03 August 2011

දෙල්ගමුව විහාරය

රත්නපුර කොළඹ මාර්ගයේ කුරුවිට නගරය පසුකොට කොළඹ දෙසට කි.මී. ½ පමණ ගිය පසු කුරුවිට තැපැල් කාර්යාලය ඉදිරියෙන් වම් පසට දෙල්ගමුව මාර්ගය පිහිටා ඇත. එම මාර්ගයේ මීටර් 700 ක් පමණ ගිය පසු ඓතිහාසික දෙල්ගමුව රජමහා විහාරය පිහිටා ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ කුරුවිට ප්‍ර‍ාදේශීය ලේකම් කොට්ඨාශයේ දෙල්ගමුව ග්‍රාම නිළධාරී වසම තුල පිහිටි මෙම පුදබිම වසර 43 ක් ශ්‍රී දළදා වහන්සේ ආරක්ෂාව හා රැකවරණය ලබා දුනි.
කෝට්ටේ සටන පැරකුම් රජු (1412-1461) විසින් එක්සත් කල ලක්දිව ඔහුගෙන් පසු රජකම් සදහා ඔවුනොවුන් තරඟ වැදීම නිසා දේශපාලනික වශයෙන් භේදභින්න වී තිබූ පරිසරයක් තුල පෘතුගීසීහු (1505) මෙරටට කඩාවැදීම එම භේධ භීන්නතාවය තම ආර්ථීක, ආගමික හා ‍ෙද්ශපාලනික අරමුණ සපුරා ගැනීම සදහා අවශ්‍ය කුමන්ත්‍රනකාරී සටකපට සැලසුම් ක්‍රියාත්මක කලහ.

ඒ අනූව VII විජයබාහු (1528-1529) මරණයට පත් කොට ඔහුගේ පුතුන් වූ VII වන බුවනෙකබා (1529-1550) කොට්ටේත්-මහරයිගම්බණ්ඩාර රයිගමත් - මායාදුන්නේ සීතාවකත් ප්‍රදේශාධීපතිවරු ලෙස රජකම් කලහ. ඒ අතර සෙංකඩගල මහනුවර ජයවීර බණ්ඩාර හා කරලියැද්දේ වැනි ප්‍රදේශාධීපතීහු ද සිටියහ. ඒ අනූව කෝට්ටේ VII වන බුවනොකබාහු රජුට පුතුන් නොසිටියෙන් තම දියණිය වූ සුනේත්‍රා දේවියගේ හා බෑණනුවන් වූ වීදිය බණ්ඩාර කුමරුගේ පුත් වූ රජතුමාගේමුණුපුරු වූ ධර්මපාල කුමරුට කෝට්ටේ සිහසුන උරුම කරදීම සඳහා ක්‍රියා කළ හෙයින් පෘතිග්‍රීසිහූ අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන එම කාර්යයද තමන් සිදු කර දෙන බව කියා පොරොන්දු දෙකකට ගිවිසවා ගත්හ.


ඉන් පළමු වැන් වූයේ VII බුවනක බාහු‍ෙගන් පසු සිහසුන ධර්මපාලට හිමිවියයුතුය යන්න හා ඔහු කතෝලික ක්‍රිස්තියානි ආගමේ බෞතිෂ්ම කොට කුරුස පැලැන්දවිය යුතුය යන්නයි. දෙවැන්න - එසේ වූ ධර්මපාල කුමරුගේ පසු කෝට්ටේ රාජ්‍යය පෘතුග්‍රීසීන් සතු විය යුතුය. යන්නයි. VII බුවනෙකබා රජු ඒ කොන්දේසි එසේ පිළිගෙන දොන් ජුවන් යන ක්‍රිස්තියානි නාමය සහිතව ධර්මපාල කුමරු කතෝලික ගන්වා සසුනට එරෙහි බොහෝ කටයුතු සිදු කරවූහ. එයින් ප්‍රයෝජන ගත් පෘතුග්‍රීසිහු කැළණි රජමහා විහාරය, තොටගමු මහා විහාරය ආදී මුහුදුකරයට අසල තිබූ බොහෝ වෙහෙර විහාර මංකොල්ලකා කඩා බිඳ විනාශ කොට දමා භික්ෂුන් වහන්සේ තලා මරා විනාශ කර දැමූහ. එසේ බොහෝ වෙහෙර විහාර මංකොල්ලකා ගත් දේපොල ගෝවටත් පෘතුගාලයටත් ගෙන ගියහ.

