ගොඩ නගරයෙන් ලැගුම් පළක්‌ අවශ්‍ය විය.
මරික්‌කාර් නම් මුස්‌ලිම් වෙළෙන්දකු සතුව තිබූ මනරම් භූමි භාගයක්‌ රත්වත්තේ දිශාවට ලබා ගැනීමට අවශ්‍ය විය. ඒ ඔහුගෙ අශ්ව ගාල තැනවීමටයි. මහවලතැන්න පරපුර සතුව පැවති තන්ජම නින්දගම ආශ්‍රිත ඉඩමකට හුවමාරු කොට බළන්ගොඩ කඩ මණ්‌ඩියේ ඉඩම ලබා ගන්නට දිශාවට හැකිවුණි. පසුකලෙක බළන්ගොඩ නගරයේ රත්වත්තේ වලව්ව ඉදිවන්නේ මේ භූමිභාගයේය.
මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය.
නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.
මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.
කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.
දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ. 1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ.
හිටුවන්ගල පතන හිටුවන්ගල වත්ත කූරගල පතන නම් ලත් අක්‌කර 33 පර්චස්‌ 23 ක්‌ වූ මේ ගල්ලෙන් සංකීර්ණය 1971 අගෝස්‌තු 11 දින පුරාවිද්‍යා රක්‍ෂිතයක්‌ ලෙසට ප්‍රකාශයට පත් කරන ලදී. ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් බ්‍රාහ්මී සෙල්ලිපි සහිත මෙම පූජ්‍ය ස්‌ථානය රහතුන් වහන්සේලා වැඩ සිටි තපෝ භූමියක්‌ වශයෙන් හඳුනාගන්නා ලද්දේ පූජ්‍ය විකිළියේ නාරද, පූජ්‍ය කිරිඇල්ලේ ඥාණවිමල යන නායක හිමිවරුන් ගේ අප්‍රතිහත ධෛර්ය නිසාවෙනි. චාර්ල්ස්‌ ගොඩකුඹුර පුරාවිද්‍යා කොමසාරිස්‌තුමා මෙම නිගමනයන් ස්‌ථිර කරන ලද්දේ වුවද මිථ්‍යා ඉතිහාසයකින් රැවටීමට පත් දේශපාලකයන් ගේ මැදිහත් වීම මත මෙහි අනවසර ඉදිකිරීම් දිගටම සිදුවුණි.
කූරගල බුදුගල ලංකා පබ්බතය සහ ගල්ටැම්යාය නමින් ආරාම සංකීර්ණ රාශියක්‌ දුරාතීතයේ සිටම මේ ප්‍රදේශයේ පිහිටා තිබිණි. පැරණි කුරුදියවල විහාරය වශයෙන් හඳුනා ගත හැක්‌කේ ගල්ටැම් යායයි. පලුගහවැවව නම් දැනට කැඩී ඇති වැව් බැම්ම හරහා කුරුදියවල විහාරයටත් එතනින් ගල් ඇතිරූ පාරක්‌ ඔස්‌සේ කූරගල දෙසටත් පාරක්‌ තිබූ බව පැරන්නෝ කියති. මේ කුරුදියවල විහාරය අනුරාධපුර යුගයේ ඉදිවූ පංචාවාස ආරාමයෙකි. ලංකා පබ්බතයේ වටිනා සෙල්ලිපි දෙකක්‌ පිහිටා තිබෙන අතර බුදුගල ආරාමයේ ද පධානඝර නොහොත් පියන්ගල් දක්‌නට ඇත. මේ සියලු සිද්ධස්‌ථාන ඉතිහාසයේ යුග ගණනාවකදී සංවර්ධනයට පත්ව කෝට්‌ටේ යුගයේදී එකම ආරාම සංකීර්ණයක්‌ බවට පත්වුණු ආකාරය අධ්‍යයනය කළ හැකිය. යුරෝපීයන්ගේ යටත් විජිත සමයේදී මේ ස්‌ථානය වනගත වන්නට ඇති බවද කල්පනා කළ හැකිය.
