25 October 2011

කුරගල 1


උදැසන, 7ට පමණ බලංගොඩ රෙසිට් ඉන් වෙතින් පිටත් වුයේ දෙවන දිනයේ ප්‍රථම නැරඹුම් ස්ථානය වු කුරගල බලාය. බලංගොඩ සිට කුරගලට වු කිලෝමිටර් 22, කල්තොට මාර්ගය ඔස්සේ යැමට සාමාන්‍යයෙන් ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවද, රියදුරා කල්තොට මාර්ගය වෙනුවට බෙලිහුල් ඔය දෙසට යැම නිසා,පඹහින්නෙන් හැරි උදැසන ආහාරයද ගෙන සමනල වැව මාර්ගය ඔස්සේ රජවකට පැමිණ කුරගලට පැමිණන විට උදැසන 9.30 පමණ වි තිබිනි.

කුරගල

බෞද්ධාගමිකයන්ට මෙය වැදගත් ස්ථානයක් ලෙස සැලකෙන්නේ පුරාණයේ මෙහි රහතන් වහන්සේලා වැඩසිටි බවස සලකන නිසාවෙන් හා මෙහි ක්‍රි.පු. දෙවන ශතවර්ශයේදි බෞද්ධාරාමයක් පැවති නිසාවෙනි. එමෙන්ම මෙය බෞද්ධ මූලාශ්‍රවලට අනුව කකුසද, කෝනාගම, කස්සප හා ගෞතම යන බුදුවරයින්ගේ ශ්‍රී පාද ස්පර්ශය ලද පුන්‍ය භූමියක් බව සදහන්වන බව සමහරු පවසති. බුදු රජානණ් වහන්සේ ලක්දිවට වැඩිය අවස්ථාවක, සමන් පව්වට වඩින අතරමග දිවා විහරණය කිරිම පිණිස මෙම ස්ථානයට පැමිණි බව සකලන නිසාවෙන් මෙමෙ ස්ථානය දිහා ගුහාව ලෙසද හැදින්වේ.
ඉට අමතරව මෙම කුරගල යනු සිංහල ජනවර්ගයේ ආරම්භක ජනවර්ගයක් ලෙසින් සමහරු සලකන යක්ශ ජනවර්ගයේ ප්‍රභල රජකෙනෙකු වන රාවණා රජුගේ ගිරිරාජධානි 7න් එකක් වන ඉන්ද්‍රගිරි රාජධානිය ලෙසද සලකයි. ක්‍රි.පු 1500ට පෙර ශ්‍රි ලංකාව පාලනය කල රාවණා රජුගේ ගිරිරාජධානි 7 මෙසේය2:

මහේන්ද්‍රගිරි රාජධානිය- රුහුණ
චන්ද්‍රගිරි රාජධානිය-සපරගමුව(වෙල්ලවත්ත)
ඉන්ද්‍රගිරි රාජධානිය-කුරගල
සිවගිරි රාජධානිය-සිගිරිය
හෙලගිරි රාජධානිය-දෙවුන්දර
මලයගිරි රාජධානිය-හන්තාන කන්ද, නුවර
මුල්ගිරි රාජධානිය-මුල්කිරිගල

එමෙන්ම රාමානයනට අනුව, රාවණා රජු සිතා දේවිය පැහැරගෙන ආ පසු, ඇය නැවත රැගෙන යාමට, රාමා කුමාරයා ලක්ශ්මන් හා හනුමන්තා සමග ලක්දිවට පැමිණ ඇත. (මෙසේ පැමිණි හනුමන්තා වෙනුවෙන් ඉදිකල කෝවිල හා ඒ අසලම ඇති සිතා අම්මාන් කොවිල ගැන මිට පෙර මා ලියා ඇත.)එහිදි ඇතිවි ගැටුමෙන් රාමා ජයගෙන සිතා දේවිය නැවත ඉන්දියාවට රැගෙන ගොස් ඇත. එම ගැටුමට, රාවණාගේ සොයුරා වි විභිශණ, රාමාට සහයෝගය දි ඇත. එම සහයෝගයට කලගුණ සැලකිමක් ලෙසින් ඉන්ද්‍රගිරි රාජධානිය රාමා විසින් විභිශණට ප්‍රධානය කර ඇති බව සදහන්ය.
තවත් කතාවක් වන්නේ වලගම්බා රජතුමා මෙහි සැගවි සිට සේනා රැස්කල ස්ථානයක් ලෙසයි.

