20 August 2011

නම් පොත හෙවත් විහාර අස්න


ලංකා ඉතිහාසයේ විශේෂ සලකුණක් තබන මහනුවර රාජධානි සමය සමාජ, ආර්ථික, දේශපාලනික මෙන් ම ආධ්‍යාපනික වශයෙන් ද අනන්‍ය ලක්‍ෂණ පළකරන යුගයකි. පංසල නොහොත් පිරිවෙණ කේන්ද්‍රකොටගත් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක වූ මෙම අවධියේ අධ්‍යාලපනය විධිමත් ලෙස හැඩගැසී තිබුණු බව ශේෂගත සාධක අනුව මැනවින් පැහැදිළි වෙයි.
මහනුවර යුගයේ ප්‍රාථමික අධ්‍යාපනය සඳහා කෘති පෙළක් භාවිත විය. අධ්‍යාපනයට පිවිසෙන ළපටි ශික්‍ෂකයාට අක්‍ෂර, අක්‍ෂරෝච්චාරණය හා ලේඛනය සම්බන්ධයෙන් විධිමත් අවබෝධයක් ලබා දීම ඉලක්ක කොටගෙන මෙම කෘති පෙළ සකස් විය. මේ අනුව
  1. හෝඩිය
  2. නම්පොත
  3. මඟුල් ලකුණ
  4. ගණදෙවි හෑල්ල
  5. වදන්කවි පොත
  6. බුද්ධ ගද්‍යය
  7. සකස්කඩය
යන ග්‍රන්ථාවලිය මෙම යුගයේ සම්ප්‍රදායික භාෂා අධ්‍යයනය සඳහා භාවිත වූ බව විද්වතුන් අතර පොදුවේ පිළිගැණුන කරුණකි.
මෙම ග්‍රන්ථාවලියේ දෙවන කෘතිය වන නම්පොත හෙවත් විහාර අස්න හෝඩිය උගෙනීමෙන් පසු ව අක්‍ෂරාභ්‍යාසයෙහි යෙදෙන නවකයාට ලිහිල් අක්‍ෂර සංයෝගයෙන් යුත් වචන උච්චාරණය හුරු කිරීමට භාවිත වූ ග්‍රන්ථයකි. මහනුවර යුගයේ ජනප්‍රිය වූ බෞද්ධ සිද්ධස්ථාන හා ඓතිහාසික ස්ථාන නාමාවලියක් ලෙස මෙම පොත රචනා වී ඇති හෙයින් නම්පොත-නම්ගම්පොත-විහාර අස්න ආදී විවිධ නම්වලින් හඳුන්වා ඇත. මෙහි ස්ථාන නාම 267ක් හඳුනාගත හැකි අතර වර්තමාන පළාත් බෙදීම් අනුව මෙම ස්ථාන පහත පරිදි වෙන් කළ හැකි බව සමහර විද්වතුන් විසින් පෙන්වා දී ඇත.
මධ්‍යම පළාත75
සබරගමු පළාත46
වයඹ පළාත43
බස්නාහිර පළාත35
උතුරු මැද පළාත30
දකුණු පළාත14
උතුරු පළාත12
ඌව පළාත7
නැගෙනහිර පළාත5
මෙම ස්ථාන අතුරින් වැඩි ප්‍රමාණයක් මධ්‍යම පළාතේ ස්ථානගත වන බව හඳුනාගත හැකි වෙයි. එහෙත් මෙහි දැක්වෙන සමහර ස්ථාන හඳුනාගැනීමේ දී විද්වතුන් අතර විවිධ මතභේද පවත්නා බවත් පෙනී යයි.
ඉහත පෙන්වා දුන් පරිදි මහනුවර යුගයේ ජනප්‍රිය ආධ්‍යාපනික ග්‍රන්ථයක් වූ නම් පොත කවරෙකු විසින් ප්‍රබන්ධ කළා ද යන්න නිශ්චිත ලෙස තහවුරු කිරීම සඳහා තොරතුරු මේ වන තෙක් ලැබී නොමැත. එහෙත් මෙම පොත මහනුවර යුගයේ විද්වතෙක් වශයෙන් ප්‍රසිද්ධියක් ඉසිළූ අත්තරගම රාජගුරු බණ්ඩාරයන්ගේ ප්‍රබන්ධයක් බව සමහරෙකුගේ අදහසයි.  මෙම ග්‍රන්ථයේ දැක්වෙන ස්ථාන අතුරින් වැඩි ප්‍රමාණයක් මහනුවර ආශ්‍රිත ස්ථාන බැවින් මෙම ග්‍රන්ථය රචනා කිරීම ද මහනුවර අවට ජීවත් වූ විද්වතෙකුගේ කාර්යයක් බව සිතීමට හැකියාව ලැබේ.
