25 July 2011

සීගිරිය




කස්සපයන්ගේ මාලිගය ලෙස දැනට හැඳින්වෙන සීගිරියෙ මුල් පදිංචිකරුවො එහෙමත් නැත්නම් නියම අයිතිකාරයො යක්ෂ ගෝත්‍රිකයො බව මීට පෙරත් විවිධ අවස්ථාවලඅපි අතර කතාබහට ලක්වෙන්නට ඇතිසීගිරි ඉතිහාසය සොයා යද්දි එය කෝනාගම බුදුන්ගේ සමය දක්වා දිවෙන බවට තොරතුරු ලැබුණත් ඊටත් එහා ඉතිහාසයක් ඊට තිබෙන්නට බොහෝ ඉඩකඩ තිබේ. 

කතරගම මහසෙන් රජ සමයේ සීගිරිය සිහමුඛ, සිහනාග නම් පාලකයන් යටතේ තිබුණ බවත් පසුව එම වකවානුවේම කළුතර රාජ්‍ය කල තාරක රජු විසින් ආක්‍රමණය කල බවත් සදහන් වෙයි.

තවත් තැනෙක සීගිරියෙ නිර්මාතෘ (ඉංජිනේරුවා) ලෙසට මය නම් අසුර ප්‍රධානියෙක් හැඳින්වෙනවා. එමෙන්ම මෙය නිර්මාණය කර ඇත්තේ වෛශ්‍රවණ (කුවේර) වෙනුවෙන් බවත් සඳහන්. ‘රාවන වත’ නම් පුරාණ පුස්කොල පොතෙත් මේ පිළිබදව විස්තර සදහන් වෙයිමෙහිදී වැදගත් වන තවත් කරුණක් වන්නේ රාවන මෙහෙසිය මන්දෝදරියගේ පියාද මය නම් අසුර පාලකයෙක් වීමයි. එහෙත් මෙම දෙදෙනාම එක් පුද්ගලයෙකු බව අසන්නට ලැබී නැත. ආලකමන්දාව, චිත්‍රකූටය ආදී නම් වලින් හැදින්වුණු මෙම මාලිගාව සහ වෙසමුණි රජු සතුව තිබුණු පුෂ්පක විමානය පසුකළෙක සීගිරියේ විසූ රාවනයන් සතු වෙනවා.






නැවතත් විභීෂණ රාජ්‍යත්වයට පත්වීමෙන් පසු සීගිරිය, චිත්තරාජ නමැති වංශාධිපති යක්ෂයෙකු‍ට පවරා දුන් බවත් සදහන්. පසුකලෙක පණ්ඩුකාභය කුමරු රැකගන්නට උපකාර කල චිත්තරාජත් මෙම පරපුරේම අයෙක් විය හැකි නොවේද?

ඉන්පසු ආලකමන්දාව සිය වාසභවන කරගත් බව සදහන් වන්නෙ කාශ්‍යප රජු පමණයි. කාශ්‍යප රජුගේ මව ධාතුසේන රජුගේ අග මෙහෙසිය නොවන බවත් ඇය රාක්ෂගෝත්‍රයේ කාන්තාවක් බවත් අහන්ට ලැබෙනවා. කාශ්‍යප රජුට සිය මව් පාර්ශවයෙන් උපකාර ලැබුණු බව ඉතිහාසයේ මෙන්ම ජනකතා වලත් සදහන් වෙනවා. යකුන් විසූ ප්‍රදේශයකට ආරක්ෂාව පතා යාමත්, එහි සිට රාජ්‍ය පාලනය කිරීමත් තුලින් කාශ්‍යප රජුගේ යක්ෂ සම්භවය තහවුරු වේ. (මාතෘකාවට අදාල නොවුණත් කියන්න හිතුනෙ, පණ්ඩුකාභයගෙ කතාවත් මීට හුගාක් සමානයි කියලයි)කෙසේ වෙතත් මේ වනවිට, සීගිරිය යනු ඉතිහාසය පුරාවටම යකුන්ට උරුමව තිබූ බලකොටුවක් බව ප්‍රත්‍යක්ශ වී ඇත.


සීගිරි පර්වතයේ සිටින සුරූපී අප්සරාවන්ගේ සිතුවම්ද ඈත අතීතයේ පටන්, එනම් කාශ්‍යප යුගයට පෙර සිට එහි වූ බවට තොරතුරු ලැබෙන අතර, කාශ්‍යප රජ සමයේදී, රජුගේ දියණියන් වූ බෝධි සහ උත්පලවණ්නා විසින් මෙම සිතුවම් ප්‍රතිසංස්කරණය කල බවත් අසන්නට ලැබේ. මේ අතර සීගිරිය අසල පිහිටි පිදුරන්ගල (රනින් පිදූ ගල) විහාරයද කාශ්‍යප රජු විසින් කරවන ලද්දක් බව සඳහන්ය. 
මෙහිදී අප විසින් සැලකිය යුතු තවත් කරුණක් නම් මුගලන් කුමරුට සහය පතා ඉන්දියාවට පලා යාමට සිදුවීමයි. ඉන් සනාථ වන්නේ ලක්වැසියන්ගේ සහය කාශ්‍යප රජු වෙත තිබුණ බව නොවේද? ඇරත් පියරජු ඝාතනය කලානම් ජනතා සහය කස්සප රජුට ලැබේද? රටවැසියන් කැරලි ගැසූ බවක්වත් සඳහන් නොවන්නේ මන්ද? එමෙන්ම රටින් පලායන මුගලන්ට කාශ්‍යප රජු සමඟ සටනකට එන්නට වසර 18 ක්ම ගතවේ. වංසකතාවල සඳහන් පරිදි කාශ්‍යප රජු පීතෘ ඝාතකයෙක් ලෙස රටවැසියන්ගෙන් කොන්වී සිහගිරට වී සිටියේ නම් 18 වසරක් රාජ්‍ය කරනට තරම් ශක්තියක් ලැබේද? අප විසින් නැවත සිතා බැලිය යුතු, තතු සොයාගෙන නිරවුල් කරගත යුතු දෑ බොහෝය. වංශකතාකරුවා විසින් පීතෘ ඝාතක හංවඩුව ගසන ලද මේ මහා පඬිවරයාගේ, කලාකරුවාගේ සැබෑ තතු අප විසින් සොයා ගත යුතු කාලය එළැඹ ඇත.






උපුටා ගැනිම - රාවණ සොහොයුරො

1 comment: