23 July 2011

මහාවංශය

අපේ ඉතිහාසයේ කරුනු ලියවුනු අපි කවුරුත් දන්න මහාවංශය ගැන විස්තර ටිකක් ලියන්න හිතුනා...

මේ මහාවංශය කවුරුන් විසින් කුමන කාල වකවානුවල, කුමන කාල පරිච්චේදයන් හිදී ලිව්වේද යන්න තවමත් නොදන්න අය ඇතිනේ...ඒ නිසා මහානාම හිමියන් විසින් ආරම්හ කරන ලද මේ කෘතිය කුමන ආකාරයෙන් ලියවී ඇද්ද කියා දැන ගැනීම ගොඩක් අයට වැද ගත් වේ යැයි සිතුනා...



                             මේ ඒ කාල කාල පරිච්චේදයන්ය....


                                


සිංහල මහා වංශය නාමයෙන හදුන්වන්නේ සිංහලයේ ආදීතමයා යයි වැඩි දෙනෙකුන් පිලිගන්නා විජය රජුගෙන් ආරම්භ වන මහා සම්මත රාජ වංශයේ කථා පුවතයි. මහාවංශය යන වචනයේ අර්ථය උත්තම පරම්පරාව යන්නයි.




01) ක්‍රි.පූ. 543 විජය රජුගේ පටන් ක්‍රි.ව. 302 මහාසේන රජු වන තෙක් වූ වසර 845 ක කාල පරිච්ඡේදය, පරිච්ඡේද 37 කින් යුක්තකොට සංගෘහිත කොටස මහාවංශය නමින් පිළිගැනෙයි.




02) ක්‍රි.ව. 302 කිත්සිරිමෙවන් රජුගෙන් ආරම්භව ක්‍රි.ව. 1186, I වන පරාක්‍රමබාහු රජු අවසක් කොට ඇති වසර 884 දක්වා කාල පරිච්ඡේද 42 කින් සංගෘහිත කොටස චූල වංශය වශයෙන් පිළිගැනෙයි.




03) ක්‍රි.ව. 1186, II වන විජයබාහු මහ රජුගේ පටන් 1357, V වන පරාක්‍රමබාහු රජු අවසන් කොට ඇති වසර 171 ක කාලය පරිච්ඡේද 09 කින් සංගෘහිත කොටස ඊළඟ කොටස ලෙස පිළිගැනෙයි.




04) ක්‍රි.ව. 1357 III වන වික්‍රමබාහු රජුගේ පටන් 1798 ශ්‍රි වික්‍රම රාජසිංහ රජු දක්වා ගැනෙන වසර 441 කාලය පරිච්ඡේද 11 කින් සංගෘහිත කොටස ඊළඟ කොටස වශයෙන් පිළිගැනෙයි 




05) ක්‍රි.ව 1798 න් ආරම්භව 1935 න් අවසන් වන සේ සංගෘහිත කොටස, ඊළඟ කොටසට වේ.




06) 1935 සිට 1979 දක්වා ආචාර්ය නන්දදේව විජේසේකර වියතුන්ගේ ප්‍රධාන කතෘත්වයෙන් ලියවී ඇති කොටස නූතනම කොටස වශයෙන් පිලිගැනෙති.



මෙසේ මහාවංශ චූලවංශ වශයෙන් දැක්වුනද සාමාන්‍ය ව්‍යවහාරයෙහි පවතින්නේ මේ සියල්ල මහා වංශය යන නමිනි.
මෙයට අමතරව ඩී.එච්.ඇස්. අභයරත්න මහතා විසින් විජය රජුගේ පටන් එංගලන්තෙයේ V වන ජෝර්ජ් රාජ සමය දක්වා ලිඛිත මහා වංශයක් ද පළ වී ඇත.


උපුටා ගැනීම මහාවංශයෙනි

No comments:

Post a Comment