ඒ වන විට දළදා වහන්සේ කෝට්ටේ දළදා මැදුරේ වැඩසිටි අතර එම දළදා මැදුර උන්වහන්සේට පුද කළ රන්, රිදී, මුතු මැණික් ආදී වස්තූනගෙන් පිරී පැවතුන හෙයින් එය ආක්‍රමණය කොට දළදා වහන්සේ පැහැර ගෙන ඒ සම්පත් මංකොල්ලා කෑමට පෘතුග්‍රීසීන් කුමන්ත්‍රණයක යෙදුන අතර දින රාත්‍රී එවකට දළදා වහන්සේගේ දියවඩන නිළමේව සිටි දන්ත කුමරු පෙලපතින් ආ කීරවැල්ලේ හිරිපිටියේ දියවඩන නිළමේ වෙත රාත්‍රී නින්දේදී සිහිනයෙන් කෙනෙක් පැමිණ “කොට්ටේ කලාලේ කිසිල්ලේ දකම දුගන්න රාළේ” යැයි කීවේය. එම සිහිනයෙන් කීවේ කෝට්ටේට කලාවූ ඇල්මෙන් කිසි තේරුමක් නැත. දන්ත ධාතූන් වහන්සේ මැද රටට ගෙන යන්න යනුවෙනි.

මෙය තේරුම් ගත් දියවඩන නිළමේ තුමා රාත්‍රියේම නැඟී සිට රහසේම දළදා කරඩුවෙන් දළදා වහන්සේ රැගෙන සිය කඩු කොපුවේ එය සඟවාගෙන කලින් ඇත්දලින් සාදා තිබූ ආකෘතියක් කරඩුවේ තැන්පත් කොට හුදකලාවම මාලිගයෙන් නික්ම දියවන්නා ඔයෙන් එගොඩ සීතාවකට පැමිණ සීතාවක මයා දුන්නේ රජුට එය භාර දුන්නේය. මෙරට රාජ්‍යත්වයේ උරුමය වු දළදා වහන්සේ කෝට්ටේ රාජධානියෙන් තම සීතාවක රාජ්‍යයට නිරායාසයෙන්ම උරුම වීමෙන් මහත් ප්‍රීතියට පත් මයාදුන්නේ රජතුමා සීතාවක රාජධානිය නිරන්තර පරසතුරු ආක්‍රමනයන් නිසා යුධබිමක්ව පැවති හෙයින් එය දළදා වහන්සේගේ ආරක්ෂාවට තර්ජනයක් බව තේරුම් ගෙන තවත් රට ඇතුළට දළදා වහන්සේ වැඩම වීමට තීරණය කළේය. ඒ අනුව ඒ වන විට සීතාවක රාජධානියේ ප්‍රධාන විහාරස්ථානයක්ව පැවති එවකට සපරගමු විහාරය නමින්ද ප්‍රසිද්ධව පැවති දෙල්ගමුව විහාරස්ථානයේ වැඩ සිටි ෂඩ් භාෂා පරමේශ්වර මහින්දාලංකාර නම් වූ තම හිතමිතුරු හිමිපානන්ගේ භාරයට පත් කළ යුතු යැයි තීරණය කොට මහත් පුද පෙළහරින් දළදා වහන්සේ‍ දෙල්ගමුව විහාරයට වැඩමවා දළදා මැදුරක් තනවා තම යුද්ද කාර්යය අවසන් වන තුරු දළදා වහන්සේ ආරක්ෂා කර ගන්නා මෙන් පවරා දී අවශ්‍ය පුද පෙළහර සදහා රාජකාරී කටයුතු සලසා දී තම සීතාවක රාජධානිය වෙත ආපසු පිටත්ව ගියේය. ඒ 1549 පමණ යැයි සැලකේ. දෙල්ගමුව විහාරස්ථානයට වසර 500 කට වඩා ඈත ඉතිහාසයක් ඇති අතර සීතාවක රාජ්‍යය සමයේ රාජය අනුග්‍රහය ලද ප්‍රධාන විහාරස්ථානයක් ලෙස දෙල්ගමුව විහාරය හැදින්විය හැක.