මෙම ආරාම සංකීර්ණයේ පැරණිතම ස්‌ථානය කූරගලයි. එහි තිබෙන සෙල් ලිපි ක්‍රි.පූ. දෙවනි සියවසට අයත් ලෙසට සලකන නමුත් බෞද්ධ සිද්ධස්‌ථානයක්‌ වශයෙන් එය ස්‌ථාපිතව ඇත්තේ බුදුන් වහන්සේගේ ලංකාගමනය සිදුවූ අවස්‌ථාවේදී බවට සාධක පවතී. බුදුන් වහන්සේ තෙවෙනි වර ලංකාවට වැඩිය ගමනේදී සමන් දෙවියන්ගේ ආරාධනය පරිදි සමන්ත කූඨ මස්‌තකයේ ශ්‍රී පාද ලාංඡනය පිහිටුවීම පිළිබඳව සඳහන් වන නමුත් ජන ප්‍රවාදයන්ට අනුව මහියංගණයට පැමිණීමට ද ප්‍රථම බුදුන් වහන්සේ මුහුදු යාත්‍රාවකින් ලංකාවේ වයඹ මුහුදු තීරයට වැඩම කොට ඇත්තල මක්‌කම නම් ස්‌ථානයේ ප්‍රථම ශ්‍රී පාද සටහන තබා ඇත. මෙය සිද්ධ වූයේ රාක්‌ෂ ගෝත්‍රිකයන්ගේ ආරාධනය පරිදි බව සඳහන්ය. ඒ අනුව ලංකාවේ ශ්‍රී පාද වන්දනාව ඇතිවූයේ යයි මතයෙකි.
කූරගල ද රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ වාස භවනයෙකි. ඔවුහු තෙරුවන් සරණ යැමෙන් පසුව එහි ගල්ලෙන් භාවනායෝගී රහතුන් වහන්සේලාට පූජා කොට ඇත. එසේම සිරිපතුල් ලාංඡනයක්‌ද එහි පිහිටුවා වැඳුම් පිදුම් කරන්නට ආරම්භ කොට ඇත. කූරගල ආශ්‍රිත ජන ප්‍රවාද ජන කවිවල සඳහන් වන ආකාරයට සමන් පව්වට බුදුන් වහන්සේ වැඩිය ගමනේදී දිවා විහරණය පිණිස කූරගලට වැඩම කොට ඇත. ඒ සමන් දෙවියන්ගේ ආරාධනයෙනි. එම නිසා මෙම ස්‌ථානය දිවා ගුහාව යනුවෙන්ද නමක්‌ දිනා තිබේ.
අනුරාධපුර යුගයේදී සංවර්ධනය වූ බුදුගල පියන් ගල් ආරාමයේ මෙම ජන ප්‍රවාද තහවුරු කරන සලකුණු කීපයක්‌ ඇත. ඉන් පළමුවැන්න එහි පහළ මළුවේ බෝධියට නුදුරින් ගල් කණුවක සටහන්ව තිබේ. සංඛයක හැඩය ගත් එහි එක රූපයක්‌ ගුවන් යානාවක හැඩයක්‌ ගනී. දෙවැන්නේ ඇත්තේ සිරිපතුල් ලකුණයි. තිස්‌ දෙකෙන් කියෑවෙන්නේ සිරිපතුල් දෙකක්‌ ඇති බවයි. තුන් වැන්න සවස්‌තිකයයි. එය රාක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ගෝරා පසලම නම් සංකේතයයි. පළමු සලකුණත් දෙවැන්නත් අතර තිබෙන රේඛා චිත්‍රය එක වරම හඳුනා ගන්නට බැරි වූවද කූරගල ජන කවි අතර ඇති එක්‌ කවියෙකින් එයට අවශ්‍ය අරුත දිය හැකි යයි සිතමි.
තාරක අසුරා පෙරළු ගල යට කෙටුව සිරිපද පත්ම සටහන සැමට නොපෙනේ යයි සඳහන් කවි පදය අනුව කුහර ගල උමං මාර්ගයේ දමා වසා ඇති සිරි පතුල මෙයින් සංකේතවත් වන්නේ යයි සිතමි. සටහනේ දක්‌වා ඇත්තේ ඒ උමං මාර්ගයයි.
සපරගමු බින්තැන්නේ සිට වන්දනාවට එක්‌වෙන ජන සමූහයා බුදුගල මේ සංකේතය දැක ශ්‍රද්ධා භක්‌තියෙන් පිරී ඉතිරී ගොස්‌ සාධු සාධු කියමින් කූරගල කරුණා කරන්නට ඇති බව කල්පනා කරන්නට හැකිය. ඒ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙන් හික්‌ම වූ සාධු පිළිවෙතයි. අන්‍යාගමිකයන්ගේ යකුළු පහරකට හෝ මිථ්‍යා මතවාදයකට එම හැදියාව වෙනස්‌ කළ නොහැකි බව ඉතිහාසය විසින් අපට පසක්‌ කොට දී තිබෙන බව අවසන් වශයෙන් සටහන් කළ යුතුව තිබේ.
