28 September 2011
රාවණ රජු සම්බන්ද සෙල්ලිපි..
01.හොරොව්පතාන අසල වලස් කෙවුන වැව ලිපි 2ක
02.මහනුවර අසල වේගිරිය දේවලයේ ලිපිය.
03අටුගොද පිහිටි (ගලිගමුව-යටියන්තොට පාරෙ)සෙල් ලිපි 3.
04.හොරව්පතාන එරපොතාන ලිපිය
05.බිබිල -අම්පාරෙ පාරෙ කොලනිස් යාය ඇති ලිපිය.
06.අම්පර දිස්‌ත්‍රික්‌කයේ කිතුල්වැව ලිපිය.
07.කොත්මලේ විමන්පව්ව ලිපිය(දැනට විනාශවෙමින් පවතී)
08.අම්පාර රූගම වැවට දකුනින් පොතුවිල ලිපිය.
09.මහියංගනේරිද්මාලියද්ද අසල රදලියද්ද ලිපිය
10.තොප්පිගල-බෙරගල අතර අල්වා කුබුරේ ලිපිය.
චාන්කිගෙ දැනුවත් කිරිමකි..
රාවණා රජුගේ දඬුමොණරය ගොඩබෑවේ උස්සන් ගොඩද?
”මංගර දෙවියන්ගේ වාහනය වුණු කුළු මීමාගේ නම ‘කදිර’- දවසක් කදිර උස්සන්ගොඩ තිබෙන වළේ නාන්න බැහැල තියෙනවා. ඒ වෙලාවෙ මංගර දෙවියො කිව්වලූ කදිර ගොඩ කදිර ගොඩ කියලා. ඒ කියන්නේ කදිරට ගොඩ එන්න කියලා. අද ‘කදිරගොඩ’ කියලා නම හැදිල තියෙන්නේ එම මංගර දෙයියො නිසා.-”
උස්සන්ගොඩට යනෙන සංචාරකයන්ට බෙලිමල් වතුර විකුණන බබී නෝනා විජේසූරිය (77) මහත්මිය අප සමඟ එලෙස පැවසූවේ උස්සන්ගොඩ රතු පස් භූමියේ ආවාටයක් වැනි වළක් පිළිබද ජනප‍්‍රවාදයක එන කතාවකි. අතීතයේ උල්කාපාතයක් පතිත වූ ස්ථානයක් ලෙසද ඇතැමෙක් විශ්වාස කරති.
උස්සන්ගොඩ වනාහි කොළඹ - හම්බන්තොට මාර්ගයේ අමිබලන්තොටට සමීපව පිහිටි කළමැටිය අභය භූමියේ හෙක්ටයාර 111 ක් ක පමණ ප‍්‍රදේශයක ව්‍යාප්තව ඇති ශුෂ්ක පරිසර පද්ධතියක පිහිටි පුරා විද්‍යාත්මක උරුමයක් ලෙස නම් කොට ඇති ප‍්‍රදේශයකි.
කළමැටිය අභය භූමියෙහි ඉහළින් පිහිටා ඇති ප‍්‍රදේශය අතීතයේ සිටම හඳුන්වා ඇත්තේ උස්සන්ගොඩ නමින්ය. සොබා දහමේ අපූර්ව නිර්මාණයක් වන උස්සන්ගොඩ අද ජනප‍්‍රවාද රැුසකටද උරුමකම් කියන දිවයිනේ පිහිටි සුවිශේෂී ම පොළෝ තලයකින් සමන්විත පාරිසරික මෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු දුර්ලභ උරුමයකි.
උස්සන්ගොඩ පිළිබඳ ජනප‍්‍රවාද, පුරාවිද්‍යාත්මක නටඹුන් මෙන්ම සාහිත්‍යගත තොරතුරු ද රැසක් වෙයි. ඉන් සමහරක් මෙම භූමියේ පවතින සුවිශේෂී ලක්‍ෂණ හේතුවෙන් බිහි වී ඇත. නමුත් ඇතැම් ජනප‍්‍රවාද පවසන්නේ අතීතයේ සිදු වූ වෙනත් සිදුවීම් නිසා මෙම භූමිය සැකසුණු බවකි.
අතීතයේ දී රාවණ රජුගේ ”දඬු මොණරය” නැමති ගුවන් යානාව ගොඩ බට බිම උස්සන්ගොඩ යැයි තවත් කතාවක එයි. ඉන්දියාවේ රාම කුමරුගේ බිරිය සීතා දේවිය පැහැර ගෙන පැමිණි ”දඬු මොණරය” එලෙස ගොඩ බස්සවා ඇතැයි ප‍්‍රදේශවාසීන් අතර ජනප‍්‍රවාදයක් පවතියි. එයට අනුව මෙම භූමිය නිර්මාණය වී ඇත්තේ එම අනුහසිනි.
කහ කුරුලූ සංදේශයේ මෙන්ම බලි තොවිල්, මංගර හෑල්ල, මහසොහොන් සමයම, දෙවොල්මඩු ශාන්ති කර්මයේ ද උස්සන්ගොඩ පිළිබඳ සඳහන් ව ඇත. එකල සිටම අවධානයට ලක් වූ ප‍්‍රදේශයක් ලෙස උස්සන්ගොඩ හඳුනාගත හැකිය.
එකල උස්සන්ගොඩ ඉතා අනුහස් සහිත බිමකි. ඊට ඇතුළු වන අයට උණ රෝගය වැළඳුණු බව ප‍්‍රදේශවාසීන්ට අදත් මතකය. එම නිසා උස්සන්ගොඩට කිසියම් අද්‍රෘෂ්‍යමාන බලයක් ඇති බවට විශ්වාසයක් පවතී.
උස්සන්ගොඩ රජ මාලිගයක් ඉදි කොට තිබී ඇත. එය මානාභරණ නැමති රජතුමාට අයත් වූවකි. මහ මුහුද විසින් බිලි ගනුලැබ ඇති ”පරෙයිගල” නැමැති ස්ථානයේ එම රජ මාලිගය ඉදි කොට තිබුණි. එහි ගල් කණු ආදී නටඹුන් තමා කුඩා කල දී දුටු බව බබි නෝනා විජේසූරිය මහත්මිය අප සමග ප‍්‍රකාශ කළේ දැන් ඒවා මුහුද බත් වී ඇති බව ද සඳහන් කරමිනි.
පරෙයිගල පිහිටි එම රජ මාලිගයේ සිටි මානාභරණ රජතුමා යුද්ධයකට ගොස් ඇත. තමා ජයග‍්‍රහණය කළහොත් සුදු කොඩියක් ද, මිය ගිය හොත් කළු කොඩියක් ද රාජ පුරුෂයින් විසින් රැුගෙන එනු ලැබ ඇති බව රජු සිය භාර්යාවන් සත් දෙනාට පවසා ගොස් තිබේ. අනතුරුව යුද්ධය ජයග‍්‍රහණය කොට පැමිණෙන රජු සිය භාර්යාවන්ට විහිළුවක් කිරීමට සිතා තමා මිය ගිය බව හඟවමින් කළු කොඩියක් ඔසවා ගෙන යාමට අණ කොට ඇත.
ඒ බව දුටු භාර්යාවන් සත් දෙනා උස්සන්ගොඩ අසලින් මුහුදට වැටුණු වලවේ ගෙඟ් අතුගංගාවක් වන ”කොටි ආර” නැමති ඇළ දිගේ ඉහළට ගමන් කොට සිය දිවි නසා ගත්හයි ජනප‍්‍රවාදයක වෙයි. (මෙවැනි ජනප‍්‍රවාද දිවයිනේ ස්ථාන ගණනාවකම වෙයි)
භාර්යාවන් සත් දෙනා ආභරණ ආදිය ගලවා තබා ගඟට පැන්න ස්ථානය අද ”ආභරණ ඇල්ල” ලෙස හඳුන්වයි. එහෙත් එක් බිසවකගේ පණ බේරා ගැනීමට එම ප‍්‍රදේශයේ සිටි රොඞී කුලයේ පුද්ගලයකුට හැකි වී ඇත. ජල පහරට ගසාගෙන යන රජ බිසවක් වෙත කුල්ලක් දමා ඇය ගේ දිවි බේරා ගැනීමට එම පුද්ගලයා සමත් විය. පසුව එම රජ බිසව ඔහුගේ බිරිය බවට පත් කර ගැනුණි. උස්සන්ගොඩට නුදුරු ”රොඞී මෑල්ල” ට එම නම ව්‍යවහාර වන්නේ ඉහත කී ජනප‍්‍රවාදය නිසායැයිද පැවසේ.
උස්සන්ගොඩ බිමෙහි ඇත්තේ තද රතු පැහැති පස් ස්ථරයකි. එය හෙක්ටයාර් ගණනාවක් පුරා පැතිර පවතී. උස්සන්ගොඩ පිළිබඳ පර්යේෂණ කරන විද්‍යාඥයන්ගේ අදහස වී ඇත්තේ වසර මිලියන 15 කට පමණ ඉහත දී උල්කාපාතයක් කඩා වැටීම නිසා මෙම සුවිශේෂී භූමිය නිර්මාණය වී ඇති බවකි. පිළිස්සීම නිසා රතු පැහැ වූ පස ද උණු වූ පාෂාණ ද ඒ සඳහා සාක්‍ෂි සපයයි. උස්සන්ගොඩ පිහිටි රතු පස් මත තැනින් තැන උණු වූ යකඩ නොහොත් පාෂාණ විශේෂයක් දැක ගත හැකිය. ඒවා ඉතා බරැුතිය. ගිනි කන්දකින් පිටාර ගලා නිසොල්මනේ සිටින ලාවා වැනිය. පස පිළිබඳ පර්යේෂණ පවත්වන විශේෂඥයන්ගේ අවධානය ඒ කෙරේ යොමු වූයේ රතු පස්, සුවිශේෂී පාෂාණ නිසාය.
රතු පස් නිසාමදෝ මෙහි ශාක නොවැඬේ මෙම භූමිය පුරා පිහිටි කටු වන ලැහැබ කතරක පිහිටි ක්‍ෂෙම භූමියක අසිරිය ගනියි. මෙම අපූරු භූමියෙහි ශාක පැළවන්නේ නැත. නමුත් සුළඟ ආදියෙන් එම සුවිශේෂී රතු පස් මත වෙනත් පස් ස්ථර තැන්පත්වීමෙන් කළමැටිය අභය භූමියේ ඇති කරඹ, පතොක්, එරමිණියා ආදී ශාඛ ශුෂ්ක පරිසරයට ඔරොත්තු දී සිටින ඒවා තැනින් තැන වන ලැහැබක් සේ විටෙක දිස්වෙයි. උස්සන්ගොඩ එක් අර්ධයක් කෙළවර වන්නේ මහ සයුරෙන්ය. එය ඉතා ශීඝ‍්‍ර ලෙස මුහුදු රකුසාට බිලිවන ප‍්‍රදේශයකි.
ඉතිහාසයේ සිදුවීම් රැසකට මෙන්ම ජනප‍්‍රවාද රැසකට ම තෝතැන්නක් වූ උස්සන්ගොඩ අද ලෝක උරුමයක් වැනිය. දෙස් විදෙස් සංචාරකයෝ ඒ වෙත පැමිණෙති. උස්සන්ගොඩට යාමට ඇති තාර හෝ කොන්ක‍්‍රීට් හෝ නොදැමූ පාර වැසි දිනවලට ජලය පිරුණු වළවල් බවට පත් වෙයි. එවා සැකසීමට පියවර ගැනීම බලධාරීන්ට බාර ය. අනෙක් අතට ඒ වෙත යනෙන ඇතැම් සංචාරකයන් ද එම මා හැඟි උරුමය මත පොළිතින්, මත් පැන් බෝතල්, ආදිය දමා නොයෑමට තරම් අවංක විය යුතුය.
අනාගත පරපුර උදෙසා කළමැටිය අභය භූමියේ සුප‍්‍රකට උස්සන්ගොඩ දෝතින් තිළිණ කළ හැකි වන්නේ එවිටය.