නම්පොතේ දැක්වෙන මහනුවර යුගයේ ජනප්‍රිය වූ එම ස්ථාන අද දවස වන විට ලාංකේය ස්පර්ශණීය සංස්කෘතික උරුමයේ නියොජනයන් බවට නිතැතින් ම පත් වී ඇත. එබැවින් ඔැ්ර්‍ප්රජය්ැදකදටහගකන කණ්ඩායමේ මෙම උත්සාහය මෙම උරුමස්ථාන සම්බන්ධයෙන් ගද්‍යමය හා රූපමය ආඛ්‍යානයක් ගොඩනැඟීමයි.
නම්පොතේ තැන්
සගමනාථගමගඩලාදෙණියදෙල්ගමුව
පස්ගමසංවැල්ලවිජයොත්පායබටුගෙදර
අරත්තනකඩිකාවඅභය ගිරි විහාරයදෙනවක
මාදන්වලමලගණේජේතවන විහාරයසබරගමුව
විල්වලකබල්ලෑලෙනකපිල විහාරයගිලීමලය
කඩදොරනියඳවනේඉසිපතනාරාමයසමන්තකූට පර්වතය
මොරපායනාගල විහාරයකුසිනාරාමයේ – සිටිපිළිම ගෙයදිවාගුහාව
දිඹුලරැස්වෙහෙරුවපූර්වාරාමයබල්ලාහෙල
පුසුල්පිටියතලන්ගමුවදක්‍ෂිණාරාමයසිඳගල
නියම්ගම්පායස්ථානයපෙරියකඩුවපශ්චිමාරාමයකළුගමුව
වල්වාසගොඩදේවගිරි විහාරයඋත්තරාරාමයගංගාතිලක විහාරය
සැලවසංගමු විහාරයසළුමිණිසෑයකුඹල්ඔළුව
අරමඋතුරුපවු විහාරයසිළුමිණිසෑයඅලුදෙණිය
මැදිළියබුජස්ලෙනදෙමළ මහා සෑයකොටකේදෙණිය
දික්පිටියයාම්ලෙනපොළොන්නරු විහාරයඉලුපැන්දෙණිය
භම්පනේජයකඩුලෙනසුළුන්නරු විහාරයසේනදෙණිය
කාරියගමසැඟෑලෙනසිතුල්පවු විහාරයනිග්ගම්මන
දඩගමුවකුඹුරුලෙනධනංජය විහාරයඅරත්තන
අළුත් නුවරරිදීලෙනකුකුළුවා විහාරයසන්තානාගොඩ
පරණ නුවරරම්බඩගල්ලදිඹුලාගල් විහාරයවේගිරිය
මාවෙලදෙල්විටනකා වෙහෙරඇම්බැක්ක
මාකඩවරවිල්ගමමියුඟුණා වෙහෙරවටදාගෙය
හිඟුලඅස්ගිරියසොරොන්නා තොටදැලිවෙල
කප්පාගොඩරුසීගමබදුලු වෙහෙරගඟුල්දෙණිය
පදීදොරඇම්බැක්කයුදඟනා පිටියඋරුලෑදෙණිය
උතුරාවලමිලිලවාණයරුහුණුබද කතරගමකොටබෝගොඩ
අම්බුළුගලබඹාවිහාරයඋග්ගල් අළුත්නුවරරම්මුංගොඩ
දනගිරිගලරන්ගිරිදඹුල්ලතඹගමුවදෙල්දෙණිය
වාගිරිගලසීගිරියමුල්ගිරියමැණික්දිවෙල
ලෙනගලකලාවැවඔවාගිරි විහාරයමොනරාගොඩ
අලවතුරබළල්ලෑවදෙවිනුවරෙහි – දිව්‍යරාජ භවනයකොළුගල
වතුරඅනුරාධපුරයෙහි ශ්‍රී මහාබොධීන් වහන්සේඔත්පිළිම ගෙයවල්ගමිපාය
මාකුරාවලෝවා මහා ප්‍රාසාද ස්ථානයගල්ගණේදම්තොටවතුර
කවුඩුගමමිරිසවැටි විහාරයවැලිගම අග්‍රබෝධි විහාරයසියඹලාගොඩ
බිසෝවෙලඅභයගිරි විහාරයපරණගොඩ විහාරයදොඩම්වෙල
දැදිගමදෙනා නඛයතොටගමු විහාරයදියකෙළිනාවල
අරන්දොරභගිර නඛයගලපාත විහාරයසූරියගොඩ
දොරවකරත්නමාලි චෛත්‍යයබෝධිමලු විහාරයකොබ්බෑකඩුව
මඩබඩවිටථූපාරාම චෛත්‍යයවනවාස විහාරයගන්නෝරුව