මුහුදු මට්ටමෙන් අඩි 1000ක පමණ උසින් පිහිටි මෙයට පිවිසෙන්නේ ගල්පඩි පෙලක් තරණය කරමින් මුස්ලිම් ආගමිකයන් ඉදිකල තොරණක් යටින්ය. බෞද්ධ පසුබිමක් ඇති ස්ථානයක මුස්ලිම් තොරන් ඉදිවිම වෙනමම කතා කල යුත්තකි.


ගල්ගුහාවක ඇති විවරය නිසාවෙන් මෙම ස්ථානය ප්‍රථමයෙන් කුහරේ ගල ලෙසද පසුව කුරගල ලෙසින් හැදින්විමට පටන්ගෙන ඇති බව සදහන්ය.
කුරගල මුදුනේ සිට බලන විට ඇතින් දිස්වන දර්ශනය මනරම්ය.උඩවලවේ ජලාශය, උඩවලවේ වනෝද්‍යානයේ කොටසක් මෙන්ම බුදුගල ස්ථුපයද මනාව දිස්වේ.



මෙහි ගල් ගුහා 30-40ක් පමණ ඇති අතර ඉන් සමහරක කටාරම්ද කොටා ඇත.අතිතයේ මෙහි කලුගල් උලුවස්සක් තිබි ඇති අතර දැන් එය දක්නට නැත.

දැන් මුස්ලිම් ආගමිකයන්ට මෙහි ඇති වැදගත්කම බලමු. මොහමේදාන්(Mohammedan) නම් මුස්ලිම් ආගමේ ශාන්තුවරයෙක්ගේ සොහොන මෙහි ඇති බව ඔවුන් විශ්වාස කරයි. එමෙන්ම මෙහි ඇති කුරගල පිහිටි ගුහාවෙන් ස්වර්ගයට යන මාර්ගය ඇති බවද ඔවුන් විශ්වාස කරයි. මුස්ලිම් භක්තිකයන් මෙය ඩොෆිටර් ජොලානි (Dafter Jailany) ලෙසින් හදුන්වයි. එසේ හදුන්වන්නේ ක්‍රි.ව. 510 සිට 521 දක්වා ඩොෆිටර් අබ්දුල් කාදර් ජොලානි නම් පූජකවරයෙක් මෙහි වාසය කල බව ඔවුන් විශ්වාස කරන නිසාවෙනි.ඔහු අල්ලා දෙවියන්ගේ මුනුපුරෙකු ලෙසද විශ්වාස කරයි.

"1968-07-15 දින නිකුත් කරන ලද දµaතර් ජෙයිලානි ගයිඩ් නම් ඔවුන්ගේ මග පෙන්වීම් පත්‍රිකාවේ සඳහන් පරිදි කූරගල මුස්‌ලිම් දේවස්‌ථානයක්‌ බවට පත්වී ඇත්තේ එකොලොස්‌වන ශත වර්ෂයේදීය. 10 වන සියවසේ අරාබි අක්‌ෂර මෙම ස්‌ථානයේ තිබෙන බවද ඔවුන් සඳහන් කර ඇත. මස්‌තාන් වැනි සාන්තුවරයන්ද අෂාම් අබ්දුල් නමැති දේශාටකයාද මෙහි හිඳ භාවනා කළ බව මේ ප්‍රකාශනයේ සඳහන් වේ."1

මෙහිදි භාරයක් වුවහොත් එක ඉශ්ඨ වන බව ඔවුන්ගේ විශ්වාසයයි. ජුලි හා අගෝස්තු මාසවලදි මෙම ස්ථාන මුස්ලිම් ජාතිකයන්ගෙන් පිරි යයි.ජූලි 03 පැවැත්වෙන පල්ලියේ කොඩි එසවී‍ෙම් උත්සවය හා අගොස්තු මස 04 -05 දිනයන් හී පැවැත්වෙන පල්ලියේ අවසන් උත්සවය වෙනුවෙන් 10,000-15,000ක් පමණ පිරිසක් පැමිනෙන බව සදහන්ය.