ශාක නොවැවෙන රතු පස් කුට්ටියක්
උස්සන්ගොඩ තැනිතලාව
උපුටාගැනිම : ලංකාදිප
23 September 2011
රාවණා රජු සීතා දේවිය සඟවා තැබූ උමඟක් වැල්ලවායෙන් සොයාගනී
කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරු පිරිසක් නිරීක්‍ෂණයට එක්වෙති
රාවණා රජු විසින් රාමගේ බිසව වූ සීතා පැහැරගෙනවිත් සඟවාතැබුවේ යැයි සැලකෙන වැල්ලවාය කරඳගොල්ල ප්‍රදේශය ආශි‍්‍රතව හෙළගල්බොක්ක ප්‍රදේශයේ සිට බණ්ඩාරවෙල දෝව ප්‍රදේශය තෙක් කිලෝ මීටර් 40ක් දුරට විහිදී ඇති උමං මගක් සොයා ගැනීමට වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ ගුරු උපදේශකවරු පිරිසක් සමත් වූහ. මේ ප්‍රදේශය ස්ත්‍රීපුරය ලෙස හැඳින්වූ බවත් ඉතා පියකරු ස්ත්‍රියන් මෙහි නිතර නිතර ගැවසුණ බවට ඉතිහාස කතා සඳහන් කරන බවත් ප්‍රදේශවාසීහු පවසති.
මේ උමං මගේ මීට වසර 30 - 40 කට උඩදී ඇතෙකු පිට උඩ නැඟී හෝ යා හැකිව තිබූ බවත් එය මේ වන විට හුණුමල් වලින් වැසී අවහිරව ඇති බවත් ප්‍රදේශවාසීහු පවසති. මේ උමඟ පිළිබඳ නිරීක්‍ෂණ චාරිකාවක් පසුගියදා අධ්‍යාපන කාර්යාලයේ බුද්ධධර්මය පිළිබඳ විෂය උපදේශක මොදරවානේ සුධම්ම හිමියන්ගේ මග පෙන්වීම මත සිදු කෙරුණි. හෙළගල්බොක්ක ප්‍රාථමික විද්‍යාලයේ විදුහල්පති ආචාර්ය ශිෂ්‍ය මණ්ඩලය , ශිෂ්‍යාවෝද වැල්ලවාය කලාප අධ්‍යාපන කාර්යාලයේ නැටුම් උපදේශීකා තාක්‍ෂණ විෂය උපදේශක වරයාද මේ අවස්ථාවට සහභාගි වූහ.
උමඟ ඇතුළේ තිබූ හුණුමල් |
සටහන හා ඡායාරූප
මොනරාගල දිස්ත්‍රික් සමූහවිජිත රත්නායක
08 September 2011
ග්‍රන්ථ
ශ්‍රී ලංකා රාවණ රාජධානිය සහ සීගිරි පුරාණය - ආරියදාස සෙනෙවිරත්න මහතා
නාග සංකල්පය හා සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ මහතා
රාවණා රාජාවලිය සහ උපත් කථා - මහාචාර්ය ගණනාථ ඔබේසේකරමහතා
හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් - මහාචාර්ය දයානන්ද සෝමසුන්දරමහතා
ශ්‍රී රාවණ්ණා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක මහතා
ඉර හඳ නැඟි රට’ හෙවත් යට ගිය වංශය - අරිසෙන් අහුබුදු මහතා
ලංකා ඉතිහාසයේ හෙළ යුගය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා
දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල - පූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමි
හේලන්කා සිව් හෙල වංශය - ධනේෂ් කොඩිප්පිලිආරච්චි මහතා
නාග සංකල්පය හා සිංහල සංස්කෘතිය - මාලිංග අමරසිංහ මහතා
රාවණා රාජාවලිය සහ උපත් කථා - මහාචාර්ය ගණනාථ ඔබේසේකරමහතා
හෙළදිව්වාසීන් සහ ආදිවාසීන් - මහාචාර්ය දයානන්ද සෝමසුන්දරමහතා
ශ්‍රී රාවණ්ණා පුවත - භද්‍රජී මහින්ද ජයතිලක මහතා
ඉර හඳ නැඟි රට’ හෙවත් යට ගිය වංශය - අරිසෙන් අහුබුදු මහතා
ලංකා ඉතිහාසයේ හෙළ යුගය - ආචාර්ය සූරිය ගුණසේකර මහතා
දේව පුරාණය, සමන් දෙවිඳු හා සමන් දෙවොල - පූජ්‍ය මඩලගම වජිරබුද්ධි නාහිමි
හේලන්කා සිව් හෙල වංශය - ධනේෂ් කොඩිප්පිලිආරච්චි මහතා
යක්ෂ ගෝත්‍රිකයන්ගේ අප්‍රකට තොරතුරු - මනැවෙ විමලරතන හිමියන්
උපුටාගැනිම : හෙළ යුගය
රාමායනය තත්කාලයෙන් විමසීම........
සර්ව සාධාරණ දැහැමි රජෙකැයි දශරථව රාමායනයේ හැඳින්වුවද නිකම් සිටින වෙලාවට දශරථ රජු කරන ලද්දේ දඩයමේ යාමය. ඒ දරුවන් නැති දුක නැති කරගන්නටය. (අසිංහළ වංශ කතා කාරයා කියන පරිදි දෙවනපෑතිස් රජ මුව දඩයමේ ගියේය. ඒ දරුවෝ වැඩි වූ නිසා ඇතිවූ දුක නැති කරගන්නටදැයි මෙවිට සිතේ.) දරුවන් නැති දුකෙන් හුන් දශරථ දඩයමේ යාමේදී ඊතල භාවිතා කරන ලදි.
හේ ‘‘ශබ්ද භේදී වාණ’’ නම් දුණු විෂයෙහි අති දක්ෂයෙකු බව රාමායනය පහදයි. එනම් සතෙකුගේ හඬ ඇසුණු පැත්තට නිවැරදි එල්ලය බලා විදීමේ අති දක්ෂයෙකු බවය. මේ අති දක්ෂයා ඉඳල ඉඳලා විද්දේ ඇස් අන්ධ දෙමාපියන් පෝෂණය කරන තරුණයෙකුටය. ඒ ඔහු දෙමාපියන්ට බොන්නට වතුර ගෙනෙන්නට වනයේ දියකඩිත්තක් අසළට ගිය විටය. ඉන්පසු මේ ධාර්මික රජු තරුණයාගේ මළ සිරුරත් තමන්ට ශාප කල ඒ අන්ධ දෙමාපියනුත් වනයේ දමා රජවාසලට ඒමය.
අශ්ව මේධ යාගය පටන්ගත්තේ දරුවන් ලබන්නට අළුත් මගක් ලෙසිනි. වසරක් පුරා දිනපතා අශ්වයන් බිලිදෙමින් කල මේ අශ්වමේධයාගය කෙතරම් ධාර්මිකද? මේ වගේ ගොන් මොට්ටයෝ ලංකාවේත් සිටිති. හලාවත මුන්නේශ්වරම් දෙවොලේ එළුවන්ගේ බෙලි කඩා ලේ බොන්නේ මුන්ගෙන් පැවත අවුත් ලංකාවේ පදිංචිවූ හැතිකරේය.
කූරගල බුදුන්වහන්සේ දිවාවිහරණය කළ තැන හරක් මරා ලේ උලන්නේ අද බෞද්ධයන් නැති නිසාය. මේවා ගැන කතා කරන්නට බැරි ගණ පන්තිය ගෑනුන්ගේ ඇඳුම් පලා පස්ස පෙන්නීම ගැන බණ කියති. තවත් අයෙක් දානෙ ගැනම කට ඇරියොත් බණ කියති. තවත් අයෙකු මස් කෑම බුදුන්වහන්සේ අනුමත කිරීම ගැන පොත් ලියා ඇත.
ගැටළුවක් නැත. අද බෞද්ධයන් නැති නිසා කිසිදු ගැටළුවක් නැත. ලංකාවේ ඕනෑම ආගමකට නිදහස ඇතැයි කියා නීතියක් හදා ඇත්තේ මේ රට අබෞද්ධ නිසාය. හෙට දවසේදී ශරියා සහ ජිස්යා නීති ක‍්‍රියාත්මක වෙද්දී පාරමිතා පෙරහැර ලබ්බක් ඇතුලට ගොස් සැඟවී බෙර ගසනු ඇත. හැකි විගස මේ කුණුවුණු ලබුගෙඩියට පයින් ගසාමහවැලියට තල්ලූ කල යුතුය.
කූරගල පාවාදී චක‍්‍රවර්තීවරු බිහිකල රටක ශරියා නීතියෙන් තමන්ගේ කාලක් නැති කරගන්නට බලා සිටි පිරිසට ජීවත්ව සිටියහොත් සිදුවන්නේ සම්පූර්ණ එකම නැති කරගන්නටය.
දශරතගේ බිරින්දෑවරු තුන්දෙනාම ගැබ් ගන්වනා ලද්දේ මහා බ‍්‍රහ්මයා විසිනි. ඒ පායාසය ගිල්ලවීමෙනි. දශරථ විජය මෙන්ම දරුවන් නැති පුද්ගලයෙකි. දශරථ අශ්වයන් ගින්නට දමද්දී විජයගේ පරපුරසිංහළයා ගින්නට දමා ඇත. දරුවෝ නැති විජය අපේ මුත්තා මෙන්ම රාමගේ පියා බවට පත්ව ඇත්තේ දරුවන් නැති දශරථය. එය එසේනම් පායාසය යනු කිරිබත් නොවිය යුතුය.
මිථිලාවේ කෙළවරක් නැති සත්ත්ව ඝාතනය ගැන කෝපවූ අපේරාවනයන් කලේ තාඩකා සාමන්තයික පාලිකාවට වහා එය නවත්වන්නට අණ කිරීමය. ඇය තම පුත් මාරිචි සහ සුබාහු යවා රැයේ බැඳ සිටින සතුන් මුදා හැරියහ. රකුසන් ම්ලේච්ඡයැයි අපට මේ ඉන්දියානු ආර්ය ජඩයන් කීවේ අප සතුන්ට අභයදානය දුන් නිසාය.
මහානුභාවසම්පන්න විශ්වාමිත‍්‍ර අංක එකේ කපටියෙකි. ප‍්‍රයෝගකාරයෙකි. හේ මුනිවරයෙක්දැයි පුදුම සිතේ. මේ මහ මුනිවරයා ශාප කිරීමේ අති දක්ෂයෙකි. ශාප කිරීමට දක්ෂ එකා මුනිවරයා යැයි පළමුවරට අපට දැනගන්නට ලැබෙන්නේ රාමායනයෙනි. එය සැබෑ මුනිවරුන්ට අපහාසයකි. මෙය සත්‍යයක් නම් මේ කියන කාලයේදී ඉන්දියාවේ මුනිවරු සිට නැත සිට ඇත්තේ කට්ටඬිය. විශ්වාමිත‍්‍ර ශාපකලවිට ඒ පුද්ගලයාට ඒ ශාපය එවේලේම පල දෙන බව කියයි. මෙහෙව් විශ්වාමිත‍්‍රයා හාස්කම් නැතිවී දාදිය දමමින් හතිදමමින් දශරථ මුණගැසෙන්නට ආවේ රාමව ණයට ඉල්ලා ගන්නටය. ඒ තාඩකා පරපුර නසන්නටය.
දැන් ගැටළුවක් ඇත. එවෙලේම ප‍්‍රතිඵල දැකිය හැකි ශාප කල හැකිවූ විශ්වාමිත‍්‍ර රකුසන්ට ශාප කලවිට එසේ පඩිසන් නොදුන්නේ ඇයි? ඒරකුසන් මේ මුනිවරයන්යැයි කියාගන්නා කට්ටඬින්ට වඩා ප‍්‍රබල සහ ධාර්මික නිසා නොවේද?
රාමයා විසින් තාඩකාව මරා දමන ලදි.
පරශුරාම දුටුවිට මහා වීර දශරථ බියෙන් වෙව්ලන්නට පටන්ගත් බවද රාමායනයම කියයි. මිථිලාවේ ජනක රජු තමන්ගේ අභිජාත දියණිය දුන්නේ ලක්ෂ්මන්ටය. අරන්හදාගත් දුවව දුන්නේ රාමයාටය.
