මෙම අහස් යාත්‍රා පිළිබදව, රාවනා රජ දවස ,සමකාලීන ශිෂ්ටාචාරයක්ව තිබූ "බැබිලෝනියන්" ශිෂ්ටාචාරයෙන් වාර්තා වේ.ලෝකයේ පැවති පැරණි ශිෂ්ටාචාර අතරින් "බැබිලෝනියන් ශිෂ්ටාචාරය" වැදගත් ශිෂ්ටාචාරයකි.පැරණි පුදුම හතට අයත් "එල්ලෙන උයන" මෙම ශිෂ්ටාචාරයට අයත් එකකි.එය "එල්ලෙන මාළිගාව" ලෙසද හදුන්වයි.අපේ පැරණි මිනිසුන් අතීත තොරතුරු ශිලා ලේඛන වල සටහන් කළා සේ ,මොවුන් ඒවා මැටි පුවරු(CLAY TABLETS) වල සටහන් කර තැබූහ.එම මැටි පුවරු වල සදහන් වන කරුණු අතර ඔවුන්ට "එල්ලෙන උයන සහ නගර සැලැස්ම ගොඩ නැගීමට උපකාර කළේ ,අහසින් පැමිණි සිoහ මිනිසුන් බවත්,එය ඔවුන්ගේ රටේ "සිහගිරි" නම් ස්ථානයේ සැලසුම අනුව ගොඩ නගා ඇති බවත්" සදහන් වේ.මෙම ප්‍රකාශය 1998දී HISTORY CHANNEL නාලිකාවෙන් ප්‍රසිද්ධ කරන ලදී. ඉහත කරුණු මෙසේ පෙළ ගැස්වූ විට නිගමනය වනුයේ මෙයින් කියවෙන්නේ රාවනයන් සහ ඔහුගේ අහස් යාත්‍රාව පිළිබදව නොවේද....??????සිoහ මිනිසුන් ;- සිoහ නමින් සිoහලයන් සහ හෙළයන්ව හදුන්වයි
සිහගිරි ;- සීගිරියට කියන තවත් නමකි
අහසින් පැමිණි;- දඩුමොණරය (රාවනා රජ දවස අහස් යාත්‍රා )
බැබිලෝනියන්,මිසර,සුමේරියන් ශිෂ්ටාචාර = තාරකා දොරටු = අහස් යාත්‍රා වල රූප
ඒවා අතර යම්කිසි සම්බන්ධතාවක් ඇති බව පෙනී යයි.ඇතැම් විට මෙවන් අහස් යාත්‍රා වල තාක්ෂණය හෙළයන් විසින්, තාරකා දොරටු මගින් ,අනිකුත් සමකාලීන ශිෂ්ටාචාර වලට යන්නට ඇත.ඇතමුන් රාවනා යනු සාමාන්‍ය මිනිසෙකු නොව,වෙනත් චක්‍රාවාටයකට අයත් ග්‍රහ ලොවක සිට මෙලොවට පැමිණි අයෙකු ලෙස හැදින්වීමට උත්හස ගනුයේ එය නිසා විය හැක.ඔහු තම ගුවන් යානාව උපකාරයෙන් අහසේ සිට යුද්ධ කළ අයෙකු ලෙසද පැවසේ.
No comments:
Post a Comment