මෙසේ පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව විසින් හදුනාගෙන ප්‍රකාශයට පත් කර ඇති ඇති පුරාණ බෞද්ධ ස්ථානයක් මුස්ලිම් වුයේ කෙසේද? අප දන්නා පරිදි මුස්ලිම්වරුන් ශ්‍රි ලංකාවට පැමිනියේ වෙලදාම සදහාය, ඒ ක්‍රි.පු 2 ශතවර්ශයට බොහෝ කාලයකට පසුය.

"1920 දී පමණ මෙම පුද බිම ආක්‍රමණය කල මස්තාන් නැමති මුසල්මානුවා එහි ඉදිකල තාවකාලික ගොඩනැගිලිද කඩා ඉවත්කර ඉන් පිටවිය යුතුබවට අධිකරණයෙන් අණ කර ඇති බව කල්තොට ආරච්චි මහතාගේ දින පොතක සටහන් වී ඇත.ඉන්පසුව ’70 අගභාගයේදි ප්‍රදේශයේ දේශපාලන බලය ලබාගත් එක්තරා මුස්ලිම් මන්ත්‍රීවරයෙකු කූරගල මුස්ලිම්වරුන්ගේ පුද බිමක් බවට පත්කිරීමේ කටයුතු වේගවත් කල අතර ඔහුගෙන් සැලකිලි සත්කාර මෙන්ම “චක්‍රවර්තී” පට්ටම් ලබාගත් ඇතැම් උන්නාන්සෙලා මෙම විනාශය නිහඩවම අනුදැන වදාලහ."1

"මුස්‌ලිම්වරු දහනව වන සියවසේ අග භාගයේ තන්ජමට ගොස්‌ කංසා වෙළෙ¹ම හා දඩමස්‌ වෙළෙදාම ජයටම කරගෙන යමින් සිටියහ. අපවත් වී වදාළ පූජ්‍ය විකිළියේ නාරද හිමියන් ඒ පුවත සඳහන් කරන්නේ මෙසේය. මෙයට වසර හැත්තෑවකට අසූවකට අතර කාලයෙහි බින්තැන්නේ සිට බෝවත්ත දක්‌වා අලි කොටි වලස්‌ ආදී වන සතුන් බහුලව ගැවසුණු අතර මොලමුරේ දක්‌වාම එය එසේ විය. බළන්ගොඩ සිට යැම සඳහා එකම මඟ වූයේ බෝවත්ත දක්‌වා වැටී තිබූ කරත්ත පාරයි. තන්ජමට හා කල්තොට දක්‌වා යා යුතු නම් බෝවත්තේ සිට කෙරතල දෙනිපිටිය හරහා තන්ජමට ඇති ගම් සභා පාරෙන් යායුතු විය. එකල මස්‌තම් නම් මුස්‌ලිම් භක්‌තිකයෙක්‌ කූරගලට ගොස්‌ හිටුවන්ගල ගල්ගෙයි නතරව සිට ඒ ප්‍රදේශයේ කංසා වවා ඒවා බළන්ගොඩට ගෙන ගොස්‌ විකුණමින් සිටියේය."1

නාරද හිමියන් පවසන පරිදි 1922 වන විට මුස්‌ලිම්වරු කූරගල ගල්ගෙවල්වල ස්‌ථිරව පදිංචිව සිටියහ. ගම්මුලාදැනිවරු මේ ප්‍රදේශයේ සැරිසරන කල්හි මුස්‌ලිම්වරු ගල්ලෙන්වල තිබූ බුදු පිළිම කඩා බිඳ දමදින් සිටිය ආකාරය දැක ගන්නට හැකි විය.මේ පිළිබඳ එම්. ජී. බ්‍රාහ්මණහාමි නැති ආරච්චිවරයා ඉහළට රපෝර්තු කළේය. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් ඔවුන්ගේ ඉදිකිරීම් ඉවත් කරන ලෙස නියෝග ලැබුණි. එම ප්‍රදේශය භාරව සිටි මුල්ගම කෝරළේ මහත්මයාගේ රාජකාරි දිනපොතේ එම නියෝගය දක්‌වා ඇත්තේ මෙලෙසය.