මතුගම සෙනෙවිරුවන්
කූරගල ඓතිහාසික බෞද්ධ පුදබිම
බලංගොඩ නගරයේ සිට කල්තොට දක්වා දිවෙන මාර්ගයේ දාහතර (14) වැනි සැතපුම් කණුව පසුකරත්ම තන්ජන්තැන්න මංගර දේවාලයට ආසන්නව දකුණු දෙසට විහිදුන මාවතේ සැතපුම් භාගයක් පමණ ඉදිරියට ගිය පසු කූරගල ගල් තලාව හමුවේ. මෙම “කූරගල ගල‍්ලෙන් තපෝවන ආරණ්‍ය සේනාසනය” ශ්‍රී ලංකා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු රක්ෂිත භූමියකි. එමෙන්ම අතීතයේ විසූ බලංගොඩ මානවයාගේ නිජබිම වශයෙන් පැවති ගල්ලෙන් හා ගල් ගුහා ආශ්‍රිත වන ගත ප්‍රදේශයකි. මෙම ස්ථානය පොදුවේ කූරගල ලෙස හැඳින්වූවද මෙය පර්වත ශිඛර දෙකකින් සමන්විත අතර එය කූරගල හා හිටුවන්ගලයි. බලංගොඩ සානුව සීමාන්තරයේ මෙය පිහිටි අතර කූරගල වන පියස කඳුරට වියළි කලාපීය වෘක්ෂලතා කලාපයට අයත් වේ. එහෙත් තෙත් හා වියළි සංක්‍රාන්තීය කලාපයක අවසාන සීමාවේ මෙය පිහිටා ඇති බැවින් අවුරුද්දේ වැඩි කාලයක් වියළි දේශගුණයක් පවතින නිසා තද වියළි කර්කශ බවක් ගතට දැනේ. මෙහි වැඩී ඇති ශාඛ කඳුරට වියළි කලාපීය ශුෂ්ක දේශගුණයට ඔරොත්තු දෙන තද අරටුව සහිත ඒවාය. එනම් හොර, කීන, පළු, වීර, බුරුත, නැඳුන්, හල්මිල්ල, කැටකෑල්ල වැනි වටිනා වෘක්ෂලතා මෙන්ම කටු පඳුරු හා තෘණ තලා වර්ගයට අයත් අඩි 02 පමණ උස්වූ මානන් පඳුරුද බහුලව දක්නට ලැබේ. එසේම අරළු, බුළු, නෙල්ලි, ගම්මාලු, රසකිඳ, බිම්කොහොඹ වැනි වටිනා ඖෂධීය ශාක පැළෑටි හා වෘක්ෂලතා ද මේ කලාපයේ දුලභ නොවේ. බෙල්ලන්ගල වනරතන මේ වෘක්ෂලතාවන්ට ප්‍රසිද්ධය.
කූරගල පර්වතයේ සිට අවට නරඹන විට උඩවලව හා චන්ද්‍රිකා වැව ජල එකතුව මුහුදු සිතිජය ලෙස දිස්වේ. ගිණිකොණ දෙසින් බිඳුනු මංකඩ හා හම්බෙගමුව සුවිශාල වැව් දෙක දිස්වෙන අතර ඊසාන දෙසින් හපුතලේ කඳු පන්තිය හා කොස්ලන්ද සානුව දිස්වේ. හපුතලේ, ඇල්ල, වැල්ලවාය හා කොස්ලන්ද, බෙරගල මහා මාර්ගය දිගේ ඇති පහන් කණු ආලෝකයෙන් දිස්වෙන සුන්දර දර්ශනය නැරඹීමට බොහෝ අය ප්‍රියතාවයක් දක්වයි. එසේම මේ බිම මැදින් සුන්දරව ගලා යන වලවේ නදිය හා එහි අතු ගංඟා මේ ප්‍රදේශයේ ජීව නාලියයි. මේ හා සම්බන්ධ දිය ඉනි ඇල්ල හා දූවිලි ඇල්ල විනෝදකාමීන්ගේ නිවාඩු නිකේතන බවට පත්ව ඇත. මේ සුන්දර මනස්කාන්ත දර්ශනය ශ්‍රී ලංකා‍වේ ස්වාභාවික පරිසර නිර්මාණයේ අග්‍රගන්‍ය ඵලයකි.