කල් ගත ‍ෙවත්ම දළදා වහන්සේ දෙල්ගමුව රාජමහා විහාරයේ වැඩ වසන බව ප්‍රසිද්ධ වී ගිය හෙයින් මෙරට සිහසුන සදහා සටන් කළ කෝට්ටේ ආදී අනෙකුත් ප්‍රාදේශීය නායකයින්ගෙන් හා පෘතුග්‍රීසීන්ගේ ඔත්තුකරුවෝ දළදා වහන්සේ පැහැර ගැනීම සදහා හොර රහසේ මෙහි පැමිණෙන්නට වූහ. ඒ බව දැන ගත් මහින්දාලංකාර හිමියෝ යම් යම් අවස්ථාවන් හීදී දළදා වහන්සේ පලාබත්ගල වැනි ස්ථානයන්ට රැගෙන ගොස් ආරක්ෂා කළ අතර ස්ථිරවම සොර සතුරන් අතට පත් වීම වලක්වා ලීම සදහා යෝධ කුරහන් ගලක් සාදවා එය එවකට පැවති බුදු මැදුරේ දහ අට රියන් ඉදි පිළීම වහන්සේගේ පිටිපස අසුන මත තබා දළදා මණ්ඩපයෙන් දළදා කරඩුව ගෙන එම කුරහන් ගලෙහි මැද ඇති කුහරය තුළ රහසේම දළදා කරඩුව තැන්පත් කළහ. ඒ අනුව සුපුරුදු පරිදි දළදා මණ්ඩපයෙහි බුදු පිළිම වහන්සේට පුද පූජා පැවැත්වූ අතර එම පුද පුජා දළදා වහන්සේටද පැවැත්වෙන බව සෙසු අය නොදැන සිටියද මහින්දාලංකාර හිමියන් පමණක් එය දැන සිටියහ. මෙසේ වසර හතලිස් තුනක් පමණ (1549 – 1592) දළදා වහන්සේ ආරක්ෂා කරමින් යෝධ කුරහන් ගලද පූජෝපහාරයට ගත් විය.

1592 මහනුවර රජ වූ පළමුවන විමලධර්මසූරිය රජු විසින් දළදා වහන්සේ මහනුවරට වැඩම කළ පසු මෙහි පැවැත්වූ සියළු රාජකාරී කටයුතු හා ඒ සදහා ප්‍රධානය කල ඉඩකඩම් රාජකාරී පංගු පිළිබද වගකීම් ආදී සියල්ල අභාවයට ගිය අතර පෘතුග්‍රීසීහු සබරගමුව ආක්‍රමණය කොට මෙම දෙල්ගමුව විහාරයේ වෙහෙර විහාර කඩා බිඳ දමා මංකොල්ලකා ඔවුන්ගේ බලකොටුවක් බවට පත් කොට ගත් අතර එය කුරුවිට බල කොටුව නමින් හැදින්වූහ. දෙල්ගමු විහාරයට රජවරුන් විසින් පිදූ ඉඩම් වල් බිහිව ගිය අතර ඇතැම් ඉඩකඩම් 1848 ටොරින්ටන් ආණ්ඩුකාරයාගේ මුඩු බිම් පණත මඟින් රජයට පවරා ගත් අතර දෙල්ගමු විහාර භූමිය හැර ගම්මානයේ සෙසු කොටස් ගම්මුන් විසින් හිමි කර ගන්නා ලදී. කුට්ටාපිටිය පැල්මඩුල්ල වැනි නින්දගම් පසු කාලීනව මහනුවර රජ වූ කීර්ති ශ්‍රී රාජසිංහ වැනි රජවරු ශ්‍රී පාදස්ථානය වැනි ආයතන වලට පුද කර දෙ ලදී.

No comments:

Post a Comment