කල්තොට ආරච්චි නමටයි… අලි මස්‌තාන් විසින් කූරගල අලුතෙන් සාදා තිබෙන පැල නොහොත් ගේ වහාම කඩා දමා එය කළ බව රපෝර්තු කරනු.

දහඅට වන ශත වර්ෂයේ අවසාන භාගයේ සිට තන්ජම අවට නීති විරෝධී ව්‍යාපාර කළ මුස්‌ලිම්වරුන්ට කූරගල වැදගත් වන්නට වූයේ එහි තිබූ හාස්‌කම් දැනගන්නට ලැබීමෙන් යයි සිතිය හැකිය. වෙසෙසින්ම ශ්‍රී පාද වන්දනාව ගැන ඔවුහු උනන්දු වූහ. ප්‍රධාන ශ්‍රීපාද ස්‌ථානයට විකල්ප වශයෙන් කූරගල පූජ්‍ය ස්‌ථානය වැදගත් මුස්‌ලිම් සිද්ධස්‌ථානයක්‌ ලෙසට වර්ධනය කරලීම ඔවුන්ගේ අරමුණ විය. 1923 දී ඔවුන්ගේ තාවකාලික පැල ඉවත් කර ගැනීමට සිදු වූවද 1930 පමණ වන විට මුස්‌ලිම් පල්ලියක්‌ මෙහි තාවකාලිකව අටවා ගැනීමට හැකි විය. එම තීරණය ගන්නා ලද්දේ බළන්ගොඩ ගොරොක්‌ගහමඩ පල්ලියේ දී බව පූජ්‍ය විකිළියේ නාරද හිමියන් සටහන් කර තිබේ.


මෙම පුරාවිද්‍යා භුමියේ ඉදිකිරිම් කටයුතු සිදු කිරිම තහනම් බව සදහන් පුවරුව පිටුපස මෙන්ම ඒ අවට ඇති ඉදි කිරිම් දෙස බලන කල මතුවන ගැටලුව නම් මේ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තුමෙන්තුව අක්‍රිය කල බලවතා කවුද යන්නයි.
ඔහු ප්‍රභල බලවතෙකු බව සිතෙන්නේ මෙය කියවන විටදිය.

මේ අතර බලංගොඩ උඩඇල්ලේපොල ශ්‍රී බෝධී මාලකාරාමාධිපති කොලොන්නේ සිරි ශාන්ත විජය හිමි ඇතුළු පිරිසක් කූරගල බොදු අයිතිය වෙනුවෙන් 2005 වසරේ දෙසැම්බර් 9 වන දින අංක HR/6030/05 යටතේ මානව හිමිකම් කොමිසම ඉදිරියේ නඩුවක් පැවරීය. 2009 වසරේ ජනවාරි 29 දින එම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත්වූ අතර කූරගල මුසල්මානුවන් විසින් ආක්‍රමණය කිරීම මගින් පෙත්සම්කරුවන්ගේ මෙන්ම සමස්ත බෞද්ධයින්ගේ මානව හිමිකම් උල්ලංගනය කිරීමක් සිදුකර ඇති බැවින් ආක්‍රමණිකයා තමන් විසින් නීති විරෝධීව ඉදිකල සියළු ගොඩනැගිලි කඩා ඉවත් කර ගනිමින් එම බොදු පුද බිමෙන් තීන්දුව ප්‍රකාශයට පත් කල දිනේ සිට දින 14 ක් ඇතුලත ඉවත්විය යුතු බවට තීන්දු විය.
"
"නමුත් මෙම තීන්දුව ප්‍රකාර කටයුතු කිරීම ආකමණිකයා විසින් මේවනතෙක් නොසලකාහැර අති අතර ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා දෙපාර්තමෙන්තුව හෝ වෙනයම් අදාල ආයතනයක් ක්‍රියා කල බවට සාක්ෂිද නොමැත." 1

මානව හිමිකම් කොමිසමේ තිරණය ක‍්‍රියාත්මක කිරීම වෙනුවට පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් විසින් මැයි 3 දා අගතියට පත් පාර්ශවය හා වගඋත්තරකාර පාර්ශවය කැදවා සාකච්ඡුාවක් පවත්වා තිබේ.