මේ රාමායනය පුරාවටම කියැවෙන මුනිවරු නම් කාලෙ කා දමන මිනිසුන් මුලාකරන තක්කඩිමය. පෞරෂහීන බෙලහීනයන්ය. මොවුන් රැකි වෘතයක් හෝ යෝගී බවෙක් නැත. මුන් ගැන මහාභාරතයේද මහ ඉහලින් වනනු ලබයි.
දුර්වාසා යනු නිතර කෝපයෙන් පසුවන කිළුටු ඇඳුම් ඇඳි හපුටු මුනිවරයෙකි. ඔහු විවාහවූයේ කන්දලී නම් රණ්ඩු කෙක්කක් සමගය. රණ්ඩු ඉවසා ගත නොහැකිව මේ මුනිවරයා බිරිඳව ගිනිතබා මැරීය. මේ අල්ලපනල්ලේ කන්දලීගේ දැවුණු අළු ගෙන පොහොර හැටියට යොදා විෂ්ණු කෙසෙල් වගාවක් ආරම්භ කලේය. මේවා මාස ගණන් නිවාඩු දමා සිනහවන්නට සුදුසු කතාය.
දිනක් දුශ්‍යන්ත ගැන සිත සිතා හුන් සකුන්තලාට මේ හපුට්ටාට සලකන්නට අමතක විය. ඉන් කිපුණු මුනියා සකුන්තලාගේ මගුල කඩන්නට මහත් වෙහෙසක් ගත්තේය. අම්මපා මුන් මුනිවරුද?
මේ දුර්වාසයා නියම පාඩම ඉගෙනගත්තේ මොනවා කලත් විෂ්ණුගෙනි. නාන්නේ නැතිව හිඳ කාලෙකින් ස්නානය කල මේ දුර්වාසයා නා දියෙන් ගොඩට එත්ම අම්බරිෂ රජු කන්නට යමක් දුන්නේ නැති බැවින් කෝපයෙන් හිසේ බැඳගෙන හුන් ජටාව ගලවා ඉරා පොලවේ ගසත්ම විෂ්ණු මෙතෙක් කල් ඉවසා බැරිම තැන චක‍්‍රයකින් මුනියාට දමා ගැසීය. හේ ඉන් බේරෙන්නට බඩගින්නේම හැතැප්ම ගණනක් දිව ගියේය.
විභාණ්ඩක මුනිවරයාට ඌර්වසී දෙවඟන දුටුවිටම ධාතු පහවිය. එම ධාතු පෙරුණේ අසළ දියපහරකට බව කියැවේ. එය බිව් මුවදෙනක් ගැබ්ගත්තීය. මේවා නම් කුණුහරුපමය.
මෙලෙසින්ම වෛදික මතය වන්නේ ඌර්වසී දැකීමෙන් මිත‍්‍රාවරුණට ධාතු පහවී වශිෂ්ඨ සහ අගස්ති මුනිවරු උපන්බවය. මුන් කියන මේ දකිනවිටම පිරිමින්ට ශුක‍්‍ර පහවන ඌර්වසී කෙබඳුදැයි සිතාගැනීමටවත් නොහැකිය. මන්ද ඒ තහවුරු කරගැනීමට දෙව්ලොව යායුතු බැවිනි.
මෙලෙසින්ම ඍතාවි නම් දිව්‍ය වෛශ්‍යාව දැක භාරද්වාජ නම් නපුංසක මුනියාට ශුක‍්‍ර පහවිය. හේ එය බඳුනකට එකතු කරන ලද්දේ විය. මේ කියැවෙන විදියට මේ වෙසඟනුන් දිව්‍ය විය නොහැකිය. මෙහේ නම් පාරේ මෙවැනි ගැහැණු සිටි විට පොලිසියෙන් අල්ලාගෙන යයි. මේ වගේ මුනිවරුන්ටද මානසික ප‍්‍රතිකර්ම ලබාදේ. අපොයි මේ ඉන්දියාවේ මෝඩයන්ට දෙවිවරු මුනිවරු වී ඇත්තේ මානසික සහ කායික දුබලයන්මය. ඒ මදිවාට මේවා කොපිකර අපේ සිංහළ පඬිවරුද අපේ සිතීමේ නිදහසට වැට කඩොලූ බැන්දාහ.
මේ සියළු දුර්ජනයන්හට නිගා නොකිරීමට හා සිංහළයන් ලවා මුන්ට වැන්දවීම පිණිස දශරථ ජාතකය නමින් ජාතකයක් ජාතක කතාපොතට ඇතුලත් කොට ඇත. එය කියැවූ විට වහා අවබෝධවන්නේ සිංහබාහු කතාව කීවාට අපට කේන්ති නොයාම පිණිස කරන ලද උප්පරවැට්ටියක් බවය. සිංහබාහු කතාව සාධාරණීකරණය කිරීමකි.
දශරථ ජාතකයේ හැටියට සීතා රාමගේ නැගණියයි. එහෙත් පසුව අගමෙහෙසිය බවට පත්විය. එසේ නැගණියව කාර බැඳගත් රාම බෝසත් ආත්මයකි. මේ ගජබින්නයකි. හැමදාම වගේ ඉන්දියාවේ තක්කඩි අපේ බුදුන්වහන්සේට අපහාස කොට ඇත.
රාමායන ආරණ්‍ය කාණ්ඩයේදී අසපුවක හුන් අත‍්‍රී සහ අනසුයා දෙදෙන ගැන කතාවද අපූරුය. සැබවින්ම මේවා ආශ‍්‍රමදැයි විටෙක සිතේ. එම ආශ‍්‍රමයෙන් නික්මෙන විට මුනිවරයාගේ බිරිඳ සීතාව බොහෝ අබරණවලින් සැරසූ බව කියනු ලැබෙයි. සාමාන්‍ය මැදුරක විය යුතු පවුල්කෑම අසපුවක ඇති විට සහ එහි සශ‍්‍රීක බව කියාපාන්නේ නීරස දෙයක් මිස රසයක් නොවේ.
ඉනික්බිති රාම, ලක්ෂ්මණ, සීතා යන මග ඉදිරියට කාල රකුස් පුත් විරාඪ මුණ ගැසුණූ විට රාමයා හඬන්නට පටන් ගත්තේය. ඒ තම බිරිඳ නැතිවේයැයි දුකිනි. රකුසන් මිනීමස් කනබව කියන්නට දමාගත් බොරු බේගලයකි මෙය. එහෙත් සූර වීර රාමයා ඉකිබින්දේ ඇයි?
‘‘අඬනවද බොල මේ වෙලාවට? කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ හිතපන්කො අදවත්’’ යැයි එවිට ලක්ෂ්මණ පවසා ඇත. රාමගේ බිසව සැබවින්ම පවුල් කෑවේ ලක්ෂ්මණ සමග බවට රාමායනය පුරාවටම සාක්ෂි ගොණු වෙයි.
ඉනික්බිති රාම, ලක්ෂ්මණ, සීතා යන මග ඉදිරියට කාල රකුස් පුත් විරාඪ මුණ ගැසුණූ විට රාමයා හඬන්නට පටන් ගත්තේය. ඒ තම බිරිඳ නැතිවේයැයි දුකිනි. රකුසන් මිනීමස් කනබව කියන්නට දමාගත් බොරු බේගලයකි මෙය. එහෙත් සූර වීර රාමයා ඉකිබින්දේ ඇයි?
‘‘අඬනවද බොල මේ වෙලාවට? කොන්ද පණ තියෙන පිරිමියෙක් වගේ හිතපන්කො අදවත්’’ යැයි එවිට ලක්ෂ්මණ පවසා ඇත. රාමගේ බිසව සැබවින්ම පවුල් කෑවේ ලක්ෂ්මණ සමග බවට රාමායනය පුරාවටම සාක්ෂි ගොණු වෙයි.
උපුටා ගැනීම - RavanaBrothers.com
02 September 2011
රාවණ ඉතිහාසය විකෘති කිරීම
රාවණ රජුට ද්‍රවිඩ ලේබලය ඇලවීම හා ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය විකෘති කිරීමේ කලාව මේ වසරේ (2011) අගෝස්තු මස හෙළ ගවේශණ අපි නුවර එලිය ප්‍රදේශයේ සංචාරයක යෙදුනෙමු.ඒ පර්යේෂණ චාරිකාවකටම නොවේ නමුත් එහිදී අප ඇස ගැටුනු එක් ස්ථානයක් විය එනම් මාගස්තොට සිට හග්ගල දක්වා දිවෙන මාර්ගය අතර මැද ඇති සීතාඑලිය නම් ප්‍රදේශයේ එක් ස්ථානයක් වෙතටය.එනම් සීතා කෝවිලය.මෙය මෙතන ඉදිවී තිබෙන්නේ කුමන කරැනකටද කියා සොයා බැලීම සදහා අප කොවිල වෙත පිය නැගුනෙමු.බැලු බැල්මට එහි පැරණි බවක් නොතිබුනි.අප කොවීල තුලට ඇතුලුවන විට එහි සිටියේ පූජක වරැන් දෙදෙනා ඇතුලු පුද්ගලයින් 3 දෙනෙකු පමනය.අප මුලින්ම ප්‍රධාන පූජක හමුවිය ඔහු ප්‍රකාශකලේ මෙය රාවණ රජු විසින් මීට වසර 5000ට පෙර සීතා සගවාගෙන සිටි ස්ථානය වන බවය.අප ඉට වැඩියමක් ඔහුගෙන් බලාපොරොත්තු වූයේද නැත.මෙම කෝවිල ඉතාම මෑත කාලයේ ඉදිවූවක් බව ඔහු සමග කල සාකච්වාවෙන් හෙලිවිය.ප්‍රදේශ වාසියෙන් ප්‍රකාශ කල ආකාරයට මෙම ස්ථානයට පූජා සමයේදී සියගනන් පිරිස් ඉන්දියාවේ සිට පැමින පුද පූජා පවත්වන බවයි.එසේ වීමට හේතුව සීතා දේවිය උපන් ඉන්දියාවෙවත් සීතාදේවලයක් නැති අතර ,මෙය ලෝකයටම ඇති එකම සීතා කෝවිල නිසා විය හැක.. තවද පූජකවරයාට අනුව මෙහි අවු 5000ක් පමන පරණ ත්‍රිශුලයක් වෙති එය 5000ක් සිටම එහි තිබූබව එවුන්ගේ අදහසයි.එය ප්‍රදර්ශනය කරන්නේ තේවාවන් අවස්ථාවට පමනක් බැවින් එය අපට දැකගැනීමට නොහැකි විය.අපට එහිදී පැන නැගුන ගැටලුව නම් කෝවිල මෑතක දී ඉදිකරන ලද්දක් නම් ත්‍රිශූලය පමනක් අවු 5000 තිස්සේ මෙහි තිබුනේ කෙලෙසද යන්නයි.අප ඒ ගැටලුව සිතේ තබාගෙන තවදුරටත් කෝවිල අවට පිරික්සුවෙමු.
තවද කෝවිල ඉදිරි පිට ඇති කන්දක් පෙන්වා ප්‍රකාශ කළේ රාවණ රජු එහි සිටිබවත් ය.එමුත් එම ප්‍රදේශයේ සිටින සිංහල ප්‍රදේශ වාසීන්ට අනුව එම මතයය තහවුරැ කිරීමට ජනප්‍රවාදයක් වත් නොමැත.ඔහු සමග සාකච්චාවෙන් පසු අපට සිතුනු එක දෙයකි.ඔහු සමග කතා කරන සියලු විදෙස් සංචාරකයින්ට ඔවුන් කියනුයේ රාවණ යනු දෙමළ රජෙක් බවයි.තවද ඔවුන් රාවණ දෙමල රජෙක් ලෙස හුවා දැක්වීමට යොදාගන්නා පදනම් විරහිත කතා විදේශිකයන්ටද ප්‍රකාශකරයි.ප්‍රදේශවාසීන්ට අනුව නුවරඑලිය ප්‍රදේශයට දෙමළ වැසියන්ගෙනැවිත් ඇත්තේ දකුණු ඉන්දියාවේ සිටය ඒ බ්‍රිතාන්‍ය ජාතිකයින් ගේ වතුකර්මන්තයේ කුලී සේවකයන් ලෙසටය.එනම් නුවරඑලිය තුල දමිල ජනතාවට ඇත්තේ උපරිම වසර 250ක පමන ඉතිහාසයකි.එලෙස තිබියදීත් අසත්‍ය ඉතිහාස අයිතිවාසිකක් තනාගැනීම සදහා ඔවුන් ශ්‍රේෂ්ඨ හෙළ රජෙක්වන රාවණ රජුට දෙමල ලේබලයක් ගැසීමේ අසාර්ථක උත්සහයක යෙදෙන අතර කෝවිල නැරබීමට එන දෙස් විදෙස් සංචාරකයන්ටද මෙම විකෘති ඉතිහාසය පෙන්වයි.මෙගින් ශ්‍රේෂ්ඨ හෙළ ඉතිහාසය විකෘති වේ.මෙයට වගකකිව යුත්තෝ කව්රැන්ද????