ලක්දිව රත්නපුර, බලංගොඩ ප්‍රදේශයේ පිහිටි කූරගල කියන්නෙ ලක්වැසි බෞද්ධයන්ට ඉතාමත් වැදගත් තැනක්.මෙම කූරගල වන පියස බෞද්ධ ආගමික සිද්ධස්ථානයක්ද වේ. බෞද්ධ බැතිමතුන් එය බුදුන් වහන්සේගේ පාද ස්පර්ශය ලත් පුන්‍ය භූමියක් වශයෙන් සලකා වන්දනාමාන කරනු ලැබේ. ගෞතම බුදුන් වැඩි දිවාගුහාවද මෙම කූරගල යැයි ඇතැමෙක් පවසති.
ඉතිහාසයේ විවිධ අවස්ථාවන් වලදී කූරගල ගැන අහන්න ලැබෙනවා. විටෙක එය රාවන රජ්ජුරුවන්ගේ ඉන්ද්‍රගිරි පර්වතය ලෙස හැඳින්වෙනවා. වළගම්බා රජ සමයේ රාජ්‍ය පැහැරගත් ආක්‍රමණිකයන්ට විරුද්ධව වළගම්බා රජු කලක් කූරගලදී සේනා රැස් කළේලු.  වසර දහස් ගණනක් ඈත අතීතයේ අසුර නායකයන් විසූ අසුර රාජධානියක් කූරගල විය. එමෙන්ම ගෞතම බුදුන් වැඩි දිවාගුහාවද මෙම කූරගල යැයි ඇතැමෙක් පවසති.
ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතයරාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දිය‍ාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්‍රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ‍ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ‍ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ‍ෙඑතිහාසික නස්ඨාව‍ශේෂ දැකබලාගත හැකිය.
එහෙත් වර්තමානයේ මෙම පුදබිම මුස්ලිම් ලබ්ධිකයන් විසින් ආක්‍රමණය කර ඇති අයුරු ඉතාම කණගාටුදයකය. (අද වන විට එය නිදහස් කර ගැනීමට කටයුතු කර ඇත.)
කූරගල නැමැති බෞද්ධයන්ගේ ඓතිහාසික පුදබිමට රිංගා ගෙන පුරාන නෂ්ටවශේෂ නසමින් කූරගල මුස්ලිම් කොළනියක් කිරිමට අර ඇන්ද ඉස්ලාම් අන්තවාදින්ට එතනින් ඉවත් වෙන්නැයි යන නීතිමය අණ නිකුත් වී බොහෝ කාලයකි. ඒත් ඔවුන් ගියේ නැත.ඓතිහාසික කූරගල බෞද්ධ පුදබිම තුළ නීත්‍යානුකූල නොවන ලෙස අනවසරයෙන් මුස්ලිම් ආක‍්‍රමණික පිරිස් විසින් ඉදිකර ඇති ගොඩනැ`ගිලි හා මුස්ලිම් පල්ලි ඉවත් කර ගන්නා ලෙසට පූජ්‍ය කොළොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් විසින් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ‍්‍රී ලංකා මානව හිමිකම් කොමිසම 2009 ජනවාරී 29  දින ලබාදුන් තීන්දුව අනුව කටයුතු කිරීමට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා අසමත් විය.
මෙම තීන්දුව අනුව කූරගල ආක‍්‍රමණය පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධ ජනතාවගේද මූලික අයිතින් අහෝසි කිරීමක් බවට පැහැදිලි තීන්දුවක් මානව හිමිකම් කොමිසම විසින් ප‍්‍රකාශයට පත් කර තිබේ. එම තීන්දුව ක‍්‍රියාත්මක කිරීම පසෙක තබා පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැ`දවා සාම සාකච්ඡුාවක් පවත්වා තිබේ. පැහැදිලි තීන්දුවක් තිබියදී එය අධිකරණය වෙත ඉදිරිපත්කර එම තීන්දුව ක‍්‍රියාත්මක කරනවා වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් වරයා සාමසාකච්ඡුා පවත්වන්නේ කාගේ උවමනාවටද යන සැකය බොදු ජනතාව තුළ ඇති වී තිබේ.පසුගිය සතියේ මුස්ලිම් කණඩායමක් සාකච්ඡුා මේසයට ආවේ යන්ඩ නොවේ. අපි දෙගොල්ලම මෙතන වන්දනාමාන කරමු යන වංචනික අදහස ඉදිරිපත් කිරිමේ අරමුණ ඇතිවයි. ආගමික සහජිවනය යන මාතෘකාව යටතේ රටෙ කෙරෙන්නේ මේකයි. බෞද්ධයාව මුලාකරන අන්‍යාගමිකයෝ තමන්ගේ වැඬේ කරගනිති.