"දශක 4 ට වැඩි කාලයක් තිස්සේ අබුසාලි නම් දේශපාලකයාගේ මෙහෙය වීමෙන් බලහත්කාර කමින් අත් පත් කොට ගෙන සිටින කූරගල ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ෛඑතිහාසික පුදබිම යලි බොදු ජනතාවට ලබා ගැනීම වෙනුවෙන් 2011/05/03 උදෙ 10 00 ට පුරා විද්‍යා කොමසාරිස් තුමාගේ සහ,සංස්කෘතික ඇමතිතුමා මූලිකත්වයෙන් පැවැත් වුනු අතර ..."1
පැය දෙකකට ආසන්න කාලයක් මුස්ලින් ආක්‍රමනිකයන් අල්ල ගත් බෞද්ධ ස්ථානයක් වු කුරගල සැරිසරා පෞරාණික ස්ථාන මෙන්ම මනරම් පරිසරයක සුවය වින්දෙමු. ගමන ආරම්භයේ සිය අවසානය දක්වා අපගේ මගපෙන්නවන්නන් ලෙස ගිය බලු මිතුරන් දෙදෙනා වෙනුවෙන් මාරි බිස්කට් සංග්‍රහයක් ලබාදි අය 11.15ට පමණ කුරගලින් පිටත් විමු. පිටත් වන මොහොතේ එක් බල්ලෙකු මා කෙරෙහි අමනාපයෙන් මෙන් අහල බලා සිටියේ වෙන්වන දුක නිසා නම් නොව උගේ ගොදුරක්වු අහිංසක වදුරු පැටිය, මා විසින් උට අහිමි කල නිසා විය යුතුය.


දුවිලි ඇල්ල



විනාඩි 30ක පමණ ගමනකින් පසුව දුවිලි ඇල්ලට පැමිණිමට හැකිවිය. ප්‍රවේශ ස්ථානයෙන් මුදල් ගෙවා ( වාහනයට රු.30ක් හා එක් අයෙකුට රු.10 (?)බැගින්) ප්‍රවේශ පත්‍ර මිලදි ගත යුතුය.

බලංගොඩ මානවයා සොයා ගැනීම සිදුවුයේ මෙම දිය ඇල්ල ඇශ්‍රිත බෙල්ලන් බැදි පැලැස්ස ග්‍රාමයෙන් බව සදහන්ය.ලංකාවේ දුවිලි ඇලි 5ක් දක්නට ලැබෙන අතර මෙය ඉන් එකකි.සමන් දෙවියන් විසින් මැවිවැයි ගැමියන් විශ්වාස කරන මෙය, සොයාගත්තේ අලි දඩයමේ ගිය ඉංග්‍රිසි ආණ්ඩුකාරවරයෙකි.
එක් රජ කුමරෙකු සතුරන් සමග යුද්ධයට යැමේදි ඹහුගේ රන් ඇභරණ සගවා ගියේ ඇල්ලේ ගල් කුහරයක බව බවට ජනප්‍රවාදයේවේ.අඩි 131ක් උස මෙය ආරම්භ වන්නේ වලවේ ගගෙනි.

වාහන නැවතුම් ස්ථානයේ වෙලද සැලක්, වැසිකිලි හා විවේක ස්ථානයක්ද වේ. කලින් ඇණවුම් කලේ නම් දිවා ආහාර මෙම වෙලද සැලෙන් මිලදි ගත හැකිය.
පඩිපෙලවල් හා අත්වැල් මනාව සකස් කර ඇත.ඒ ඔස්සේ පහලට පැමිණ, එක් ස්ථානයකින් (පඩි පෙලවල් අවසානයේ ඇති අඩි පාරේ හමුවන තුන්මන් හන්දියෙන්)වමට ගිය විට දිය ඇල්ලේ ඉහල කොටසේ, ගගට ලගා විය හැක. දකුණු පසින් දිය ඇල්ල මනාව දිස්වන ස්ථානයකට ලග විය හැක.
ඉහල කොටසේ ජල පහරින් මුහුණ පමණක් සෝදාගත්තේ ඉතා ප්‍රවේශමෙනි,ඒ මන්ද යත් එහි ඇති අනතුරුදායක තත්වය වටහාගත් නිසාවෙනි. මේ අවට වනාන්තරයද අලින්ගෙන් ගහන එකකි.
දිය ඇල්ලෙන් සමුගත් අය 12.45ට පමණ එතනින් පිටත් විය.