හෙළ ගවේශන 2011චාරිකා සටහන
උපුටාගැනිම : නිර්මාල්ගෙ චාරිකා සටහනින්
31 August 2011
යපනයෙ අපෙ උරුමය..
මහින්දාගමනයට පෙර සිටම බුදුදහම පිළිබඳව ලක්වැසියන් දැනසිටි බව විවිධ ඓතිහාසික මූලාශ්‍රයන්ගෙන් අනාවරණය වී ඇත. මහියංගන දාගැබ් වහන්සේ පිහිටුවීම, තපස්සුභල්ලුක වෙළඳ දෙබෑයන් විසින් ගිරිහඬු සෑය ගොඩනැගීම, බද්ධකච්ඡායනා කුමරිය හා රෝහණ ශාක්‍ය කුමාරයා වැනි බෞද්ධයන් යැයි සිතිය හැකි පිරිසගේ පැමිණීම එම සිදුවීම් අතර වේ. ගෞතම බුදුරජාණන් වහන්සේ දෙවැනිවර නාගදීපයට වැඩම කළ සේක. එමෙන්ම මහින්දාගමනයෙන් පසු සඟමිත් මහරහත් තෙරණිය ශ්‍රීමහා බෝධි ශාඛාව වැඩමවාගෙන දඹකොල පටුන වෙත සපැමිණියාය.
මෙවන් ඓතිහාසික බෞද්ධ සිදුවීම් අතරින් බොහෝ දේ සිදුවූයේ යාපනය දිස්ත්‍රික්කය තුළ හෝ ඊට සමීපයේය. එබැවින් අතීතයේ පටන්ම යාපනය බෞද්ධ පූජනීය භූමියක් වූ බව අනුමාන කළ හැකි වේ. ඉන්පසු කාලයේ එනම් ක්‍රි.ව. 2 වැනි හා 10 වැනි සියවස් තුළ යාපනය බෞද්ධ පුණ්‍ය භූ®මියක්ව පැවැති බවට ලිඛිත සාක්ෂි මේවන විට හමු වී ඇත. ඒවා අතරින් වඩා වැදගත් වන්නේ ක්‍රි.ව. 2 වැනි සියවසට අයත් වල්ලිපුරම් රන් සන්නස සහ ක්‍රි.ව. 10 වැනි සියවසට අයත් කන්දරෝඩෙයි (කදුරුගොඩ) ටැම් ලිපියයි.
වල්ලිපුරම් නම් ග්‍රාමය යාපනය දිස්ත්‍රික්කයේ වඩමාරච්චි කොට්ඨාසයෙහි පිහිටා ඇත. ශ්‍රී ලංකාවේ අනෙක් ප්‍රදේශවල මෙන්ම මෙහිදීද දියුණු බෞද්ධ ශිෂ්ටාචාරයක අවශේෂ හමු වී ඇත. වල්ලිපුරම් ගමටත් මුහුදටත් අතර වූ බිම් තීරුවක පැරැණි මනුෂ්‍ය වාසයේ අවශේෂ විසිරී ඇතැයි පැවසේ. මෙහි සාමාන්‍ය වැසියන් විසින් කරනු ලබන කැණීම් (බිම් හෑරීම්) වලදී ද ගොඩනැගිලි පදනම්, ගඩොල්, වළං හා කාසි හමුවී ඇත. වල්ලිපුරම් රන්සන්නස හමුවූයේ වල්ලිපුරම් ප්‍රදේශයේ විෂ්ණු දේවාලයට අයත් ඉඩමක, පැරණි ගොඩනැගිල්ලක අඩිතාලමට පහලිනි. 1936 දී පමණ එම කැණීම සිදුවී ඇත.
ඉතා තුනී ලේඛනයක් වූ මෙම වල්ලිපුරම් රන් සන්නස ලංකාවෙන් හමුවූ පළමු රන්පතයි. එම ලේඛනයේ අක්ෂරය වූයේ ක්‍රි.ව. දෙවන සියවසේ භාවිතා වූ බ්‍රාහ්මීයයයි. මෙම රන් පතෙහි ලේඛනගතව ඇත්තේ ‘වසභ’ රජ සමයෙහි (ක්‍රි.ව. 126 - 170) ඉසිගිරිය නම් ඇමතිවරයා නාගදීපයෙහි පාලකයාව සිටියදී පියගුකතිස නමැත්තෙකු විසින්, බදකර අතන නම් ස්ථානයක බෞද්ධ විහාරස්ථානයක් පිහිට වූ බවයි.
එහි පෙළ පහත සඳහන් වේ.
1. සි_ මහරජ වහයහ රජෙහි අමෙතෙ
2.ඉසිගිරයෙ නකදිව බුජමෙනි
3. බඳකර - අතනෙහි පියගුක - තිස
4. විහර කරිතෙ
මෙහි ‘වහ’ යනුවෙන් ලියා ඇති රාජ නාමය නිසැකවම වහබ හෙවත් වසභ යන්නයි. පළමුවන දෙවන සියවස් තුළදී අක්ෂර දෙකක් සහිත අන් රාජනාමයක් භාවිතා වී නොමැත. රන්පතෙහි සඳහන් පරිදි නාගදීපය එකල පාලනය කළේ ඉසිගිරිය නම් අමාත්‍යවරයාය. පියගුකතිස යනු පියඟු නම් පෙදෙසේ වැසියකු විය යුතුය. ඔහු විසින් නාගදීපයේ කරවන ලද විහාරය ‘පියඟුකතිස්ස විහාරය’ යනුවෙන් නම් කරන්නට ඇතැයි පැවසේ.
වල්ලිපුරම් රන්සන්නසේ සඳහන් වන පරිදි නකදිව යනු බුදුරජාණන් වහන්සේ දෙවැනි වර වැඩම කළ නාගදීපය විය යුතුය. නාගදීප යන නාමය ක්‍රි.ව. දහවැනි සියවස දක්වා වංශකථාවල වරින්වර සඳහන්ව ඇත. අතීතයේ නාගදීපය තිබූ ස්ථානයේ භූගෝලීය පිහිටීම පිළිබඳව කිසියම් සැකයක් පැවතුණද එය පසුකාලයේදී නිරාකරණය විය. ආචාර්ය පෝල් පීරිස් විසින් කරන ලද පුරාවිද්‍යා පර්යේෂණයන් ගේ ප්‍රතිඵලයක් ලෙස නාගදීපය යනු යාපනය අර්ධද්වීපයම බව ස්ථිරවම අනාවරණය වී ඇත. ඒ අනුව ඉතා ඈත අතීතයේ යාපනය අර්ධද්වීපය හඳුන්වා ඇත්තේ නාගදීප යනුවෙනි.
වල්ලිපුරම් රන් සන්නස අනාවරණය වනතුරු එය මුලින්ම තැන්පත් කළ ස්ථානයේම වැළලී තිබෙන්නට ඇතැයි විශ්වාස කරයි. විහාරය පිහිටුවීම පිළිබඳව ලේඛනගත කරද්දී සමකාලීනව දිවයිනෙහි පාලකයාගේ නාමය ද ප්‍රාදේශීය පාලකයාගේ් නමද සඳහන් කොට ඇත.
එනම් වසභ රජතුමා හා ඉසිගිරිය ඇමතිවරයාය. මේ අනුව ආගමික පදනම තිබූ ස්ථානයත්, නාගදීපයත් යාපනය අර්ධද්වීපය තුළ පිහිටි බැවින් එකල එම ප්‍රදේශය කිසියම් බෞද්ධ පුනර්ජීවනයක් සහිතව පවතින්නට ඇතැයි අනුමාන කළ හැකිවේ.
මෙම රන් තහඩුවෙන් ස්ථිරවන සුවිශේෂ කරුණ වන්නේ ක්‍රි.ව. දෙවන සියවසෙහි නාගදීපය අනුරපුර රජතුමාගේ අමාත්‍යවරයකු විසින් පාලනය කරන ලද බවයි. එම කාලයේදී එහි බෞද්ධ සිද්ධස්ථානයද ඉදිකොට ඇත.
නාගදීපය පිළිබඳ වංශකථාවල සහ අනෙකුත් ඓතිහාසික ලේඛනවල සඳහන් වන කරුණු අනුව එහි විසූවන් ජාතියෙන් භාෂාවෙන් හා ආගමෙන් දිවයිනෙහි අන් පෙදෙස්හි විසූවන් හා සමාන විය. සත්‍ය වශයෙන්ම ලක්බිමෙහි උතුරු ප්‍රදේශය, ලාංකේය ජනතාවගේ දේශපාලන, ආගමික හා සංස්කෘතික ඉතිහාසයේ ඉතා වැදගත් කාර්ය භාරයක් ඉටුකළ භූමියකි. පොළොන්නරු යුගයේ අවසානය දක්වා එම ස්වභාවය නොවෙනස්ව පැවතුනේය. එහි සියලු ජන කොටස් සහයෝගයෙන් කටයුතු කරමින් වාසය කර ඇත.
රන් සන්නසෙහි දැක්වෙන ආකාරයට වල්ලිපුරමේ අතීත නාමය වූයේ ‘බදකර - අතන’ ය. ‘බදකර’ යන නාමය පාලි භාෂාවෙන් ‘භද්දාකාර’ හො ‘භද්දඝර’ නමින් ව්‍යවහාර විය. ‘අතන’ යනු ස්ථාන නාමයන්ට පොදුවේ යෙදුන පදයකි. මෙම රන්පතින් අනාවරණය වන ආකාරයට ක්‍රි.ව. දෙවන සියවසෙහි, යාපනය අර්ධද්වීපය සිංහල අමාත්‍යවරයකු විසින් පාලනය කරන්නට ඇතැයි නිශ්චිතව සඳහන් කළ හැකිය.
ක්‍රි.ව. දෙවැනි සියවසෙහි පමණක් නොව ක්‍රි.ව. දසවැනි සියවස දක්වා වූ කාලයේද යාපනය ප්‍රදේශය සිංහල නරපතියන් විසින් පාලනය කරන ලද බව කදුරුගොඩ (කන්දරෝඩෙයි) ටැම් ලිපියෙන් සනාථ වේ.
මෙම ටැම් ලිපිය පිහිටියේ හුණුගම නමින් අතීතයේ ව්‍යවහාර වූ (පසුව චුන්නාකම් වූ) ප්‍රදේශයට නුදුරින් පිහිටි කදුරුගොඩ (පසුව කන්දරෝඩෙයි) විහාර භූ®මියට නුදුරිනි. මෙය අත්තාණි කණු කැබැල්ලකි. එනම් රාජකීය නියමයන් සහිත ලියවිල්ලක් සහිත ටැම් කොටසකි) එය යාපනය අර්ධද්වීපයෙහි තිබී හමුවීමෙන් හා එහි සඳහන් කරුණු වලින් අනාවරණය වන්නේ, එකල එම ප්‍රදේශයේ භාෂාව සිංහලය වූ බවත් එම ප්‍රදේශය සිංහලයන් සතුව පැවති ආකාරයත්ය.