මෙම සාකච්ඡුාවට පූජ්‍ය කොළොන්නේ සිරිශාන්ත හිමි ඇතුළු බෞද්ධ සංවිධාන කිහිපයක නියෝජිතයින්ද (මානව හිමිකම් පෙත්සම් පැමිණිලි පාර්ශවය* මුස්ලිම් ආක‍්‍රමණිකයන් වෙනුවෙන් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අලෙවි මව්ලානා, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඒ.එච්.එම්. අශ්වර්, මියගිය අමාත්‍ය අබුසාලි මහතාගේ දියණිය ඇතුළු නියෝජිත පිරිසක්ද සහභාගි වී ඇත.
යුදාගම බිහිවී ඇත්්තේ යුද්ධයෙනි. මෝසස් යටතේ මිසරයෙන් පිටවු ඊශ‍්‍රායල්වරු දේශයක් ගොඩනගා ගන්ඩ දේශයක් යටත් කරපු හැටි බයිබලයේ විස්තරව ඇත.  යුද්ධකර  රටවල් යටත් කිරිම පිළිබඳ දිගු ඉතිහාසයෙන් ක‍්‍රිස්තියානි හා ඉස්ලාම් ආගම් දෙකම පොහොසත්ය.   මෙම ආගම් දෙක මුල්වී යුද්ධකර විනාශකරන ලද මනුෂ්‍යයන්ගේ ප‍්‍රමාණය ගණන් බිලියන ගණනකිි. අනි්තමට ලොව බලවතුන් වු මෙම ආගම් දෙක ගැටෙන්ට වුනි. කුරුස යුද්ධය එහි අවස්ථාවකි.  තවමත් ලොව පුරාම ඉස්ලාම් ක‍්‍රිස්තියානි යුද්ධය සිදුවේ. එය තැනක විවෘතවම සිදුවේ. තව තැනක ශිතල යුද්ධයකි.
බෞද්ධයන් ආගම පැතිරවිම සඳහා යුද්ධකර නැත.  බෞද්ධයෝ ආගමික ආක‍්‍රමණ නමින් දෙයක් නොදනිති. නොකරති. නොසිතති. එහෙත් බෞද්යන් බුදුසසුන හා බෞද්ධ සිද්ධස්ථාන නොයෙකුත් විදිහට ආක‍්‍රමණය කෙරේ. කූරගල ප‍්‍රසිද්ධ සිද්ධියකි. ප‍්‍රසිද්ධ නැති සිද්ධි රාශියකි.
කූරගල බොද්ධාරාමය පිළිබදව තවදුරටත්
බලංගොඩ සිට කල්තොට මාර්ගයේ කි.මි. 21 පැමිණි තැන තංජන්තැන්න හමුවේ. තංජන්තැන්න පාසල ඉදිරයෙන් දකුණු දෙසට කි.මි. 1 ½ ක් පමණ ගිය තැන කුරගල කන්ද පාමුලට ළගා විය හැක. කූරගල මුහුදු මට්ටමේ සිට අඩි 1000 ක් පමණ ඉහලින් පිහිටි උස ගල් සිඛර කීපයකින් සැදුම්ලත් සුන්දර ස්ථානයකි. කදු ශිඛරයද රත්නපුර දිස්ත්‍රික්කය තුල සංචාරය කරනා අය හට තරණය කළ හැකි අති රමණීය පාරිසරික හා ඓතිහාසික වැදගත් කමින් යුතු ස්ථානයකි.
ජන ප්‍රවාදයේ එන පරිදි රාවනා රජු හට කදු ශිඛරයන්හි ගොඩනගන ලද ගිරි රාජ්‍යය 7 ක් තිබුනේ යැයි විශ්වාසයක් පවතී. එම රාජ්‍ය අතරම වර්ථමාන කූරගල ද අයත් ව පැවති බව කියවේ. එය නමින් “ඉන්ද්‍රාගිරි රාජ්‍ය” ලෙසින් ප්‍රචලිතය.
