28 July 2011

කල්ප විනාශය

"බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.


 

කල්පයක්         = මනු අන්තර 14
මනු අන්තර 1   = මහා යුග 71
මහ යුග 1         = අවුරුදු 4323000


ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ. 

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි. "



මා මෙය දැම්මෙ කල්ප විනාසයක් දැන්ම සිදුනොවන බවත් මෙ කල්පය විනාසය ගැන නොදැන  කතාකරන ඇතැම් පුද්ගලයන්ව දැනුවත් කිරිමටත්ය....


මෙය කොහොමද අපෙ ඉතිහාසයට ආදාල වන්නෙ.....


ඇතැම් පුද්ගලයින් කියනවා එක් බුදුවරයකුගෙන් පසු තවත් බුදුවරයකු බිහිවිමෙදි කල්ප විනාසය සිදුවෙනවා කියලා.එනම් කාශ්‍යප බුදුරදුන්ගෙන් පස්සෙ කල්ප විනාසයක් සිදුවි ගෞතම බුදුරදුන් පහල වුවාය කියලා.එමෙන් කාශ්‍යප බුදුරදුන්ගෙන් බණ ඇසු පුද්ගලයන් හො එම යුගයෙ සිට පැවත එන ජාතියක් මෙතෙක් කල් සිටිය නොහැකි බවයි ඔවුනගෙ මතයයි..


ඔවුන් නොදන්නවා ඇති මෙම කල්පයෙ බුදුවරු 04 නමක් පහල වු බව...


1.කකුසද බුදුන්
2.කොනාගම බුදුන්
3.කාශ්‍යප බුදුන්
4.ගෞතම බුදුන්


එමෙන් ලංකාවත සුත්‍රය රාවණ රජුට දෙශනා කල බවත්, එම ජාතිය මෙතෙක් කල් පැවත එන බවත්, අනාගතයටත් පැවත යනබවත්, රාවණ පරපුර විනාස කල නොහෙකි බවත් , සත්‍යය වැලලිය නොහැකි අතර එය කවදා හො ජයගන්නා බවත් කිවයුතුය.......

No comments:

Post a Comment