කදුරුගොඩ ටැම්ලිපිය මූණත් හතරකින් යුතුව ගල් කුළුණක කොටා ඇත. ලේඛනය සහිත කුළුණු කැබැල්ලේ උස අඟල් 17 ක් පමණ වන අතර මූණතක පළල අඟල් 9 1/2 ක් විය. හමු වී ඇත්තේ මෙම අත්තානි කණු කැබැල්ලේ උඩ කොටස පමණි. ක්‍රි.ව. 9 - 10 සියවස්වල සෙල්ලිපිවල සාමාන්‍යයෙන් දක්නට ලැබෙන ආරම්භක වාක්‍යය ‘සිරිබර් කැත්කුල කොත්’ යන පාඨයෙන් ලේඛනය ආරම්භ වී ඇත. අත්තාණි කණුවේ පැති හතරෙන් එක් පැත්තක සූර්ය සංකේතයක් කැටයම් කොට ඇත. අනෙක් පැති තුනෙහි පේලි අට බැගින් ලේඛනගත කොට ඇත. මුළු පේලි ගණන විසිහතරක් වේ.
කදුරුගොඩ අත්තාණි කණු ලිපියෙන් අනාවරණය වන්නේ මුළු ශිලා ලේඛනයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් පමණි. මෙහි අක්ෂර ක්‍රි.ව. 9 - 10 සියවස්හි භාවිත වූ අකුරු වලට සමාන වේ.
මෙතෙක් හමුවී ඇති විවිධ යුගයන්ට හා විවිධ රජවරුන් විසින් ලියවන ලද ශිලා ලේඛනයන්හි භාෂාව හා ශෛලිය පිළිබඳ සලකා බැලීමේදී කන්දරෝඩෙයි ටැම්ලිපිය සිව්වැනි දප්පුල රජ සමයට අයත් බව සැලකිය හැකිය. මෙවැනිම ශිලා ලේඛන කිහිපයක් මොරගොඩ, තිඹිරිවැව කුංචිකුලම, අඹගස්වැව, හල්මිල්ලකුලම, ඇල්ලෙවැව, කදුරුගස්කඩ යන ස්ථානවලින්ද හමුවී ඇත. කන්දරෝඩෙයි ටැම්ලිපිය පිහිටුවීම සඳහා සම්බන්ධ වූ ‘කිලිඟ් අග්බෝනා’ නම් නිලධාරීයාගේ නම පොළොන්නරුව අංක 2 ශිව දේවාලයේද බණ්ඩාර රත්මලේ ද කන්තලේ ඇල්ල පාරේද ටැම්ලිපිවල සඳහන්ව ඇත.
කිලිඟ් අග්බෝනාවන්ගේ නියෝගයෙන් කන්දරෝඩෙයි අත්තාණි කණුව සිටුවීමට සම්බන්ධ වූයේ කිලිඟ් බෝසත් නම් නිලධාරියාය. මෙම කිලිඟ් බෝසත් නම් නිලධාරියාගේ නාමය සිව්වැනි දප්පුල රජුගේ ඇටවිරගොල්ලෑව ටැම් ලිපියෙහිද බණ්ඩාර උල්පොත ටැම් ලිපියේද සඳහන් වන බැවින්, කන්දරෝඩෙයි ටැම්ලිපිය (කදුරුගොඩ ටැම්ලිපිය) සිව්වන දප්පුල රජ සමයට අයත් වන බව තහවුරු වෙයි.
මෙම අත්තාණි කණුව පිහිටුවීමේ අපේක්ෂාව වූයේ අනුරපුර අභයගිරිය හා සම්බන්ධව පැවති යාපනය අර්ධද්වීපයෙහි පිහිටි කිසියම් ගමකට හෝ ආයතනයකට දීමනාවක් (පරිභාර) දීමය. එහෙත් මෙම අනුග්‍රහ ලැබූ ග්‍රාමයෙහි නම හඳුන්වාගත නොහැකිය.
මෙම ලිපියෙහි විශේෂත්වය වනුයේ අනුරාධපුර අභයගිරිය හා සම්බන්ධව පැවැති ආයතනයක් හෝ විහාරයක් එකල යාපනය ප්‍රදේශයෙහි පිහිටා තිබූ බව තහවුරු වීමය. කන්දරෝඩෙයි ටැම් ලිපියසොයාගනු ලැබුවේ පුරාණ කදුරුගොඩ විහාරය අසලිනි. එබැවින් එම විහාරය අතීතයේ අභයගිරි විහාරයට සම්බන්ධව තිබෙන්ට ඇතැයි විශ්වාස කළ හැකිය.
කන්දරෝඩෙයි හෙවත් කදුරුගොඩ ටැම් ලිපියෙහි පෙළ
පළමු පාර්ශයවය දෙවැනි පාර්ශවය
1. (ස්වස්ති) 1...... (කිලි)
2. සිරිබර් (කැත්) 2. ග් අග්බොනාව
3. කුල කොත් ඔ (කා) 3. න් වරැ මහ කිලි
4. වස් පරපු(රෙ) 4. ඟ් ගම්වැසි බො
5. න් හිමි වූ රුහු 5. සත් ඇතුළ් වැ මෙ
6. ණ් දනවු මල 6. තුවාක් සම්දරු
7. මඬුලු තුමහ 7. වන් අභය (ගි)
8. (ට්) එ (කත්කොට්) 8. රි වෙහෙර (ස)
තෙවැනි පාර්ශවය
1. ...........
2. නොගන්නා
3. කොට් ඉසාපි
4. යො වදාරනු
5. වන් පස්ල
6. දුවන් නොව
7. ද්නා කොට් ඉ
8. සා ........
පෙළ අනුවර්තනය
පළමු පාර්ශවයේ අනුවර්තනය - (යහපතක් වේවා) ශ්‍රී භාර ක්‍ෂත්‍රිය කුලයට කේතුවක් වූ ඉක්ෂ්වාකු පරම්පරායෙන් අයිති වූ රෝහණ ජනපදය නම් මල මණ්ඩලය තම (රාජ්‍යයට) එකතුකොට
දෙවැනි පාර්ශවයේ අනුවර්තනය - කිලිග් අග්බෝනාවන්ගේ අවසරයෙන් පැමිණි මහ කිලිඟ්ගම්හි පදිංචි බෝසත් ඇතුළු වූ මෙතෙක් නිලධාරීන් (විසින්) අභයගිරි විහාරය (ස .....)
තෙවැනි පාර්ශවයේ අනුවර්තනය - නොගන්නා ලෙසද පියොවදාරනුවන් පස්ලදුවන් ඇතුල් නොවන ලෙසද......
මෙම ශිලා ලිපියට අනුව සිව්වැනි දප්පුල රජු ඔක්කාක රජ පරපුරට අයත් වූ බව අනාවරණය වෙයි. අතීත ලක්දිව බොහෝ රජවරු, තමන් සුදොවුන් රජුගේ පරපුර වූ ඔක්කාක වංශයෙන් පැවත එන බව ලේඛන ගතකොට ඇත. ඇතැම් සෙල්ලිපිවල සඳහන් වන ආකාරයට සිංහල රජවරුන් අයත් වූයේ ඔක්කාක රජ පරපුරෙහි සූර්ය වංශයටය.
ඇතැම් රජවරුන් තම උරුමය ප්‍රකාශ කොට ඇත්තේ ‘ලක්දිව් පොළොයෙන් පරපුරෙන් හිමි වූ’ හෝ ‘ලක්දිව් පොළොව් මෙහෙසන පරපුරෙන් හිමි වූ’ යනුවෙනි. එනම්, ලක් පොළොව තමන්ට පරම්පරාවෙන් හිමි වී ඇති බව පැවසීමෙනි.
සෙල් ලිපියේ සඳහන් වන ‘මල මඬුලු’ හෙවත් මල මණ්ඩල යන නාමය භාවිතා වී ඇත්තේ විශාල ප්‍රදේශයක් කැලෑවෙන් වැසී තිබුණු වැද්දන් වැනි මනුෂ්‍ය කොටස් බහුලව වාසය කළ ප්‍රත්‍යන්ත ජනපද හැඳින්වීම පිණිසය.
මෙම ශිලා ලේඛනයෙහි ‘කිලිඟ්’ නමින් හඳුන්වා ඇත්තේ ආගමික නැඹුරුවක් සහිත කුළ පරම්පරාවකි. සඟමිත් තෙරණිය සමග ශ්‍රී මහ බෝධියේ ආරක්ෂාවට මෙහි පැමිණි පිරිස ‘කිලිග්’ හෝ කිලිඟු කුලවතුන් යනුවෙන් හඳුන්වා ඇත. ඇතැම් කිලිඟු කුලවතුන් අනුරාධපුර යුගයේදී රජයේ උසස් තනතුරු උසුලා ඇති බව වංශකථාවන්හි සඳහන්ව ඇත.
මෙහි ‘පියොවදාරනුවන්’ යනුවෙන් හඳුන්වා ඇත්තේ රජයේ නිලධාරීන් පිරිසකි. කන්දරෝඩෙයි ශිලා ලිපියෙහි ම, පළාත පාලනය කළ පිරිස් හඳුන්වා ඇත්තේ ‘පස්ලදුවන්’ යනුවෙනි. ක්‍රි.ව. පස්වැනි සියවසේ සිට අනුරාධපුර යුගයේ අවසානය දක්වා නගර සීමාවේ දිසා සතර ‘පස්ස’ යනුවෙන් හඳුන්වා ඇත. තවද ක්‍රි.ව. නවවැනි සියවසේ සිට දක්ඛින පස්ස අනිවාර්යයෙන්ම යුවරජුගේ පාලනය යටතේ පැවතියේය. එබැවින් පසු කාලයේදී එම ප්‍රදේශය පාලනය කිරීම සඳහා පස් ලද්දකු හෙවත් ‘ප්‍රාදේශීය පාලකයෙකු’ පත්කරන්නට ඇත. ශිලා ලේඛනයෙහි පියොවදාරනුවන් යනුවෙන් ද පස්ලදුවන් යනුවෙන් ද හඳුන්වන්නන් ගේ ප්‍රධානියා ඔහු විය හැකිය. ඉහත දැක්වූ කදුරුගොඩ විහාර (කන්දරෝඩෙයි) ටැම්ලිපියෙන් මැනවින් අනාවරණය වන්නේ යාපනය ප්‍රදේශය දසවැනි සියවසෙහි සිංහල පාලකයන් සතු බොදු පින්බිමක් ලෙස පැවති බවයි.
දුර්වල පාලකයන් බිහි වූ අවස්ථාවන්හිදී විවිධ ආක්‍රමණිකයෝ අතීත ලක්බිමට වැද සංස්කෘතික, සාමාජික හා ආගමික වශයෙන් මහත් වූ විනාශයන් සිදු කළහ. එහෙත් අපේ මවුබිම ප්‍රාග් ඓතිහාසික යුගයෙහි සිට සශ්‍රීක වූ පොළොවක් සහිත සුන්දර වූ දිවයිනක් ලෙස පැවතියේය. එමෙන්ම ක්‍රිස්තු පූර්ව යුගවල සිට ක්‍රිස්තු වර්ෂ දහතුන්වැනි සියවස දක්වා අනභිභවනීය ලංකා භූමියක් ලෙස පැවතියේය. විශේෂයෙන් යාපනය ඇතුළු උතුරු නැගෙනහිර පළාත් නිවහල් වූ බෞද්ධ පුණ්‍ය භූමියක්ව ශ්‍රී ලාංකික සියලු ජනතාවට උරුමය පවතින්නට ඇත.
වර්තමානයේ අප සතු යුතුකම හා වගකීම වන්නේ නැවත නිවහල් වූ ශ්‍රී ලංකාද්වීපය විදේශාධිපත්‍යයෙන් තොර රමණීය වූද සාමකාමී වූද දිවයිනක් ලෙස ආරක්ෂා කර ගැනීමයි.
ඡායාරූප - සුදම් ගුණසිංහ
එම්. නිලන්ති මානෙල්
29 August 2011
මහාවංශයේ පිටු අතුරුදන් කළේ "සාක්‍ෂි නැති මරණයක්" පෙන්වීමටද?