රාවනා රජු ඉන්දියාවේ සීතා කුමාරිය පැහැරගෙන ඒමත් ඇය සොයාගෙන රාමකුමරු ලක්ෂ්මන් හා හනුමන්තා ඇතුළු පිරිසක් ශ්‍රී ලංකාවට පැමිණි බවත් වාල්මිකීගේ රාමායනයේ එන අපූරු කතා වස්තුවකි. මෙම රාම රාවනා යුද්ධයේදී රාවනාගේ අධර්මිෂ්ඨ කුරිරු පාලනය නොරිස්සූ ඔහුගේ මලනුවන් වූ විශීෂන රාමට උදව් කළ බව රාමායනයේ එයි. රාම විසින් රාවනා පරාජය කොට සීතාත් සමඟ යිලි ඉන්දිය‍ාවට යන විට වර්ථමාන කූරගල හෙවත් එවකට ඉන්ද්‍රාගිරි රාජ්‍යය තමන්ට ලබාදුන් උපකාරයන්ට කෘත ගුණ සැලකීමක් වශයෙන් විභීෂනට ප්‍රදානය කළ බවත් සඳහන් වේ. දිවයිනේ දසත විසිරී ඇති ගල්ලෙන් පිහිටි භූමි හා සම්බන්ධව වලගම්බා රජුගේ නාමය ප්‍රචලිතය. කූරගල කන්දේද වලගම්බා රජු සැග වි සිට සේනා සංවිධානය කළ බව ඉතිහාසයේ සඳහන් වේ.
මේ කෙසේ වෙතත් කූරගල ඈත අතීතයෙට උරුම කම් කියන බව නම් සක්සුදක් සේ විශ්වාසය. මෙම ඓතිහාසික වැදගත්කම හේතුවෙන් කූරගල වර්ථමානයේ පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ප්‍රකාශයට පත්කර ඇත. මෙම ස්ථානයට කූරගල යන නාමය පටබැදීමද කුහර සිහිත උමං ගුහාව ‍ෙහ්තු වී ඇත. මෙහි අදුරු ගල් ගුහාව ‍ෙකළවර බාහිරට විවර වන කුහරයකි. මෙම කුහරය හේතුවෙන් මෙම ස්ථානයට “කුහරගල” ලෙසින් ගැමියන් අතර ව්‍යවහරිකව පැවත ඇත. මෙම නාමය පසුව කූරගල වූවේ යයිද විශ්වාස කරති. මෙම කූරගල පිහිටි භූමියේ නටඹුන් වි ගිය අඩි 10 ක් පමණ උසින් යුත් ගඩොලින් නිමවා ඇති චෛත්‍ය මෙන්ම එම ස්ථානයට වයඹ දෙසින් පිහිටි ගිරි හිසක් මතදී නටඹුන් වූ ‍ෙඑතිහාසික නස්ඨාව‍ශේෂ දැකබලාගත හැකිය.
දැනට මෙම භූමි සීම‍ාව තුල ස්වභාවික ගල් ලෙන් 30-40 ක් පමණ පිහිටා ඇත. ඉන් කීපයක් කටාරම් කොටා ඇත. නැව්ගල පාමුල ඇති විශාල ගල් ලෙනේ කටාරමට මදක් පහලින් නාග ලකුණක් ඇත. විශාල ගල්ලෙනක් වන මෙහි අවහිරයකින් තොරව මිනිසුන් 2000-3000 කට පමණ විසිය හැකිය. මීට වසර 50 ක් පමණ ඉහත මේ ආශ්‍රතව විශාල කලුගල් උලුවස්සසක්ද තිබී ඇතත් වර්ථමාන යේ එවැන්නක් දැක ගැනීමට නොමැත. මේ සියළු කාරනා හමුවේ එළඹිය හැකි නිගමනය නම් මෙම ස්ථානය අතීතයේ සශ්‍රීක බෞද්ධ පුදබිමක්ව පැවති බවය. මේ පිළිබඳව තතුදත් පිරිස් පෙන්වා දෙන පරිදි අතීතයේ මෙහි රහතන් වහන්සේලා වාසය කර ඇත.