සමනල වැව


අප කලින් ගිය මාර්ගය ඔස්සේම නැවත පඹහින්නට පැමිණ බඹරකන්ද දිය ඇල්ල බලා යැම අපගේ අරමුණ විය.සමනල වැවේ සුන්දරත්වය මෙන්ම එහි අසාර්ථකත්වය කියාපාන වැවු බැම්මේ සිදුරෙන් පිටවන ජල කද(ලොකෙ ලොකුම ජලකාන්දුව?-රජවක සිය පඹහින්නට එක මාර්ගය, වලවේ ගග පසු කරන ස්ථානයට මෙම ජල කාන්දුව පැහැදිලිව දැකිය හැක. ) මෙන්ම ගල් පුරවා තලා සැදු මිටර් 530ක් දිග මිටර් 110ක් උස වේල්ලද දැක බලා අප සවස 2.30 පමණ වන විට බඹරකන්දට පැමිණියෙමි.
ලංකාවේ දෙවනියට විශාලතම ජලවිදුලි බලාගාරය වන සමනල වැව බලාගාරය නැරඹිමට නොහැකිවුයේ එය නැරඹුමට අවසර ලබාදෙන්නේ සිකුරාදා හා සෙනසුරාදා දිනවල පමණක් වන හෙයිනි.


බඹරකන්ද දිය ඇල්ල

මේ අපගේ චාරිකාවේ අවසාන නැරඹුම් ස්ථානයයි.ලංකාවේ උසම දිය ඇල්ල වුවද කුඩා ජල පහරක් පහලට ඇද හැලෙන්නේ මේ කාලයේ වර්ශාව මද නිසාවෙනි.වලවේ ගගේ අතු ගංහාවක් වන කුඩා ඔයෙන් නිර්මාණය වන මෙහි උස අඩි අඩි 263කි.මෙම ස්ථානයට ගෝමලි කන්ද, බලතොදුව කන්ද, වංගෙඩිගල කන්ද ඉතා අලංකාරව දර්ශනයවේ.
වාහන නැවතුමේ සිට ප්‍රධාන මාර්ගය ඔස්සේ පයින් පැමිණ, අඩු පාරක් ඔස්සේ ගොස් කුඩා පාලමක් පසු කර පයිනස් වවා ඇති කන්දේ මදක් ගිය විට ඇල්ල පාමුලට පැමිණිය හැක.
ජායාරුපය: වංගෙඩිගල කන්ද

ලංකාවේ උසම මෙන්ම ලෝකයේ උසින් 299 ස්ථානයේ පවතින මෙම දිය ඇල්ලෙන් ස්නානය කිරිමට අප වාසනාවන්තයන් විමු. ඇග කිල්ලිපොලයන සිතලක් පැවතියද ගතට දැනෙන සුවය එය පරයන්නට සමත් විය.

රියදුරාගේ උපදෙස් නිසා අතර මගින් කැම නොගෙන, ඇල්ල අසල තැනකින් කැම ගැනිමේ අදහසින් ගිය අපට වුයේ බඩගින්නේම නා, ආපසු එනවිට සවස 4.30ට පමණ දහවල් ආහාරය ගැනිමටයි.
අවසානයේ රාත්‍රි 9.30 පමණ වන විට අප ගිය මාර්ගය ඔස්සේම, සම්පුර්ණ ගමනවු කිලෝමිටර් 462ක දුර සම්පුර්ණ කර නැවත කඩුවෙලට පැමිණිමට හැකි විය.

No comments:

Post a Comment