ලන්ඩන්හි යටත් විජිත භාර මහලේකම් කාර්යාලයෙන් ඒ ඒ රටේ තම යටත් විජිත ලේකම්වරුන්ට දැනුම් දී තිබූ කරුණක් වූයේ එම රටවල ඉතිහාසය සොයා බලා සංග්‍රහ කිරීමටය. ඉන් බොහෝ කලකට පසු 1912 දී එච්. ඩබ්ලිව්. කොඩ්රිංටන් විසින් ශ්‍රී ලංකාවේ සංක්‍ෂිප්ත ඉතිහාසය ග්‍රන්ථයක් ලෙස සම්පාදනය කළේය. පුරාණ යුගය සම්බන්ධ එහි මූලාශ්‍ර වූයේ මහාවංශය ඇතුළු වංශ කතාවන්ය. කීර්ති ශ්‍රී රාජසිංහ රජුන් දවස පාළි මහාවංශයේ තුන්වැනි කොටස ලිවීමේදී එහි තිබුණා වූ 40 වැනි පරිඡේදය 19 සියවස අග භාගයේදී අතුරුදන් වී ඇති බව දක්‌නා ලැබිණි. අදත් එය එසේමය. කාශ්‍යප රජු යුදයෙන් පරදවා මුගලන් රජ වූ පසු තොරතුරු 40 පරිච්ඡේදයේ විය. සීගිරිය ගැනත් රාවණ රජු ගැනත් එහි විස්‌තර අඩංගු වූ බව ඊට යොමුවදී ඇති වෙනත් ග්‍රන්ථවලින් පැහැදිලිය.
රාවණ මරණය දැක්‌වෙන ෆර්නාඩ් ඈන් ප්‍රියන්තේ
කොර්මන් (1875) විසින් අඳින ලද සිතුවම.
රාවණ ඓතිහාසික චරිතයක් නොවන බව කියන ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අතරට එකතුවීමට කැමැත්තක් දක්‌වන ලලීන්ද්‍ර සන්නස්‌ගම නමැති ලේඛකයා නැගී සිටින දුර්වල පදනම ඔහුට අවබෝධ කරවන අතරම සුද්දා අනුව ගිය ඉතිහාසය හදාරන්නන්ද දැන ගතයුතු කරුණු බොහෝය.
ලංකා ඉතිහාසය ගොඩනැංවීමේ ශුද්ධ වූ අයිතිය අද හිමිවන්නේ විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ට හා රාජකීය ආසියාතික සංගමයටය. ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල යනු එංගලන්ත විශ්වවිද්‍යාල ආකෘතිය මත පිහිටි බටහිර දැනුම බෙදාදෙන විද්‍යාස්‌ථානයන්ය. මත ගැටුමක් සමාජය තුළ උග්‍ර වූවොත් එය අවසාන වශයෙන් විසඳිය යුත්තේ අධිකරණයෙනි. අධිකරණය යනු ඉංගිලිසි නීතිය අනුව විනිශ්චය කරන ස්‌ථානයයි. කැඳවන්නේ විශේෂඥ සාක්‍ෂින්ය. විශේෂඥ සාක්‍ෂි යනු විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුන්ය. රූපවාහිනි විකට ශිල්පීන් තිදෙනාගේ "ඌ මට ගහනවෘ මට ඌ ගහනව" විචිත්‍රාංගය මෙහිදී සිහියට නැගේ. සන්නස්‌ගම මහතාගේ පදනම දුර්වල වුවත් ඔහුගේ සුරක්‍ෂිත බව ප්‍රබලය. කොඩ්රිංටන් - පරණවිතාන (අදෘශ්‍යමාන) ගුරුකුලය තවමත් ලංකාවේ ජයග්‍රාහීව සිටීම ඊට හේතුවය.
බ්‍රිතාන්‍ය ගුරුකුලයට වැරදුන තැනකින් පටන්ගැනීම සුදුසුයෑයි සිතමි. මහාවංශය ලංකා ඉතිහාසය ලෙස සැලකූ සුද්දා රාවණ රජු හුදු මිථ්‍යාවක් ලෙස බැහැර කළේය. මහාවංශයේ 40 පරිච්ඡේදය අතුරුදන් වූයේ සාක්‍ෂි නැති මරණයක් පෙන්වීම සඳහා විය හැක. නමුත් කාශ්මීර ඉතිහාසය ලිවීමේදී බ්‍රිතාන්‍යයන් කල්හාතගේ රාජතරංගනිය (කාශ්මීර රාජාවලිය දැක්‌වෙන ග්‍රන්ථය) අනුව යමින් ක්‍රි.පු. 1149 දී රාජ්‍යත්වයට පැමිණි "විභීෂණ" ගෙන් ඉතිහාසය ලිවීම ඇරඹීය. මේ වෙනත් විභීෂණයකු නොව රාමායනයේ දැක්‌වෙන රාවණගේ සොහොයුරු විභීෂණමය. ඔහුගෙන් පසු ක්‍රි.පු. 1095 දී ඉන්ද්‍රජිත් (මියගිය බව රාමායණයේ සඳහන් රාවණාගේ පුත්‍රයා) රජවිය. ක්‍රි.පු. 1060 දී දෙවැනි රාවණ රජවිය. අනතුරුව ක්‍රි.පු. 1030 දී දෙවැනි විභීෂණ රජවිය. මෙම ලැයිස්‌තුව රාජතරංගනිය කියවා හෝ කාශ්මීර ඉතිහාස පොත කියවා දත හැකිය.
ත්‍රිපිටකයට අයත් නොවන මහායාන සූත්‍රයක් වන "ලංකාවතාර සූත්‍රය" මලයකූටයේ සිටි රාවණ පරපුරේ පාලකයාට බුදුන් විසින් (නමක් සඳහන් නොවේ) දේශනා කරන ලද බව එම සූත්‍රයේ සඳහන්ය. එපමණක් නොව දෙදහස් පන්සිය වසරකට පසු ලෝක නායකයෙකු (දියනා) ලංකාවෙන් බිහිවන බවද එහි අන්තර්ගතය. පැරකුම්බා සිරිත ලියූ කවියා ප්‍රාර්ථනා කරන්නේ ඒ කෝට්‌ටේ හයවැනි පැරකුම්බා රජුම වේවා යනුවෙනි (පැරකුම්බා සිරිත 9 කවිය - කියන මගිය කොහි සිට එනු දද සමනොල ගොසිනා... ආදී) මේ සමග දැනට වසර කිහිපයක සිට රාවණ රජු ගැන උද්යෝගයක්, භක්‌තියෙන් යුතුව සැලකීමත් හා සමාජ හඬක් ඇතිවී තිබීම අධ්‍යයනය කළ යුතුය.
මිනිසාගේ ඇස, කණ, නාසය ආදී වූ පසිඳුරන්ට අවබෝධ කළ නොහැකි දේ බොහෝය. ලොව 80% ක් පසිඳුරන් මගින් තේරුම් ගත නොහැකි බව කියනු ලැබේ. ලලීන්ද්‍ර සන්නස්‌ගම මහතාද මෙබඳු මනුෂ්‍යයෙකු විය යුතුය.
ඔහුq ඉදිරිපත් කරන කරුණු හා තර්ක කොටස් 3 ට වර්ග කළ හැක. 1. වැරදි හඳුනා ගැනීම්, 2. මනඃකල්පිත අදහස්, 3. කරුණු හා තර්ක.
වැරදි හඳුනා ගැනීම්
1. බෞද්ධ ශිෂ්ටාචාරය(- ශිෂ්ටාචාරය යනු මිනිසා විසින් තමා අවට ඇති සම්පත් හා ස්‌වාභාවික වස්‌තූන් තමාට කැමැති ලෙස ප්‍රයෝජනයට ගනිමින් අවශ්‍යතා සපුරා ගැනීමේ සම්පූර්ණ ක්‍රියාදාමය හඳුන්වන වචනයයි. බුදුන් වහන්සේ විසින් භූමි පරිභෝජනය, බිම් සැකසීම, බීජ තෝරාගැනීම, වැපිරීම, ජල සම්පාදනය, අස්‌වැන්න නෙළීම ආදී වූ නිෂ්පාදන ක්‍රියාවලිය ගැන ධර්ම දේශනාකර නැත. කර්මාන්ත හෝ ප්‍රවාහනය ගැනද නැත. සංස්‌කෘතිය යනු මිනිසුන්ට පමණක් සීමාවන සිතීම්, වචන හා ක්‍රියාවලීන් ඇසුරින් ඇතිවන සමානත්වය දැක්‌වීම සඳහා යෙදෙන වචනයයි. භාෂාව, ආගම, නැටුම්, ගීත වාදන, චිත්‍ර, මූර්ති, සාහිත්‍ය, සිරිත්, හැසිරීම් විධි යනාදී දේ ඒ යටතට එයි. මේ අනුව බෞද්ධ ශිෂ්ඨාචාරයක් නොව බෞද්ධ සංස්‌කෘතියක් ඇත.
2. ආර්ය ජනයා(- මැක්‌ස්‌මුලර්ගේ ආර්ය වර්ගීකරණයට අනුව ආර්ය හා අනාර්ය ජනතාවන් ඇතද, ඇත්තේ ආර්ය භාෂා පමණි. මේ වේදයේ ඇති ආර්ය නමැති වචනය වරදවා වටහා ගැනීමකි. අර්යය ඉන්දියාවේ වයඹ දිග කපොළු වලින් පන්ජාබයට ඇතුළුවීම යනු 1990 න් පමණ පසු නිෂේධ වූ මතයකි. උතුරු දිග ශීතල ප්‍රදේශවල සිට දකුණෙහි උණුසුම් ඉරානයට අවුත් එහි නතර වූ ජනයා ඉන්දු-ඉරානියන් ලෙසද, බටහිරට ගිය අය ඉන්දු-යුරෝපීය ලෙසද, නැගෙනහිර ගමන් කළ අය ඉන්දු ආර්ය ලෙසද කරන හැඳින්වීම නිවැරදි වන අතර මෙම එෙŒරුන් ඉරානයට ආවේ කොකේසස් කඳුකරයෙන් බව කීමද නිවැරදිය. ඔවුන් කොකේසස් කඳුකරයේ ඕපපාතිකව පහළවූවා නොව හෙළදිව සිට හිරත්යක් රජු ගොස් එහි ජනවාස පිහිටුවීම කළ බව දැන් සොයාගෙන ඇත.
3. රාමායණය සනාථ කිරීම හා රාවණා සනාථ කිරීම(- රාමායණය ප්‍රබන්ධ කරන ලද මහා කාව්‍යයකි. එබැවින් ඓතිහාසික ලෙස එය සනාථ කළ නොහැක. නමුත් රාවණ ඓතිහාසික නිසා ඔහු මනුෂ්‍යයෙක් බව සනාථ කළ හැක. රාමා, සීතා, හනුමන් මිථ්‍යා ප්‍රබන්ධ වීම හේතුවෙන් රාවණා මිථ්‍යාවක් වීම සිදු නොවේ. ඓතිහාසික පුද්ගලයන් (දුටුගැමුණු, කාශ්‍යප, සිද්ධාර්ථ) මුල්කර නවකතා ලිවීම දැනුදු කෙරේ.
කල්පිත අදහස්
1. අමුවාචාරීන් මිෂනාරින් ගණයට දැමීම(- මිෂනාරි යනු ඉංගිලිසි වචනයකි. පණිවිඩයක් (මිෂන්) රැගෙන යන්නා යනු එහි අර්ථයයි. අටුවාචාරින් වහන්සේලා විසින් කළේ ගුඹුරු වූ දහම සාමාන්‍ය ජනතාව සඳහා ජීවන අත්දැකීම් මිශ්‍රිත කතාන්තර බවට හරවා ලියා එය ජනතාවට සන්නිවේදනය කිරීමයි. මහින්ද තෙරුන් ධර්මදූත මෙහෙවරක යෙදුන (මිෂනාරි) දූතයෙකි. එපමණක් නොව බුදුන් වහන්සේද මුළු උතුරු ඉන්දියාව පුරා දහම් බෙරය වයා ජනතාවට දහම් පණිවිඩය දුනි. මිෂනාරි යන වචනය මිෂන් (දූත මෙහෙවර) සඳහා යෙදෙන ඕනෑම අයෙකුට භාවිත කළ හැක. ඉංගිලිසි වචන පාවිච්චි කිරීමේදී එම භාෂාව දැනගැනීම අත්‍යවශ්‍යය.