කූරගල කදුවැටිය පිළිබඳව ඇති ඓතිහාසික වැදගත් කමට නොදෙවෙනි මට්ටමකින් ඒ හා බැදුණු පාරිසරික අගයද කැපී පෙනෙයි. කූරගල කන්දේ සිට අවට බැලූ විට පෙනෙන දර්ශනය ඉතාමත් සුන්දරය. කදු මුදුනේ සිට දකුණු දෙසින් පෙනෙන කල්තොට, වැලිපොතයාය, මැදබැද්ද යන ප්‍රදේශ මෙන්ම ඊට ඈතින් පෙනෙන හම්බෙගමුව ප්‍රදේශයද උඩවලව වනෝද්‍යානයේ උතුරු ප්‍රදේශය හා උඩවලව ජලාශයද නෙතට රසදුනකි. කන්ද පාමුල රූස්ස ගස්වලින් වැසනු වන ගොල්ලෑව අතරින් කිරි බුබුලක් ලෙසින් පෙනෙන වැලි පොත යාය සමීපයේ පිහිටි බුදුගල චෛත්‍ය ඈත සිට බලන්නෙකුට වුවද පහන් සිතක් පහල කිරීමට තරම් සමත් වෙයි. පහලින් පෙනෙන බුදුගල හා කූරගල අතර අතීත සම්බන්ධතාවයක් තිබී ඇත. අතතීතයේ කල්තොට රාජධානිය පැවති යුගයේදී පරසතුරු ආක්‍රමන අවස්ථාවන් හිදී බුදුගල සිට කූරගලට රහස් වන මගක් ඔස්සේ පිරිස පැමිණ දිවි ගලවාගෙන ඇත. සමහරුන් විශ්වාස කරන පරිදි කූරගල කන්දේ සිට බුදුලගලට රහස් උමගක්ද තිබී ඇත. කූරගල කන්ද හා සම්බන්ධයෙන් බෞද්ධ සංස්කෘතික පසුබිමක් පැවතියද එහි වර්ථමාන අධිකාරිතවය මුස්ලිම් ආගමිකයන් සතුව පවතී. ඔවුහු මෙම ස්ථානයට ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් ව්‍යවහාර කරනු ලබති. මෙයට පසුබිම් වූ සිද්ධියක් ලෙස ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කිරීම ඔවුහු පෙන්වා දෙති. බැගිඩෑන් නුවර සිට මෙහි පැමිණි ඔහු අල්ලා දෙවියන්ගේ මුණුපුරෙකු ලෙසින්ද මුස්ලිම් ආගමිකයෝ විශ්වාස කරති. කූරගල පිහිටි උමං ගුහාව අල්ලා දෙවියන් ස්වර්ගයට ගිය ස්ථානයය. ඔවුහු අතර විශ්වාසයක් පවතී. මෙහි පැමිණ මුස්ලිම් ජාතිකයෝ තමන් මොහිදී භාරයක් වුවහොත් එය අනිවාර්යයෙන්ම ඉස්ඨ සිද්ධ වන බව තරයේ විශ්වාස කරති. සෑම වසරකම ජූලි මාසයේ සහ අගෝස්තු මාසයෙහි මේ ස්ථානය මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරී ඉතිරී යනුයේ ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය හේත කොටගෙනය. අගොස්තු මස උත්සවයට දිවයිනේ නන්දෙසින් මුස්ලිම් ජාතිකයෝ 10,000, – 15,000 පමණ ප්‍රමාණයක් පැමිණෙති. කූරගල කන්ද සීමාව සහ සම්බන්ධව ආගමික ඓතිහාසික වැදගත්කම හා සමානම අගයකින් මෙහි ජෛව විද්‍යාත්මක පාරිසරික අගයද ඉහල මට්ටමක පවතී. කූරගල කන්දේ තුරු ගොමුව එහි පහත් ප්‍රදේශ වල දිය සීරාව හා එම ප්‍රදේශයනහි ගලා යන දිය දහරාවන් හී පැවැත්මට බෙහෙවින්ම ඉවහල් වේ. වැසි සමයේ කූරගල හරිත වර්ණයෙන් වැසී ගත් තුරුලිය හා පවිත්‍ර ජල ධාරාවන්ගෙන් පෝෂිත වූවද ජුනි – අගෝස්තු අතර වියලි කාලයන්හි කදුවැටිය වියලි කර්කෂ පොලවකට හා හේඩැලි වී ගිය ගස්වැල් වලට සීම‍ා වේ. මෙම ක‍ාලයට මෙහි සිත් සසල කරවන සුළු පරිසර හානිකර ක්‍රියා දැක ගත හැකිය. ඉවක් බවක් නොමැතිව සිදු කරන වනාන්තර ගිනිතැබීම් හා ඒ අතුරින් ප්‍රමුඛස්ථානයක් ගනී.
