06 August 2011

උපන්දා සිට කරපු පව්නැත වරක් වැන්දොත්..!

කැළණිය ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ ආසන්නයේ පිහිටි කුඩා නගරයකි. එය ගම්පහ දිස්ති‍්‍රක්කයට අයත්වන අතර කොළඹ නුවර සහ බියගම මාර්ග වලට මැදිව පිහිටා ඇත. කැළණි ගඟ ආසන්නයේ පිහිටා ඇති බැවින් කැළණියට එම නම ලැබී ඇත.කැළණියේ පළමු ඉතිහාස සටහන ගෞතම බුද්ධ (බුද්ධ වර්ෂ 5 වන සියවස) සමයේ ලියැවී ඇත. එහි කැළණි ගඟ අසබඩ පිහිටි කැළණි විහාරය පිළිබඳද සටහන් ඇත. බුදු රඡාණන් වහන්සේ බුද්ධත්වයෙන් අට වන වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පෝදා ලක්දිව කැළණියට වැඩම කරන ලද්දේ මණි අක්ඛික නා රජුගේ ආරාධනාවකට අනුවය. එම රජු බුදුරඡාණන් වහන්සේ වෙත වැඩ හිඳිමට මැණික් පුටුවක් තැනවීය. කැළණි දාගැබ තැනවී ඇත්තේ එම මැණික් පුටුව තැන්පත් කරමිනි. කැළණි විහාරය කැළණි තිස්ස රාජ්‍ය කාලයේ විශාල භික්ෂු පිරිසක්වැඩසිටි බවට සාක්ෂි වේ.තවද කැළණි නගරය ඵෙතිහාසික වශයෙන් වැදගත්කමක් ගන්නේ එය කැළණිතිස්ස රජුගේ (බුද්ධ වර්ෂ පළමු සියවස) ප‍්‍රධාන නගරය වූ බැවිනි. පහළොස්වන සියවස කාලයේ ලියැවුණු සැළලිහිණි සංදේශයෙහි කැළණි පුරවර පිළිබඳව අගනා වර්ණනා ඇතුලත්වී ඇත. ලාංකික ඉතිහාසය පිළිබඳ දැකුම්කළු සිතුවම් රාශියක් සෝලියස් මෙන්ඩිස් චිත‍්‍ර ශිල්පියා විසින් කැළණි විහාරයේ සිතුවම්කර ඇත. විහාරයේ කැටයම් හා මූර්ති පවා මොහුවිසින් නිර්මාණය කරඇත. 


කැළණියේ අබතෙල් පූජාව

කැළණි විහාරය පසුබිම් කරගෙන අපේ පැරැන්නන් වාර්ෂිකව නොයෙක් අන්දමේ පුණ්‍ය කර්ම කළහ. ඈත අතීතයේ මෙවැනි පිංකම් අවුරැද්ද පුරාම පැවැත්වූහ. 1899 වර්ෂයේ සිට සෑම වර්ෂයකම මැදින් අමාවක පොහොය දිනයේදී කැළණියේ අබතෙල් ප්‍රදීප පූජාවක් පැවැත්වේ. මෙම ක්‍රියාවෙන් ප්‍රදේශවාසී ජනතාවට අසීමිත සුවයක් ඇතිවන බවට විශ්වාස කෙරේ.


කුඹුකේ පෙරහැර

දැනට වසර එකසිය ගණනකට පෙර අතීතයේදී හොරණ පළාතේ ගෝනගම්පළ ගම්වැසියන් පිරිසක් අතරමං වී කැළණියේදී හමුවූ දිනය සමරමින් සෑම වසරක් පාසාම එම දිනයේදී කැළණිය විහාරයට පැමිණ පුද පූජා පවත්වනු ලබයි.සවස් යාමයක පැමිණෙන පිරිස ගිලන්පස බුද්ධ පූජාව පවත්වා රැය පහන් වන තුරාම පහන් කූඩු හිසෙහි තබාගෙන විහාරය වටා ප්‍රදක්ෂිණා කර පසුදින අලුයම ගම්බලා පිටත්ව යති. ශත වර්ෂයකටත් වඩා පැරණී මේ චාරිත්‍රය කඩ නොකර අදත් ඉටු කිරීම අපේ බෙ!ද්ධ සංස්කෘතියේ එක්තරා ලක්ෂණයක් වශයෙන් දැක්විය හැකිය.

No comments:

Post a Comment