2. ඇමෙරිකානු වහල් භාවය(- කොඩ්රිංටන් - පරණවිතාන ගුරුකුලය ඉංගිලිසි මානසික වහල් බව තුළ ගැලී සිටින නිසා ඊට පටහැනි මත පළකිරීම ඇමෙරිකානු මානසික වහල්බව යයි සිතීම මුලාවකි. "අත්තානං උපමං කත්වා....." යනු හැමවිටම සුදුසු උපදේශයක් නොවේ.
3. සාක්‍ෂි නැතිවිට එසේ නොවේයයි කීම(- රාවණ රජු සනාථ කිරීමට පුරාවිද්‍යා සාක්‍ෂි නැතිබව සන්නස්‌ගම මහතා පුන පුනා පවසයි, අතීතයේ සිට මහනුවර යුගය දක්‌වාම සාමාන්‍ය සිංහල රටවැසියන්ගේ ඇඳුම, නිවාසය සැදීම, ආහාර සැකසීම කෙසේදැයි දැනගැනීමට සාක්‍ෂි නැත. මේ අනුව සිංහලයා ඉතිහාසය පුරා නිර්වස්‌ත්‍රව හා එළිමහනේ ගස්‌යට ජීවත් වූ බව කීමටද ඔහු පෙළඹෙනු ඇත.
4. රාවණ බුදු දහමට අනුග්‍රහ දැක්‌වීම(- රාවණ රජු බුදු දහමට අනුග්‍රහ දැක්‌වූ අයෙකු නොවන අතර මා එබඳු ප්‍රකාශයක් කර නැත. එවැන්නක් රාමායණයේද නැති නිසා එබඳු අදහසක් ප්‍රකාශ කළ නොහැක. මේ ලංකාවතාර සූත්‍රය ඇසුරින් ආ ලියුම්කරුගේ මනෝ නිර්මාණයකි.
කරුණු හා තර්ක
1. ඉලියිඩ් හා ඔඩිසි වීරකතා රාමායණයට හා මහ භාරතයට සමානවීම(-
මෙම සාධකය සන්නස්‌ගම මහතා දකින්නේ එකම මුල් භූමියක සිට දෙපයට විහිදී යාම නිසා ඇතිවූවක් ලෙසටය. ඇතැම් විට එසේ වන්නටද පුළුවන. නමුත් ඊට වඩා ප්‍රබල හේතු දැක්‌විය හැක. දකුණු අමෙරිකානු ඇමසන්හි වනචාරියාද, අප්‍රිකාවේ කොංගෝහි වනචාරියාද, නැගෙනහිර ඉන්දීය දූපත්වල වනචාරියාද ශ්‍රී ලංකාවේ වැද්දාද සමාන පැවතුම් ඇති අය වෙති. ඒ ඔවුන් එකම මුල් භූමියක වාසය කළ නිසා නොව ඔවුන්ගේ ප්‍රාථමික ජීවිතය නිසාය. එමෙන්ම බටහිර හා නැගෙනහිර ඉහත සඳහන් යුද්ධය මුල්කරගත් වීර කතා යනු දඩයම් ජීවිතයට වඩා දියුණු එෙŒර දිවියේ අගයන්ය. තණබිම් කොල්ලකමින්, සතුන් පැහැරගනිමින්, යටත්වූවන් වහල්කමට ගනිමින් සංචාරය කරන එෙŒරාට වීරත්වය එන්නේ යුද්ධය හරහාය. භාරතයේ එදත් අදත් ඇත්තේ එෙŒර ශිෂ්ටාචාරයකි. එෙŒර සංස්‌කෘතියකි. නමුත් ඔහු මස් බුදින එෙŒරා නොව කිරි බොන (පස්‌ගෝරස) එෙŒරාය. එබැවින් යුරෝපයේ මස් බුදින එෙŒරාගේ අගයත් කිරිබොන එෙŒරාටද පොදුය.
2. මැක්‌ස්‌මුලර්ගේ "ආර්ය න්‍යාය" නිවැරදි ඉතිහාසයයි. ආර්යයෝ ග්‍රීසියට හා ඉන්දියාවට සංක්‍රමණයවීමට පෙර එකම ජනතාවක් ලෙස උතුරු සුළු ආසියානු ප්‍රදේශයක ජීවත්වූහ.
මෙහි "සුළු ආසියානු ප්‍රදේශයක" ආර්යයන් මුලින් එකට ජීවත් වී පසුව දෙපසට බෙදීයාම යනුවෙන් අඩමානයට කීම අත්‍යවශ්‍යය. උතුරු සුළු ආසියානු ප්‍රදේශ නැතිවා මෙන්ම දෙපසට බෙදීයැමට පෙර එකට ජීවත් වූ ප්‍රදේශය ලෙසින් ආර්ය න්‍යාය විසින් හඳුනාගත්තේ ඉරානයයි. අප පාසැල් යන අවදියේ පවා තුර්කිය හැඳින්වූයේ "සුළු ආසියාව" යන ගර්හිත නමින්ය. උතුරු සුළු ආසියාව යනු ආසියාවේ උතුරේ සුළු ප්‍රදේශයක් ලෙස සන්නස්‌ගම සලකා ඇති බව පෙනේ.
3. උතුරු සුළු ආසියානු ප්‍රදේශයක වූ එම මාතෘ ආර්ය භූමියේදී ගෙතූ වීරකතා දෙකකින් රාමායණය හා මහාභාරතය සකස් කරගෙන ඇත.
19 සියවස අග හා 20 සියවස මුල බ්‍රිතාන්‍ය සිවිල් සේවක ඉතිහාසඥයන්ගේ දැනුම අප විසින් තවමත් කරතබාගෙන සිටීම සංවේගයට හේතුවකි. 1970 න් පසු ගවේෂණයෙහි යෙදුන ඇමෙරිකන් ප්‍රමුඛ ජර්මන් හා වෙනත් තරුණ යුරෝපීය මානව විද්‍යාඥයන්, ඉතිහාසඥයන් හා පුරා විද්‍යාඥයන් විසින් අනාවරණය කරගත් කරුණු ශ්‍රී ලංකාවේ අපට අදත් දැනගැනීමට ලැබී නැත. "ඇමෙරිකන් මානසික වහල්බව" යනුවෙන් පරිභව කිරීම නිසා මෙම පර්යේෂණ ප්‍රතිඵලවල අඩුවක් සිදු නොවේ. අධ්‍යාපනය හ ජනමාධ්‍යය මෙම තොරතුරු වසන්කර තිබේ.
4. හෙළ-ඇසුර නමැති ලංකාව කේන්ද්‍ර කරගත් මහා අධිරාජ්‍යයක තොරතුරු වසන් කළ පිරිසක් ලෙස මෙරට වංශකතාකරුවන් හා මහාවිහාර සාහිත්‍යකරුවන් හඳුන්වා දී ශිෂ්ඨාචාරයේ නිර්මාතෘවරුන් වෛරයට ලක් කරවීම ගුණසේකර මහතාගේ ව්‍යාපෘතියයි.
ඉතා අලංකාර දේශපාලන වේදිකා වාංමාලාවක් පාවිච්චි කළද මහා විහාරයද මහසෙන් රජු මෙන්ම බොහෝ වූ පින්ද බොහෝ වූ පව්ද කර තිබීම සත්‍යයකි. හෙළ නමැති වචනය මකා එහි සංස්‌කෘත පරිවර්තනය වන "සිංහල" නාමය ජාතියට භාවිත කිරීම සිදුවිය. ඉතිහාසය සඟවා විජයාගමනයෙන් මෙරට ජනාවාස වූ බව කීම මහාවිහාර සම්ප්‍රදාය විය. තායිලන්ත මූලාශ්‍රවල කියෑවෙන පරිදි හෙළ බසින් කියවුන පුස්‌කොල පොත් ඇතුන් සත් දෙනෙකු උසට ගොඩගසා ගිනි තබන ලදී. හෙළයන් කොතරම් රසකාමීන්ද කොතරම් උසස් සාහිත්‍යකරුවන්ද යන්න අපට දැනගත හැක්‌කේ සීගිරි ගී තවමත් ශේෂ වී ඇති නිසාය. ශ්‍රී ලංකාව ජනාවාස වී වසර 380 කට පසු රුවන්මැලි සෑය ඉදිවූයේ යෑයි අනුරාධපුර දිසාපති (අමර හේවාමද්දුම) විසින් විස්‌තර කළ විට ලෝක බැංකු සභාපති රොබට් මැක්‌නමාරා එය මේ මිනිස් ලොව සිදුවිය නොහැක්‌කක් බව කියා ප්‍රතික්‍ෂේප කළේ අප සමග තරහින් නොව මුළු ලෝකය ගැනම දැනුමක් ඔහුට ඇති නිසාය. ලොව මහා ජල ශිෂ්ටාචාරය ලෙස බටහිරුවන් විසින් හඳුන්වන අපගේ ශ්‍රී ලංකාවේ බෞද්ධ මිස සිංහල සාහිත්‍යයක්, චිත්‍ර කලාවක්, ගෘහ නිර්මාණ ශිල්පයක්, මූර්ති කලාවක්, කැටයම් කලාවක් නැත්තේ ඇයිද යන්න ගැන සමීක්‍ෂණයක් කළ යුතුව ඇත. සංස්‌කෘතිය ඉක්‌මවා ගිය බෞද්ධ ආධිපත්‍යයක් නුවුයේ දැයි ගවේෂණය කළ අයෙක් නැත.
5. මහින්දාගමනයෙන් පසු ලියෑවුන ශිලා ලිපිවල ඇති රාමා, රාවණා වැනි නම් සාමාන්‍ය මිනිසුන්ගේ නම්වෙති. එය රාවණා ඓතිහාසික කිරීමට යොදාගත නොහැක.
මහින්දාගමනයෙන් පසුව ලිපිවලත්, එමෙන්ම රාවණ යන නාමයත් සාමාන්‍ය මිනිසුන්ට යෙදුනාද විය හැක. නමුත් "මහරජ රාවණ" යනු සාමාන්‍ය රටවැසියෙකු නොවේ. බ්‍රාහ්මී අක්‍ෂර ලිපිවල මහරජ යන නම රජුන් හට පමණක් යෙදී ඇත. මහරජ රාවණ, මහරජ පනිත, දෙවන පිය මහරජ, ගාමිණී අබය, දෙවනපිය මහරජ ගාමිණී තිස, දෙවනපිය මහරජ උති, මහරජ තිස යන මේ සාමාන්‍ය මිනිසුන් නොවේ. වංශ කතාවල එන දේවානම් පියතිස්‌ස රජුගේ නමින් එකදු සෙල් ලිපියක්‌වත් හමුවී නැත. නමුත් "දෙවනපිය" නාමය මහාවංශය විසින් දී ඇත්තේ ඔහුට පමණි.
6. රාමායණය ඊට වඩා පැරණ මහා භාරතයේ අතුරු කතාවකි. මහා භාරතයේ නිරූපණය වන්නේ ක්‍රි. පූර්ව 800 ට ආසන්න කාලයකි.
මෙම සොයාගැනීම සන්නස්‌ගමට ඉතා වැදගත්ය. නමුත් ඒ සඳහා සාක්‍ෂි කිසිවක් නැත. ඉතිහාසය දන්නා හැමදෙනාම දන්නේ සංස්‌කෘතය ලියන බසකට සුදුසු තත්ත්වයට ආවේ ක්‍රි. පූර්ව 6 වන සියවසේ පාහියන්ගේ ව්‍යාකරණ ග්‍රන්ථයෙන් පසුව බවය. එනිසා අනිවාර්යයෙන්ම මෙම මහා කාව්‍ය දෙකම ඉන්පසු සම්පාදනය විය යුතුය. එපමණක් නොව මහා විහාරය විසින් මෙරට ජාතියට දුන් නාමය වන සිංහල යන්න හා රටටදුන් සිංහල ද්වීපය යන්නද මහා භාරතයේ සඳහන්ය. මෙනිසා අනිවාර්යයෙන්ම ක්‍රි. පූර්ව 275 න් හෝ පසු කලෙක මහා භාරතය ලිවිය යුතුය. මහාචාර්ය ඔලිවර් අබේනායකගේ මතය වන්නේ ශ්‍රී ලංකාවේ ලියවුනු ජාතක අටුවාවට අයත් දශරථ ජාතකය හා සුසොන්දි ජාතකය කවි සංකල්පනා ඔස්‌සේ විස්‌තීරණය කරමින් රාමායණය ලියවුන බවය (17.07.2010 මහවැලි කේන්ද්‍රයේ රාවණ විරෝධි සම්මන්ත්‍රණය). එබැවින් සන්නස්‌ගම මහතා මහාචාර්ය අබේනායක හා සාකච්ඡා කිරීම වටී.