තොටගෙදරමිහින්තලයබෙම්වෙහෙරකුළුගම්මන
මදුරුපිටියඅටසැටලෙනබෙම්තොටමාගම්මන
අත්තනගල්ලනිතුපත්පානකළුතොටඅත්තරගම
ඌරාවෙලසුරුලුමහමුනියාවසොරණmadawela-raja-maha-viharayaමැදවෙල
ගොඩගෙදරමුන්නේස්සරමවිසිදාගමගල්ලෑල්ල
දොරණෑගොඩඇත්තලකොතලාවලදොළපීල්ල
යටවත්තමක්කමරඹුක්කනඅලවතුගොඩ
රාගමමන්නාරමපානදුරේ දේවාලයකොහොන
මීගමුවමාන්තෝට්ටමබෙල්ලන්විලතිබ්බොටුවාව
දඹදෙණියපොම්පරිප්පුවපැපිළියානඇඹිල්ල විහාරය
බෙලිගලමල්විලනාවින්නආලෝක විහාරය
නවගමුවදෙමළපට්ටනමෙහි නාගකෝවිලවිජයාරාමයකුරුවාබෝගම්බර
බමුණුගමකදුරුගොඩ විහාරයසුභද්‍රාරාමයකඩුවෙල
වට්ටාරමතෙලිපොලජයවර්ධන කොට්ටයෙහි – ඔත්පිළිම ගෙයදුනුවිල
වතුදෙණියමල්ලාගමෂන්මුඛ දේවාලයඇඹෙල
පුහුරියමිණිවන්ගොමු විහාරයකිත්සිරිමෙවන් කැළණියනිත්තවෙල
ගල්බඩගමතන්නි දිවයිනරජමහා කැළණියසිරිමල්වත්ත
කොල්ලුරඅග්නි දිවයිනවිභීෂණ දේවාලයඅමුණුගම
ඔකඳපළනාග දිවයිනවැලිවිටගංගාරාම විහාරය
උඩපළපුවඟු දිවයිනබොල්ලෑගලසෙංකඩගල
අල්ගමකාර දිවයිනසංවැල්ලඅළුත් විහාරය
නවකෙළගමුවමොල්ලියාවලසේවාගමපරණ විහාරය
ඇත්කඳ විහාරයතිරිකුණාමලයදිසාලති නුගයනාගවිමානය
කුරුණෑගලවිල්ගම් වෙහෙරකඩුදෙවොලඋපෝසථාරාමය
කුරුවෙණියාගලතිස්ස මහ වෙහෙරබෝමිරියශ්‍රී දංෂ්ට්‍රා දළදා මන්දිරය
ආඳාගලඉලන්දගොඩකෙහෙල්බටුවාව
ඉබ්බාගලකදුරුකොට්ටයෙහි ඇතුබඳයඅතුරුගිරි විහාරය
යක්දෙස්සාගලලංකාතිලකයදෙනගමුව
ඇතුළු වූ සියලු විහාර දේවාලයවල අධිගෘහිත දෙවි මහරජාණන් තමනුත්, තමන්ගේ සහ පිරිවර දෙවියනුත් සන්දෘෂ්ට සම්භක්ත දෙවියනුත්, උපවෙනෙහි දෙවියනුත්, නොහැර කැඳවාගෙන මඞ්ගල සූත්‍රාදි බණ අසනු පිණිස ඊම සමග මහා සඞ්ගයා වහන්සේට අභිමත දෝ, අභිමත දෝ, අභිමත දෝ ! අභිමත යි, අභිමත යි, අභිමත යි ! සමග මහා සඞ්ඝයා වහන්සේ සඟ ව වදාළ මෙහෙවර සඞ්ඝාණත්තිය නූගුළුවා ඉයැ යුතු.
නම්පොත නිමි.
පරිශිලන
අභයවර්ධන, එච්. ඒ. පී.
1996    -    කඩයිම්පොත් විමර්ශනය, සංස්කෘතික දෙපාර්තමේනතුව, කොළඹ.
නම්පොත (බ. ආනන්දමෛත්‍රෙය හිමි)
2008    -    පැරණි අකුරු කරවන පොත් පෙළ, මොඩන් පොත් සමාගම, නුගේගොඩ.
විජයශ්‍රීවර්ධන, වී.
-    සිංහල භාෂාධ්‍යයන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ (මහනුවර යුගය) ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ, කොළඹ

No comments:

Post a Comment