කූරගල කන්දේ අතිතයේ වන සතුන්ට හොද නිවහනක් වී ඇත. වල් හරකුන්, මුවන්, ගොනුන් පමණක් නොව අලි ඇතුන්ද මෙහි වාසය කර ඇත. වර්ථමානයේ මෙහි මෙම සතුන් දැක ගැනීම අතිශය දුර්ලභ අතර වැලිමුවෝ, හාවන්, ඉත්තෑවන් වැනි සත්ව විශේෂ මෙහි සිටින බව වාර්ථා වේ. කදු සීමව තුල දැක ගත හැකි ගස් වර්ග අතර බුරුත, කෝන් දැවිලෝලු, කොහොඔ, තෙළඹු, කර යනාදි ගස් ප්‍රමුඛ වේ. වනාන්තර එලි පෙහෙලි වී ගිය තැන් වල සරුවට වැඩී ඇති ඉලුක් පදුරු මෙහි බහුලව දැක ගත හැක. රාවනාගේ “ඉන්ද්‍රාගිරි” රාජ්‍ය හෙවත් කූරගල ඓතිහාසික හා පාරිසරික අගයෙන් අනූන වැදගත් ස්ථානයකි. පරිසිරය, වනජීවීන් මෙන්ම අපගේ ඓතිහාසික උරුමයන් පිළිබඳව උනන්දු වන්නන්ගේ ගවේෂණය සඳහා ඉතාමත් සුදුසු භූමියක් ලෙස මෙම ස්ථානය පෙන්වා දිය හැක.

අපේ බොදු උරුමයක් වන කූරගල පුද බිම ආක්‍රමණික මුස්ලිම් ත්‍රස්ථවාදයෙන් ගලවා ගැනීමේ සටන තීරනාත්මක පසුබිමක

දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර බොදු ජනතාව වෙනුවෙන් ජාතික උරුමයන් සුරකීමේ සංවිධානය වෙනුවෙන් අති පූජනීය කොලොන්නෙ සිරි ශාන්ත විජය හිමිගේ මූලිකත්වයෙන් එහිමි ඇතුලු ගිහි පැවිදි පිරිසක් ද,සමස්ත ලංකා බොදුජය සංවිධානය වෙනුවෙන් පූජ්‍ය අගුලුගල්ලේ සිරි ජිනානන්ද හිමියන් ද,සිංහල රාවය සංවිධානය වෙනුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අක්මීමණ දයාරතන හිමි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමි ඇතුලු පිරිසක් ද,ජාතික සංඝ සම්මේලනය,කල්‍යාණ ධර්ම පෙරමුණ ඇතුලු බොදු නියෝජිතයන්ගේ ද නීතීඤ නිශ්ෂංක මහතා ගේ ද සහභාගීත්වයෙන් පැවත්වින.
මුස්ලිම් ආක්‍රමිණකයන් වෙනුවෙන් අබුසාලි දියණිය ද,ආණ්ඩුකාර අලෙවි මවුලානා තුමන් ද,හිටපු ඇමති අස්වර් ද තවත් පිරිසක් සහභාගි විය.
ශාන්ත විජය ස්වාමීන් වහන්සේගේ දක්ෂ මෙහෙයවීම නිසා 2006 වසරේ චන්ද්‍රිකා බන්ඩාරනායක ජනපතිනිය පත් කරන ලද ජනාධිපති කොමිසන් සභා වාර්ථාව අනුව කටයුතු කළ යුතුබව සංස්කෘති ක ඇමතිවරයාට අවබෝධ කරවීමට හැකිවිය.
තවද බොදු පාර්ශවයේ කරුණු දැක්වීම හමුවෙ මුස්ලිම් පිරිස නිරුත්තර විය.එම අවස්ථාවේ ඡායාරූප කීපයක් පහත පළවෙ.
මෙය නරබන ඔබ ආක්‍රමනය වන ‍අපේ බොදු උරුමයන් පිළිබද තම හිතවත් බොදු ජනතාව දැනුවත් කරන්න.එවැනි තොරතුරු ඇත්නම් අපගේ bodujayasl@gmail.com වෙත E-mail කරන්න.
ශර්මිලා අබුසාලි මය,ආණ්ඩුකාර අලෙවි මවුලානා මහතා
පූජ්‍ය කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි මුලාසනයෙහි සිටින සංස්කෘතික ඇති වරයාට කරුනු පහදමින්
හිටපු ඇමති අස්වර් මහතා
(බොදුජය)