7. මේ නිසා මහාභාරතය ලියූ යුගයට සියවස් දෙකකට පසුව ජීවත් වූ බුදුන් වහන්සේට හෝ භික්‍ෂුන්ට රාවණා රජු ලෙන් පූජාකළ බව කියන සූරිය ගුණසේකර මහතා
මනඃකල්පිත කරුණු වලට පිළිතුරු දීමට පරචිත්ත විජාණඥනය තිබිය යුතුය.
8. මෙරට යක්‍ෂ අසුර රාජධානියක් තිබුනේ නම් විභීෂණගේ යුගයෙන් පසු එය අඛණ්‌ඩව පැවතිය යුතුය.
විභීෂණ යුගයක් පිළිගැනීම යනු රාවණා යුගයක්‌ද පිළිගැනීමක් වන්නේය. රාවණා මිත්‍යාවක් වීමටත් විභීෂණ ඓතිහාසික වීමටත් නුපුළුවන. නමුත් මිනිසුන් විසින් විභීෂණ දේවත්වයට නැංවූයේ ඔහු ජීවත් වී මරණයට පත් වීම නිසාය. සිංහල දේව සංකල්පය යනු ජනප්‍රිය පුද්ගලයන් මරණින් පසු දේවත්වයට නැංවීමටයි. අවසන් වරට අප විසින් 1864 දී දේවත්වයට නංවන ලද රංවල දෙවියන් යනු රංවල තොටුපළේ තොටියා වූ අප්පු සිංෙÆaය.
9. පැරණි මහා ශිෂ්ටාචාරයන් ඇති වුනේ මහා ගංගාධාරවලින් සමන්විත විශාල ගොඩබිම්වල මිස දූපත්වල නොවේ. ශ්‍රී ලංකාව තුළ ඒවාට සමාන ශිෂ්ටාචාරයන් බිහිවීමට අවශ්‍ය භෞතික සම්පත් හා භූගෝලීය පිහිටීම ඇත්ද? එහි පිහිටීම බුද්ධිමය සංකල්ප දියුණු වීමේ ඉඩකඩ ස්‌වභාවයෙන්ම අඩු කරයි. ලංකාව වැනි දූපත්වල ශිෂ්ටාචාර - සංස්‌කෘති ඇති වුණේ අසල්වැසි මහා ගංගාධාර නිසාය.
දූපත් මානසිකත්වය යනු රෝගී තත්ත්වයකි. ඇමෙරිකන් එන්.ජී.ඕ. ක්‍රිස්‌තියානි මිෂනාරින් විසින් මෙය අනුනට බෝකරන රෝගයකි. ඔවුහු ලෝකය කලාප 7 කට බෙදති. හත්වැන්න කුඩා දූපත් එකතුවය. (Sප්කක සික්‌බාs) අපි අයිති කලාපය අසියා-ශාන්තිකර කලාපයයි. මාධ්‍යකරුවන් මීට මහෝපකාරී වන්නේ "අපගේ පුංචි ලංකාව, කුඩා දූපතක් වූ අප, ලෝක සිතියමේ කඳුළු බිංදුවක් බදු ශ්‍රී ලංකාව" වැනි හීනමානය දනවන වචන කියමිනි. සන්නස්‌ගමගේ මහා ශිෂ්ටාචාර 4 නම් මිසර, බැබිලෝනියා, හොවැංහෝ සහ හරප්පාය. බැබිලෝනියා ශිෂ්ඨාචාරය ගොඩනැංවීමට උපදෙස් දුන්නේ "ගුවන් යානාවලින් ආ සිංහ මිනිසුන්" බව කියෑවෙන මැටි පුවරු 1996 අප්‍රේල් වල සොයාගති. වසර 5500 හෝ ඊට වඩා පැරණි ලෙස ලෝකය පිළිගන්නා බැබිලෝනියාවද කඩුව අතින් ගත් සිංහයා ලාංඡනයෙන් යුක්‌තය. සිංහ ශරීරය, පියාපත් දෙක හා මිනිස් මූණ සහිත බැබිලෝනියානු ලාංඡනයේ පියාපත් ගුවන්යානාව නිසාය. සිංහ ශරීරය සිංහ මිනිසුන් නිසාය. බුදුදහම පිළිගත් එකම රට ලංකාව වීමෙන් බුද්ධි වර්ධනය දූපත්වල සිදු නොවන බව කීම නිෂේධනය වේ. 1840-50 යුගයේ ආරම්භක වැවිලිකරුවන් දුටු ලෙස ලොව සාරවත්ම රට ලංකාවයි. බෝගවර්ග අතුරින් 14 ක් ඉස්‌තරම්ම වන්නේ ලංකාවේ ඒවාය.
10. සිංහල යන වචනය සිව්හෙළ යන අර්ථයෙන් සැදී නැත. කිසිම ශිලා ලිපියක මෙසේ හෙළයන් හතර වගක් සඳහන් නොවේ. සිව්හෙළ යන හැඳින්වීම සිංහල යන හැඳින්වීමට පසුව ඇතිවිය.
සිංහල යනු "හෙළ" නමැති හෙළ වචනයේ සංස්‌කෘත පරිවර්තනයයි. සිංහල යනු සංස්‌කෘත හැඳින්වීමකි. මහාවිහාර භික්‍ෂුන් වහන්සේලා "හෙළ" නමැති වචනය මකා ඒ වෙනුවට සිංහල නමැති වචනය අදේශ කළහ. එසේ වුවද මහනුවර යුගය දක්‌වාත් සිංහල වෙදකම හෙළ කවියෙන් විය. ආයුර්වේද වෙදකම පමණක් සංස්‌කෘත ශ්ලෝකවලින් තිබුණි.
අවසන් වශයෙන් අප කුඩා කාලයේදී ගුරුතුමිය නිතර අපට අවධාරණය කළ කව් දෙපදයක් මෙසේය.
මා හට නොවරදී - කියන අයහට නිතර වරදී...
උපුටාගැනිම : දිවයින
25 August 2011
ඔන්න එහෙනම් දියබත…………………
දියබත කියන්නේ පාරම්පාරික ගැමි දිවිය එක්ක ඉතා අනාදිමත් කාලයක ඉඳලා බැඳිලා තියන කෑමක්.
දිය බතේ සාම්ප්‍රධායික වට්ටෝරුව.
1. හාල් පත භාගයක පමණ බත්,
2. ලියාගත් රතු ළුුණු අත්ලකින් භාගයක් පමණ
3. පොල් බෑයක කිරි,
4. දෙහි බෑවක ඇඹුල්,
4. ලුණු ස්වල්පයක්,
5. කිතුල් හකුරු අවශ්‍ය පමණ.
සකස් කරන අන්දම.
පෙරදින රාත්‍රී ආහාරය සඳහා මැටි හැලියක පිසූ බත් (එතරම් වැදගත් නොවේ. වෙනත් භාජනයක වුවත් කම් නැත්, නමුත් හැකි හැම විටම මැටි භාජන පාවිච්චි කරන්න.) ප්‍රමාණයකට වතුර පීරිසි කෝප්ප දෙකක් දමා, එයටම කපාගත් රතු ළුුණුද දමා, නෑබිලියකින් වසා රැය පහන් වනතෙක් තැබිය යුතුයි.
පසුවදා උදයේ එහි වතුර ටික පෙරා ගන්න. ( අපි කුඩා කල මේ වතුර බීමට ගත්තා මතකයි. එසේ බීමටද හොඳයි.) ඉන්පසු ඉතිරි වූ බත් හා රතුළුුණු නෑබිලියකට දමා පොල්කටු හැන්දෙන් හොඳින් පොඩි කර, මිරිකාගත් පොල්කිරි සමඟ එක්කර දෙහි ඇබුල් සහ ලුණු මිශ්‍ර කර කිතුල් හකුරු එක්කර උදේ ආහාරයට ගත හැකියි. ලේසියි, පාසුයි, වියදම අඩුයි. ඒත් මදෑ.
මෙහි ඇති වැදගත්කම. හෙවත් ප්‍රයෝජන.
1. කටතොල් පැලෙන අයට ඉතාමත් ගුණදායක ඔසුවකි.
2. වඩාත්ම විශේෂ කාරණය වන්නේ අද සමාජයට මහත් පිලිලයක් වී ඇති ගැස්ට්‍රයිටීස් නම් අම්ල පිත්ත නමින් ආයුර්වේදයේ හඳුන්වන අවස්තාවට ඉතාමත් ගුණදායක වීමයි. බලන්න අද මේ රෝග තත්වය නිසා කී දෙනෙක් නම් දුක් විදිනවද, ඔබ මෙය පාවිච්චි කර අප දැණුවත් කරන්න. එවිට අන් අයටද මෙයින් ප්‍රයෝජනයක් ලැබීමට සිත් දෙයි. මේ නිසා අපේ රටට නාස්තිවන ධනය ශ්‍රමය කොපමණද, ඒ නිසා නිකමට වගේ අරන් බලන්න.
3. ශරීරයේ ඇතිවන දැවිලි ගතිය පහ වීමට.
4. මෙය ඉතාමත් පෝෂ්‍යදායක ඔසුවක් වැනි ආහාරයක් නිසා යෞවන වයසේ සිටින දරුවන්ට වඩාත් ගුණදායකයි.
5. බඩේ තුවාල ඇති අයට ඉතා ප්‍රත්‍යක්ෂ ඔසුවකි.
මම මේකෙ පොඩි සංස්කරණයක් කරන්නම්, ඒ කියන්නෙ හවසට බත් ටිකක් ලිප තියලා හොඳින් නිවුනට පසු මේ ලෙස සකස් කරගෙන රෑට තබා උදේට දිය බත සකස් කර ගන්න. අනිත් කාරනේ තමයි අර මුට්ටියේ අඩිය අල්ලන කොටස් හොඳට සූරාගෙන මේලෙස පිලියෙල කර ගැනීමෙන් ද දිය බත සාදා ගත හැකියි. අඩියේ දංකුඩ ටිකක් ක්ෂාර ගතිය වැඩි නිසා ආමාශයේ ඇතිවන ආම්ලිකතාව නැති කිරීමට ඉතාමත් හොඳයි.
අපි ඉස්සර මොනතරම් නීරෝගී ජාතියක්ද?
මම හැමදාම අහන කාරණේ අපිට මොකද වුනේ?
මේවට සුද්දටවත් කාටවත් බැනලා වැඩක් නැහැ. අපි අපි එකතු වෙලා මෙහෙම අපේ පුරාන දැණුම භාවිතා කරලා මේ හැම ප්‍රශ්නෙටම කොයික වෙතත් පුළු පුළුවන් ප්‍රශ්න වලටවත් පිලිතුරු හොයා ගමු. එතකොට රටම කෙසේ වෙතත් මේ බ්ලොග් අවකාශෙ ඉන්න අපේ මිත්‍රයෝවත් හොඳ නීරෝගී අය වෙයිනේ. එහෙම අපි පටන් ගමු. මගේ දායකත්වය මම දෙන්නම්. ඔබත් බලන්න මේවා කරලා බලලා, වැඩක් නැත්නම් කෙලින් එන්න බැරි නම් ඇනෝ ඇවිත්වත් කියන්න මේක වැඩක් නැහැ. මීට පස්සේ බොරු කියන්න එපා කියලා. මම ලැහැස්තියි ඒක පිලිගන්න.
Subscribe to:
Posts (Atom)